අතින් සල්ලි දී නැති කරගන්නා ජීවිත

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,344
    47,246
    113
    FB_IMG_1627514302081.jpg


    ශල්‍යවෛද්‍ය වාට්ටුවේ දී මුණ ගැසෙනා මේ ලෙඩා ඇවිත් හිටියේ බඩේ කැක්කුමකට බෙහෙත් ගන්න. බඩ ඔබලා බලද්දි මැද හරියෙ පොඩි අමුතු කැක්කුමක් තියෙනවා. කොහොමහරි මේ ලෙඩාට කරපු මූලික ප්‍රතිකාර වලින් සුවයක් ලැබිච්ච නැති හන්දා කැක්කුමට හේතුව හොයන්න scan පරීක්ෂණයක් සිදු කරනවා...

    එතකොට තමයි අපි ටිකක් විතර අවාසනාවන්ත දෙයක් දැක්කෙ. මෙයාගෙ අක්මාව පුරාවට සැක සහිත ගෙඩි කිහිපයක් ඇතිවෙලා තිබ්බ. නිකන් හරියට අක්මාවට පැතිරිච්ච පිළිකාවක් වගේ.

    දැන් ඉතින් මේක මොකද්ද කියලා හරියටම කියන්න නම් CT පරීක්ෂණයක් කරන්න වෙනවා...

    ඊයෙ පෙරේදාත් මේ වගේ හදිසි ලෙඩෙක්ට CT එකක් කරන්න දින ඉල්ලපු වෙලාවේ එයාට ලැබුණේ තව මාස දෙකකින් වගේ දිනයක්. ඉතින් අපි මේ ලෙඩාගෙන් අහලා බැලුවා CT එක private hospital එකකින්වත් කරගන්න පුළුවන් ද කියලා...

    අනේ මහත්තයෝ අපි හරි දුප්පත් මිනිස්සු අපිට එච්චර සල්ලියක් නෑ...

    මුහුණේ හරි අසරණ බැල්මක් ඇඳිල යනකොට ඒක මගෙන් වහං කරන්නද කොහෙද ලෙඩා ළඟ තිබ්බ ජනේලයෙන් ඈත ක්ෂිතිජ ඉම දිහා බලාගෙන සුසුම් හෙළුවා...

    මගෙත් හිතට හරි නෑ වගේ... මගෙත් හිත පුරාවටම අඳුරු වැහි වළාකුළු සක්මන් කරද්දී එක්වරම පුපුරාගිය අකුණකින් හතර වටේම ඒකාලෝක වෙලා හැමදේම පේනවා වගේ, මම ලෙඩාගේ වෙනසක් එක පාරටම දැක්කා...

    ඔව්. එයාට තිබ්බෙ බේබද්දෙක්ගේ පෙනුමක්. අක්මාවේ ලෙඩයි අරක්කුයි අතරේ සම්බන්ධයක් තියෙනවානේ. ඉතින් මං පරක්කු කරන්නේ නැතුවම එයාගෙන් ඒ ගැන ඇහුවා...

    දැන් නම් මං බොන්නෙ නෑ මහත්තයෝ...

    අන්තිමටම බීවේ කවද්ද ?
    ගිය සතියේ.

    දවසට කොච්චර බොනවද?
    බෝතල් භාගයක් වගේ...

    හෑ...

    අහ්. ඒකයි ඔයාට සල්ලි නැත්තෙ... මං කිව්වා නෙවෙයි කියවුණා...

    ඉතින් මෙහෙම තමයි ලංකාවේ ගොඩක් තැන්වල තත්ත්වය... පරීක්ෂණයක් ඉක්මණට කරන්න කියපුවාම සල්ලි නෑ. ඒත් බොන්න නම් මෙයාලට ඕනි තරම් සල්ලි තියනවා...

    මෙයාලගේ ගෙවල් වල තත්ත්‍වයත් මෙහෙමමයි. ළමයි අඳින්නෙ එක ඇඳුමයි. කන්නෙ හැමදාම කරවලයි බතුයි. ගෙයක්වත් හරියකට නෑ... ඒත් බොන්න නම් සල්ලි තියෙනවා සුපිරියටම... මේ වගේ මත්පැන් වලට විතරක් ප්‍රමුඛතාව ලබාදෙන අය ගැන කරන්න කිසිම දෙයක් නැති එක තමයි දුක...


    කලින් ලිපි පොතක් විදියට කියවන්න කැමති නම් මෙන්න link එක.
    https://cutt.ly/oxXG78C
    ග්‍රන්ථ.lk එකෙන් ගෙදරට ම ගෙන්නාගන්න පුළුවන් .

    ඩොකාගෙ ඩයිරිය FB
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,002
    153,023
    113
    ලංකාවේ එවුන් වැඩි හරියක් හිතන් ඉන්නේ බේබදුකම කියන්නේ ආභරණයක්,පට්ට හැකියාවක් කියලා. කවුරු හරි නොබොන මනුස්සයෙක් දැක්කොත් ඒ මනුස්සයා සවුත්තු කරලා කොන්කරනවා නෝන්ජලයෙක් කියලා. :angry::angry::angry:
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ⬆️ up

    බොන විතරක් නෙවෙයි බීගෙන ගෑනිටයි ළමයින්ටයි ගහන මොංගල් එවුන් කොච්චර ඉන්නවද?

    මිනිස්සු වැක්සින් වල side effects හොයනව ඒ වුනාට ඇඟ ඇතුළට දාගන්න කන බොන ජරාව ගැන කිසි අවුලක් නැහැ.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ලංකාවේ එවුන් වැඩි හරියක් හිතන් ඉන්නේ බේබදුකම කියන්නේ ආභරණයක්,පට්ට හැකියාවක් කියලා. කවුරු හරි නොබොන මනුස්සයෙක් දැක්කොත් ඒ මනුස්සයා සවුත්තු කරලා කොන්කරනවා නෝන්ජලයෙක් කියලා. :angry::angry::angry:
    මනස උත්තේජනය වෙන්න මත්පැන් බොන්න :rolleyes:

    මම නන් බොන්නෙ බීර විතරයි.
    @hodakolla මෙන්න මූ කසිප්පු ගහන්නෙ. හක්කෙ සිරිත්මල් දම, බොක්කෙ කසිප්පු
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,825
    113
    JAPAN
    මම හොදට දැකපු දෙයක් තමයි ලන්කාවෙ ඕනම දේකට අරක්කු බෝතලේ නැතුව බෑ.මලගෙදරත් බොනව දානෙ ගෙදරත් බොනව.ට්‍රිප් ගියත් බොනව ලන්කාවෙ පිස්සොන්ට බොන එකට වඩාවෙන වැඩක් නෑ.
    225 නෙමෙයි හෙනේ ඔන්න ඔය බේබදු කම.

    මටනම් පොඩි ශොට් එකක් දාන එකාගෙයි බොතලේ කටේ ගහගෙන බොන එකාගෙයි වෙනසක් නෑ දෙන්නම බේබද්දෝ
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,002
    153,023
    113
    මනස උත්තේජනය වෙන්න මත්පැන් බොන්න :rolleyes:
    මනස උත්තේජනය වෙන එක කෙසේ වෙතත් බොන්න පුරුදු වුනොත් දැනටමත් තියන මානසික පීඩනය,අවපීඩන තත්ත්වයකට පත්වෙලා සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙන එක තමයි වෙන්නේ :(
     

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    @hodakolla හක්කේ සිරිත්මල් දම, බොක්කෙ කසිප්පු
    ඔව් බං @hodakolla කෙල්ලෝ බර ගානක් අනාත කරලා අපිට කියනවා බැඳපු එක්කෙනා එක්ක විතරක් සෙස් කරන්නලු :dull:

    මනස උත්තේජනය වෙන එක කෙසේ වෙතත් බොන්න පුරුදු වුනොත් දැනටමත් තියන මානසික පීඩනය,අවපීඩන තත්ත්වයකට පත්වෙලා සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙන එක තමයි වෙන්නේ :(
    මොකෝ සීන් එක? කියන්න පුලුවන් දෙයක් තියේ නම් කියපම් මචෝ :yes:
    ------ Post added on Jul 29, 2021 at 10:04 PM
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    දැනටමත් තියන මානසික පීඩනය,අවපීඩන තත්ත්වයකට පත්වෙලා සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙන එක තමයි වෙන්නේ :(
    එකගයි.
    නමුත් මේක පුද්ගලානුබද්දයි.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,002
    153,023
    113
    ඔව් බං @hodakolla කෙල්ලෝ බර ගානක් අනාත කරලා අපිට කියනවා බැඳපු එක්කෙනා එක්ක විතරක් සෙස් කරන්නලු :dull:
    හත්දෙයියනේ..... :shocked:

    di3.jpg
    3916EFBB00000578-3822963-Vladimir_Putin_looking_shocked-m-25_1475669216040.jpg


    මොකෝ සීන් එක? කියන්න පුලුවන් දෙයක් තියේ නම් කියපම් මචෝ :yes:
    ------ Post added on Jul 29, 2021 at 10:04 PM
    ප්‍රශ්න නම් එහෙම කියලා ඉවරයක් කරන්න බෑ සහෝ. අම්මා හිටියේ නැත්නම් මං මේ තාක් කල් ජීවත් වෙලා ඉදීද දන්නෙත් නෑ.
    ------ Post added on Jul 29, 2021 at 10:12 PM
     

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    ප්‍රශ්න නම් එහෙම කියලා ඉවරයක් කරන්න බෑ සහෝ. අම්මා හිටියේ නැත්නම් මං මේ තාක් කල් ජීවත් වෙලා ඉදීද දන්නෙත් නෑ.
    hmmm... ප්‍රශ්න හැමදාම තියන එකක් නැතිවෙයි බම් :)