අතීත_රණකාමී_රණශුරයන්
රාජසිංහ රජු රණශූරයන් සොයා යයි
නන්දිමිත්ර යෝධයා
දසමහ යෝධයන්ගෙන් පළමුවෙන්ම අප අසන්නේ නන්දිමිත්ර යෝධයාගේ නමයි. නන්දිමිත්රට දෙමාපියන් නම් තැබුවේ ‘මිත්ර’ ලෙසයි. එය ඔහුගේ මයිළණුවන්ගේ නම විය. කුඩා මිත්රගේ මව, සිය එදිනෙදා වැඩ කටයුතු වලට යාමේදී ලණුවක් ගෙන සිය දරුවා කුරහන් ගලට තබා බැද දමා යන්නේ දරුවා එහි මෙහි ඇවිද අනතුරක් කරගැනීමත්, තමා යන තැන්වලට දරුවාද තමා පසුපසින් පැමිණීමත් වළක්වාගනු පිණිසයි. එහෙත් කුඩා මිත්ර කුරහන් ගලද ඇදගෙන ඔබ මොබ ඇවිදින්නට තරම් ශක්තිමත් වූයෙන් ඔහු නන්දිමිත්ර නම් විය.
තරුණ වියට එළැඹි කල මාගමට යන නන්දිමිත්ර කාවන්තිස්ස රජුගේ හමුදාවට බැදේ. එහිදී ඔහුගේ ශක්තිය පිරික්සනු වස්, කාවන්තිස්ස රජතුමා නන්දිමිත්ර ඉදිරියට කඩොල් ඇතා එවන ලදී. එහිදී නන්දිමිත්ර විසින් ඇතුගේ දළ දෙකෙන් අල්වා බිම ඉන්දැවූ බව සදහන් වේ. මෙය තමාට කරන ලද නිගරුවකැයි සිතූ කඩොල් ඇතා එතැන් පටන් නන්දිමිත්ර සමග වයිර බැදගත් අතර නන්දිමිත්ර නැවත මුණගැසී අවස්ථාවක් ලද විටෙක පහර දීම සදහා කඩොලැතා විසින් පොල්ගෙඩියක් නිතරම සගවා ගෙන සිටි බවද සදහන් වේ.
විජිතපුර සටන අවස්ථාවේ කඩොල් ඇතා සිය දළින් ඇන තාප්පයක් බිම හෙලූ අතර එම ප්රාකාරය ඇතා පිටට වැටෙන්නට යන විට ඉදිරියට වන් නන්දිමිත්ර තාප්පය සිය දෑතින් වලකා ඇතා බේරා ගත්තේලු. එම අවස්ථාවේ මෙතෙක් කල් පරහදීමට සගවා ගෙන සිටි පොල්ගෙඩිය පසෙකට දැමූ කඩොල් ඇතා නන්දිමිත්රට තමා පිටට නගින්නට ඉඩ සැලසූ බවද අසන්නට ලැබේ.
යුද්ධය ජයගෙන රට එක්සත් කල දුටුගැමුණු රජතුමා, යුධබිමේදී අභීතව සටන් කල මෙම ශක්තිමත් රණවිරුවා මාළිගා, ගම්වර ඇතුලු තෑගි භෝග රැසකින් පුදන ලදී.
රාජසිංහ රජු රණශූරයන් සොයා යයි
සීතාවක රාජසිංහ රජතුමා පරංගි සේනා සමඟ නිතර ම යුද්ධ කරමිනුයි හිටියෙ. නිමාවක් නැති හටන් මාලාවක නිරත වෙලා හිටපු රජතුමාට හටන් හරඹ හොඳීන් දන්න කියන ශූර සෙනෙවියන්, හේවායන් මහා සේනාවට එකතු කර ගන්ට ඕනෑ වුණා. සීතාවක රටට අයිති ‘බෝපිටිය’ කියන ගමේ පදිංචි ශූර වීර මිනිහෙක් ගැන රජතුමාට තොරතුරු ලැබුණා.
මහ රජතුමා බෝපිටියෙ ශූරයාට වාසලට එන්ට කියල පයිංඩ යැව්වෙ නෑ. ඒ වෙනුවට තමන් ම මේ මිනිහ ව දකින්ට යන්ට ඕනෑ කියල රාසිං දෙයියො තීරණය කළා. රාසිං දෙයියො මේ ගමන ගියේ ‘නල්ල නාරායන’ කියන සෙනෙවියත් එක්කයි. සේනා වාහන පිරිවරාගෙන නොවෙයි. බොහො ම අප්රකට ව.
ගමන් මඟ වැටී තිබුණේ වන රුප්පා මැදින්. මේ පාරේ සතා සීපාවුන් නිතර ගැවසුණා.
අතරමඟදී දිවියෙක් රජතුමා වෙත පැන්නා. රාසිං දෙයියන්ට පෙර නල්ල නාරායන ක්රියාත්මක වුණා. ඔහු තම කිරිච්චියෙන් ඇන දිවියා මරා දැමුවා.
තම දිවි බේරාගන්ට සටන් කළ නල්ල නාරායන ගැන රාසිං දෙයියො පැහැදුණා. ‘තෙළිඟු පත්ත නල්ල නාරායන ජයසුන්දර’ කියන නම්බු නාමය ඔහුට ප්රදානය කළා.
නල්ල නාරායන සමඟ බෝපිටියට ගිය රජතුමාට සටන්කරු හමුවුණා. රජ අණින් බෝපිටියේ ශූරයා තමන්ගෙ දස්කම් දක්වන්නට සූදානම් වුණා.
මේ මිනිහා රජතුමා ඉදිරියේ ඕලු කොලයක් බිම එලුවා. ඉන්පසු ඕලු ගෙඩියක් උඩ වීසිකොට බිමට වැටෙන්නට පෙර සත්කඩකට කැපුවා. කැපුණු කැබලි වැටුණේ ඕලු කොළය උඩට. රාසිං දෙයියො මේ දක්ෂ මිනිහා නම්බු නාමයකුත් දීලා මහා සේනාවට එකතු කර ගත්තා.
හිටි බණ්ඩාර දෙවියෝ

හිටිහාමි හත්කෝරළයේ ‘කිතගම’ කියන ගමේ හිටපු හොඳට හයි හත්තිය තියන පුරුෂයෙක්. ඒ කාලෙ රාජධානිය තිබුණෙ ‘සීතාවක’. සීතාවක රාජසිංහ රජ්ජුරුවො තමයි රජකම් කළේ. අපේ රටට ඇවිත් හිටපු පරංගි විටින් විට රට වැස්සන්ට කරදර හිරිහැර කළා. සූරවීර පුරුෂයකු වූ හිටිහාමි මංකොල්ල කාරයන්ගෙන් කිතගම ගමේ අය විතරක් නොවෙයි අහල පහල ගම්වල අයත් බේරාගත්තා.
හත් කෝරළේ පාළු කරන්ට ආපු පරංගින්ට විරුද්ධ ව හටන් කළා. ඔයින් මෙයින් හිටිහාමිගෙ වග විත්තිය සීතාවක මහ වාසලටත් ආරංචි වුණා. රාජසිංහ මහ රජ්ජුරුවො හිටිහාමි මහ වාසලට කැඳවලා ‘අරමුදලේ ලේකම්’ තානාන්තරේ භාර දුන්නා. එදා පටන් හිටිහාමි ‘හිටි බණ්ඩාර’ වුණා.
සීතාවක මහ වාසලේ රාජකාරි කරන අතරේ හිටි බණ්ඩාර අසනීප වුණා.
උන්නැහැට වැලැඳිලා තිබුණෙ බලගතු අතීසාර රෝගයක්. බලගතු වෙදනාවරු වෙදකම් කළත් සුව අතට හැරුණේ නෑ. අන්තිමේ හිටි බණ්ඩාර ගමට ගියා. ගමේදී තමයි මියගියේ.
හිටි බණ්ඩාර ආදාහනය කරන දර සෑයට උන්නැහෙගෙ හිතවත්ම සේවකයා ‘තෙලිසිං ආරච්චිත්’ පැන්නා. පැනලා ස්වාමියා වෙනුවෙන් ජීවිතේ පූජා කළා.
මරණින් මතු හිටි බණ්ඩාර ‘හිටි බණ්ඩාර දෙවියන් බවට පත්වුණා. දර සෑයට පැනපු තෙලිසිං ආරච්චි ‘ගිනි කුරුම්බර දේවතාවා’ වෙලා හිටි බණ්ඩාර දෙවියන්ගෙ පණිවුඩ කරන්නා බවට පත්වුණා.
කිතගම පළාතට ම කරදරයක් වුණු වල් ඇතෙක් හිටියා. හිටි බණ්ඩාර දෙවියෝ මේ ඇතා බිම්තඹුරු වැලකින් බැඳගෙන ඇවිත් සීතාවක මහ වාසලට ඔප්පු කළා.
මේ දස්කම්වලින් පැහැදීමට පත්වුණු සීතාවක රාජසිංහ මහ රජ්ජුරුවො හිටි බණ්ඩාර දේවාලෙට රන් කොතක් පූජා කළා කියලයි ගම්මු කියන්නෙ.

Last edited: