අත්භූතජනක_මෙටා_පදාර්ථයක්
Cornell විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් අත්භූතජනක නව පදාර්ථයක් නිපදවීමට සමත් වී සිටිනවා.
ස්වභාවික පදාර්ථ වල දක්නට නොලැබෙන ගුණ සහිත හෙයින් "මෙටා" පදාර්ථයක් ලෙස වර්ග කෙරෙන මෙහි විශේෂත්වය වන්නේ ජලය තුල ගිල්වා තැබූ විට ඝන ස්වරූපයක් ගැනීමත් වාතයට නිරාවරණය කළ විට ද්‍රව ස්වරූපයක් ගැනීමත් වනවා.
වඩාත් අත්භූතජනක ලක්ෂණය නම් නැවත ජලයෙහි ගිල්වූ විට පෙර තිබූ ඝන හැඩයටම පත් වීමට එයට ඇති හැකියාවයි.
එනම් ද්‍රව අවස්ථාවේදී පවා තම ඝන ස්වරූපය ගැන එයට "මතකයක්" පවතිනවා.
සාමාන්‍ය මෙටා පදාර්ථ වල ජෛව පදාර්ථ නොව සිලිකන් හෝ කොපර් වැනි මූලද්‍රව්‍ය අඩංගු වුණත් මෙම නව මෙටා පදාර්ථයේ අඩංගු වන්නේ කෘතිම ඩී එන් ඒ විශේෂයක් වීම ද විශේෂත්වයක්.
ඉහත රූප සටහනේ දැක්වෙන්නේ D, N, සහ A යන අකුරු වල හැඩයටම අච්චු වලින් සැකසූ මෙම මෙටා පදාර්ථය ජලයේ ගිල්වා ඇති ආකාරයත් වාතයට නිරාවරනය වූ විට ඒවා ද්‍රව බවට පත් වීම සහ නැවත ජලය දැමූ විට පෙර හැඩය නැවත මතු වීමත් සිදු වන ආකාරයයි.
මූලාශ්‍රය : news.discovery.com