අතරමං වෙයි කියල බයද..? :P

ak1ak1ak1

Active member
  • May 24, 2008
    864
    95
    28
    අතරමං වෙයි කියල බයද..? :P

    කොහේ හරි අතරමං වෙයි කියල බයද.:P.? ගන්න GPS Receiver එකක්:shocked:


    මොකද්ද මේ GPS කියන්නේ. මේක නම් ඔයගොල්ලන්ට හුරු ඇති. GPS-GLOBAL POSITIONING SYSTEM. මේකක් ඔයගොල්ලන්ගේ අතේ තියනවනම් ඔය කොහෙහරි ගියහම අතරමං වෙන්නේ නැහැ.:no:



    මොකද්ද මේ remote sensing & GIS කියන්නේ. GIS කියල කියන්නේ Geographic Information Systems, නැත්නම් භූගෝලීය තොරතුරු පද්ධතිය. මෙහිදී කරන්නේ යම් කිසි ප්‍රදේශයක හෝ භූගෝලීය කොටසක භූගෝලීය තොරතුරු ලබාගෙන ඒවා විශ්ලේෂනය කිරීමේ ක්‍රියාවලියයි. ඉන් පසුව ඒවා සිතියම ගත කිරීමද සිදු කරනවා. මෙය පරිඝණකය ප්‍රධාන කොටගත් ක්‍රියාවලියක්. මෙමගින් විවිධ ආයතන වලට එම දත්ත උපයෝගී කොටගෙන සංවර්ධන ක්‍රියාවලින් ඉතා පහසුවෙන් සිදු කළ හැකියි. GIS තුළ සිතියම්, දෙශික තොරතුරු, පින්තූර ආදිය ඇතුලත් වනවා. මෙම වුවමනා තොරතුරු ලබා ගැනීම සිදු කරන්නේ remote sensing හරහා.




    අපි ඉන්න තැන නිවරදිව දක්වනවා. පෘතුවියේ කොහේ හරි, පැහැදිලි අහසක් තිබෙන තැනක් ඉන්නවනම් ඉන්න තැන දශමෙට පෙන්නයි. Pocket GPS receiver එකක් 300$ වගේ මිලකට මිලදී ගැනීමේ හැකියාව තිබෙනවා.

    චන්ද්‍රිකා 27 සෑම විටම පෘතුවි අක්ෂය වටා භ්‍රමණය වනවා. මින් 24 සෑම විටම ක්‍රියාත්මකයි.

    අතිරේක තුන තිබෙන්නේ හදිසි බිදවැටීමක් සිදු වුනොත් ක්‍රියාත්මක කිරීමටයි. මේ චන්ද්‍රිකා දිනයකට සම්පුර්න වට දෙකක් පෘතුවිය වටා භ්‍රමණය වනවා. මේවා රදවා තිබෙන අන්දමට පෘතුවියේ ඕනෑම තැනක ඕනෑම වෙලාවක අඩුම තරමේ චන්ද්‍රිකා 4 ක් වත් තිබෙනවා GPS Receiver මගින් සිදු කරනුයේ මෙම චන්ද්‍රිකාවන් අතර දුර නිරණය කර ගෙන ඒ දත්ත ලබාගනිමින් තමා සිටින තැන ගණනය කිරීමයි.

    මෙහිදි යොදා ගනු ලබන්නේ Trilateration නම් සරල ගණිතමය මූලධර්මයක්. මෙය 2D, 3D ලෙස සංකල්ප දෙකකින් භාව්තා කරන පුලුවන්. 3D සංකල්පය තරමක් සංකීර්ණයි. මේ සම්බන්ධ විස්තර ඒ හා බැදුනු සබැදියන් තුලින් ඔබට ලබා ගන පුලුවන්. මෙහිදී ලබා ගන්නා තොරතුරු මගින් ප්‍රථිඵල දෙකක් GPS Receiver විසින් ලබා ගන්නවා. ඒ අඩුම වශයෙන් අපිට ඉහළින් ඇති චන්ද්‍රිකා තුනක පිහිටිම සහ අපි සහ එම චන්ද්‍රිකාවන් අතර තිබෙන දුර. මෙම තොරතුරු ලබා ගන්නේ චන්ද්‍රිකා මගින් ලබා දෙන අධි සංඛ්‍යාත, රේඩියෝ තරංග භාවිතයෙනුයි.

    ඉතා හොද උපකරණයක වැඩි receivers ගනනක් තිබෙනවා. මේ නිසා වැඩි චන්ද්‍රිකා ප්‍රමාණයකින් තොරතුරු ලබා ගත හැකි වෙනවා.

    මෙවැනි දත්ත මගින් අපි සිටින ස්ථානයේ අක්ශාංස, දේශාංස,උස වැනි දේවල් පිළිබදව තොරතුරු ලබා දෙනවා. එසේම භාවිතයේ පහසුව සදහා සිතියම්ද මේවා තුල තිබෙන මතකයන් තුල ගබඩා කර තිබෙනවා. ඔබ ගමන් කරන වාහනයේ ගමන් කරන විට මෙවැනි උපකරණයක් යොදා ගැනීම තුලින් ඔබට තොරතුරු රැසක් ලබා ගත හැකියි. ඔබ ගමන් කර තිබෙන දුර, කාලය, වේගය,දළ වේගය, නියමිත දුර යැමට යා යුතු වේගය, සිතියමේ සිටිනා ස්ථානය වැනි දේවල්.. මෙය වර්තමානයේ බොහෝ විට, බොහෝ දේවල් සදහා භාවිතා වන්නක්. GPS උපකරණ පිළිබදව වැඩි දුර දේවල් මේ සබැදියෙන් ඔබට ලබා ගත හැකියි. මිලදී ගතයුතු GPS උපකරණ, ක්‍රියාකරිත්වය ආදිය..මෙහි ක්‍රියාව පිළිබදව අවබෝධය පහත වීඩියෝ මගින් ඔබට ලබා ගන්න පුලුවන්.








    ඔය අන්තිමට තියන වීඩියෝ එක බලන්නකෝ…GPS Drawing ..මේකත් එළ වැඩේ..මොකද්ද කියන්නේ කියලා බලලම ඉන්න…




    ඉතින් කොහේ හරි අතරමං වෙයි කියල හිතෙනවනම් මේන් භාණ්ඩේ..මොකෝ කියන්නේ..ගමුද එකක්… :):rolleyes::rolleyes::rolleyes:


    Commentz plz!!!!
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඉතින් කොහේ හරි අතරමං වෙයි කියල හිතෙනවනම් මේන් භාණ්ඩේ..මොකෝ කියන්නේ..ගමුද එකක්…?
    ............එකක් 300$ ..........
     

    ak1ak1ak1

    Active member
  • May 24, 2008
    864
    95
    28
    ඉතින් කොහේ හරි අතරමං වෙයි කියල හිතෙනවනම් මේන් භාණ්ඩේ..මොකෝ කියන්නේ..ගමුද එකක්…?
    ............එකක් 300$ ..........

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    Climax

    Member
    Aug 30, 2009
    1,723
    48
    0
    39
    Katunayake
    But machan still no permision to GPS in sri lanka coz of security probs....gov has blocked GPS in sri lanka.....u won't get the navigation in here
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    ape ta e-bay akin GAMMINI gps akak adu gana ta ganawaoth ,use karana pluwan da ?????????