අත්සන් දෙකක්

s.p.n

Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    ආයතනයක ඉහළ තනතුරක් දරන කෙනෙක්ට රාජකාරී වැඩ වලට අත්සන් දෙකක් පාවිච්චි කරන්න පුළුවන්ද?
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    ස්තුතියි!
    එකක් දිග අත්සන‍...ආයතනයෙන් පිටට යන ඒවාට ඒක දාන්නේ..අනික කෙටි අත්සන..මිනිට්ස් වලට එහෙම පාවිච්චි කරනවා... මේල් බලද්දි ඕඩර් එක දාලා යටින් කෙටි අත්සන දාන්න පුලුවන්... ඒ නිසා අත්සන් දෙකක් ආයතන ප්‍රධානියෙකුට තියෙනවා බොහෝ විට
     
    • Like
    Reactions: EKGuest and s.p.n

    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    එකක් දිග අත්සන‍...ආයතනයෙන් පිටට යන ඒවාට ඒක දාන්නේ..අනික කෙටි අත්සන..මිනිට්ස් වලට එහෙම පාවිච්චි කරනවා... මේල් බලද්දි ඕඩර් එක දාලා යටින් කෙටි අත්සන දාන්න පුලුවන්... ඒ නිසා අත්සන් දෙකක් ආයතන ප්‍රධානියෙකුට තියෙනවා බොහෝ විට
    "කෙටි අත්සන නීතිය ඉදිරියේ පිළිගන්නා අත්සනක්‌ නොවේ."
    මේක ඇත්තද?
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    "කෙටි අත්සන නීතිය ඉදිරියේ පිළිගන්නා අත්සනක්‌ නොවේ."
    මේක ඇත්තද?
    ආයතනය ඇතුලත කෙටි අත්සන භාවිතා කිරීමට හැක.....ඕනෑම රාජ්‍ය ආයතනයක්/පාසලක් තුල පවා කෙටි අත්සන භාවිතා වේ...නමුත් ආයතනික මට්ටමින් ලිපි ගණු දෙනු ගිවිසුම් වලදී සාමාන්‍ය අත්සන භාවිතා කල හැකිය...මෙය නීතියෙන් පිට එකක් නෙවෙයි....ඔය ප්‍රකාශය කවුද කිව්වේ ?
     
    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    ආයතනය ඇතුලත කෙටි අත්සන භාවිතා කිරීමට හැක.....ඕනෑම රාජ්‍ය ආයතනයක්/පාසලක් තුල පවා කෙටි අත්සන භාවිතා වේ...නමුත් ආයතනික මට්ටමින් ලිපි ගණු දෙනු ගිවිසුම් වලදී සාමාන්‍ය අත්සන භාවිතා කල හැකිය...මෙය නීතියෙන් පිට එකක් නෙවෙයි....ඔය ප්‍රකාශය කවුද කිව්වේ ?

    කෙටි අත්සන් බොහෝ විට කාර්යාලවල ලිපි පිටපත්වලට හෝ අනෙකුත් කාර්යාල සටහන්වලට තැබීමට සකස්‌ කරගන්නා නමේ මුල් අකුරු සම්මිශ්‍රණයක්‌ හෝ සිය අත්සනේම කොටසක්‌ හෝ වෙනත් ආකාරයකට තමන්ටම ආවේණිකව පහසු පරිදි භාවිතයට සකස්‌ කර ගන්නා සලකුණක්‌ පමණි. එවැනි සලකුණක්‌ දක්‌වන කෙටි අත්සන නීතිය ඉදිරියේ පිළිගන්නා අත්සනක්‌ නොවේ. කෙටි අත්සනද මේ ආකාරයෙන්ම විය යුතු යෑයි නියම කළ නොහැක. කෙසේ වෙතත් එක්‌ අයෙකුට දිග අත්සන හෝ කෙටි අත්සන යනුවෙන් කිහිපයක්‌ භාවිතා කළ නොහැකි බවත් තබාගත යුත්තේ එකම අත්සනක්‌ බවත් වටහා ගැනීම වැදගත් වේ. සැ යු. අධිකරණ විනිසුරුවරුන්ගේ කෙටිඅත්සන නිතිය ඉදිරි පිට පිලිගනු ලබයි
    විශ්‍රාමික පරිපාලන නිලධාරී බී.ජී.පී. ධර්මසේන මහතාගේ ලිපියක් ඇසුරින් පසිඳු මධුසංක මහතා විසින් සම්පාදිත සටහනකි.

    මේක වැරදි ඇති. ගොඩක් ස්තුතියි පැහැදිලි කිරීමට..
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    මෙහෙම කතාවක් අන්තර්ජාලයේ තියෙනවා...

    කෙටි අත්සන හා දිග අත්සන

    මෙය වැඩිදුර අධ්‍යාපනයක්‌ නොලැබූ තවත් ඇතැම් කෙනෙක්‌ වරද්දා ගන්නා අවස්‌ථාවකි. අප යම් ලියවිල්ලක්‌ සකස්‌ කර අත්සන තබන්නට කියූ විට දිග අත්සනද කොට අත්සනද කියා විමසන අය වෙති. නැතහොත් විමසීමෙන් තොරව අත්සන වෙනුවට නම ලියති. මේ ඔබේ හරි අත්සනද විමසූ විට ඔය මගේ කොට අත්සන කියා මුලින් ලියූ නමට තවත් මුල් අකුරු එකක්‌ දෙකක්‌ එකතු කරති. එවැනි අවස්‌ථාවල අත්සන විය යුත්තේ එකක්‌ම බවත් පැහැදිලි කර දීමට සිදුවූ වාර අනන්තය.

    කෙටි අත්සන් බොහෝ විට කාර්යාලවල ලිපි පිටපත්වලට හෝ අනෙකුත් කාර්යාල සටහන්වලට තැබීමට සකස්‌ කරගන්නා නමේ මුල් අකුරු සම්මිශ්‍රණයක්‌ හෝ සිය අත්සනේම කොටසක්‌ හෝ වෙනත් ආකාරයකට තමන්ටම ආවේණිකව පහසු පරිදි භාවිතයට සකස්‌ කර ගන්නා සලකුණක්‌ පමණි. එවැනි සලකුණක්‌ දක්‌වන කෙටි අත්සන නීතිය ඉදිරියේ පිළිගන්නා අත්සනක්‌ නොවේ. කෙටි අත්සනද මේ ආකාරයෙන්ම විය යුතු යෑයි නියම කළ නොහැක. කෙසේ වෙතත් එක්‌ අයෙකුට දිග අත්සන හෝ කෙටි අත්සන යනුවෙන් කිහිපයක්‌ භාවිතා කළ නොහැකි බවත් තබාගත යුත්තේ එකම අත්සනක්‌ බවත් වටහා ගැනීම වැදගත් වේ. සැ යු. අධිකරණ විනිසුරුවරුන්ගේ කෙටිඅත්සන නිතිය ඉදිරි පිට පිලිගනු ලබයි

    විශ්‍රාමික පරිපාලන නිලධාරී බී.ජී.පී. ධර්මසේන මහතාගේ ලිපියක් ඇසුරින් පසිඳු මධුසංක මහතා විසින් සම්පාදිත සටහනකි.

    මේක වැරදි ඇති. ගොඩක් ස්තුතියි පැහැදිලි කිරීමට..

    මේක පේනන්නේ නෑ...ඒත් අදටත් දිසාපතිගේ ඉඳලා සියලු ආයතව ප්‍රධානින් කෙටි අත්සනක් භාවිත කරනවා....මේක පිලිබඳ ලොකුවට තොරතුරු චක්‍ර ලේඛ එහෙම දන්නේ නම් නෑ...මේ ලිපියේත් එහෙම ගැන සඳහනක් නෑ
    ------ Post added on Jun 4, 2023 at 2:13 PM
     
    • Like
    Reactions: s.p.n

    Wana5ara

    Well-known member
  • Sep 13, 2018
    177
    357
    63
    කාර්‍යාල සටහන් වලදි සහ ලිපිවල කාර්‍යාල පිටපත් වලට කෙටි අත්සන භාවිතා කරනවා. අනෙක් සියලුම අවස්තා වලදි දීර්ඝ අත්සන භාවිතා කරනවා. නීතිමය පසුබිමක් නම් දන්නේ නෑ හැබැයි. :(

    කොහොම උනත් ගිවිසුමකදි වගේ නම් අත් අකුරින් දාන ඕන සටහනක් අත්සනක් විදියට පිලිගන්න පුලුවන් :)
     
    Last edited:
    • Like
    Reactions: s.p.n

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    කවුරුත් වලංගු නෑ කිව්වට විභාග දෙපාර්තමේන්තුවෙන් විභාග ඩියුටි වලටත් කෙටි අත්සන හා දිගු අත්සන ලේඛනයක යවන්න ඕනේ....ඒ දෙක වෙන වෙනම ඉල්ලලා..ගැටලුවකදී එයාලා පරීක්ෂා කරනවා... (රහස්‍ය භාවය නිසා ඒක දාන්න බෑ)
    කෙටි අත්සනත් දාන්නේ කාලය කළමනාකරණයට...ඒක මාණ්ඩලික ශ්‍රේණි වලට ගොඩක් වැදගත්....
     
    • Like
    Reactions: s.p.n