අණවින, කොඩිවින, හදි හූනියම්

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    ගොඩක් අය කියන්නේ ඕව බොරු මනස්ගාත කියලා...ඒත් ඕව එහෙම කියල බැහැර කල යුතු දේවල් නෙමෙයි:no:....
    මාත් අත්දැකල තියන නිසා කියන්නේ:yes:....හැබැයි ඒව කියන්න ගියොත් කියන්නේ අපිට පිස්සු කියල:)

    ඉතුරු ටිකත් ඉක්මනට දාමු

    සිරාම කතාව මචන්.. බුදු හාමුදුරුවොත් නොපෙනන ලෝකය ගැන දේශනා කරලා තියෙනවා.. බුද්ද දේශනාව සත්‍යයි.. මටත් මේ දේවල් ගැන හොදට අත්දැකීම් තියෙනවා... එකයි මන් බය නැතුව කියන්නේ... අපි තේරුම් ගන්න ඕනේ අපිට පෙනෙන ලෝකෙට වඩා නොපෙනෙන ලෝකය වැඩි කියලා :yes:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    සිරාම කතාව මචන්.. බුදු හාමුදුරුවොත් නොපෙනන ලෝකය ගැන දේශනා කරලා තියෙනවා.. බුද්ද දේශනාව සත්‍යයි.. මටත් මේ දේවල් ගැන හොදට අත්දැකීම් තියෙනවා... එකයි මන් බය නැතුව කියන්නේ... අපි තේරුම් ගන්න ඕනේ අපිට පෙනෙන ලෝකෙට වඩා නොපෙනෙන ලෝකය වැඩි කියලා :yes:


    :yes::yes:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    ඔව් බන්.... මේ කතාවත් ඇත්තම ඇත්ත කතාවක්, විශ්වාස කරන්නේ නැති නිසා ගොඩක් කොටස් අත්හැරල ලීවේ.
    උබේ කතාවත් කියන්න....




    කැලි අඩු කරන්න එපා බන් . ඉතුරු ටිකත් දාපන්..


    සිරා කතාව උබේ එක මුලින් කියපන් අපේ ඒවත් දැම්මොත් පැටලෙනවා.. මටත් තියනව අපේ ගෙදර උන සිර වැඩක්...




    වෙන ත්‍රෙඩ් එකක දාපන් මචන් .




    ගොඩක් අය කියන්නේ ඕව බොරු මනස්ගාත කියලා...ඒත් ඕව එහෙම කියල බැහැර කල යුතු දේවල් නෙමෙයි:no:....
    මාත් අත්දැකල තියන නිසා කියන්නේ:yes:....හැබැයි ඒව කියන්න ගියොත් කියන්නේ අපිට පිස්සු කියල:)

    ඉතුරු ටිකත් ඉක්මනට දාමු




    උබ කලිනුත් දවසක් කිවා උබටත් අත්දැකීම් තියේ කියලා. ඒවත් දාපන් මචන් .



    අපිට ඇහෙන දැනෙන පෙනෙන දේවල් වලට වඩා තියෙන්නේ නොදැනෙන , නොපෙනෙන , ඇහෙන්නේ නැති දේවල් . අපේ මුතුන්මිත්තෝ යක්කු බැදලා වැඩ ගත්තා කියන්නේ නිකන් නෙවෙයි බන්.

     
    • Like
    Reactions: Ashman

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    [FONT=&quot]සෙනසුරාදා හැන්දාව උදාවුනා. කට්ටඩිමහත්මයත් ඔහුගේ සහයට තවත් දෙදෙනෙකුත් ඇවිත් සිටි අතර ඔවුන් මන්තර මතුරන්නට වුනේ මධ්‍යම රාත්‍රිය එළඹෙන්නට ඔන්න මෙන්න කියල තියෙද්දියි. ඔවුන් සූදානම් වුනේ මුලින්ම බන්ධනයට බැද ඇති මළගිය ප්‍රාණියාව අල්ලා පසුව බන්ධනය කැපීමටයි. මේ කාරණාව ගැන තවත් දෙයක් කීම වටී. පසුගිය වකවානුවේ සිදුවූ සිදුවීම් සලකා බැලීමේ දී උද්ගත වී තිබු ප්‍රශ්න හමුවේ අපට කල හැකිව තිබූ එකම දෙයන් නම් මෙතුවක් කාලයකට අත්විද නොතිබූ හා විශ්වාසයක් නොතිබූ ගුප්ත විද්‍යාවන් ගැන බලාපොරොත්තු තබා ගැනීම පමණි. කිසිවෙකු දෙයක් කී පමණින් අදාල පුද්ගලයා හොදයැයි විශ්වාස කිරීමට අපට සිදුවී තිබුණේ මේ ගැටළුවෙන් කෙසේ හෝ ගොඩ ඒමට අපට තිබූ දැඩි උවමනාව නිසාමය.[/FONT]
    [FONT=&quot]යකදුරා විසින් සුදු පැහැති පීරිසියක මැද රවුමේ කළු පැහැති ආලේපනයක් තවරා තිබූ අතර එය ඔහු අදුන ලෙස යොදාගෙන තිබිණි. අදුන රැගෙන ආ යකදුරා එය මහගෙදර මැද සාලයේ තරමක් උඩකින් තබා මන්ත්‍ර ජප කිරීමට පටන් ගැනුනි. මේ කර්තව්‍ය පටන් ගැනීමට පෙර ඔහු විසින් අපට උපදෙස් මාලාවක් හා දැනුවත්කිරීම් කීපයක් සිදුකරන්නට විය. ඒවානම් මන්තර ජපකිරීමට පටන් ගැනීමෙන් පසු මොනයම් හේතුවක් නිසාවත් ඔහුට බාධා කිරීමක් සිදු නොකර සිටීමට අප වග බලාගත්යුතු වන අතර අදාල අවස්ථාවේ මළගිය ප්‍රාණියා විසින් ඕනෑම අයෙකුට ආවේශ වීමක් සිදුවිය හැකි බැවින් නිවැසියන් සියළුම දෙනා එකතැනකට වී සිටීමට වග බලාගතයුතු බවත් නිවසේ කුස්සියේ සිට දුම්මල ගසමින් කාමරයක් කාමරයක් ගානේ සිය සහයකයින් යන අතර මළගිය ප්‍රාණියා සිටින තැන තමා විසින් අදුනෙන් බලා අවසන ඔහුව අල්ලා බෝතලයක සිර කරන බවයි. විශ්වාසයටත් අවිශ්වාසයටත් වඩා ඒ මොහොතේ අප තුල වූයේ බිය මුසු හැගීමක්[FONT=&quot]යැ[/FONT]යි කීම අතිශෝක්තියක් නොවේ.[/FONT]
    [FONT=&quot]ජප කිරීම ඇරඹී මිනිත්තු පහලවක් පමණ ගිය පසු එක්වරම ඔරලෝසුවේ වෙලාව නාදවීමට පවා අප බියට පත්වූ අයුරු අද වන විටනම් අපට සිනහ ගෙන දෙන මතකයන් වී තිබේ. යකදුරා විසින් ලබාදුන් අණකිරීම හමුවේ සහයකයින් දෙදෙනා කුස්සියට ගිය අතර ඔවුන් එතැන් සිට දුම්මල ගසමින් ටිකෙන් ටික සාලය දක්වා පැමිණිය අතර යකදුරා විසින් අදුන බලමින් මළගිය ප්‍රාණියා දැන් අතන සිටිනවා දැන් මෙතන සිටිනවායැයි කීම අපගේ බය තව තවත් වැඩිකිරීමට හේතුවිය. කෙසේ හෝ අවසානයේ ඔහු නූලක පොඩි ගැටයක් ගසා කියාසිටියේ නූලේ ගැටයට මළගිය ප්‍රාණියා හසු කරගත් බව හා එය කුඩා බෝතලයකට බහාලන බවයි. අනතුරුව අර්නස්ට් සීයාව ඇමතූ යකදුරා කීවේ අදාල බෝතලය කිසිවෙකුටත් විවර කල නොහැකි වන ලෙස තැබීමට තමා එය රැගෙන යන බවකි. ඉන් පසුව සැවොම නින්දට ගියේ ගැටළුව විසදුනා යන සතුටත් සිත්හි දරාගෙනය.[/FONT]
    [FONT=&quot]එනමුත් ඉන් අනතුරුව සිදුවූ දෙයින් අප සියල්ලම තුෂ්නිම්භූතවී ගියේ යකදුරා විසින් සිදු කල ක්‍රියාවලිය නිශ්ඵල වී ඇති සෙයක් පෙනෙන්නට වූ නිසාය. පාන්දර 1.30ට පමණ පුංචි අම්මා යටිගිරියෙන් හූ කියමින් අවදි වූ අතර ඇයගේ කෑගැසීම හමුවේ අපද බියට පත්විය. මේ අවස්තාව වන විට ඇතිවී තිබූ හොදම තත්වය නම් යකදුරා තවදුරටත් අපත් සමගම රැදී සිටීමය. මේ තත්වය හමුවේ ඔහු නිදහසට කරුණු ලෙස බොහෝ දෑ කීවද ඒවා පිළිගැනීමට අප අතර උන් කිසිවෙකුත් කැමති නොවීය. නමුත් පසු දින උදයේ ඔහු විසින් නැවතත් අදුනෙන් බලා කියා සිටියේ මේ බංධනය ඔහු සිතා සිටින තරම් ලෙහෙසියෙන් බිද දැමිය නොහැකි බංධනයක් බවත් පෙර දින තමා විසින් මළගිය ප්‍රාණියා අල්ලාගත් පසු මෙම නිවසට හූනියම් බන්ධනයක් කල පුද්ගලයා විසින් එයට නැවත බංධනය බැදීමක් කර ඇති නිසා අදාල කර්තව්‍ය නිශ්ඵල වී ඇති බවයි. එසේ හෙයින් කල හැකි එකම දෙය මේ බංධනය ආපසු කැපීම බවත් එසේ කලහොත් අනිවාර්‍යයෙන්ම හූනියම සිදු කල පුද්ගලයාට මිය යෑමට සිදුවන බවත්‍ ඔහු අපට දන්වා සිටියා.[/FONT]
    [FONT=&quot]මුලින්ම සිදු කල කාර්‍යය වැරදී ගිය නිසා යකදුරා විසින් දැන් අපව තව දුරටත් රැවටීමට උත්සහ කරන බවට පොඩි බාප්පා විසින් තර්ක කල අතර අප සැවොම ඔහුට එකග විය. ඊට ප්‍රථිචාර දැක්වූ යකදුරා විසින් තරයේ ප්‍රකාශ කර සිටියේ තමා කිසි දිනක වංචා කර මුදල් උපයා නොමැති බවත්, අදාල බංධනය කැපීම තමාට සිදු කල නොහැකි බවත්ය. එමෙන්ම තමා විසින් ඒ සදහා දක්ශ යකදුරෙක් සොයාදෙන බවත් බංධනය කැපී ගොස් ඇති බවට අපට තහවුරු වූ පසුව ඒ සදහා මුදල් ලබා දෙන ලෙසද ඔහු අපට පවසා සිටියා. එමෙන්ම ඒ මොහොතේම ඔහු විසින් පෙර දින සාත්තුව කිරීම සදහා ලබා ගත් රුපියල් 15000ක අත්තිකාරම් මුදලද ආපසු අපට ලබාදුන් අතර ඒ මුදල් මතුවට සිදුකරන බංධනය කැපීමේ සාත්තුවට අදාල ද්‍රව්‍ය සොයාගැනීමට යොදවන ලෙසටද ඉල්ලා සිටියා.[/FONT]
    [FONT=&quot]යකදුරාගේ මේ ඉල්ලීම් සලකා බැලූ වැඩිහිටියන් විසින් අවසානයේදී මේ සදහා යකදුරුවරයාට ඉඩ ලබාදුන් අතර ඔහු විසින් මෙම හූනියම කැපීමට බොහෝ දුර බැහැරකින් යකදුරුවරයෙක්ව සොයාගෙන පැමිණියා. බදාදා දිනයක හවස් වරුවක මහගෙදරට පැමිණි එම යකදුරුවරයා විසින් නිවසට ගොඩවීමට පෙර මහගෙදර වත්තේ හතර සීමාවන් වලට ගමන් කර නැවත නිවසට පැමිණ මංතර ජපකරමින්ම නිවසේ හතර සීමාවන්ද පිරීක්සා නිවස තුලට ඇතුළු වුනා. අනතුරුව නිවසේ මුළුතැන්ගෙට ගිය ඔහු විසින් ගල් තුනක් ගෙන ලිපක් බැද එයට දර දමා ඒවා පිළිස්සී ගිය පසු ඒ ගිණි අගුරු වලට ලුණු අහුරක් ඉල්ලාගෙන ඒවා විසිකලා. ඒත් ඒ ලුණු පිපුරුනේ නෑ. අනතුරුව අප ඇමතූ ඒ යකදුරා විසින් අපට කියා සිටියේ හූනියම් බංධනයකට හසුවන ඕනෑම නිවසක ලුණු කැට වලට ගින්දර වැටුණු පසු ඒ ලුණු කැට පුපුරන්නේ නොමැති බවයි.[/FONT]
    [FONT=&quot]මේ ලෙසින් නිවස හා නිවැසියන් පරීක්ෂා කල යකදුරා විසින් මෙම බංධනය ඉතාම ඉක්මනින් කැපිය යුතු බැවින් එළඹෙන සෙනසුරාදාට ඒ සදහා සූදානම් වන ලෙසට දන්වා සිටියා. ඒ සදහා අවශ්‍ය කරන ද්‍රව්‍ය ලැයිස්තුවක්ද අපට ලබා දුන් අතර ඒවා සොයා දීමට අපට සහය වූයේ මුලින්ම කී යකදුරුවරයායි. එමෙන්ම මේ බංධනය කැපීම සිදු කිරීමේ සිද්දිය සදහා හිත හයිය එමෙන්ම විශ්වාසවන්ත පිරිමින් 10ක්වත් එදිනට සහභාගීකරගැනීමට වග බලාගත බවත් මේ සියල්ලක්ම රහසින් මෙන් සිදු කල යුතු බවත් පවසා ඔහු නික්ම ගියා.

    [FONT=&quot][FONT=&quot]අවසන් [FONT=&quot]කොටස [FONT=&quot][FONT=&quot]9 [FONT=&quot][FONT=&quot]පිටුවෙන් [FONT=&quot]බලන්න. :yes::yes:[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]
    [/FONT]
     
    Last edited:
    • Like
    Reactions: netsurfer

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    තාම ලීවේ නෑ බන්. කම්මැලියි ලියන්න. හෙට දාන්නම්.
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    Me katawa iwara karapan, e langata mama dannam matama una de
    එල එල මචෝ. මම කතාව හෙට ඉවර කරනවා. ඊට පස්සේ උබේ කතාව දාපන්. ආසයි ඒ කතාවත් දැනගන්න. :yes::yes: