අත්දැකීම්

super16

Member
Feb 26, 2016
767
56
0

අප මුහුණ දුන් විවිධ සිදුවීම්, ප්‍රශ්ණ, බාධක හැම දෙයක්ම අපගේ අත්දැකිම් බවට පත්වෙනවා. අපගේ යහලුවන්, නෑදෑයින් ගේ අත්දැකීම් ද අපේ අත්දැකීම් බවට පත් කර ගන්න පුළුවන්. ඒත් එක්කම පුවත්පත් හා වෙනත් මාධ්‍ය වලින් දැන ගන්නා තොරතුරු ද අපට ප්‍රයෝජනවත් වෙනවා.
මේ අත්දැකීම් තමයි අපට අභියෝගවලට මුහුණ දෙන්න අවශ්‍ය ජවය සපයන්නේ. ගොඩක් ප්‍රශ්ණවලට අවශ්‍ය විසදුම්, අත්දැකීම් ඇසුරෙන් සොයා ගන්න පුළුවන්. ඒ සඳහා නිරවුල් මනසකින් නිදහසේ හිතන්න ඕනේ.
අපි Job එකකට යන කොට working experience තියනවද කියල අහන්නේ ඒකයි. Experience තියන කෙනාට අළුත් වැඩක් වුනත් හිතල කරන්න ශක්තියක් තියනවා. විශේෂයෙන්ම හිතේ තියන විශ්වාසය මේකට බලපානවා. ඒක ඇතිවෙන්නේ අත්දැකීම්වලින් තමයි.
ඒ නිසා අපිට මුහුණ දෙන්න වෙන හැම ප්‍රශ්ණයක්ම, හැම අභියෝගයක්ම අපට ලැබෙන අවස්ථාවක් ලෙස සලකන්න. එමගින් ලැබෙන අත්දැකීම් ඉදිරි ජීවිතය සඳහා ආශිර්වාදයක් වෙයි.