කැනඩාවේ ටොරෙන්ටෝ පිකරින්ග් හි වෙඩි තබා අපරාධ කළ යාපනයේ තරුණයා දැලේ

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,465
    8,621
    113
    කැනඩාවේ ටොරෙන්ටෝ පිකරින්ග් ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමක් ඇතුළු අපරාධ මාලාවකට සම්බන්ධ යාපනයේ තරුණයකු ටොරෙන්ටෝ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙකී පුද්ගලයා කැනඩාවේ තම මිතුරන් පිරිසක් සමග එකතු වී එක් පුද්ගලයකුට වෙඩි තබා ඔහුව ඝාතනය කිරීමට උත්සහ කොට ඇතත් ඔහු එම වෙඩි ප්‍රහාරයෙන් අනූනවයෙන් බේරී තිබේ.

    පසුව ඔහුට අයත් නිවසකට මේ පිරිස විසින් ගිනි තබා නිවසට හානි සිදු කොට තිබේ.

    පසුගිය පෙබරවාරී මස 12 වැනිදා ඔවුන් විසින් සිදු කළ මේ අපරාධ මාලාවෙන් පසුව කැනඩාවේ ටොරෙන්ටෝ නුවර පිකරින්ග් ප්‍රදේශයේ පදිංචිව සිටි අපරාධකරුවන් පිරිස වෙනත් පළාතකට පලා ගොස් සිටියදී පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් යාපනයේ පුද්ගලයා රැකියාවකට කැනඩාවට ගොස් ටොරොන්ටෝ පිකරින්ග් හි පදිංචිව සිටි 34 හැවිරිදි ප්‍රසන්න බාලසුබ්‍රමනියම් නැමැත්තෙකි.

    ඔහු සමග අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් තුන් දෙනාගෙන් පොලිසිය ප්‍රශ්න කරගෙන යයි.
     

    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    1,076
    588
    113
    Siri Baijan
    ඕවා ලංකාවෙත් වෙන්න පූළුවන්. ඒක හින්දා අවශ්‍ය අයට රජයෙන් ගිනි අවි ලබා දෙන්න ඕනෙ.