අත්තේ අත්තේ

ncbrando

Member
Jan 31, 2014
838
115
0
අත්තේ අත්තේ


අත්තේ අත්තේ
නැගපං හනිකට සයිකලයට
ඩියුටි යන්න පරක්කු වෙයි මට
ලොකු සර් දන්නෙ නැති නිසා මේක

වේගේ වැඩි නම් අල්ලගනින්
තදින් හයියෙන් පාගනවා මං
ඇල්ලුවත් අල්ලන්නේ යාළුවෙක් බැවින්
දඩ වදින එකක් නෑ මට ඉතින්

කොහෙද මේ බැරි මරගාතේ
යන්නේ උදැහැනැක්කේ වැටි වැටී
ගියා නම් මං දැන් පාඩුවේ
උඹ තාමත් අර කුණු කාණුවේ

දරුවො දැන් හදලා
උන් ලොකු මහත් කරලා
දත් ටිකක් හැලිලා
ඒ තරමටම උඹ බැණලා

ඉස්පිරිතාලෙ දැන් ළඟයි
වාට්ටුවෙ පෝලිම හරි දිගයි
එද්දි හඳ පායයි
ඒත් ඒ හඳ පෝය නොදනියි

- මාලන් විදානපතිරණ
 

ncbrando

Member
Jan 31, 2014
838
115
0
අත්තේ අත්තේ


අත්තේ අත්තේ
නැගපං හනිකට සයිකලයට
ඩියුටි යන්න පරක්කු වෙයි මට
ලොකු සර් දන්නෙ නැති නිසා මේක

වේගේ වැඩි නම් අල්ලගනින්
තදින් හයියෙන් පාගනවා මං
ඇල්ලුවත් අල්ලන්නේ යාළුවෙක් බැවින්
දඩ වදින එකක් නෑ මට ඉතින්

කොහෙද මේ බැරි මරගාතේ
යන්නේ උදැහැනැක්කේ වැටි වැටී
ගියා නම් මං දැන් පාඩුවේ
උඹ තාමත් අර කුණු කාණුවේ

දරුවො දැන් හදලා
උන් ලොකු මහත් කරලා
දත් ටිකක් හැලිලා
ඒ තරමටම උඹ බැණලා

ඉස්පිරිතාලෙ දැන් ළඟයි
වාට්ටුවෙ පෝලිම හරි දිගයි
එද්දි හඳ පායයි
ඒත් ඒ හඳ පෝය නොදනියි

- මාලන් විදානපතිරණ

මේ නිර්මාණයට මට මූණුපොතේ තිබුණු ඡායාරූපයක් පාදක වුණා.මට හිතෙන්නේ මෙය මගේ අත්දැකීමක් නොවන නිසා වෙන්න ඇති අසාර්ථක වෙලා තියෙන්නේ.කාගෙන්වත් මීට අදහසක් ලැබුණේ නැත්තේ මේ හින්දාම වෙන්න ඇති