මෙහෙම කතාවක් අන්තර්ජාලයේ තියෙනවා...
කෙටි අත්සන හා දිග අත්සන
මෙය වැඩිදුර අධ්‍යාපනයක් නොලැබූ තවත් ඇතැම් කෙනෙක් වරද්දා ගන්නා අවස්ථාවකි. අප යම් ලියවිල්ලක් සකස් කර අත්සන තබන්නට කියූ විට දිග අත්සනද කොට අත්සනද කියා විමසන අය වෙති. නැතහොත් විමසීමෙන් තොරව අත්සන වෙනුවට නම ලියති. මේ ඔබේ හරි අත්සනද විමසූ විට ඔය මගේ කොට අත්සන කියා මුලින් ලියූ නමට තවත් මුල් අකුරු එකක් දෙකක් එකතු කරති. එවැනි අවස්ථාවල අත්සන විය යුත්තේ එකක්ම බවත් පැහැදිලි කර දීමට සිදුවූ වාර අනන්තය.
කෙටි අත්සන් බොහෝ විට කාර්යාලවල ලිපි පිටපත්වලට හෝ අනෙකුත් කාර්යාල සටහන්වලට තැබීමට සකස් කරගන්නා නමේ මුල් අකුරු සම්මිශ්‍රණයක් හෝ සිය අත්සනේම කොටසක් හෝ වෙනත් ආකාරයකට තමන්ටම ආවේණිකව පහසු පරිදි භාවිතයට සකස් කර ගන්නා සලකුණක් පමණි. එවැනි සලකුණක් දක්වන කෙටි අත්සන නීතිය ඉදිරියේ පිළිගන්නා අත්සනක් නොවේ. කෙටි අත්සනද මේ ආකාරයෙන්ම විය යුතු යෑයි නියම කළ නොහැක. කෙසේ වෙතත් එක් අයෙකුට දිග අත්සන හෝ කෙටි අත්සන යනුවෙන් කිහිපයක් භාවිතා කළ නොහැකි බවත් තබාගත යුත්තේ එකම අත්සනක් බවත් වටහා ගැනීම වැදගත් වේ. සැ යු. අධිකරණ විනිසුරුවරුන්ගේ කෙටිඅත්සන නිතිය ඉදිරි පිට පිලිගනු ලබයි
විශ්‍රාමික පරිපාලන නිලධාරී බී.ජී.පී. ධර්මසේන මහතාගේ ලිපියක් ඇසුරින් පසිඳු මධුසංක මහතා විසින් සම්පාදිත සටහනකි.
මේක වැරදි ඇති. ගොඩක් ස්තුතියි පැහැදිලි කිරීමට..
මේක පේනන්නේ නෑ...ඒත් අදටත් දිසාපතිගේ ඉඳලා සියලු ආයතව ප්‍රධානින් කෙටි අත්සනක් භාවිත කරනවා....මේක පිලිබඳ ලොකුවට තොරතුරු චක්‍ර ලේඛ එහෙම දන්නේ නම් නෑ...මේ ලිපියේත් එහෙම ගැන සඳහනක් නෑ
------
Post added on Jun 4, 2023 at 2:13 PM