අතරමග නැවතුන ගවේෂණය

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අතරමග නැවතුන ගවේෂණය

    සොදොම් හා ගොමෝරා යන වදන් ඔබ විටෙක අසා ඇතැයි සිතමි. සොදොම් හා ගොමෝරා යනු උප්පත්ති පොතේ ඇති විශේෂ නගර දෙකකි. මෙම නගරවල විසූ ජනයාගේ අයහපත් ක්‍රියා ආදිය නිසාවෙන් ගින්නකින් හා ගෙන්දගම් වර්ෂාවකින් මෙම නගර දෙක දෙවියන් විසින් විනාශ කල බව උප්පත්ති පොතේ සදහන් වේ. ඉතිහාසය පුරාවට ගවේෂකයින් මෙම නගර දෙක සොයා ගැනීමට බොහෝ උත්සහ දැරූහ. එහෙත් බොහෝ අයට මෙම නගර දෙක සොයාගැනීමට හැකිවූයේ නැත. නමුත් මෙම ගවේෂණ වලින් තරමක් දුරට සාර්ථකත්වයක් ලබා ගැනීමට එක්තරා කණ්ඩායමකට හැකිවිය.
    මයිකල් සාන්ඩර්ස් යනු බයිබල් විශාරදයෙක් වන අතර ඔහු බයිබලයේ ඇති කතාන්දර වලට නිත්‍ය සාක්ෂි සොයා ගැනීමට වෙහෙස දරන්නෙකි. ඒ අනුව මොහු සොදොම් හා ගොමෝරා නගර සොයාගැනීමට මූලිකත්වය ගෙන ගවේෂණයක් ආරම්භ කලේය.
    M2kFhcp8Z9p6LCg9_%281%29-.jpg

    මයිකල් සාන්ඩර්ස් (wikipedia.org)බයිබලයේ සදහන් ආකාරයට මෙම නගර පිහිටා තිබී ඇත්තේ ජෙරුසලම් නගරයට උතුරු දෙසිනි. මෙහි ගොඩබිම පෙදෙස කෙතරම් සොයා බැලුවත් ඔවුනට මෙම විනාශ වී ගිය නගර දෙකේ සලකුණක් වත් සොයා ගැනීමට හැකියාව ලැබුනේ නැත. තත්ත්වය මෙසේ තිබියදී 17 වන ශතවර්ෂයේ දී (1650 දී) ඇඳි සිතියම් කිහිපයක සොදොම් හා ගොමෝරා නගර ළකුණු කර තිබී සොයා ගැනුණි. මෙහි විශේෂත්වය වූයේ මෙම නගර ලකුණු කර තිබුනේ මළ මුහුද තුලයි. මළ මුහුදෙ හි අධික ලුණු සාන්ද්‍රණය නිසාවෙන් කිසිවකුත් මීට පෙර මළ මුහුද පතුලට ගිය බවක් අසා තිබුනේ නැත. (මෙම අධික ලුණු සාන්ද්‍රණය නිසා මළ මුහුදෙ හි මිනිසුන්ට නොගිලී පාවෙමින් සිටිය හැකි බැවින් මෙය මහත් සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථානයකි.)
    1994 වසරේ දී එන්ඩෙවර් ෂටලය අභ්‍යවකාශගත කලේ අභ්‍යවකාශයේ සිට පෘථිවියේ ඡායාරූප ලබා ගැනීමටයි. රේඩාර් තාක්ෂණය උපයෝගී කර ගනිමින් මෙම ඡායාරූප තුලින් මිනිස් ඇසට නොපෙනෙන දෑ සොයාගැනීමට අවකාශය ලැබුනි. සොදොම් හා ගොමෝරා නගර ගවේෂණයට මෙය බොහෝ රුකුලක් විය. භූ විද්‍යාඥයන්ට අනුව මළ මුහුදේ පතුල පැතලි විය යුතුය. එනම් මළ මුහුද පතුලෙ හි ස්වභාවික කඳු ආදිය තිබිය නොහැකි විය. එහෙත් ඉහත දී ෂටලය මගින් ලබා ගත් ඡායාරූප තුලින් සොයාගත්තේ මළ මුහුදේ පතුල පැතලි නොවන බවයි.
    kssJuVMhC5xgmXWs_%282%29-.gif

    මෙය එකල පුවත්පත් වල වාර්තා වූ ආකාරය. (biblemysteries.com)මළ මුහුදෙහි ඡායාරූප මගින් සෘජුකෝණාස්‍රාකාර එකිනෙක පිහිටා තිබූ තිත් හයක් ද තවත් තැනක කැඩී ගිය පිරමීඩයක් වැනි ව්‍යුහයක් ද දක්නට ලැබුණි. මයික් සාන්ඩර්ස් විසින් භූ විද්‍යාඥයන් කිහිප දෙනෙකුගෙන්ම අසා සිටියේ මෙවන් දෙයක් තිබිය හැකිද යන්නයි. එම සියලුම දෙනාගේ පිලිතුර වූයේ මළ මුහුදෙ හි මෙවන් ස්වභාවික නිර්මාණයක් තිබිය නොහැකි බවයි. මෙය ස්වභාවික නිර්මාණයක් නොවේ නම් අනිවාර්යයෙන්ම මෙය මිනිසා විසින් නිර්මාණය කල යම් දෙයක් විය යුතුයි.
    ඒ අනුව මළ මුහුද අභ්‍යන්තරයට සබ්මරීනයක් ආධාරයෙන් යෑමට මයික් තීරණය කරයි. මේ සදහා සබ්මරීනයක් ලබා ගැනීමට හා කිමිදුම්කරුවන් පුදුමයට පත් විය. මන්ද මීට පෙර කිසිවෙකුත් මළ මුහුද පතුලට නොගිය බැවිනි. අවසානයේ මේ සියලු කලමනා සූදානම් කල පසුද මෙම කණ්ඩායමට තවත් ප්‍රශ්නයකට මුහුණ දීමට සිදුවිය. මන්ද මළ මුහුද රටවල් කිහිපයක් හරහා වැටී ඇති බැවින් ඇතිවන දේශපාලන ගැටලු ය. ඊශ්‍රායලය, ජොර්දානය හා පලස්තීනය යන රටවල් සමග වසර දෙකක සාකච්ඡා කාලයකින් අනතුරුව කෙටි කාලයකට මළ මුහුද යටට යාමට අවසර ලබා ගැනීමට මෙම කණ්ඩායමට හැකිවිය. මෙහිදී මළ මුහුද පිලිබද වසර විස්සක් පමණ අධ්‍යනය කල සබීබ් ඒබ්‍රහම් නම් ගවේෂකයා ද මෙම කණ්ඩායමට එක්විය.
    PfZCRF3atBI65Iki_%283%29-.jpg

    අභ්‍යවකාශයේ සිට ගත් මළ මුහුදේ ඡායාරූපයක්. (esa.int)සබ්මරීනය මුහුද යටට යැවීමට සූදානම් වන විට මුහුදෙන් ඇති කල අධික තෙරපුම නිසා අධික අමතර බරක් සබ්මරීනය තුලට දැමිය යුතු විය. පලමුව මොවුන් සොයා බැලීමට ගියේ සෘජුකෝණාස්‍රාකාර හැඩැති තිත් ලෙස පෙනුනු ස්ථානය වෙතයි. එහෙත් මෙම ගමනෙන් සිතූ පරිදි කිසිවක් සොයාගත හැකි වූයේ නැත. නමුත් මළ මුහුද පතුලට ගිය පලමුවැන්නන් ලෙස මෙම ගමන ඉතිහාසගත විය.
    මළ මුහුදේ ජොර්දාන් පෙදෙසේ ඉතා විශාල සොහොන් කිහිපයක් සොයා ගැනීමට හැකියාව ලැබුණි. මේවායේ තිබුනු සමහර ඇටකටු බයිබලයේ පරණ ගිවිසුම් කාලය දක්වා දිවයන අතර පුදුමයකට මෙන් මෙම ඇටකටු හිමි පුද්ගලයන් ගින්නකට හසුවී මිය ගොස් ඇති බවද සොයා ගන්නා ලදී. එපමණක් නොව ඒ අසලම තිබූ කදු පන්ති කිහිපයක සල්ෆර් (ගෙන්දගම්) සාන්ද්‍රණය අධික බවද සොයාගත්තේය. එහෙයින් මේවා සොදොම් හා ගොමෝරා නගර තිබූ බවට සලකුණක් ලෙස පිලිගත හැකියි.
    d0FlXXm04qau6iy1_%284%29-.JPG

    අධික සල්ෆර් සාන්ද්‍රණයක් සහිත කඳු. (ancientorigins.com)ඉන්පසු දෙවන ගමන ගියේ කැඩුණු පිරමීඩයක් වැනි ව්‍යුහය දිස්වුනු ස්ථානය වෙතයි. මෙය පිහිටා තිබුනේ මළ මුහුදේ ජොර්දාන් දේශ සීමාව මතයි. මෙම ගමනේ දී මුහුද පතුල මත ලුණු වලින් වැසී ගිය අමුතුම හැඩයේ නිර්මාණ කිහිපයක් දක්නට ලැබුණි. දෙවන හා තුන්වන ගමන් වලදී තවත් මෙවැනිම අමුතුම හැඩයේ නිර්මාණ කිහිපයක් සොයා ගත් අතර ඒවා වැසී තිබුනේ රතු පැහැති නොදන්නා ද්‍රව්‍යයන් මගිනි. නමුත් මෙම ස්ථානය ජොර්දාන් දේශ සීමාවේ පිහිටා තිබූ නිසා ඔවුනට නිරීක්ෂණය කල හැකි වූයේ ඉතාමත් සීමිත පෙදෙසක් පමණි. ජොර්දාන් රජයෙන් මෙම කණ්ඩායම ගවේෂණය සදහා අවසර ඉල්ලා සිටිය ද ඔවුන්ගෙන් ඒ සදහා ඉඩක් ලැබුනේ නැත.
    දේශපාලන හා දේශ සීමා ගැටලු ආදිය නිසාවෙන් මයික් සාන්ඩර්ස් ඇතුලු කණ්ඩායමට අති දැවැන්ත සොයා ගැනීමක් පෙනි පෙනී තිබියදී නතර කිරීමට සිදු විය. කෙසේ හෝ දැනටත් සොදොම් හා ගොමෝරා නගර වල අබිරහස විවෘතව පවතින අතර මෙහි දේශපාලන ගැටලු නිරාකරණය වූ දවසක මෙම අබිරහස විසදිය හැකි බවට බලාපොරොත්තුවක් තබාගත හැක


    Source Roar :yes::yes: