අතීත රස කථා

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    3 වන කථාව

    අපේ ගමේ තවත් කවි හැකියාව තියෙන මුදලාලි කෙනෙක් හිටියලු මත්තෙස් කියලා. දවසක් පොඩි කොල්ලෙක් කඩේට ඇවිත් හකුරු ඉල්ලුවලු. මේ කොල්ලා දිහා බලපු මත්තෙස් මුදලාලි හකුරු බෝතලේ අරින ගමං කියවලු මෙන්න මෙහෙම ..................

    “කළු කොල්ලගෙ මල්ලි වගේ මූන මුගෙ නපුරු

    ‍බාබර් කෙනෙක් කොන්ඩෙ කපලා පේනව මුගෙ රුසිරු

    සල්ලි දෙකක් අරං ආවෙ කන්ඩ වාගෙ හකුරු

    කියල කියනකොට මුදලාලි දිහා පොඩි එකා කට ඇරගෙන බලං ඉන්න කොල්ලාට මුදලාලි මෙහෙම කියලා කවිය අවසන් කලා...........

    කො‍ල්ලො නිකං පලකො යන්න නොගහ මෙතන පතුරු” ‍

    කියලා

    තව දවසක් මේ මත්තෙස් මුදලාලිට ප‍ලවෙනි කතාවෙ හිටිය ඇක්මන් (මිනිහත් හොඳ කවියා කියලා තාත්තා කියනවා) මෙන්න මෙහෙම කිව්වලු

    මත්තෙස් වරෙන් ගහගන්නට එක එල්ලේ
    ඇක්මන් මම නිවසන කටුවලමුල්ලේ

    කියලා

    තව කථා තියෙනවා....... ඉවර නැහැ......
    👍
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    From FB:

    මදැයි කොරා

    නොකා වේලක් ඉන්ට හැක අද මමත් ගැමුණුගෙ පරපුරේ
    එකා දෙන්නා මැරී වැටුනත් බොදුනි සිංහල සනුහරේ
    චොකා මල්ලිත් අහිංසකයෙකි කොකා ගැස්සුනෙ කලුවරේ
    මොකා මොනවා කිවු නමුත් බං මං තමයි හොදටම කරේ

    ගෑස් තෙල් ටික අඩුව දුන්නත් රටේ උන්ගේ කරදරේ
    පඩිය වැඩි කර කන්ට දුන්නට ඉවරයක් නෑ බරබරේ
    කාපියව් පෝලිමේ ඉදලා පවර නිරිදෙකි අණ කරේ
    නාපියව් තොපි නැනෝ ගහලා මං තමයි හොදටම කරේ

    වැස්ස නාවොත් අව්ව ආවොත් ඉතිං කලුවර ජරමරේ
    පස්ස බිම ඇනුනත් තවම අපි රුහුනු මාගම් පරපුරේ
    බිස්ස හිස් වෙයි මැස්ස පාලුයි පෝර දෙන්නත් බෑ දොරේ
    උස්ස උස්සා මටම වැදපන් මං තමයි හොදමට කරේ

    මැරුව සතුරන් නොවිදිනා දුක් විදගෙනම නිති බංකරේ
    විරුව දැම්මේ උගන්නන්නයි පාඩමක් කලකට හිරේ
    මරුව ලග නෑ කිසි බයක් නෑ හිට්ලරුත් රජකම් කරේ
    දරුව පිටරට යවාපල්ලා මං තමයි හොදටම කරේ

    කාපු කිරිබත් හිරවෙලා දැන් උගුරු දන්ඩේ කෙලවරේ
    දාපු එකෙකුත් නෑ හොයන්නට වැයෙයි මව් ගුණ පෙරහරේ
    ආපු කිසිවෙක් නාපු ලිදකින් වතුර නෑ මං බොර කරේ
    දීපු ලනු මුං කාපුදෙන් තව මං තමයි හොදටම කරේ