අත්සන් ලක්ෂ දහයේ කංස පෙත්සම

Awsomest Genius

Well-known member
  • Jun 10, 2011
    742
    255
    83
    වසර 15000ක කාලයක් තිස්සේ මනුෂ්‍ය ප්‍රජාවගේ ළගින්ම සිටි ශාකමය සහෘදයා කංසා ය. ගල් යුගයෙන් කෘෂි ජීවන ක්‍රමයකට පැමිණි මිනිසා පළමුවෙන්ම ගෘහස්ථකරණය ක‍ළේ කංසා ය. එකල සිට 1900 මැද භාගය පමණ වන තුරු මිනිසා‍ගේ මුලික අවශ්‍යතා සදහා කංසා උදව් විය.

    1. කුසගින්න නිවාලීමට ‍පෝෂක ගුණ‍ෙන් අනූන අට ලබා‍දෙයි

    2. සිරුර වසා ගැනීම සදහා අදුම් නිමැවුමට හන ලබා‍ දෙයි

    3. අහාර පිසීමට සහ පහන් පත්තු කිරීමට ‍තෙල් ලබා‍ දෙයි

    4. විවිධ ‍රෝගී තතවයන්‍ගෙන් සහනය ලබා ගැනීමට ඔෂධීය රසායන ලබා‍දෙයි

    5. කායික, මානසික සහ අධ්‍යාත්මික ‍සෙෞඛ්‍ය ඉහල නැංවීම සදහා THC, CBD, CBN වැනි රසායන ලබා‍ දෙයි

    6. ‍ලේඛන කටයුතු සදහා කරදාසි සාදා ගැනීමට තන්තු ලබා‍ දෙයි

    7. ගඩොල් සහ බ්ලොක්ගල් නිපදවීමට ශක්තිමත් අරටු සපයා ‍දෙයි

    8. රූපලාවන්‍ය නිෂ්පාදනයට ඔෂධීය ‍තෙල් ලබා‍ දෙයි

    ‍‍‍පෙට්රොලියම් ඛනිජ‍යේ භාවිතයන් හදුනාගත් බ්‍රිතාන්‍ය ජාතිකයින් එ‍තෙක් කල් කංසා ශාකයේ අමුද්‍රව්‍යවලින් නිෂ්පාදනය කළ සියලු භාණ්ඩ සහ ‍සේවාවන් කෘත්‍රිම රසායනවලින් නිෂ්පාදනය අරම්භ කලේය. වසර 1961 දී එක්සත් ජාතීන්‍‍ගේ කේවල ප්‍රඥප්තිය හරහා කංසා වගා කිරීම, ළග තබා ගැනීම, භාවිත කිරීම, ප්‍රවාහනය සහ ‍‍‍වෙලදාම තහනම් ‍කර අධිරාජ්‍යවාදීන්ගේ භාණ්ඩ විකුණා දීම සදහා අවශ්‍ය වටපිටාව සකස් කරදුන්නේ ය. අපේ රට ද එක්සත් ජාතීන්‍ගේ ප්‍රඥප්තියට එකග විය.

    වසර දහස් ගණනක් තිස්‍සේ මිනිසාට ‍සේවය කළ ශාකයට ඉන්පසු මිනිසුන් ගරහන්නට විය. එය අප්‍රිය කරන්නට විය. එතැන් පටන් මිනිසා‍ගේ අධ්‍යාත්මික, කායික සහ මානසික ‍සෙඛ්‍ය පිරි‍හෙන්නට විය. ප්‍රතිශක්තිය හීන විය. ‍‍පෙට්රෝලියම් ඛනිජ‍ෙන් තැනූ සින්තටික් ‍රෙදි ශරීර වටා දැව‍ෙන්නට විය. කෘතිම ඔෂධ ගිලින්නට විය. ප්ලාසිටික්, ‍පොලිතින් ආදියෙන් පරිසරය විනාශ විය. පෘථිවි‍යේ උණුසුම වැඩි විය. ‍මේ සියල්ලටම ‍හේතුව කෘත්‍රිම ද්‍රව්‍ය පරිහරණය බව තේරැම් ගත් ඥාණවන්ත මිනිසුන් නැවතත් කංසා ශාකය වගා කරමින් දැවැන්ත සමාජීය වෙනසක් සිදුකරමින් සිටියි.

    දැනට පවතින කෘෂි ‍බෝගවලට අමතරව මුලු ලෝකය පුරා කංසා වගා කිරීම අරම්භ කර ඇත්තේ මින් ඉදිරියට ගමන් කළ හැක්කේ කංසා වගා කරන මනුස්ස ජාතීන්ට පමණක් බව ඔවුන් දන්නා නිසා‍ය. ඔවුන් බලා‍පොරොත්තු වන්නේ කංසා හරහා හිරැ එළිය ගබඩා කර කංසා අමුද්‍රව්‍යමත පදනම් වූ සමාජයක් ගොඩ නැගීමය

    අප දන්නා කාලයේ සිට අප සිටින්නේ තුන්වැනි ‍ලෝකයේය . තුන්වැනි ලෝකයේ සිටීමට සිදු වී ඇත්තේ අප තුළ තුන්වැනි පන්තියේ ආලක්ප ඇති නිසා ය. පලවෙනි පන්ති‍යේ මිනිසුන්ට තුන්වැනි පන්ති‍යේ ආකල්ප නැත. තුන්වැනි පන්තියේ ආකල්පවලින් පළමු පන්ති‍යේ ආකල්පවලට මාරු වූ විට පළමු වන ‍ලෝකයේ රටක් බවට පත් විය හැකිය. පළමු පන්ති‍යේ ආකල්ප සහිත සමාජ සතු මූල ධනය හිරු නිපදවන ශක්තිය පරි‍බෝජනය කිරීම යි. එබැවින්,

    1. ‍දේශීයත්වය ගැන සිතන

    2. ‍දේශීය උරුමය සහ සංස්කෘතිය අගයන

    3. ‍දේශීය අහාර මත යැ‍පෙන්නට කැමති

    4. වසවිසවලින් ‍තොර අහාර බුදින්නට කැමති

    5. ප්ලාස්ටික්, ‍පොලිතින් වැනි කෘත්‍රිම ද්‍රව්‍ය භාවිත කිරීමට අකමැති

    6. එතනොල් දමා සාදන අරක්කු බිමට අකමැති

    7. දුම්‍කොල අඩංගු සිගරට් ‍බීමට අකමැති

    8. ‍හෙරොයින් අයිස් පෙති වැනි කෘත්‍රිම ද්‍රව්‍යවලින් මත්වීමට අකමැති

    9. ‍දේශීය ඔෂධ අධාර‍ෙන් ‍සෞඛ්‍යසම්පන්න වීමට කැමති

    10. ‍දේශීය ශාක සාර‍ෙන් ‍පෙරන රා බී මත්වීමට කැමති

    11. තණමල්විල, අඹිලිපිටිය වැනි ප්‍රෙද්ශවල ඩෙන කංසා ප්‍රභේදවලින ආනන්දය ලැබීමට කැමති

    12. කංසා හනවලින් මැසූ අදුම් අදීමට කැමති

    13. කංසා අටවලින් හිදින ලද ‍‍තෙල්වලින් අහාර පිසීමට කැමති

    14. කංසා තෙල්‍වලින් පහන් පත්තු කිරීමට කැමති

    සියලු ‍ජනා මෙම පෙත්සමට අත්සන් කරනු අත.
    http://chng.it/cS8cHJG5k5
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    ගංජා විතරද බන් උබලට ගහකට කියල තියෙන්නෙ 🤣🤣🤣
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    LOL.. සිගරට් සමාගමෙන් කීයක් ගෙව්වද දන්නෑ.😂
    සිගරට් සමාගම් වලට ගොඩ යන්න තමයි බං කංසා තහනම් කලේ.
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    සිගරට් සමාගම් වලට ගොඩ යන්න තමයි බං කංසා තහනම් කලේ.
    උබ හිතනවද නීති ගත උනත් උබලට වවාගෙන ගහන්න දෙයි කියලා... සිගරට් කොම්පැනිවලිම්ම විකුනයි
     

    madhuwa111

    Active member
  • Jul 10, 2020
    132
    185
    43
    සිගරට් සමාගම් වලට ගොඩ යන්න තමයි බං කංසා තහනම් කලේ.
    දැන් කට්ටිය සිගරට් බොන්නේ නෑ බන්.. අවුරුද්දෙන් අවුරුද්දට බොන පිරිස අඩුවෙනවා.. දැන් අලුත් ට්‍රෙන්ඩ් එක කංසා වී ගෙන එන්නේ. එතකොට ඔය සිගරට් සමාගම් ටිකම කංසා වලට වග කියනවා. අලුත් අලුත් ප්‍රඩක්ට් ඒවි කංසා භාවිතා කරලා හදපු.. උන්ට ඕනි කංසා නරක දෙයක් නෙවෙයි කියලා මිනිස්සුන්ට ඒත්තු ගන්වන්න. කංසා ප්‍රඩක්ට් එකකට සමාජ‍යට යන්න අවශ්‍ය පරිසරය හදන එක තමයි දැන් අවුරුදු ගාණක් තිස්සේ ඕකුන් කරන්නේ.. ලොකු ලොකු ප‍රේෂකයෝ පවා ඕකුන් මුදලට අරන් ඉන්නේ.
     
    • Like
    Reactions: LazyLizard