[FONT="]ජීවත්වෙන්න ත්‍රීවීල් එලවන කොළඹ හිටපු නගරාධිපති[/FONT][FONT="][/FONT]
[FONT="]කොළඹ මහ නගර සභාව සිය [/FONT][FONT="]150 [/FONT][FONT="]වන උපන්දිනය සමරන ලද්දේ ඉකුත් දෙසැම්බර්[/FONT][FONT="] [/FONT][FONT="]මාසයේදීය. ඒ සඳහා රජ[/FONT][FONT="], [/FONT][FONT="]මැති[/FONT][FONT="], [/FONT][FONT="]ඇමැතිවරු[/FONT][FONT="], [/FONT][FONT="]නගරාධිපතිවරු පමණක් නොව හිටපු[/FONT][FONT="] [/FONT][FONT="]නගරාධිපතිවරු ඇතුළු සම්භාවනීය අමුත්තන් විශාල පිරිසක් සහභාගි වූහ. ආරාධනා[/FONT][FONT="] [/FONT][FONT="]ලැබූවන් අතර කොළඹ මහ නගර සභාවේ හිටපු නගරාධිපතිවරයකු ([/FONT][FONT="]2006-2009) [/FONT][FONT="]උවයිස්[/FONT][FONT="] [/FONT][FONT="]මොහොමඩ් ඉමිතියාස් ද වූ අතර ඔහු ඒ සඳහා පිටත්ව යන්නේ කොළඹ - මාතර සාමාන්‍ය[/FONT][FONT="] [/FONT][FONT="]ගාස්‌තු බස් රථයකින්ය. එතැන් සිට පුරහල වෙත ඔහු පැමිණ ඇත්තේ කුලියට ගත්[/FONT][FONT="] [/FONT][FONT="]ත්‍රිරෝද රථයකින්ය. ඔහු කියන ආකාරයට එම ගමන සඳහා පිටත්ව යන්නේ වෙන කරන්නට[/FONT][FONT="] [/FONT][FONT="]දෙයක් නැති කමට බිරිඳගේ අරුංගල් දෙක උකස් කොට ලබාගත් අත්තිකාරමේ[/FONT][FONT="] [/FONT][FONT="]පිහිටෙනි. උත්සවය පැවැත්වීමෙන් අනතුරුව හිටපු නගරාධිපතිවරයා නැවත තම කුලී[/FONT][FONT="] [/FONT][FONT="]නිවස වෙත පැමිණෙන්නේ හිස් අතකින් නොව හිටපු නගරාධිපතිවරුන් වෙත කොළඹ මහ[/FONT][FONT="] [/FONT][FONT="]නගර සභාවෙන් පිරිනමන ලද ස්‌වර්ණ වර්ණ සමරු තිළිණයක් ද සමගින්ය.[/FONT][FONT="][/FONT]
[FONT="]ඉහත[/FONT][FONT="] [/FONT][FONT="]සඳහන් සිදුවීම පුදුමය උපදවන සුළු කරුණක් වන්නේ අපේ රටේ දේශපාලනයට අදාළව[/FONT][FONT="] [/FONT][FONT="]එවැනි දේ සිදුනොවන තරමේ "විරල" සිදුවීමක් හේතුවෙන්ය. කොළඹ මහ නගර සභාවේ[/FONT][FONT="] [/FONT][FONT="]නගරාධිපතිවරයකු වීම යනු එසේ මෙසේ කරුණක් නොවන නිසාය. එතැන් සිට දියවන්නා[/FONT][FONT="] [/FONT][FONT="]තරණයට ඇත්තේ එක් පියවරක් පමණය. කොළඹ මහනගර සභාවෙන් තම දේශපාලනය ආරම්භ කළ[/FONT][FONT="] [/FONT][FONT="]බොහෝ දෙනකුගේ අවසන් නවාතැන්පළ වූයේ ජයවර්ධනපුර පාර්ලිමේන්තුවය. කෙසේ වෙතත්[/FONT][FONT="] [/FONT][FONT="]බහුවාර්ගික බහු ආගමික භූමි භාගයක් වන කොළඹ ප්‍රධාන පුරවැසියා හෙවත්[/FONT][FONT="] [/FONT][FONT="]නගරාධිපතිවරයකු වීම ලෙහෙසියෙන් සැබෑ කරගත හැකි "සිහිනයක්" ද නොවන්නේය.[/FONT][FONT="][/FONT]
[FONT="]කොළඹ මහ නගර සභාවේ හිටපු නගරාධිපතිවරයකු වූ උවයිස් මොහොමඩ් ඉමිතියාස්‌ගේ[/FONT][FONT="] [/FONT][FONT="]හිස මතට නගරාධිපති කිරුළ කඩාපාත් වෙන්නේ ඒ සඳහා ඔහු විසින් කළ උත්සාහයක[/FONT][FONT="] [/FONT][FONT="]ප්‍රතිඵලයක් ලෙසින් නොව වෙනත් දේශපාලන අත්වැරැද්දක අතුරු ප්‍රතිඵලයක්[/FONT][FONT="] [/FONT][FONT="]ලෙසින්ය.[/FONT][FONT="][/FONT]
[FONT="]2000 [/FONT][FONT="]වර්ෂයේදී පළාත් පාලන මැතිවරණයේ කොළඹ මහ නගර සභා[/FONT][FONT="] [/FONT][FONT="]එ.ජා.ප. නාමයෝජනා ලැයිස්‌තුව ප්‍රතික්‍ෂේප වීමත් සමඟ ඔවුන් ඒ සඳහා ඉදිරිපත්[/FONT][FONT="] [/FONT][FONT="]වන්නේ "ඇස් කණ්‌ණාඩිය" යටතේ ස්‌වාධීන කණ්‌ඩායමක් ලෙසින්ය. එහි එක්[/FONT][FONT="] [/FONT][FONT="]අපේක්‍ෂකයකු වන්නේ උවයිස් මොහොමඩ් ඉමිතියාස්‌ය. කොළඹ දේශපාලන බලකණු[/FONT][FONT="] [/FONT][FONT="]කීපයක් පරාජය කරමින් මනාප ඡන්ද තිස්‌දෙදහසක් ගන්නා මොහොමඩ් ඉමිතියාස්[/FONT][FONT="] [/FONT][FONT="]රටේ නීතියට අනුව කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරයේ කිරුළ හිස පළඳින්නේ[/FONT][FONT="] [/FONT][FONT="]දෙවියන් දුන් ත්‍යාගයක් ලෙසින්ය.[/FONT][FONT="][/FONT]
[FONT="]කොළඹ මහ නගර සභාවේ හිටපු[/FONT][FONT="] [/FONT][FONT="]නගරාධිපති උවයිස් මොහොමඩ් ඉමිතියාස්‌ගේ වත්මන් තොරතුරු අසා දැක බලා ගැනීමේ[/FONT][FONT="] [/FONT][FONT="]අවස්‌ථාවක් පසුගිය දිනක උදාවූ අතර එම හමුවීම සිදුවන්නේ කොළඹට සැතපුම් තිහ[/FONT][FONT="] [/FONT][FONT="]හතළිහක් එපිටින් පිහිටි එක්‌තරා නගරයකදීය.[/FONT][FONT="][/FONT]
[FONT="]එය නත්තලට දින දෙකකට[/FONT][FONT="] [/FONT][FONT="]එපිටින් උදා වූ එක්‌තරා හැන්දැවක්‌ය. මා ඉදිරියේ නතර වූ ත්‍රීවිල් රථයක[/FONT][FONT="] [/FONT][FONT="]රියෑදුරු අසුනේ වූ හිටපු නගරාධිපතිවරයා හයර් එකක් ගියා ඒකයි පොඩ්ඩක්[/FONT][FONT="] [/FONT][FONT="]පරක්‌කු වුණේ අපි යං ගෙදරට ගිහින් කතා කරමු නගින්න.... යෑයි ඔහු කළ[/FONT][FONT="] [/FONT][FONT="]ආරාධනයෙන් මා ත්‍රීවිල් රථයට ගොඩවූ අතර ඉන් මඳ වේලාවකින් පසු මාවතක කෙළවර[/FONT][FONT="] [/FONT][FONT="]හමු වූ නිවසක් වෙත අප ගොඩවිය.[/FONT][FONT="][/FONT]
[FONT="]හිටපු නගරාධිපතිවරයකු විදියට ආපහු[/FONT][FONT="] [/FONT][FONT="]කොළඹ ත්‍රීවිල් රස්‌සාව කරන්න බෑ. ඒක ඒ තනතුරට කරන අවනම්බුවක්. ඒකයි මේ[/FONT][FONT="] [/FONT][FONT="]පළාතට වෙලා කුලී ගෙයක් අරගෙන පුරුදු රස්‌සාව කරන්නෙ. මුලින් නම් මේ පළාතෙ[/FONT][FONT="] [/FONT][FONT="]හුඟ දෙනෙක් මම කොළඹ හිටපු නගරාධිපති කියල විශ්වාස කළේ නෑ. පස්‌සෙ තමයි ඒ[/FONT][FONT="] [/FONT][FONT="]අය ඇත්ත දැනගත්තෙ. ඒ හින්ද පාක් එකේ මට ත්‍රීවිල් රස්‌සාව කරන්න ඉඩ[/FONT][FONT="] [/FONT][FONT="]ලැබුණා. දැන් අවුරුද්දක් විතර ඇති. කොහොම හරි පරණ රස්‌සාවම ආයෙමත් කරනවා.[/FONT][FONT="][/FONT]
[FONT="]හැබැයි නගරාධිපති වෙන්න ඉස්‌සර මම දිව්වෙ මගේම ත්‍රීවිල් එකක්. මේක මම[/FONT][FONT="] [/FONT][FONT="]දුවන්නේ දවසෙ කුලියට අරන්. නිවස ඉදිරිපසට වන්නට නවතා තිබූ ත්‍රිරෝද රථය[/FONT][FONT="] [/FONT][FONT="]දෙසට අත දිගු කරමින් එසේ පැවසූ හිටපු නගරාධිපතිවරයා එතැන් සිට තමන් පිළිබඳව[/FONT][FONT="] [/FONT][FONT="]පුවත මුල සිටම පවසන්නට විය. මේ අපට ඔහු කියන ඔහුගේ කතාවය.[/FONT][FONT="][/FONT]
[FONT="]මං[/FONT][FONT="] [/FONT][FONT="]ඉපදුණේ මට්‌ටක්‌කුලිය කදිරාන වත්තෙ. තාත්ත කොළඹ මහ නගර සභාවෙ සේවකයෙක්.[/FONT][FONT="] [/FONT][FONT="]දුප්පත්කම මම උපතින්ම අරන් ආපු දෙයක්. මම උපන් පරිසරයත් එක්‌ක වැඩිදුර[/FONT][FONT="] [/FONT][FONT="]අධ්‍යාපනය ලබන්න බැරි වුණා. ඊට පස්‌සෙ ජීවත් වෙන්න තෝරගත්තෙ ත්‍රීවිල්[/FONT][FONT="] [/FONT][FONT="]රස්‌සාව. මට්‌ටක්‌කුලිය කාක දූපතේ ත්‍රීවිල් පාක් එකේ තමයි මුලින්ම[/FONT][FONT="] [/FONT][FONT="]රස්‌සාව පටන් ගත්තෙ. ඔහොම කාලයක් ඉන්නකොට තමයි [/FONT][FONT="]2006[/FONT][FONT="] පළාත් පාලන ඡන්දෙ[/FONT][FONT="] [/FONT][FONT="]එන්නෙ. ඔය වෙද්දී ගමේ මිනිස්‌සු හුඟදෙනෙක් මගේ හිතවත්තු. ඔය අතරෙ පොඩි[/FONT][FONT="] [/FONT][FONT="]පොඩි දේශපාලන හිතවත්කම් කීපයකුත් තිබුණා. මහරෆ් මහත්තය තමයි මට ඡන්දෙ[/FONT][FONT="] [/FONT][FONT="]ඉල්ලන්න කියල යෝජනා කරන්නෙ. එහෙම තමයි [/FONT][FONT="]2006 [/FONT][FONT="]දී මම ඡන්දයට එන්නෙ. ඒ ඇවිත් මම[/FONT][FONT="] [/FONT][FONT="]මනාප ඡන්ද තිස්‌දෙදහසක් ගන්නවා. කොහොම හරි අන්තිමට නගරාධිපති වුණේ මම.[/FONT][FONT="][/FONT]
[FONT="]උවයිස් මොහොමඩ් ඉමිතියාස් හෙවත් කොළඹ මහ නගර සභාවේ හිටපු නගරාධිපතිවරයා[/FONT][FONT="] [/FONT][FONT="]තමන් පැමිණි කෙටි දේශපාලන ගමන් මඟක් එහි කූටප්‍රාප්තිය බදු නගරාධිපති ධුරය[/FONT][FONT="] [/FONT][FONT="]තමන් වෙත ලැබුණු ආකාරයත් පිළිබඳ කෙටි හැඳින්වීමකින් අනතුරුව මඳක් නිහඬ[/FONT][FONT="] [/FONT][FONT="]විය. අනතුරුව යළිත් හඬ අවදි කළේය.[/FONT][FONT="][/FONT]
[FONT="]එතකොට රටේ විපක්‍ෂ නායකවරයා රනිල්[/FONT][FONT="] [/FONT][FONT="]වික්‍රමසිංහ මහත්තයා. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහත්තයා. එ.ජා. පක්‍ෂය[/FONT][FONT="] [/FONT][FONT="]තමයි මාව එතනට ගෙනාවේ. නගරාධිපති වුණාට පස්‌සෙත් මගේ හයියට හිටියෙ එ.ජා.[/FONT][FONT="] [/FONT][FONT="]පක්‍ෂය.[/FONT][FONT="][/FONT]
[FONT="]මට මතකයි නගරාධිපති ධුරය දෙනව කියන ආරංචිය දැනගත්තට පස්‌සෙ[/FONT][FONT="] [/FONT][FONT="]මම සතියක් විතර හැංගිලා හිටියා. ඒ මම මේ තනතුර දරන්න පුළුවන්ද කියල විශාල[/FONT][FONT="] [/FONT][FONT="]බියක් දැනුණු නිසා. විවිධ බලපෑම් ආවා. අපේ පරම්පරාවක කවුරුවත් දේශපාලනයට[/FONT][FONT="] [/FONT][FONT="]ගෑවිලත් නැති හින්ද මේක මට මහ හිසරදයක් විදියට දැනෙන්න ගත්තා. පස්‌සෙ[/FONT][FONT="] [/FONT][FONT="]එ.ජා. පක්‍ෂයේ අය කිව්ව මේ තනතුර බාරගන්න අපි ඔයාට උදව් කරන්නම් කියලා.[/FONT][FONT="][/FONT]
[FONT="]ඔහොම ටික දවසක් ගියාට පස්‌සෙ තමයි මම නගරාධිපති තනතුරේ දිවුරුම් දුන්නෙ.[/FONT][FONT="] [/FONT][FONT="]එදා [/FONT][FONT="]2006.06.02[/FONT][FONT="] වැනිදා. දිවුරුම් දෙන තැනට මම ආවේ මගේ ත්‍රීවිල් එකෙන්.[/FONT][FONT="] [/FONT][FONT="]දිව්රුම් දීම සිදු කළේ කොළඹ නාගරික කොමසාරිස් ජයන්ත ලියනගේ මහත්තය[/FONT][FONT="] [/FONT][FONT="]ඉදිරිපිට. එතනට මගේ අම්මයි තාත්තයි නංගියි ආවා. එහෙම දිවුරුම් දීලත් සතියකට[/FONT][FONT="] [/FONT][FONT="]විතර පස්‌සෙ තමයි පළමු සභාවාරයට මම සහභාගි වෙන්නෙ. එදා මට උපදෙස් ලැබුණ[/FONT][FONT="] [/FONT][FONT="]විනාඩි දහයක විතර ස්‌තුති කතාවක් කරල සභාව කල් දාන්න කියල. මම එහෙම[/FONT][FONT="] [/FONT][FONT="]ස්‌තුතියක් කළාට පස්‌සෙ සභාවට සහභාගි වෙලා. හිටපු මන්ත්‍රීවරුන් තමන්ගේ[/FONT][FONT="] [/FONT][FONT="]අදහස් ඉදිරිපත් කළා. ඊට පස්‌සෙ මම සභාව කල් තිබ්බා.[/FONT][FONT="][/FONT]
[FONT="]එදා තවත්[/FONT][FONT="] [/FONT][FONT="]වැදගත් දෙයක් සිද්ධ වුණා. ඒ තමයි මට නිල නිවසක්[/FONT][FONT="], [/FONT][FONT="]නිල රථයක් ඇතුළු[/FONT][FONT="] [/FONT][FONT="]රියෑදුරෙක් ලබාදීම. අවුඩි වර්ගයේ කාර් එක මට ඉස්‌සර හිටපු නගරාධිපතිවරු[/FONT][FONT="] [/FONT][FONT="]තුන්දෙනෙක් පාවිච්චි කළ එකක්. මම හතරවෙනියා. ඊට අමතරව කැබ් රථයක්. මේ[/FONT][FONT="] [/FONT][FONT="]හැම දෙයක්‌ම නාගරික කොමසාරිස්‌තුමා විසින් ලිතව බාරදුන්නා. ඒ හැම දෙයක්‌ම[/FONT][FONT="] [/FONT][FONT="]මට්‌ටක්‌කුලියෙ මං වගේ පොඩි මිනිහෙකුට ලැබෙන කොට මට දැනුණේ සතුටට වඩා[/FONT][FONT="] [/FONT][FONT="]බයක්.[/FONT][FONT="][/FONT]
[FONT="]මුලින්ම නිල නිවසට ගිය දවස මට අද වගේ මතකයි. ඒක විශාල[/FONT][FONT="] [/FONT][FONT="]මන්දිරයක්. කෝල් එකක් දීල අම්මයි තාත්තයි නංගිටයි එන්න කිව්වා. එදා රෑ[/FONT][FONT="] [/FONT][FONT="]වාසුදේව නානායක්‌කාර මහත්තය ටයිටස් මහත්තය හා එජාප මන්ත්‍රීවරු පිරිසකුත්[/FONT][FONT="] [/FONT][FONT="]නිල නිවසට ආවා. ඒ ආපු හැම කෙනෙක්‌ම කිව්වෙ බය නැතුව නගරාධිපති තනතුරේ වැඩ[/FONT][FONT="] [/FONT][FONT="]කරන්න අපි උදව් කරන්නම් කියල. මම ඒ උපදෙස් අනුගමනය කළා. නීති අංශයෙන්[/FONT][FONT="] [/FONT][FONT="]දැනුම ලබාගත්තා. එහෙම තමයි රාජකාරිය කරගෙන ගියේ. ඔය වෙද්දී මට ලේකම්වරු[/FONT][FONT="] [/FONT][FONT="]දෙන්නෙක් හිටියා. පුද්ගලික ලේකම් ශාන් නවාස් මහත්තය. නගර සභාවේ ලේකම්[/FONT][FONT="] [/FONT][FONT="]වෙලා හිටියේ ශර්[/FONT][FONT="]¨[/FONT][FONT="]ලි කියල මහත්තයෙක්. කොළඹ එකේ ඉඳල පහළොව වෙනකම් අයිතිවෙලා[/FONT][FONT="] [/FONT][FONT="]තිබුණෙ මට. ඒ හැම තැනකම මට පුළුවන් අයුරින් සේවය කිරීම තමයි මගේ වගකීම[/FONT][FONT="] [/FONT][FONT="]වුණේ. ඔය වෙද්දි කවදාවත් හිටියෙ නැති යාළු මිත්‍රයන් මාව හොයාගෙන එන්න[/FONT][FONT="] [/FONT][FONT="]ගත්තා. ලොකු ව්‍යාපාරිකයෝ එන්න යන්න ගත්තා. මට ඒව වැදගත් වුණේ නෑ. මම[/FONT][FONT="] [/FONT][FONT="]හිටියේ මගේ පරණ පුරුදු මිනිස්‌සු එක්‌ක විතරයි.[/FONT][FONT="][/FONT]
[FONT="]නගරාධිපති වෙලා[/FONT][FONT="] [/FONT][FONT="]ඉඳිද්දි සතියකට දවස් දෙකක් නොවරදවාම මම කදිරානවත්තට යනවා. ඔය වෙද්දි එම්.[/FONT][FONT="] [/FONT][FONT="]එස්. ඩී. එකෙන් අටදෙනකුයි නගර සභාවෙ හයදෙනකුයි මගේ ආරක්‍ෂාවට දුන්නා. මට[/FONT][FONT="] [/FONT][FONT="]ආරක්‍ෂාව අවශ්‍ය වුණේ නෑ. සතියේ දවස් පහේම ජනතාවට මාව මුණගැහෙන්න[/FONT][FONT="] [/FONT][FONT="]පුළුවන්කම තිබුණා. මම රාජකාරිය හරියට කළා කියල මම අදත් තෘප්තිමත්. මං ඒකට[/FONT][FONT="] [/FONT][FONT="]උදාහරණයක් කියන්නම්. මම නගරාධිපති වෙද්දි මගේ තාත්ත කොළඹ මහ නගර සභාවේ[/FONT][FONT="] [/FONT][FONT="]සුළු සේවකයෙක්. මම තාත්තටවත් අනවශ්‍ය විදියට උසස්‌වීමක්‌වත් නොදුන්න[/FONT][FONT="] [/FONT][FONT="]පුතෙක්. නිල නිවසෙදි අපි කෑවෙ බිව්වෙ පවා සාමාන්‍ය විදියට. මටයි කියල කිසි[/FONT][FONT="] [/FONT][FONT="]දෙයක් හම්බ කරගත්ත මිනිහෙක් නෙවෙයි මම.[/FONT][FONT="][/FONT]
[FONT="]මම නගරාධිපති වෙලා[/FONT][FONT="] [/FONT][FONT="]ඉඳිද්දි පිටරට සංචාර දාහතක් ගියා. විවිධ උත්සව ආදියට. ඒ හැම සැරේකම තවත්[/FONT][FONT="] [/FONT][FONT="]මන්ත්‍රීවරු දෙන්නෙක් තුන්දෙනෙක් අරන් යන්නෙ. මොකද මම එහෙම කළේ ඒ[/FONT][FONT="] [/FONT][FONT="]වරප්‍රසාද තනියම භුක්‌ති විඳින්න බැරිකමට. ලේකම්වරු දෙන්නෙක් යනවා. මොකද[/FONT][FONT="] [/FONT][FONT="]මට ඉංග්‍රීසි බැහැනෙ. ඒ කොයි රටේ ගියත් මම කතා කළේ සිංහලෙන්. ලන්ඩන්වලදි මම[/FONT][FONT="] [/FONT][FONT="]සිංහලෙන් කරපු කතාවට පුදුම ප්‍රතිචාරයක් ලැබුණා. මම අදහන ආගමේ අය මට[/FONT][FONT="] [/FONT][FONT="]විරුද්ධ වෙද්දි නගරාධිපති නිල නිවසේ මම බුද්ධ ප්‍රතිමාවක් පවා හැදුවා. මගේ[/FONT][FONT="] [/FONT][FONT="]ආරක්‍ෂකයන් මට ආචාර කරන එක පවා මම නතර කළා. වාහනය පවා පාවිච්චි කළේ[/FONT][FONT="] [/FONT][FONT="]රාජකාරියට විතරයි. හැම දෙයක්‌ම සිද්ධ වුණේ නිත්‍යානුකූලව විතරයි. මගේ[/FONT][FONT="] [/FONT][FONT="]දුප්පත්කම තුරන් කරගන්න තනතුරේ තිබුණ බලපුළුවන්කාරකම කවදාවත් පාවිච්චි නොකළ[/FONT][FONT="] [/FONT][FONT="]මිනිහෙක් කියල මං අදත් කියන්නෙ ඒකයි.[/FONT][FONT="][/FONT]
[FONT="]ඒ දවස්‌වල එක දෙයක් මම[/FONT][FONT="] [/FONT][FONT="]රජයෙන් ඉල්ලා හිටියා. ඒ තමයි මටම කියල ගෙයක් හරි ගෙයක් හදාගන්න පුංචි[/FONT][FONT="] [/FONT][FONT="]ඉඩම් කෑල්ලක් හරි දෙන්න කියලා. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහත්තය මගේ[/FONT][FONT="] [/FONT][FONT="]ඉල්ලීමට කන්දීල මහින්ද මහත්තය කිව්ව හොයල බලල මට නිවසක් දෙන්න කියල.[/FONT][FONT="] [/FONT][FONT="]හැබැයි ඒක වදාවත් හැබෑවක් වුණේ නෑ. මම විමල් වීරවංශ ඇමැතිතුමා ළඟට හය[/FONT][FONT="] [/FONT][FONT="]පාරක් ගිහින් පොඩි ගෙයක් හරි ඉඩමක් හරි දෙන්න කිව්ව. එතුමගේ උත්තර වුණේ[/FONT][FONT="] "[/FONT][FONT="]හදනකොට දෙන්නම්" කියන එක විතරයි. දිනේෂ් ගුණවර්ධන ඇමැතිතුමා ළඟට[/FONT][FONT="] [/FONT][FONT="]තුන්පාරක් ගියා ඒත් උත්තරය වුණේ අර ටිකම විතරයි. මම ඉල්ලුවේ අඩු[/FONT][FONT="] [/FONT][FONT="]ආදායම්ලාභී ගෙයක් හරි පර්චස් දෙකක් හරි විතරයි.[/FONT][FONT="][/FONT]
[FONT="]එහෙම කාලයක්[/FONT][FONT="] [/FONT][FONT="]යද්දි තමයි [/FONT][FONT="]2009[/FONT][FONT="] දි එකපාරටම නගර සභාව සස්‌පෙන් කරන්නෙ. එහෙම කළත් මම නිල[/FONT][FONT="] [/FONT][FONT="]නිවසෙ තව ටික කාලයක් ඉන්නවා. මට එහෙම ඉන්න කියල උපදෙස් ආපු හින්දයි එහෙම[/FONT][FONT="] [/FONT][FONT="]හිටියෙත්. එහෙම ඉන්න අතරෙ මම කිව්ව මට ජීවත් වෙන්න මාර්ගයක් ඕන හින්ද මාව[/FONT][FONT="] [/FONT][FONT="]පිටරටක රස්‌සාවට යවන්න කියලා. ඒ පාර තමයි කොරියානු තානාපති කාර්යාලයේ[/FONT][FONT="] [/FONT][FONT="]රියෑදුරු රස්‌සාවක් ලැබෙන්නෙ. කොරියානු තානාපති කාර්යාලයේ රියෑදුරෙක්[/FONT][FONT="] [/FONT][FONT="]විදියට සේවය කළත් ඉන්න තැනක් කෑම බීම ගන්න ඕන තමන්ගේ මුදලින්. ඒකට ලොකු[/FONT][FONT="] [/FONT][FONT="]වියදමක් යනවා. ඔය අතරේ මගේ අම්මාගේ අසනීප තත්ත්වය අසාධ්‍ය වෙනව. ඒ පාර[/FONT][FONT="] [/FONT][FONT="]තමයි මම ආපහු ලංකාවට එන්නේ. කොහොම හරි අන්තිමට මම ආපසු මහ පාරට වැටෙනවා. අද[/FONT][FONT="] [/FONT][FONT="]මම ඉන්නේ කුලී නිවසක. මේ පැත්තෙ කොළඹ වගේ හයර් නෑ. දවසකට ත්‍රීවිල් එකට[/FONT][FONT="] [/FONT][FONT="]හාරසීයක් ගෙවන්න ඕන.[/FONT][FONT="][/FONT]
[FONT="]මම ත්‍රීවිල් එකෙන් ගිහින් නගරාධිපති ධුරයේ[/FONT][FONT="] [/FONT][FONT="]දිවුරුම් දීල ආපසු ත්‍රීවිල් එකෙන්ම ගෙදර ගිය ත්‍රීවිල් ඉමිතියාස්‌ම තමයි.[/FONT][FONT="] [/FONT][FONT="]මම ගෙනාපු දේ අරගෙන ආපහු ගෙදර ගියා මිසක් අමතර දේවල් අරගත්ත මිනිහෙක්[/FONT][FONT="] [/FONT][FONT="]නෙවෙයි. කොහොම හරි මේ පසුගිය දවස්‌වල තිබුණ [/FONT][FONT="]150[/FONT][FONT="] වැනි සමරු උත්සවයට එන්න[/FONT][FONT="] [/FONT][FONT="]කියල එවල තිබුණ ආරාධනා පත්‍රය පවා මට ලැබුණේ මගේ තාත්තගෙ මාර්ගයෙන්. මොකද[/FONT][FONT="] [/FONT][FONT="]මම ඉන්නෙ කොහෙද[/FONT][FONT="]? [/FONT][FONT="]මොනවද කරන්න්නේ කියල හුඟදෙනෙක් දන්නෙ නෑ. එදා මම ඒ[/FONT][FONT="] [/FONT][FONT="]උත්සවයට ගියහම දන්න කියන හුඟදෙනෙක් මුණගැහුණා. ඒ අය අහන ප්‍රශ්නවලට මට[/FONT][FONT="] [/FONT][FONT="]උත්තර දෙන්න විදියක් නෑ. මම පාරේ ත්‍රීවිල් රස්‌සාව කරනව කිව්වම කවුරුත්[/FONT][FONT="] [/FONT][FONT="]පිළිගන්නෙ නෑ. හිටපු නගරාධිපතිවරයකු විදියට මට ලැබුණ සමරු තිළිණය එදා මම[/FONT][FONT="] [/FONT][FONT="]ගත්තෙ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතින්. එදා මම මගේ දුක්‌ගැනවිල්ල ගැන[/FONT][FONT="] [/FONT][FONT="]ලියල එතුමට ලිපියක් දීල මට මොකක් හරි සහනයක් ලබාදෙන්න කියල ඉල්ලා[/FONT][FONT="] [/FONT][FONT="]සිටියා. මම විශ්වාස කරනව එතුමගෙන් මට සහනයක් සහයෝගයක් ලැබෙයි කියලා.[/FONT][FONT="][/FONT]
[FONT="]ඒ උත්සවයට ගිය වෙලාවෙ මං දැක්‌ක තව දෙයක් තමයි නගර සභා ශාලාවේ හිටපු[/FONT][FONT="] [/FONT][FONT="]නගරාධිපතිතුමාගේ ලොකු පින්තූර රාමු කරල තිබීම. ඒත් ඒ පින්තූර අතරේ මගේ[/FONT][FONT="] [/FONT][FONT="]පින්තූරය තිබුණේ නෑ. ඒකට හේතුව මොකක්‌ද කියල මම දන්නෙ නෑ. එහෙම නොතිබුණා[/FONT][FONT="] [/FONT][FONT="]කියල මගේ අමනාපයක් තරහක් නෑ මහත්තය. ජීවත්වෙන්න හරි හමන් ආදායම්[/FONT][FONT="] [/FONT][FONT="]මාර්ගයවක්‌වත් නැති මං වගේ මිනිහෙකුට මොන නම්බු නාමද කියල මට හිතෙනවා. මේ[/FONT][FONT="] [/FONT][FONT="]ඊයෙ පෙරේදා මගේ දරුවෙක් අසනීප වෙලා දවස් ගානක් ඉස්‌පිරිතාලෙ තියන්[/FONT][FONT="] [/FONT][FONT="]හිටියා. විශ්වාස කරන්න [/FONT][FONT="]µd[/FONT][FONT="]මසියෙන් ගන්න දෙන බෙහෙත් ටික ගන්න අතේ සතයක් නැති[/FONT][FONT="] [/FONT][FONT="]දවසුත් තිබුණා. නෝනගේ රත්තරන් බඩු උකස් කරල අනුන්ගේ ත්‍රීවිල් එකක් හයර්[/FONT][FONT="] [/FONT][FONT="]කරල මේ දඟලන්නෙ ආපහු නගරාධිපතිවරයෙක් වෙන්න නෙවෙයි. යන්තං හරි ජීවත්[/FONT][FONT="] [/FONT][FONT="]වෙන්න විතරයි.[/FONT][FONT="][/FONT]
[FONT="]මම මේ රජයෙන් බොහොම අහිංසක ඉල්ලීමක් කරනවා.[/FONT][FONT="] [/FONT][FONT="]ජනාධිපතිතුමා[/FONT][FONT="], [/FONT][FONT="]අගමැතිතුමා මට පිහිටක් වේවි කියල විශ්වාසයක් තියෙනවා. මගේ[/FONT][FONT="] [/FONT][FONT="]ඉල්ලීම තමයි පසුගිය ආණ්‌ඩුවෙන් මට ලැබුණේ නැති සහනය මේ ආණ්‌ඩුවෙන් ලබාදෙන්න[/FONT][FONT="] [/FONT][FONT="]කියන එක. අඩු ආදායම්ලාභී නිවසක් හරි ජීවත්වෙන්න පුළුවන් මට්‌ටමේ[/FONT][FONT="] [/FONT][FONT="]රස්‌සාවක් හරි මට ලබාදෙන්න කියල විතරයි මම ඉල්ලා සිටින්නේ.[/FONT][FONT="][/FONT]
[FONT="]කොළඹ මහ[/FONT][FONT="] [/FONT][FONT="]නගර සභාවේ නගරාධිපති කිරුළ උවයිස් මොහොමඩ් ඉහිතියාස් වෙත හිමිවන්නේ[/FONT][FONT="] [/FONT][FONT="]හිසකට කිරුළක් ගැලපීමේ න්‍යාය මත නොව කිරුළකට හිසක් ගැලපීමේ ප්‍රතිඵලයක්[/FONT][FONT="] [/FONT][FONT="]ලෙසින්ය. වසර තුනකට පසුව එය ඔහුට අහිමිව යන්නේ ද දෛවයේ සරදමක් ලෙසින්ය.[/FONT][FONT="] [/FONT][FONT="]මේ වන විට ජීවිතයේ අගහිඟකම් සමඟ පොරබදන හිටපු නගරාධිපතිවරයාට කුමන හෝ[/FONT][FONT="] [/FONT][FONT="]සරණක් ලබාදීම ඔහු විසින් දරන ලද තනතුරට කරන ගෞරවයක් වන්නේ එබැවින්ය.[/FONT][FONT="]
.
[/FONT][FONT="]රුවන් ජයවර්ධන[/FONT][FONT="][/FONT]
[FONT="]උපුටාගැනීම දිවයින පුවත්පතෙනි[/FONT][FONT="][/FONT]
[FONT="]https://www.facebook.com/kalatipol/...41828.310488422459709/552372018271347/?type=3[/FONT]
[FONT="]
[/FONT][FONT="][/FONT]
[FONT="] [/FONT]