අඩ නිරුවත් ගැයුම
ලෝකයේ දරුණුම ත්‍රස්‌තවාදියා ලෙසට හංවඩු ගැසී සිටි ඔසාමා බින්ලාඩන් දැනට අප අතර නැත.
මුළු ලෝකයටම තර්ජනයක් වී සිටි ඔසාමා සහ ඔහුගේ අල්කයිඩා ත්‍රස්‌ත කල්ලිය සැප්තැම්බර් 11 වැනිදා ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ පිහිටි ලෝක වෙළෙඳපොළට හා පෙන්ටගනයට ගුවන් ප්‍රහාරයක් එල්ල කරමින් මුළු ලෝකයම සංත්‍රාසයකට පත් කළේය.

මෙම ප්‍රහාරයෙන් ක්‍ෂණිකව තුන් දහසකට වැඩි පිරිසක් මිය ගිය බව වාර්තා විය.

මෙම සංසිද්ධියෙන් පසු තැන් තැන්වල සැඟවී සිට ඇමෙරිකාව විනාශ කිරීම සඳහා නොයෙක් විධියේ සැලසුම් දියත් කළ බින්ලාඩන් පසුව පකිස්‌තානයේ ඇබොටාබාද්හි නිවසක සැඟවී සිටියදී ඇමෙරිකා හමුදාව අතින් මැරුම් කෑවේය.
ඔහු ඝාතනය කර ලබන මැයි 1 වැනිදාට අවුරුද්දක් ගත වෙයි.
මෙම අවුරුද්දක් සපිරෙන කාලය තුළදී බින් ලාඩන් පිළිබඳ අපූරු ආරංචියක් දැනගන්නට ලැබිණි.

මෙම ආරංචියෙන් කියවෙන්නේ ඔසාමා බින් ලාඩන්ට ඔහුගේ ජීවිත කාලය තුළදී හමුනොවූ අපූරු මිනිබිරියක් සිටින බවයි.

දැනට තිස්‌තුන් වෙනි වියේ පසුවන මෙම මිනිබිරිය හඳුන්වනු ලබන්නේ,
වාෆා ඩුෆෝර් (Wafah Dufour)
නමැති නමිනි.

ඝාතනයට ලක්‌වූ ඔසාමා බින් ලාඩන්ට සහෝදර සහෝදරියන් කීප දෙනකුම සිටි බව ආරංචි මාර්ග සඳහන් කළේය. ඩුෆෝර් ඔහුට සිටි එක් සහෝදරයකුගේ දියණියකි. ඔසාමා බින් ලාඩන් ඝාතනය වන විට තිස්‌දෙවැනි වියේ පසුවූ ඩුෆෝර් ඔසාමා තමන්ගේ ලොකු තාත්තා බව දැන සිටියත් කිසිම දිනක ඔහු කිසිම හේතුවකට වත් මුණගැසී නැත.

තමන් ලොකු තාත්තා දැන සිටියේ පිංතූරවලින් පමණක් යෑයි ඩුෆෝර් කියා සිටියි.
මෙවැනි ලොකු මිනිබිරියක් තමන්ට හිටිය බව බින් ලාඩන්ද දැන නොසිටියේය. එයට හේතු දෙකක් තිබිණි. මින් එක් හේතුවක් නම් බින් ලාඩන්ගේ සහෝදරයා තමන්ට ලොකු දුවක් සිටින බව තම සහෝදරයාට නොකීමයි. දෙවැන්නා පවුලේ එක්‌වීමකදී හෝ ලාඩන්ට මෙම මිනිබිරිය මුණ නොගැසීමයි.

සෞදි අරාබි පවුලකට උරුමකම් කියමින් ඇමෙරිකාවේදී හැදුන වැඩුන වාෆා කුඩා කල සිටම බටහිර සංස්‌කෘතියට නෑකම් කියමින් බටහිර පන්නයට ගැතිව ඇතිදැඩි වූ කෙල්ලක බව මාධ්‍ය කියයි. ඇය බටහිරට ගැතිකම් කියන සංකර කෙල්ලක් බවට පත්වී ඇත්තේ ඇයගේ මව නිසාය. වාෆාගේ මව ස්‌විට්‌සර්ලන්ත ජාතික ගැහැනියකි. ඔසාමාගේ සහෝදරයා සමඟ විවාහ වී සිටියද ඇය කිසි දිනක ආරාබි සංස්‌කෘතිය වැළඳ නොගත්තාය.

එකල වාෆා බින් ලාඩන් නමින් හඳුන්වන ලද ඇය මූලික අධ්‍යාපනය ලැබුවේ යුරෝපයේ පාසලකිනි. පසුකලකදී ඇමරිකාවට පැමිණ එහි පදිංචි වූ වාෆා කොලොම්බියා නීතී විද්‍යාලයට ගොස් නීතිය හැදෑරුවාය. නීතිය හදාරන අතරතුර ඇය පොප් සංගීතය හැදෑරීමට වැඩි උනන්දුවක් දැක්‌වූ බව මාධ්‍ය සඳහන් කළේය.
බටහිර සංගීතයට සම්පූර්ණයෙන්ම ගැතිවී සිටීම නිසා වාෆා හැමවිටකම අඩනිරුවත් ඇඳුම් විලාසිතාවනට වැඩි කැමැත්තක් දැක්‌වූ බව පෙනෙන්නට තිබිණි.

ඇය නිතරම ඇන්දේ සිරුරෙන් අඩක් පෙනෙන කොට ගවුම්ය.
ඇයගේ මෙම අඩ නිරුවත් ඇඳුම් විලාසිතා බින්ලාඩන් දුටුවේ නම් ඇයට ගල්ගසා මරා දමනු ඇතැයි එක් මාධ්‍යයක් සඳහන් කළේය.

බින් ලාඩන් ඉස්‌ලාම් දැඩි මතධාරියෙකි.
එමෙන්ම උග්‍ර ජාතිවාදියෙකි.
ඔහුගේ පවුලේ කිසිම කෙනෙකුට අඩනිරුවත් ඇඳුම් ඇඳීමට ඔහු ඉඩ නොදුන්නේය.
මුළු සිරුරම වැසෙන ලෙස ඇඳුම් අඳින ලෙස ඔහු සියලුම නෑදැ කාන්තා පක්‍ෂයට උපදෙස් දී තිබිණි.
තමාට කිසි දිනක හමු නොවූ මෙම මිනිබිරිය මෙවැනි අඩනිරුවත් ඇඳුම් අඳින බව බින්ලාඩන් දැනසිටියේ නම් ඇත්ත වශයෙන්ම ඔහු ඇයට ගල් ගසා මරා දමනු ඒකාන්තය.

වාෆා අඩනිරුවතින් පෙනී සිටීමට කොයිතරම් කැමැති වූවාද කියතොත් බොහෝ අවස්‌ථාවලදී ඇය සිය අඩනිරුවත පෙන්වමින් සඟරාවල මුල් කවරවලටද පෙනී සිටියාය.
ඇමෙරිකාවේ ජනප්‍රිය පිරිමි සඟරාවක් වන Men's සඟරාවේ කවරයක් සඳහා ද වාෆා පෙනී ඇත්තේ අඩනිරුවතිනි.
මේ එම සඟරාවේ මුල් පිටුවේ පළවූ එම පිංතූරයයි.

2001 සැප්තැම්බර් 11 වැනිදා වාෆාගේ ලොකු තාත්තා වන බින් ලාඩන් නමැති දරුණු ත්‍රස්‌තවාදියා ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ පිහිටි ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානයටත් පෙන්ටගනය ඇතුළු තවත් ස්‌ථානයකටත් ගුවනින් පහර එල්ල කරද්දී වාෆා බින් ලාඩන් නමැති බින් ලාඩන් ගේ මිනිබිරිය සිටියේ ස්‌විට්‌සර්ලන්තයේය.
මව හමුවීමට ගොස් සිටි අවස්‌ථාවේ තම කනවැටුන මෙම අතිබිහිසුණු ත්‍රාසජනක සිද්ධියෙන් තමා භ්‍රාන්ත වී ගල්ගැසුන බව පසුව ඇය කියා සිටියේය.
"බින්ලාඩන් තමයි මේක කරල තියෙන්නේ. මේ වගේ බිහිසුණු දෙයක් කරන්න පුළුවන් එකම ත්‍රස්‌තවාදියා ඔහුයි." ඇමෙරිකාවට එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයෙන් පසු හැම දෙනකුම බින්ලාඩන්ට දරුණු චෝදනා එල්ල කරමින් කෑ ගැසූ බව කියන වාෆා ඒ මොහොතේම තමන්ට තම ලොකු තාත්තා කෙරේ ලොකු වෛරයක් හා ක්‍රෝධයක් ඇතිවූ බව කියා සිටියාය. තමන්ගේ නිජබිම වන ඇමෙරිකාවට මෙවැනි දරුණු ම්ලේච්ඡ පහරක් තම ලොකු තාත්තා එල්ල කිරීම ගැන ඔහු කෙරේ වෛරයක් හා කළ කිරීමක් ඇතිකරගත් වාෆා ඒ මොහොතේම තමන්ගේ නමේ වාසගම වන "බින්ලාඩන්" කෑල්ල කපා දමා වාෆා ඩුෆෝර් නමැති නමින් පෙනී සිටීමට තීරණය කළ බව මාධ්‍යකරුවන් සමඟ කියා සිටියාය.

"මින්පසු බින්ලාඩන් පරම්පරාව සමඟ මගේ කිසිම සම්බන්ධයක් හෝ ගනුදෙනුවක් හෝ නැතැ" යි කියන වාෆා තමන් කිසි දිනක ඇමෙරිකාව අතහැර යන්නේ නැති බවත් බින්ලාඩන් කෙනෙකු ලෙස උපත ලැබීම ගැන දුක් වෙන බවත් කියා සිටියි.

වාෆා ඩුෆෝර් අද ඇමෙරිකාවේ ජනප්‍රිය වී සිටින්නේ පොප් ගායිකාවක ලෙසිනි. මේ වන විට ගීත ඇල්බම් තුනක් පමණ වෙළෙඳපොළට නිකුත් කර ඇති වාෆා තවත් ගීත ඇල්බමයක් නිකුත් කිරීම සඳහා මේ දිනවල සූදානමෙන් සිටින බව කියා සිටී.
නැවත පළකිරීමක් නම් සමාවන්න.
උපුටාගැනීම:
22/04/2012
දිවයින ඉරිදා සංග්‍රහය - දියග අතිරේකය
උපුටාගැනීමේදී Elakri.com යන්න සඳහන් කිරීමට කාරුණික වන්න.
මෙහි අඩංගු දෑ copy කර, දින වෙනස් කර blog වල දමා මඩ ප්‍රචාර ගැසීමෙන් වළකින්න.