අත්දැකීම් කිහිපයක් හා ඉගන ගන්නට යමක්.
80 දශකයේ අග භාගයේ මා මොරටුව සරසවියේ ඉංජිනේරු උපාධිය හදාරමින් සිටියදී ජනතා විමුක්තී පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂ රජය අතර ගැටුම නිසා ඇතිවූ භීෂණකාරී තත්වයේ ප්‍රථිපලයක් ලෙස වසර 2 කට අධික කාලයක් සරවිය වසා දමන ලදී
ඒ නිසා උසස් පෙල සුදුසුකම පමනක් තිබුන මට රැකියාවක් සොයන්නට සිදු විය.
මම අතට ලැබුන පලමු රැකියාවම බාර ගතිමි. ඒ ඇගලුම් කර්මාන්ත ශාලාවක ගිනුම් අංශයේ ලිපිකරුවෙකු ලෙසය. පඩිය බස් එකේ ගොස් දවල්ට කෑම කන්නට පමනක් ප්‍රමානවත් සොච්චමක් විය. මේක මදි කියා වෙන රස්සා හොයන්නට කාලය නාස්ති නොකලෙමි.
නමුත් එහි සිටි වසරකට අඩු කාලය තුල ගිනුම් විශය ගැන ප්‍රායෝගික අවභෝදයක් ලබාගත්තෙමි. මීට අමතරව ගනකාධිකරණය හදාරන්නට පටන් ගත්තෙමි.
දෙවන රැකියාව ලැබුනේ පුවත් පත් ආයතනයකය. පලමු රැකියාවේ පලපුරුද්ද හා අඩක් නිමකොට තිබුන ගනකාධිකරණ පාඨමාලාව රැකියාව ලබා ගැනීමට පහසුවක් විය. මෙවර සහකාර ගනකාධිකාරී තනතුරක් ලැබුනි. පඩිය තරමක් යහපත් විය.
ගිනුම් අංශයේ ලොක්කා කතා කලේ ඉංග්‍රීසියෙන් පමනි. මුලදී රස්සාව එපා වන තරම් කරුමයක් වුනත්, සරසවියේ ඉංජීනේරු විශයන් හැදෑරුවේ ඉංග්‍රීසි බසින් වූවාට ලියන්නට මිස කතා කරන්නට පුරුද්දක් නොතිබුන මට වසරක් යන විට හොදින් ඉංග්‍රීසි බස හැරවීමට හැකි වුනේ ඒ නිසාය. ඒ අතර ගනකාධිකරණ පාඨමාලාව දිගටම කරගෙන ගොස් අවසන් කරන්නට ලැබුනි.
භීෂණ යුගය අවසන් වී සරසවිය යලි ආරම්ඹ වූ විට ඉංජිනේරු උපාධිය අවසන් කරන්නට ආපසු සරසවියට ආවේ සැහෙන්න හොදින් ඉංග්‍රීසි කතා කරන ගනකාධිවරයෙකි
ඉංජිනේරු උපාධිය අවසන් කොට බහු ජාතික සමාගමක් වන යුනිලීවර ආයතනයේ සම්මුක පරීක්ෂණයට ගිය විට වෘතීය අධ්‍යාපන සුදුසු කම් දෙකක් ඇතිව ඉංග්‍රීසි බසින් එයට මුහුන දෙන්නට පුලුවන් වූයේ අතර අහු වූ රස්සා දෙකටම එපා නොකී බැවිනි.
යුනිලීවර් ආයතනයේ තිබුනේ ඉංජිනේරු රස්සාවකුත් නොවේ, ගනකාධිකරණ රස්සාවකුත් නොවේ, පුහුණු කලමනාකර තනතුරකි. එය බාර ගත්තේත් දෙපාරක් සිතා නොවේ.
මේ සියල්ල කීවේ මෙය කියවන දෙමව්පියන්ගේත් දරුවන්ගේත් දැන ගැනීමටය. ජීවිතය අපට ඕනැ පාරේ ගෙන යන්නේ නැත. වැදගත් වන්නේ ලැබෙන පාරක නොනැවතී ඉදිරියට යාමය.
උපුටාගැනීමකි.