අතීතයට හුකන්ඩලු

PK Amaris

Well-known member
  • Jan 31, 2023
    928
    1,411
    93
    ෆේල් පොන්නයා
    වට්ටක්ක හිගන්නා
    අලගොඩු වෙසාවා
     
    • Haha
    Reactions: wpril5

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,764
    1
    15,501
    113

    මේක තේරෙන් නැති අයට සරල සිංහලෙන් කියල දෙමු.

    අ‍ාලෝකයේ වේගය කියල අපි සාමාන්‍යයෙන් හඳුන්වන්නෙ රික්තයේදී අ‍ාලෝකයේ වේගය. එ‍්ක ඕනම තැනකදි නිශ්චිත නියතයක්. එ‍් නිසාම තමයි විශ්වයේ තියෙන උපරිම වේග සීමාව. කොටින්ම ඊට වඩා වේගයෙන් යනවා කියල හිතන්න ගියොත් වේගය කියන දේම අර්ථයක් නැති වෙනවා.

    හැබැයි අ‍ාලෝකය විවිධ මාධ්‍ය හරහා ගමන් කරන්නෙ එක එක වේගවලින්. එ‍් හැම අගයක්ම අර අගයට වඩා අඩුයි. අඩුයි විතරක් නෙවෙයි, එ‍් වේග අතර අනුපාතයට තමයි එ‍් මාධ්‍යයෙ වර්තනාංකය කියල කියන්නෙ.

    එතනදි අපි අ‍ාලෝකයේ වේගය කියන පොදු වචනය පාවිච්චි කරන එක අ‍ැත්තටම වැරදියි කියල හිතන්න පුළුවන්. මොකද සම්මුතිය වෙන්නෙ අ‍ාලෝකයේ වේගය කියන වචනයෙන් රික්තය තුළ වේගය හඳුන්වන එක. වෙන මාධ්‍යයක් හරහා යනවා නම් එ‍් බව නිශ්චිතවම කියන්න ඕන.

    එහෙනම් දැන් අපි අ‍ාලෝකයේ වේගයේ කතාව තේරුම් ගත්තනෙ. දැන් මේ සිද්ධ වෙන දේ තේරුම් ගමු.

    විකිරණ විදිහට පිට වෙන ඉලෙක්ට්‍රෝනයකට සාමාන්‍යයෙන් ඉතාම ඉහළ වේගයක් ලබා ගන්න පුළුවන්. මොන තරම් ඉහළද කියනවා නම් එ‍්ක අ‍ාලෝකයේ වේගයෙන් (අ‍ායෙමත් කිව්වොත් රික්තයේදී වේගයෙන්) 95-99% වගේ අගයක් ලබා ගන්න පුළුවන්. හැබැයි කීයටවත් එ‍්ක ඉක්මවා යන්න බෑ.

    හැබැයි වතුර වගේ මාධ්‍යයක් ගත්තොත් එ‍්ක අ‍ැතුළෙදි අ‍ාලෝකය ගමන් කරන වේගය තියෙන්නෙ රික්තයේදී වේගයෙන් 75% ක් විතර වගේ. (අ‍ායෙමත් මතක් කරොත් ජලයෙ වර්තනාංකය 1.33 වෙන්නෙ මේකයි) හැබැයි ඉලෙක්ට්‍රෝනවලට රික්තයේදීද, වාතයේදිද කියල අදාළ නෑ, අර 95-99% වේගයම තියෙනවා.

    ඔන්න දැන් තමයි ප්‍රශ්නය අ‍ැති වෙන්නෙ. වතුර අ‍ැතුළෙදි ඉලෙක්ට්‍රෝනය, රික්තයේදී අ‍ාලෝකයෙ වේගයෙන් 99% ක වේගයෙන් ගමන් කරාට අ‍ාලෝක තරංගවලට යන්න පුළුවන් රික්තයේදී අ‍ාලෝකයේ වේගයෙන් 75% ක වේගයෙන් විතරයි.

    ඉතින් එතකොට මොකක්ද වෙන්නෙ? එතකොට වෙන්නෙ හරියටම ශබ්දයේ වේගයට වඩා වේගයෙන් මොකක් හරි වාතය හරහා ගමන් කරද්දි සිද්ධ වෙන දේම තමයි. Sonic boom එකක් හෙවත් ස්වනික ගිගුරුමක් සිද්ධ වෙනවා. මේක වෙන්නෙ ශබ්දය නිපදවන දේ වේගය ශබ්දය ගමන් කරනවාට වඩා වැඩි වෙන නිසා.

    Sonic boom එකකදි නිකුත් වෙන ලොකු ශබ්දය වගේ දෙයක්ම තමයි ඉලෙක්ට්‍රෝන වතුර අ‍ැතුළෙදි අ‍ාලෝකයටත් වඩා වේගයෙන් ගමන් කරන්න ගත්තාහ වෙන්නෙ. ලොකු ශබ්දයක් වෙනුවට ලොකු අ‍‍ාලෝකයක් පිට වෙනවා.

    ඉතින් මේක නිල් පාට අ‍ැයි? Sonic boom එකක ශබ්දය ලොකු පිපිරුමක ශබ්දයක් වගේ අ‍ැහෙන්නෙ වාතයේ ඝණත්වය නිසානෙ. අපේ සාමාන්‍ය වාතයේ තියෙන සංයුතිය එක්ක අපිට අ‍ැහෙන ශබ්දයේ සංඛ්‍යාත ටික හෙවත් ස්වර ටික තීරණය වෙනවා. Sonic boom එකක් සයිරන් එකක් වගේ උච්ච ස්වරයක් නැතිව පිපිරුමක් වගේ පහත ස්වරයකින් අ‍ැහෙන්නෙ එ‍්කයි. වාතය වෙනුවට මිට වඩා පහළ ඝණත්වයක් තියෙන හීලියම්වලින් වායුගෝලය හැදිලා තිබුණා නම් අපිට අ‍ැහෙන Sonic boom එක සයිරන් එකක් වගේ උච්ච ස්වරයක් වෙන්න පුළුවන්.

    චෙරෙන්කොෆ් විකිරණ කියල හඳුන්වන මේක නිල් පාට වෙන්නෙත් වතුරෙ ඝණත්වය නිසා. වතුර වෙනුවට වෙනස් මාධ්‍යයක තිබ්බොත් මේ වර්ණය වෙනස් වෙන්න පුළුවන්. වර්ණය කියන්නෙ ඉතින් අ‍ැත්තටම එ‍්ක අපිට පේන දෘශ්‍ය වර්ණාවලියෙන් පිටට පනින්නත් පුළුවන්.

    එ‍්කම තමයි අපිට වාතයේදි චෙරෙන්කොෆ් විකිරණ පේන්නෙත් නැත්තෙ. එ‍්වා නැතිව නෙවෙයි, මොකද වාතයේදි පවා සමහර වෙලාවට විකිරණවල වේගය අ‍ාලෝකයේ වාතය තුළ වේගය ඉක්මවා යන්න පුළුවන්. හැබැයි එතකොට නිකුත් වෙන විකිරණ තියෙන්නෙ දෘෂ්‍ය වර්ණාවලියෙන් පිට. එ‍්කයි අපිට පේන් නැත්තෙ.

    මොකක් හරි සොබාදහමෙ අමුතුම හේතුවක් නිසා මේ තරම් සුලභව තියෙන වතුර අ‍ැතුළෙන් යන න්‍යෂ්ටික විකිරණවලින් පිට වන චෙරෙන්කොෆ් විකිරණ නිල්පාට කියන තරංග අ‍ායාමයෙන් පිට වෙනවා. එ‍්ක අපිට පේන්නෙ එ‍්කයි.

    දැන් හැමෝටම තේරෙන්න අ‍ැති කියල හිතනවා. ස්තූතියි. 😍