අතුරුගිරිය ලඩියා සහ රණාලේ සමයං
යතුරුපැදිකින් සම්පූර්ණ මුහුණ ආවරණය කර ගත් හිස්වැසුම් පැළද අතුරුගිරිය ශාන්තාලෝකගම අවමංගල්‍ය උත්සවයක් පවතින නිවසකදී අතුරුගිරිය ලඩියා නැමැති පුද්ගලයාගේ ගෝලයින් පිරිසක් ඝාතනය කිරීමට පැමිණි රණාලේ සමයං නැමැති පුද්ගලයාගේ ගෝලයින් තිදෙනෙකු වෙඩි තැඹීමට සැරසුණු අවස්ථාවේදී සැකකරුවන් සමඟ පොරබදා පෙරේදා (11) දින රාත්‍රියේ අත්අඩංගුවට ගැනීමට අතුරුගිරිය පොලිසියට හැකිවෙලා තියෙනවා.
අතුරුගිරිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සංජීව මහානාම මහතාට ලැබුණු තොරතුරක් මත පොලිස් නිළධාරීන් පිරිසක් අවමංගල්‍ය පැවැති නිවසේ රැඳී ඉඳලා මේ කට්ටියව අත්අඩංගුවට ගන්න.
උසස් පොලිස් නිළධාරියෙක් කියන්නේ මොකක් හරි නිසා බීමත්ව පැමිණි මේ සැකකරුවන් වෙඩි තැබීමක් සිදු කලේ නම් විශාල පිරිසකට ජීවිත හානි වීමට ඉඩ තිබුණා කියලා.
වසර හතරක පමණ කාලයක සිට අතුරුගිරිය ලඩියා හෙවත් නලීන් චතුරංග සහ මිනිමැරුම්, අවි ජාවාරම් සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටින රණාලේ සමයං හෙවත් අනුර උදයංග නැමැත්ගේ දෙපිරිස අතර පවතින ගැටුම් හේතුවෙන් මේ වන විට සිව් දෙනෙකු පමණ ඝාතනයට ලක්වෙලා තියෙනවලු.
මෙම දෙපිරිසේ ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස ඉකුත් වසරේ දෙසැම්බර් මස 16 වන දින අලූයම මාලබේ අරංගල ප්‍රදේශයේදී මංගල්‍ය අවස්ථාවකට සහභාගී වී නැවත යමින් සිටි අතුරුගිරිය ලඩියාගේ කණ්ඩායමකට ටී 56 ගිනි අවි දෙකකින් වෙඩි තබා පලා ගොස් ඇත්තේද මෙම අත් අඩංගුවට ගත් කණ්ඩායම බව සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී තිබෙනවා.
එසේම එම වෙඩි තැඹීමට සම්බන්ධ බවට සැක කෙරෙන දිවයිනේ සුප්‍රසිද්ධ හිමිනමකට අයත් බව කියන පාසල් ළමුන් ප්‍රවාහනය කරන වෑන් රථයක් ද අත් අඩංගුවට ගැනීමට හැකි වී ඇති අතර අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර එම පාසල් වෑන් රථයේ රියදුරු ලෙස කටයුතු කල පුද්ගලයත් ඉඳලා තියෙනවා.
අත්අඩංගුවට පුද්ගලයින්ගේ තොරතුරු මත සොයා ගත් ගිනි අවිය ගිනි අවි සම්බන්ධ මනා නිපුණතාවයක් ඇති පුද්ගලයෙකු විසින් පාසල් බෑගයක රැගෙන යා හැකි පරිදි අඩියක් පමණ දිගට සිටින සේ කොටකර සකස් කර ඇති බවද පොලිසිය කියනවා.
අත් අඩංගුට ගත් සැකකරුවන් අතරුගිරිය කොරතොට අල්විස් වත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 21,23 සහ 32 වයස් වල පුද්ගලයින් වන අතර මේ ඝාතන හා පහරදීම්වලට සම්බන්ධ තවත් පිරිසක් අත් අඩංගුවට ගැනීමට නියමිත බවද අත් අඩංගුවට ගත් පිරිස කඩුවෙළ අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගැනීමට කටයුතු කරන බව ද පොලිසිය කියනවා.
Source:- http://gossipking.lk/2016/01/12/4959/