අතිශයින්ම පෙම්වතුන්ට පමණයි.

කොස්තාපල්

Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    අතිශයින්ම පෙම්වතුන්ට පමණයි.

    ආදරයට ආදරෙන්....

    aspergers-love.jpg


    ආදරය. අකුරු හතරයි. ආදරේ වර්ග ගොඩක් තියනවා. දෙමාපියන්ගෙන් දරුවන්ට, පොඩි ළමයින්ට, පෙම්වතුන් දෙන්නෙක් අතර, සත්තුන්ට, ගහ කොළට ආදරේ ඇති වෙන්න පුලුවන්. අපි ආදරේ කරනවා. ඒකෙන් අපි සංසාරික බැඳීම් වලින් එකක් වෙන පෙම්වතුන් දෙන්නෙක් අතර ඇති වෙන ආදරේ ගැන කතා කරමු. සංසාරික බැඳීමක් කිව්වේ යශෝධරා දේවියත් ලේන කුලේ ඉඳලම බුදුන්වහන්සේව පතාගෙන ආපු නිසා. මෙතන ඉන්න ගොඩක් අය ආදරේ කරනවා ඇති. කරලත් ඇති. ආදරෙන් වේදනා විඳලත් ඇති. වෙන කෙනෙක්ට වේදනාවක් දීපු අයත් ඇති. ඒත් අපි මේ ආදරේ කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද? පෙම්වතියට\පෙම්වතාට තෑගි අරන් දෙන එකද? එයත් එක්ක කතා කර කර කාලෙ ගෙවන එකද? චුම්බනය කරන එකද? ෆිල්ම් බලන්න යන එකද? වැලඳගන්න එකද? නැත්තෙමත් නැහැ. ඒත් මම නම් හිතන්නේ ආදරේ කියන එක ඇතුලේ ගොඩක් ගැඹුරු අර්ථයක් තියනවා. කෙනක් තවත් කෙනෙක්ව දැකල එයා ලස්සනයි කියලා එයාගෙ පස්සෙන් ගිහින් ආදරේ කරන එක ඇත්තම ආදරේද? ගොඩක් ෆිල්ම් වල නම් ආදරේ කියන්නේ ඒකට. ඒත් තරුණයින්ට ඒකෙන් දෙන්නේ වැරදි ආදර්ශයක්. මේක දිගින් දිගටම ආපු දෙයක් නිසා සමහරු ඒක තමයි ආදරේ කියලා තෙරුම් ගනීවි. එහෙම කරලා අනාගතේ දුක් විඳීවි. මේක නෙවෙයි ආදරේ කියලා. ආදරේ කරද්දි දෙන්නම සතුටින් ඉන්න ඕනි. ඊට කලින් දෙන්නට දෙන්නා තම තමන්ගෙ අදහස් තේරුම් ගන්න ඔනි.අනෙක් කෙනා කවුද එයා මොනාද කරන්නේ ඇයි මම එයාට ආදරේ කරන්නේ, එයයි මායි කොයි තරම් ගැලපෙනවද කියලා හිතන්න ඕනි. අනෙක් කෙනා නිසා කවදාවත් තමන්ගේ ලඟ තියන ගති ගුණ වෙනස් කරගන්න හොඳ නැහැ. නරක පුරුදු නම් අත් ඇරුයට කමක් නැහැ. තමන්ටම ආවේණික උනු ගති ලක්ෂණ තියනවා නම් ඒවා නැති කරගන්න හදන්න එපා. අනෙක් කෙනාට ඒවා නොපෙන්වා ඉන්න හදන්නත් එපා. මොකද කියනව නම් ඒවා කවද හරි අපෙන් එලියට එනවා. එතකොට අනික් කෙනා හිතයි අපි කළේ බොරුවක් කියලා. එදාට දෙන්න අතරේ ප්‍රශ්න ඇති වෙන්න පටන් ගනීවී. කවදාවත් තමන් ආදරේ කරන කෙනාට බොරුවක් කරන්න එපා. තමන්ගෙ ලඟ නැති හොඳ මවල පෙන්නන්න හදන්නෙපා. එයාට පුළුවන් උපරිමයෙන් ආදරේ කරන්න. හිතේ කොයිම වෙලාවකවත් රාගයක් තියාගන්න එපා. ලිංගිකත්වය කියන්නේ ජීවිතේ නෙවෙයි. ඒක ජීවිතෙන් පුංචි තිතක්. ආදරේ කරන කාලේ ඒ දේවල් ගැන හිතන්න එපා. එහෙම හිතෙනව නම් ඒක ආදරයක් නෙවෙයි රාගයක්. අපි ගොඩාක් ආදරේ කරනවා කියලා හිතාගෙන ආදරේ කරපු අය අපිව දාලා යනවා. ඇයි? එයා අපේක්ශා කරල තියන ආදරේ ඒක නෙවෙයි. ඊට වඩා වෙනස් විදියක ආදරයක් එයා බලාපොරොත්තු වෙලා. එහෙම දාලා ගියපු කෙනෙක් පස්සේ ආයිමත් යන්න හිතන්නෙපා. හිතේ ඇත්තටම ආදරයක් ඇති. නමුත් එහාට මෙහාට වැනෙන ආදරේකින් වැඩක් නැහැ. ආදරේ ඇත්ත නම් කවදාවත් තමන්ගේ සහකාරයා තමන්ව දාලා යන්නේ නැහැ. ඒ වගේමයි ආදරේ කරන කෙනාගේ පස්සේන් ඔඅනවට වඩා යන්න එපා. එයාගේ නිදහස එයාට දෙන්න. හිතේ පුංචි සැකයක් වත් ආදරේ කරන කෙනා ගැන තියා ගන්න එපා. එයාට නීති දාන්න එපා. තමන්ට ඕනි දේවල් එයාගෙන් බලෙන් ලබාගන්න හදන්න එපා. හැමතිස්සෙම සතුටින් ඉන්න. එයාව සතුටින් තියන්න. එයා අකමැති දේවල් කරන්න එපා. හැමදාම එකට ඉන්න. හදවතට ආදරේ කරන්න. රූපෙට ආදරේ කරන්න එපා. මුලින්ම ගොඩක් ආදරෙන් පටන් ගන්න ආදරේ චුයින්ගම් එකක් කදිදි වගේ අගදි නීරස කරගන්න එපා. හැමදාමත්ම එක විදියට ආදරේ කරන්න. බැඳීම් හදවත් වලින් තියාගන්න. තමන්ව නිසි මගට ගන්න තමන්ගේ වැරැද්දෙදි ඒක පෙන්නල දෙන, තමන්ගේ සතුට ගැන හිතන, තමන්ට සැපතක් උනාම හදවතින් සතුටු වෙන කරදරයක් උනාම හදවතින්ම දුක් වෙන, සතුටෙදි ඉන්නවට වඩා දුකේදි ලඟින් ඉන්න තමන්ට පමනක් ආදරේ කරන (තමන්ගෙ වත්කම් වලට නැතිව ) , හිතේ තියන හැම දෙයක්ම හංගන්නෙ නැතිව තමන්ට කියන කෙනෙක්ට ආදරේ කරන්න. තමනුත් ආදරේ කරන කෙනාට එහෙම කෙනෙක් වෙන්න. හැමදාම සතුටින් ඉන්න. කවදාවත් හිත් අමනාපකම් ඇති කරගන්න එපා. තමන්ගෙන් වරදක් උනා නම් සමාව ගන්න පැකිලෙන්න එපා. එයා ඇත්තටම ආදරේ නම් සමාව දේවි. සුලු සුලු ප්‍රශ්න වැඩිය හිතට ගන්න එපා. හැමදාමත් එකිනෙකාගෙ හිත් තේරුම් අරන් සතුටින් ඉන්න එකයි සැබෑ ආදරේ.:love::love::love::love::love:

    මට මෙහෙම හිතුනට තව කෙනෙකුට වෙන විදියකට හිතේවි. ඔයාලා හිතන විදියත් කියන්න.......
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මචන් උබේ අදහස් නම් ගොඩක් ලස්සනයි. ඒ වගේම ඒ‍ දේවල්වල ඇති වරදකුත් නෑ. බොහොම පැහැදිලිව ලියපු අවංක අදහස් ටිකක්. ජීවිතේට ගන්න ගොඩක් දේවල් තිබුනා. බොහෝම ස්තූතියි.
     

    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    ආදරේ කරනකොට අපි එයා කැමති විදියට නිකන්ම හැඩ ගැහෙනවා
    එතකොට අපිට නිදහසක් නෑ කියලා හිතන්න බෑ ඒ තමයි අපේ බැදීම
    ආදරේ කියන දේ විවිධයි
    ලිංගිකත්වය ජිවිතේ තිතක් වුනාට
    රාගය කියන්නේ ආදරේ ඉහලම තැන නෙමෙයි ද
    රාගය කියන්නේ ලිංගිකත්වය නේද
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    නියමයි මචං.. ගොඩක් කට්ටියට දැනෙන්නෙ නැත්තෙත් මේ දේම තමයි.

    ආදරය කියන්නෙ SEX වලින් පටන් ගන්න දෙයක් නෙවෙයි කියල.. බොහොම දෙනෙකුට අමතක වෙලාද කියල හිතෙනව.. වටින අදහස් සහෝදරයා

    ගොඩාක් ස්තුතියි
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    කොස්තාපල්;10491870 said:
    එහෙම දාලා ගියපු කෙනෙක් පස්සේ ආයිමත් යන්න හිතන්නෙපා. හිතේ ඇත්තටම ආදරයක් ඇති. නමුත් එහාට මෙහාට වැනෙන ආදරේකින් වැඩක් නැහැ. ආදරේ ඇත්ත නම් කවදාවත් තමන්ගේ සහකාරයා තමන්ව දාලා යන්නේ නැහැ. ඒ වගේමයි ආදරේ කරන කෙනාගේ පස්සේන් ඔඅනවට වඩා යන්න එපා. එයාගේ නිදහස එයාට දෙන්න.

    :yes::yes::yes::yes:
    WELL SAID BRO...
     

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    වටිනා අදහසක් යාළුවා..අව්‍යාජව ඉදිරිපත් කරලා තියෙනවා...
     

    කොස්තාපල්

    Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    චගු;10491991 said:
    නියමයි මචං.. ගොඩක් කට්ටියට දැනෙන්නෙ නැත්තෙත් මේ දේම තමයි.

    ආදරය කියන්නෙ SEX වලින් පටන් ගන්න දෙයක් නෙවෙයි කියල.. බොහොම දෙනෙකුට අමතක වෙලාද කියල හිතෙනව.. වටින අදහස් සහෝදරයා

    ගොඩාක් ස්තුතියි

    thanx saho. mata kiyaaganna oni unu dewal walin eka deyak thamayi oka.

    BUMP karanawooooo

    elazzzzzzzz

    ආදරේ කරනකොට අපි එයා කැමති විදියට නිකන්ම හැඩ ගැහෙනවා
    එතකොට අපිට නිදහසක් නෑ කියලා හිතන්න බෑ ඒ තමයි අපේ බැදීම
    ආදරේ කියන දේ විවිධයි
    ලිංගිකත්වය ජිවිතේ තිතක් වුනාට
    රාගය කියන්නේ ආදරේ ඉහලම තැන නෙමෙයි ද
    රාගය කියන්නේ ලිංගිකත්වය නේද

    adare karaddi ape hith ekathu wenawa. denna eka widiyakata hAda gehenawa kiyanna puluwan . mama ekangayi. eth machan aadarea ihalama thena rrgaya neweyi. sathuta. aadaraya karana kaaledi aadarea karanna oni. marry kalata passe e dewal karanna puluwan. eka e dennage wishwaasaya matha goda negena deyak. sex nethiwa aadare karanna puluwanne machan.

    මචන් උබේ අදහස් නම් ගොඩක් ලස්සනයි. ඒ වගේම ඒ‍ දේවල්වල ඇති වරදකුත් නෑ. බොහොම පැහැදිලිව ලියපු අවංක අදහස් ටිකක්. ජීවිතේට ගන්න ගොඩක් දේවල් තිබුනා. බොහෝම ස්තූතියි.

    oyata magen deyak lebunanam eka mata godak watinawa machan. thanx 4 the comment

    Nice Kollah.... siraa kathaawa ah....... :love::love::love::love::love::love: :rolleyes::rolleyes::rolleyes:
     

    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    උබේ අදහස් මාර පිවිතුරුයි බන්....
    ඒවා ලස්සනට ගලපල
    තේරුම ගන්න පුළුවන් විදිහට දාල තියෙනවා....
    රේප්+