අතීත රස කථා

jithendramadhushanka

Well-known member
  • Jul 31, 2017
    211
    332
    63
    අතීත රස කථා

    නිතරම එළකිරියට එන සාමාජිකයෙක් විදියට මට හිතුනා එළකිරියෙ විනෝදාස්වාදයට, දැණුමට සහ එකිනෙකාට ප්‍රයෝජනවත් දේවල් පලවෙන් එක අඩුයි කියලා. ඉතිං මට හිතුනා මට මගේ තාත්තා කියපු පැරණි සත්‍ය සිදුවීම් මේකෙ පල කරන්න. මේවා 1950, 60 සහ 70 වගේ කාලයේ වෙච්ච සිදුවීම්. එහෙනම් මෙන්න පලවෙනි කථාව.

    1 වන කථාව

    ගමේ පන්සලේ සල්පිලක් පැවැත්වෙන දවසක්. ගමේ ඉන්න හැමදෙනාම වගේම කොල්ලො කුරුට්ටෝ ඔක්කොමත් පන්සලේ. ඒ අතරේ රෑ පන්සල් එන ගමන් කවුරු හරි බළල් පැටව් තුන් හතර දෙනෙක් පන්සලේ අතරමං කරල ගිහින්. අසරණ සත්තු බඩගින්නේ මව් උණුහුම හොය හොයා කෑගහද්දි කට්ටිය එහෙන් මෙහෙන් ආරංචි කරල බලලා ‍මේ අසරණ සත්තු ක‍ාගෙද කින්ද මන්ද කොහොමද පන්සලට ආවේ කියලා. ඔන්න වැඩේ ආරංචි උනා මේක කරලා තියෙන්නේ ඇක්මන් කියන අය සහ ඔහුගේ පවුලේ අය විසින් කියලා.

    ඉතිං මේ කරපු වැඩේට ඇක්මන්ට රිදෙන්න මොකක් හරි කරන්න ඕන කියලා. ඒකාලෙ සෙට් එකේ හිටියළු සුපිරියට කවි ලියන්න පුළුවන් කොළු ගැටයෙක් ගුණරත්න කියලා. ඉතිං කොල්ලෝ කට්ටිය කථාවෙලා පන්සට අහල පහල ගෙදරකින් පත්තර කීපයක් සහ අඟුරු කැට ටිකක් ඉල්ල ගෙන ඇවිත් දුන්නළු ගුණරත්න මාමාට කවියක් ලියන්න කියලා.

    ආමන්ත්‍රණය මෙහෙමළු

    “කළු වඳුරු ඇක්මා වෙතටයි...........”

    තොපේ ගෙදර රැළ

    පන්සල් යන කල

    ගෙනා බළල් කැළ

    ගෙදර අරං පල


    මෙහෙම පත්තර පිටුවල ලියපු කවිය පන්සල පුරා ඇලෙව්වළු ගමත් ආවරනය වෙන විදියට. බළල් පැටවුන්ට මොකද උනේ කියලා නං තාත්තාට මතක නැහැ කිව්ව. එහෙම ලොකු අධ්‍යාපනයක් නැතුව උනත් ඇත්තටටම මට හිතුනෙ මේ විදියට එළිවැට, එළිසමය රැකෙන විදියට ක්ෂණිකව මේ වගේ කවියක් ලියන්න මොන දක්ෂකමක් තියෙන්න ඕනැද කියලයි.

    කථාවට ලැබෙන ප්‍රතිචාර අනුව ඉතිරි කථා ටිකත් දාන්නං දැනට ඔච්චරයි...........
     
    Last edited:

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    වැල කතා ත්‍රේඩ් බල බල
    අතට ගන්නවුන් ඇති කල
    දනිස්සක් ගැනවත් කියා නැති කල
    Bump නැතුවට නොවෙනු කලබල

    (mth e thread kiywnw e unta :lol:)
    dakka gaman nula
    math hithuwe kathavak kiyala wala
    e unata me kathava ela
    maduwo ithiri tikath karannako pala
     

    jithendramadhushanka

    Well-known member
  • Jul 31, 2017
    211
    332
    63
    පලවෙනි කතාවට ලැබිච්ච ප්‍රතිචාරත් එක්ක දෙවෙනි කථාවත් දාන්න හිතුවා......

    ඔන්න එහෙනං ඒක........

    2 වන කථාව

    මේකත් පරණ කතාවක්...... අපේ ගම් පලාතෙ ප්‍රසිද්ධ කවියෙන් හිටියා ......දාස කියලා. (නම් ගම් නැතිව කියන්නං. මොකද සමහරුන්ගෙ කීර් ති නාමයට හානි වෙන්න පුළුවන් ඒ අය ජීවතුන් අතර නැති උනත්) .............. ලේ ......... දාස කිව්වම හිටිවන කවි ‍ෆීල්ඩ් එකේ නොදන්න කෙනෙක් නැහැ. අනිත් එක පාසල් විදුහල්පතිවරයෙක්. ගමේ වැදගත් ප්‍රභූවරයෙක්. ඉතිං මේ පුද්ගලයා ගෙයක් කුලියට දිලා තිබ්බා. මේ ගෙදර හිටියෙත් බොහොම දුප්පත් පවුලක්. ඉතිං දවසක් මේ කුලී ගෙදර නිවැසියන්ට දවල් කෑමට මුකුත්ම තිබිලා නැහැ. ඉතිං මේ ගෙමිදුලේ තිබ්බ දෙල් ගහෙන් ගෙඩියක් කඩාගෙන තම්බගෙන කාලා තිබුනා. කවුරු හරි මේ මිනිස්සු දෙල් ගෙඩියක් කෑ කතාව ගෙවල් අයිතිකාර මහත්මයාට කියලා තිබ්බා. (කියපු කෙනත් එක දෙක කරලා කේලම කියන්න ඇති) කෙ‍ාහොම උනත් කුලී වැසියන් දෙල් කඩාගෙන කාපු එකට කේන්ති ගත්ත ....... දාස මහත්මයා කෙක්කක් අරං ඇවිත් දෙල් ගෙඩි විතරක් නෙවෙයි දෙල් ගැට ඉඳලා කඩලා දාලා ගිහිල්ලා. අනේ ඉතිං ඒ දුප්පත් මිනිස්සු වෙනත් ගෙයක් හොයාගෙන එදාම හවස ඒ ගෙදර අත් ඇරලා බඩුත් අරගෙන ගිහින්. මේක ආරංචි උනා ගමේ තරුණ නඩේට. අසාධාරනේට විරුද්ධ කට්ටියට මේක නිකං නයාට අඳුකොල ගානයි. එදා පන්සලේදි කවිය ලියපු ගුණරත්න මාමාට මේ අසාධාරනේටත් විරුද්ධව කවියක් ලියන්න අවස්ථාව ලැබුනා. කවිය මෙහෙමයි........................

    "මුළු කටුවාලමුල්ලට කවි වැසි වැස්සූ

    තම පරපුරේ නම්බුව පහලට බැස්සූ

    දෙල් ගැට පොලොස් ගැට කැඩුමට කෙකි ඉස්සූ

    වයි ...........දාසටත් දැං බාගෙට පිස්සූ"

    කවිය ලියලා ගමේ සමූපකාරයේ ඉස්සරහ ඇලෙව්වලු. පුළුල් ප්‍රසිද්ධියක් ඔටෝම ලැබෙන්න.

    ගමේම මේ සිද්ධිය ලැව් ගින්නක් වගේ පැතිරිලා යද්දි මේ ප්‍රසිද්ධ ප්‍රභූවරයගේ පැත්ත ගත්ත බාරොන් කියලා කෙනෙක් මේ කවියට විරෝධය පලකරලා. උං මොක්කුද ? ඒ වගේද ඉස්කෝලෙ මහත්තයා ගමේ වැදගත් දැණ උගත් මිනිස්සු කිය කියා කවි ලියපු අයටයි හැමෝටම බැන අඬගහලා. පස්සෙ ගුණත්න මාමා කවියේ අන්තිම පේලිය වෙනස් කලාලු මෙන්න මෙහෙම...............................

    "...... දාසට නෙවෙයි බාරොන්ටයි පිස්සූ" ......... කියලා.

    හොඳයිනං කමෙන්ට් එකක් දාලා දිරිමත් කලොත් තව කියනාවා..........
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    නලියනවා ලියන්නට කවියක් මේ නූලේ...
    පරන කතා ඇත පුරවා කියනට රිසිසේ...
    ඉන්නේ කාර්‍යාලයේ පවසමි මලේ මෙසේ...
    තව තව දමපන් එනවා නූලට විගසේ...