අතපත්තුට පත්තු වෙයි ද?
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා තෝරාගන්නා ලද පුහුණුකරුවන් 8 දෙනා අතුරින් අවසන් තිදෙනා තේරීම අද (19 දා) පැවැත්වීමට නියමිත විශේෂ රැස්වීමේදී තීරණය කිරීමට නියමිත වේ.
ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා සුදුස්සකු තෝරා ගැනීම සඳහා විධායක සභාව විසින් ක්‍රිකට් උප සභාපතිවරයකු වන අසංග සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවකට භාර කරන ලදී. සාමාජිකයන් 11 දෙනෙකුගෙන් සමන්විත අදාළ කමිටුවට වත්මන් තේරීම් කමිටු ප්‍රධානී සනත් ජයසූරිය, ලේකම් නිශාන්ත රණතුංග, ප්‍රධාන විධායක ඈෂ්ලී ද සිල්වා, විධායක කමිටු සාමාජික ශම්මි සිල්වා, උප ලේකම් හිරන්ත පෙරේරා, රංජිත් ප්‍රනාන්දු, ඩූෂාන් සෝසා, ජයනන්ද වර්ණවීර, ජෙරම් ජයරත්න සහ නුස්කි මොහොමඩ් යන මහත්වරු අයෙත් වෙති.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා අයෑදුම්පත් යොමු කර තිබූ දෙස් විදෙස් පුහුණුකරුවන් 15 දෙනෙකු අතරින් 8 දෙනෙකු අද දිනයේ පැවැත්වෙන අවසන් සම්මුඛ සාකච්ඡාව සඳහා තෝරා ගෙන තිබෙන අතර ඔවුන් අතරින් අවසන් තිදෙනකු අද දිනයේදී තෝරා ගැනීමට නියමිත වේ. අද දිනයේ සාකච්ඡා කිරීමට නියමිත පුහුණුකරුවන් අතර සිටින එකම ශ්‍රී ලාංකික පුහුණුකරුවා වන්නේ මාවන් අතපත්තු පමණි.
සම්මුඛ සාකච්ඡාව සඳහා තෝරාගන්නා ලද පුහුණුකරුවන් 8 දෙනා අතුරින් සිව්දෙනෙකුම දකුණු අප්‍රිකානු ජාතිකයින් වීම විශේෂත්වයක් වේ. මිකී ආතර,¨ එරික් සිමන්ස්, ඩේව් නොස්වර්ත්ලි සහ රොබට් වෝල්ටර් ඔවුන් සිව්දෙනා වන අතර, ඔස්ටේ්රලියාවේ ඡේම්ස් සිඩන්ස්, එංගලන්තයේ ජෝන් ලුවිස් සහ මාක් රාම්ප්‍රකාශ් අයෑදුම් කළ ඇති සෙසු පුහුණුකරුවෝ වෙති.
මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ අභ්‍යාසක තනතුර සහ පන්දු රැකීමේ පුහුණුකරු තනතුර සඳහා වන පත් කිරීම් අද දිනයේදී සිදු කිරීමට නියමිතව තිබේ.
මෙහිදී අභ්‍යාසක තනතුර සඳහා මයිකල් මේන්(එංගලන්තය), ඩෙඩි්රක් කෘගර්(දකුණු අප්‍රිකාව), සහ මැතිව් පෙල්(ඔස්ටේ්රලියාව) යන තිදෙනා අතුරින් එක් අයෙකුද පන්දු රැකීමේ පුහුණුකරු තනතුර සඳහා ඉදිරිපත්ව ඇති රිචර්ඩ් හල්සෝල්(එංගලන්තය) සහ රොබර්ට් වෝල්ටර්(දකුණු අප්‍රිකාව) යන දෙදෙනාගෙන් එක් අයෙකු පත් කර ගැනීමට නියමිතව තිබේ.
තෝරා ගැනෙන ජාතික පුහුණුකරුගේ මෙන්ම සෙසු පුහුණුකරුවන්ගේ පළමු කාර්ය භාරය වන්නේ නොවැම්බර් මසදී පැවැත්වීමට නියමිත එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය සඳහා කණ්ඩායම සූදානම් කිරීම වේ. එක්දින තරග 7 කින් සමන්විත මෙම තරගාවලියේ පළමු තරගය දෙසැම්බර් 26 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයෙන් ආරමභ වීමට නියමිතව තිබේ.

LFN . lk