අතිගරු ජනාධිපතිතුමා වෙතටයි....
ජනාධිපති තුමනි,
පළමුකොට කීමට ඇත්තේ මා ප්‍රකාශ කිරීමට සැරසෙන අදහස් හුදෙක් මාගේ පෞද්ගලික මතය පමණක් වන බවත් කිසිසේත් www.elakiri.com වෙබ් අඩවියේ හෝ එහි admin ගේ මතය නොවන බවත් ය. තවද මෙහි ප්‍රකාශ කෙරෙන කරුණු කිසවකුත් මෙම අඩවියේ පළමු වරට පළ නොවන ඒවා බවත් මෙයට පෙර නොයෙකුත් ජනමාධ්‍ය හරහා ප්‍රකාශ වූ ඒවා බවත් ය..
2010 ජනාධිපතිවරණය පිළිබඳව යමක් කීමට කැමැත්තෙමි.
ඔබ රජය යටතේ ශ්‍රී ලංකාව අවුරුදු 30කට අධික කාලයක් වෙලා සිටි යුද්ධය යුධමය අතින් පරාජය කළ බැව් සැබෑවකි. එය මුළු මහත් ශ්‍රී ලාංකිකයන් මෙන්ම ලෝකයා ද පිළිගත් කරුණක් වේ. එමෙන්ම එය ඉතා ඉහලින් අගය කළ යුත්තක් ද වේ.
එහෙත් ජනාධිපතිවරණයක් අභිමුව ඔබහට එල්ලවන චෝදනා රැසකි. ප්‍රධානම චෝදනාව ඔබ රජය දූෂිත බවයි. මෙයට පෙර බලයේ පැවති කිසිදු ආණ්ඩුවක් දූෂණයෙන් තොරව රට පාලනය නොකල බව නොරහසකි. එය මේ රටේ අත දරුවා පවා දන්නා කරුණකි. නමුත් සැලකිල්ලට ගත යුතු කරුණ වන්නේ අන් කිසිදු රජයකට එල්ල වූවාටත් වඩා වැඩි චෝදනාවන් ඔබ වෙත එල්ල වීමයි. සමහර විට විදේශයන්ගේ අත පෙවීම් ද මීට හේතුවක් වන්නට ඇත. නමුත් එය එකම හේතුව නොවන බැව් මාගේ අදහසයි. කන්දක තරම් චෝදනා එල්ල වීමට නම් කෙන්දක හෝ වැරදි ඇති බැව් මාගේ හැඟීමයි. මන්ද යුද්ධය අවසන් කළ ඔබ වැනි ගෞරවනීය නායකයෙකුට නිකරුණේ චෝදනා එල්ල කිරීමට තරම් ශ්‍රීලාංකිකයන් නිහීන නොවන බැව් මාගේ හැඟීමයි. ඔබ වෙත එල්ලවන චෝදනාවන් මොනවාදැයි වෙන වෙනම හුවා දැක්වීමක් මා සිදු නොකරන්නෙමි. එය අවශ්‍ය නොවන බැව් මාගේ හැඟීම වේ. නමුත් සැලකිය යුතු කරුණ වන්නේ ඒසේ චෝදනා එල්ල කරනුයේ මන්ද යන කාරණාවයි.
යුද්ධය මනාව සංවිධානය කර සිදු කිරීමට ඔබ රජයට තිබූ හැකියාව පසුගිය කාලයේ දුටිමි. එය පැසසිය යුතුය. නමුත් රාජ්‍ය පාලනයේ දී එකී සංවිධාන ශක්තියේ අඩුවක් මම දකිමි. උදාහරණයක් ලෙස වරින් වර මැතිවරණ පැවැත්වීම සැලකිය හැක. මෙය දේශපාලන පක්ෂයක් ලෙස ගත් කල වාසි දායක තීරණයක් වුවත් සමස්ථ රාජ්‍යයේ සුභසිද්ධියට ගෝචර නොවන්නක් බැව් මාගේ මතය වේ. එය මහජන මුදල් නාස්ති කිරීමක් සේ මා දකින්නෙමි.
ඔබ යටතේ සිට දැන් ඔබගේ ප්‍රධානතම ප්‍රතිවාදියෙකු බවට පත්ව සිටින විශ්‍රාමලත් මාණ්ඩලික ප්‍රධානී ජනරාල් සරත් ෆොන්සේකා මහතාගේ සිදුවීමද එසේ වූ යම් කිසි අත්වැරැද්දක් සේ මා දකිමි. ඔහු බලයට ඒමට ආශාවෙන් සිටි කෙනෙකු සේ ගත්ත ද ඔහුට ඔබ කෙරෙහි මේ සා එදිරිවාදිකමක් ඇතිවීමට යම් හේතුවක් තිබෙන්නට ඇතැයි සිතමි. අඬන්නට සිටි කෙනෙකුට ඇඟිල්ලෙන් ඇන්නාක් සේ ඔහු ගේ වෙන්වීම ඔබගේ වැරැද්දක් සේ හුවා දක්වන්නේ යම් කිසි වැරදීමක් සිදු ව ඇති නිසාවෙන් දෝයි දෙගිඩියාවක් මා හට ඇත.
අතිගරු ජනාධිපතිතුමනි, කරුණු කෙසේ සිදු වුවද දැන් සිදුව ඇත්තේ දැඩි පරිශ්‍රමයක් දරා මැතිවරණ සටනේ නිරත වීමට නොවේද?? කරුණු මේ සා වැරදියට සිදු නොවූයේ නම් ඔබ හා මැතිවරණ සටනකට ජනරාල් ෆොන්සේකා මහතා නොව ඇමරිකාවේ ඔබාමා පැමිණියද මේ රටේ ජනතාව එකා වන් ව ඔබ හට කතිරය ගසනු නොඅනුමානය. ඒ ඔබ මේ රටට කර ඇති සේවය නිසාවෙනි.
දැන් ගිය දේ ගැන පසුතැවී ඵලක් නැත. සිදු කල යුත්තේ පෙර වැරදි නිවැරදි කර ගනිමින් අනාගතයේ හෝ මීට වඩා යහ පාලනයක් රට තුල ඇති කිරීමයි. නමුත් "අනේ මම වැරදි හදා ගන්නම්" කියා බලයට පැමිණ නැවතත් එම වැරැද්දම සිදු කල හොත් ඊළඟ වාරයේ ගොනාට ඇඳීමට තරම් මේ රටේ ජනතාව බුද්ධියෙන් පිරිහී නොමැති බවද මතකයේ තබා ගත යුතුම කරුණකි.
මේ පැමිණ ඇත්තේ වැරදි නිවැරදි කිරීමේ කාලයයි. පෙර උන් පාලකයන් විසින් සිදු කල වැරදි නිසා ඇති වූ යුද්ධය ඔබ නිවැරදි කලා සේ ඔබ වෙතින් සිදුව ඇති සුළු සුළු වැරදි ද නිවැරදි කර ගැනීමට ඔබ හට ශක්තිය ලැබේවායි පතමි. එලෙසම පැමිණෙන මැතිවරණයෙන් ද ඔබ හට ජය අත්වේවායි ඉතසිතින් පතමි.
ස්තූතියි!!!
(පසු ලිවීම - මා දේශපාලනය පරතෙරට උගත්තෙක් නොවෙමි. මා ප්‍රකාශ කර සිටියේ හුදෙක් මාගේ පෞද්ගලික මතය පමණි. මෙම අදහස් ප්‍රකාශ කිරීමේ අඩුපාඩු වෙතොත් ඒ වෙනුවෙන් සමාව අයැද සිටිමි. වැඩිමනත් වශයෙන් මීට පෙර මාගේ අදහස් දැක්වීම මෙම link මගින් දක්වා ඇත..)