අධිකරණයේ එදිනෙදා නඩු කටයුතු වලට සම්බන්ධ වෙලා ඉද්දි අහන්න දකින්න ලැබෙන දේවල් එක්ක හිතට ආපු අදහසක් කුරුටු ගාන්න හිතුනා. හැබැයි මේ ගැන පොතක් උනත් ලියන්න පුළුවන්.
ආදරය කියන්නෙ සත්ත්ව හිත තුළ ඇති වන හැඟීමක්. ආදරය අරහෙමයි ආදරය මෙහෙමයි කියලා මිනිස්සු කියනවා. හැබැයි එක දෙයක් පොදුයි. ආදරය නිවන් දකිනකම් ම පවතින දෙයක්. මේ වගේ තවත් හැඟීම් කීපයක් ම තියෙනවා නිවන දක්වාම ගමන් කරන. මාන්නක්කාරකම එයින් එකක්. ආදරය කියන්නේ සංසාරික බැඳීමක් කියන දේට උදාහරණ ඕනතරම් සිංහල බෞද්ධ සමාජය ඇතුලෙ තියෙනවා. සිදුහත් සහ යශෝධරා, පිප්ඵලී සහ භද්දකාපිලානි ඒ අතර ඉදිරියෙන් ම තියෙන උදාහරණ. හැබැයි අද වෙද්දි ආදරය සහ සංසාරය කියන දෙක අතර තියෙන සම්බන්ධය අපෙන් ටිකක් ඈත් වෙලා. ඒකයි අද අපි ආදරය ගැන බොහොම ලඝු විදියට හිතන්නෙ. ඒක කොයිතරම් පහත් මට්ටමට ගිහින් ද කියනවා නම් ආදරය ‘නියම සහ අනියම්‘ දක්වා පහත් කරලා හඳුන්වනවා.
මේ සඳහා හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි අවබෝධයකින් තොරව ක්‍රිස්තියානිකරණය වීම. ක්‍රිස්තියානි ඉගැන්වීම්වලත් ආදරය තියෙනවා. ඇත්තම කිව්වොත් ආදරය ගැන කථා කරන්නැති කිසිම ආගමික ඉගැන්වීමක් නැහැ. හැබැයි මේ ආගම්වලින් මොකක් හරි හේතුවකට සංසාරය කියන දේ නැත්නම් ඉපදි ඉපැදි මැරෙමින් යන ගමන අයින් වෙලා තියෙනවා. අපි දැන් ක්‍රිස්තියානි ආගම ගත්තොත් බයිබලය ඇතුලෙ සමහර තැන් තියනවා පුනර්භවය හඳුනගන්න පුළුවන්. හැබැයි මතුපිටින් ගත්තම ක්‍රිස්තියානි ආගම ඇතුලෙ පුනර්භවය පිළිගැනෙන්නෙ නැහැ. පුනර්භවයේ විශ්වසනීයත්වයට තියෙන බලවත්ම ප්‍රහාරයත් ඒක තමයි. පෙරදිග පුනර්භවය පිළිගත්තට බටහිර පුනර්භවය පිළිගන්නෙ නැහැ. ආසියානු රටවල තියෙන ආගමික මතයන් නිදසුනකට හින්දු, බෞද්ධ වගේ පුනර්භවය පිළිගත්තට බටහිර ආගම් එතැන නැහැ. කාලයාගේ ඇවෑමෙන් අපේ රටටත් මේ බටහිර ආගම්වල බලපෑම ලැබිලා තියෙනවා. යටත් විජිතකරණයේ ප්‍රතිඵලයක් ඒක. අපේ පාසැල් පද්ධතිය ක්‍රිස්තියානිකරණය වීම තුළ අධ්‍යාපනයට ක්‍රිස්තියානි ඉගැන්වීම් ඇතුළත් වුනා. ඒ ඉගැන්වීම් දරුවන්ගේ ඔළුවට ගියාට පස්සේ සමාජයේ මතය බවට ඒවා පත්වෙනවා. මිනිස්සුන්ට ආදරයට වැදගත් වන නීති හැදෙන්නෙ ක්‍රිස්තියානි සංකල්ප මුල් වෙලා. බලන්න විවාහය. ලංකාවේ බහුතරයකට අදාළ වෙන විවාහ ආඥාපනත සඳහා පදනම් වෙන්නෙ පල්ලිය. මෙන්න මේ වටපිටාව එක්ක තමයි ආදරය සහ සංසාරය කියන දෙක දෙකක් වෙන්නේ. අර කලින් තැනක කිව්වා වගේ මිනිස්සු නියම සහ අනියම් විදියට ආදරය හඳුන්වන්න පටන් ගන්නේ.
ආදරයට නියම හෝ අනියමක් නැහැ. ආදරය ආදරයමයි. විවාහක ජෝඩුවක් අතරෙ ආදරය නොතිබෙන්න පුළුවන්. ඒ අය විවාහක වෙන්න වෙනත් හේතු බලපාන්න පුළුවන්. හැබැයි ඒ අය විවාහ බැම්මෙන් බැඳිලා තියෙනවා. ඒ විවාහ බැම්මෙ ඉන්න අයට විවාහ බැම්මෙන් පිට කෙනෙක් ගැන නැත්නම් එහෙම කෙනෙක් නිසා ආදරය ඇති වෙන්න පුළුවන්. කාටද පුළුවන් එහෙම නොවෙයි කියන්න?
අනෙක් අතට අපේ සමාජයේ මේ ආදරය සහ සංසාරය කියන පදයන් වෙනස් විදියට දකින්න ගිහිල්ලා ඇතිවෙච්ච තවත් හරුපයක් තියෙනවා. ඒ තමයි ‘එක් කෙනෙක්ට එක සැරේ දෙන්නෙක්ට ආදරේ ඇති වෙන්නෙ නැහැ‘ කියන සංකල්පය. මේක බුදු දහමේ ඉගැන්වීම්වලට ගැලපෙන්නෙ නැහැ. නමුත් අපි කලින් තැනක කථා කළ ක්‍රිස්තියානි ආගමේ ඉගැන්වීම්වලට ගැලපෙනවා. නිකමට හිතන්න දරුවො දෙන්නෙක් ඉන්න මව් පියො දෙන්නෙක්. සමහරවිට මේක කියවන ඔයාට දරුවො දෙන්නෙක් හරි තුන්දෙනෙක් හරි ඊට වැඩියෙන් හරි ඇති. ඔයාට පුළුවන් ද ඒ දරුවන්ට එකිනෙකාට වෙනස් විදියට ආදරේ කරන්න? සලකන සැලකීමේ නැත්නම් ප්‍රතිචාර දැක්වීමේ අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒත් තමන්ගේ දරුවන්ට එක වගේ දෙමව්පියෝ ආදරෙයි. ආදරේ කරන්නෙ බෙදලා නෙමෙයි. ඒක ආදරේ කියන හැඟීමේ තියෙන විශේෂත්වයක්. සමහරු එක සැරේ දෙන්නෙක්ට ආදරේ දැනෙනවා කිව්වම තර්ක කරන්නෙ මට වඩා අනිත් කෙනාට ආදරෙයි කියලා. පොඩි දරුවන් නිතර මේ කථාව කියනවා. අම්ම මට වඩා මල්ලිට තමයි ආදරේ. නැත්නම් තාත්තා මට වඩා නංගිට නැත්නම් අක්කට තමයි ආදරේ වගේ. ඒත් දෙමව්පියන්ට තමුන්ගේ කොයි දරුවත් එකයි. මන් කියන්නේ ‘තමුන්ගේ‘ දරුවන්. ඔය තත්ත්වය සමාජයේ අනෙක් හැම බැඳීමකටත් එහෙමයි.
ධම්මපදයේ තියෙනවා හරි ලස්සන කථාවක් වනවාසික තිස්ස තෙරුන්ගේ කථා වස්තුව කියලා. ඒක නිකමට කියවලා බලන්න. මේ කතාවේ දි වනවාසික තිස්ස තෙරණුවෝ බුදුරජාණන්වහන්සේ ඇසූ ප්‍රශ්නයකට වරක් පිළිතුරු දෙනවා ‘මා දුකට පත්වූ අවස්ථාවල ඇඬීමෙන් වැගිර වූ කඳුළු සතරමහා සාගරයේ ජලයටත් වැඩියැයි මෙය දැක සිතීමි‘ කියලා. තවත් වෙලාවක පිළිතුරු දෙනවා ‘ සසර දී මේ ස්ථානයෙහි මා මැරී කීවරක් නම් ශරීරය දමන්ට ඇද්දැයි සිතීමි‘ කියලා. මේ කථාව ගැන මෙතැනදි මම සඳහන් කලේ දෙයක් පෙන්වන්න. සසර කියන්නේ ඉපැදෙමින් මැරෙමින් අපි යන ගමන. මේ සංසාරේ අපිට සැමියා බිරිඳ වුන දෙමව්පියො දරුවො වුන සහෝදර සහෝදරිය වුන පිරිස අනන්තයි අප්‍රමාණයි. ඒ අයම තමයි අපිට මේ භවයෙදිත් හමුවෙන්නේ. මෙහෙම කිව්වට විශ්වාස නොකළට ඔයාට තේරෙයි මෙහෙම කිව්වොත්. අපි දකින දකින හැම කෙනා එක්කම බැඳීම් ඇති කරගන්නෙ නැහැ. සමහරුන්ව එක සැරයක් දැක්කත් නැත්නම් කටහඬ ඇහුන ගමන්මත් හුරු පුරුදු ගතියක් දැනෙනවා. ඒක තමයි ස්වභාවය. ආදරය වුනත් එහෙමයි. අපි පිළිගන්න කොච්චර අකමැති වුනත් සසරේ ආදරේ කරලා තියෙන අය සසරෙ ආපහු හමු වෙද්දි ඒ ආදරේ ඒ විදියට ම ඇති වෙනවා. නිකමට හිතන්න සමහරු ඉන්නවා ඇයි තමුන් ආදරේ කරන කෙනාට ආදරේ කරන්නෙ කියලා හිතා ගන්න බැරි. දැක්ක මුල් වතාවෙ ඉඳන් ආදරෙයි. ඒ තමයි ආදරේ හැටි. ඉතින් ඒ ආදරේ විවාහ වුන කෙනෙක්ගෙ හිතේ ඇති වෙන්නත් පුළුවන්. අවිවාහක කෙනෙක්ගෙ හිතේ ඇති වෙන්නත් පුළුවන්. ඒකට නියම හෝ අනියම් විදියට නම් දෙන්න බැහැ.
නමුත් සමාජය ඇතුලෙ පවතින තත්ත්වය නිසා ඇති වෙන්නේ මොකක් ද? මේ නියම අනියම් වගේ දේවල් නිසා ආදරේට විවිධ සීමා පනවලා. අර කලින් තැනකදි සඳහන් කරන්න යෙදුන වගේ ආදරෙයි සංසාරෙයි දෙකක් කරන්. එහෙම වුනාම වෙන දේවල් තමයි එදිනෙදා අහන්න ලැබෙන බහුතරයක් දික්කසාද නඩු නැත්නම් නඩත්තු නඩු වලදි අහන්න ලැබෙන්නෙ. ඒ කතා අහන් ඉද්දි තේරෙනවා මේ අය විවාහ වෙලා විවාහය පවත්වාගෙන ගිහින් තියෙන්නෙ ආදරයක් නිසා නෙමෙයි කියන එක. තවමත් අපි දියුණු වෙන්න උත්සාහ කරන රටක්. ජීවත්වෙන්න අරගල කරන රටක්. අන්‍යොන්‍ය බැඳීම් ගැන වැඩිය වටිනාකමක් නොදෙන මුදලට ඉහළ වටිනාකමක් දෙමින් ජීවත් වෙන මිනිස්සු ඉන්න රටක් කියලත් සමහරු කියනවා. තරඟයක ඉන්න මිනිස්සු දැන් ජීවත් වෙන්නේ. ඇයි එහෙම වෙන්න? අපි වෙන අයට තියා අපිටවත් හරියට ආදරේ නැති නිසා. ආදරේ කියන්නේ මොකක් ද කියලවත් නොදන්න නිසා. ඉතින් හිතනවද මේ විදියට ගිහිල්ලා අපි කවදාහරි දියුණු වෙයි කියලා. නැත්නම් හිතනවද සතුටින් ජීවත් වෙන්න පුළුවන් වෙයි කියලා? ඒවා ඉතින් හීන ම තමයි.