අතිශයින්ම කාන්තාවන්ට පමණයි - 06 කොටස
මාස දෙකකට විතර පස්සේ තමයි මේ විශේෂාංග ලිපි මාලාවෙන් ඔබ හමුවෙන්නේ. කලින් ලිපි එහෙම කියවලා බැලුවනම් ඔබ දන්නවා කාන්තාවක් විදිහට වයස් භේදයකින් තොරව ලිංගිකත්වය සහ ප්‍රජනන සෞඛ්‍ය ගැන මෙම ලිපි මාලාවෙන් ආමන්ත්‍රණය කරපු දේවල් ඔබට කොයිතරම් නම් වැදගත්ද කියන එක. ඔබ අපිට දිනපතා එවන ඊමේල් පණිවිඩ සහ ෆේස්බුක් පණිවිඩ ඒවාට හොඳම සාක්ෂිය තමයි. එහෙනම් අපි අද මාතෘකාවට යමු.
ඔබ දන්නවා ඇති ලෝකයේ මේ වෙද්දි වැඩියෙන්ම පැතිරීම වැඩි පිළිකා තත්වය තමයි පියයුරු පිළිකා කියන්නේ. ඒක පළවෙනි කරුණ, දෙවනි කරුණ තමයි ලෝකයේ කාන්තාවන් අති බහුතරයක් දෙනා සම ආශ්රිත ආසාදන තත්වයන්ට ගොදුරු වෙනවා, විශේෂයෙන්ම ලිංගාශ්‍රිත ප්‍රදේශවල,
තුන්වැනි කරුණ තමයි කාන්තාවන් බොහෝ දෙනෙක් ශරීරයේ ලේ ගමන් කිරීම සම්බන්ධව ඇති අක්‍රමිකතා නිසා රෝගාබාධවලට ගොදුරු වෙනවා, හතරවෙනි කාරණය තමයි කාන්තාවන්ගෙන් බහුතරයක් සහ රැකියාවල නිරත වෙන කාන්තාවන්ගෙන් 99%ක් පමණ ශාරිරීකව වෙහෙස නිසා මානසික අවපීඩනය වැනි රෝගී තත්වයන්ට ගොදුරු වෙනවා.
ඉහතින් කියපු කරුණු හතර ලෝකයේ දැන් වෙද්දි බරපතලම ප්‍රශ්නයක්. ඔබ නොදන්නවා වුනාට ඉහත කියපු කරුණු වලට ප්‍රධානතම හේතුව වෙන්නේ කාන්තා ඔබම නොසැලකිල්ලෙන් කරන දේවල්. මේ කියපු බරපතල තත්වයන්ට ප්‍රධානතම හේතුවක් තමයි ඔබ අඳින ඇඳුම්. එහෙම කිව්වම පුදුම වෙයි ඔබ, ඒත් ඇත්ත ඒකයි.
ලෝකයේ පියයුරු පිළිකා වර්ගය බොහොමයකට කාන්තාවන්ගේ තන පටය නැත්නම් බ්‍රා එක හේතු වෙනවා. අධික කාලයක් පියයුරු බ්‍රා එකකට හිරකරගෙන, දාඩියෙන් තැම්බෙමින් ගතකරනවා කියන්නේ එක් පැත්තකින් දිලීර සහ බැක්ටීරියා ඔබේ පියයුරුවලට හානි කරනවා,
අනිත් පැත්තෙන් පියයුරු එක දිගට තදවී තිබීම නිසා පියයුරුවල මාංශ පේශී, ස්නායු, නහර, සෛල ආදිය තදවී, ව්‍යායාමයක් නොමැතිව පැවතීම නිසා දිගින් දිගට මේ තදබවත් පියයුරු පිළිකා ඇතිකිරීමට හේතු සාධක සපයනවා. ඒ නිසා ගෙදර ගිහින් හිටිද්දි, නැත්නම් තනියම බෝඩිම් ගතකරද්දිත් පුරුද්දට වගේ පියයුරු බ්‍රා එකට හිරකරගෙන ඉන්න ඔබ පිළීකා වලට අතවනනවා කියලා දැන් තේරෙනවා ඇති.
අනිත් එක තමයි ඔබ අඳින ඇඳුම්වල වර්ණ, රෙදි වර්ගය අනුව ඔබේ හමට අවශ්‍ය තරම් හිරු එළිය නොලැබීම, වාතය නොලැබීම වගේ හේතු නිසා සම ආශ්‍රිතව පිළීකා ඇතුලු ආසාදන ඇතිවෙන්න පුළුවන්. විශේෂයෙන්ම ලංකාව වගේ ඝර්ම කලාපීය රටවල කාන්තාවන් සැහැල්ලු, දළ අමුද්‍රව්‍ය වලින් රෙදි මහගන්නවා වෙනුවට සිල්ක්, කොට්න්, පොප්ලින් වගේ රෙදි වැඩිපුරම භාවිතා කිරීම එක හේතුවක්.
ඒත් කපු, ලිනන් වගේ සැහැල්ලු සහ ශරීරයට සුවදායී අමුද්‍රව්‍ය වලින් නිම කරපු ඇඳුම් ඔබ භාවිතා කරනවනම් පුරුද්දක් විදිහට ඔබ දන්නවා ඇති ඒවා කොතරම් පහසුද කියලා. ඒ වගේම රාත්‍රී නින්දට යද්දි පුළුවන් තරම් සැහැල්ලු ඇඳුමක් අඳින්න, කලින් ලිපියක අපි කිව්වා වගේ නූල් පොටක් වත් නැතිවම නිදාගන්න පුළුවන් නම් වඩාත් පහසුයි. මේ පුරුදු නිසා සමමත ඇතිවෙන රෝගී තත්වයන් අවම කරගන්න ඔබට පුළුවන්.
මේ විදිහට තද ඇඳුම් නැතිව සැහැල්ලු ඇඳුම්වලට හුරුවුණාම ශරීරයේ ලේ ගමනාගමනයත් හොඳට සිදුවෙනවා, විශේෂයෙන්ම තද යට ඇඳුම් නිසා ඔබේ නහරවල ලේ ගමනාගමනයට බාධා වෙනවා. මෙය බොහොමර බරපතල රෝගී තත්වයන් දක්වාම යන්නත් පුළුවන්.
ඒ වගේම තමයි බොහොමයක් කාන්තාවන් ශරීරයට නිසි විවේකයක් නොලැබීම නිසා කායික වගේම මානසික රෝගී තත්වයන්ට ගොදුරු වෙන්නත් හේතු වෙනවා. දවස පුරාම ඇඳුම් හිරකරගෙන වැඩකරලා, මහන්සිවෙලා ගෙදර ඇවිත් උයන්නේ, ගේ අතුගාන්නේ, දරුවන්ගේ වැඩ කරන්නෙ, වගේම ටිකක් නිදාගන්නෙත් ඔෆීස් ඇඳුම පිටින්.
මේක බොහොම නරක පුරුද්දක්. පුළුවන්නම් ගෙදර ආපු ගමන්ම රාජකාරී ඇඳුම් ඉවත් කරලා සැහැල්ලු ඇඳුම් වලින් සැරසිලා නිවසේ කටයුතු කරන්න, ඒ වගේම ඒ කටයුතු වලට සැමියා, දරුවන් සම්බන්ධ කරගන්න. එතකොට ඔබේ මහන්සියත් අඩුයි, හිතටත් හොඳයි.
නිවසේ ඉඳන් කටයුතු කරන ආදරණීය ගෘහණියන් සවස් කාලයේවත් අඩුම තරමේ පැයක් හරි කෙටි නින්දක් ලබාගන්න. මොකද සමහරිවට ඔබ රාත්‍රී දහයට එකොළහට නින්දට ගිහින් පාන්දරම අවදිවෙලා ඉවුම් පිහුම් කරන කෙනෙක්නම් නින්ද ප්‍රමාණවත් නොවෙන්න පුළුවන්, ඒ නිසාම ශාරීරික අවිවේකී බව නිසා ඇතිවෙන රෝගී තත්වයන්නේ වැලකෙන්න මේක හොඳ පුරුද්දක්.
ඉතින් මේ පුරුදු ඔබ යහපත් කායික හා මානසික සෞඛ්‍යසම්පන්න තත්වයක පවත්වාගන්න වගේම ඔබේ එදිනෙදා ජීවිතය, පවුල් ජිවිතය, ලිංගික ජීවිතය ඉතාම කාර්යක්ෂමව සහ සතුටින් තබන්න හේතුවක් වේවි.
මූලාශ්‍රය - www.her.lk