අතුරුදන් පවුල්වල සනාථන යුද්ධය
“අතුරුදන් වූ පුද්ලයන්” යනු ශ්‍රී ලාංකිකයන්ට ඉතා හුරු පුරුදු වචනයකි. නමුත් කෙනෙකු අතුරුදන් වූ බව අසන්න ලැබීම සාමාන්‍ය ජනතාවට තවත් එක ප්‍රවෘත්තියක් පමණි. සමාජයේ වඩාත් ශෝචනීය වූත් ඛේදජනක වූත් සිදුවීම් අතර අතුරුදන් වීම ප්‍රධාන තැනක් ගන්නා බව බොහෝ දෙනෙකුට වැටහෙන්නේ නැත. එහි බරපතළකම වැටහීමට කෙනෙකුට තම පවුලේ අයකු අතුරුදන් විය යුතුය. අප සමාජයේ බොහෝ දෙනෙක් සිතන්නේ සමීපතමයෙකු මිය යෑම තරම් ශෝචනීය දෙයක් ජීවිත කාලය තුළ අත්විඳින්නට නොලැබෙන බවය. පවුලේ අයකු අතුරුදන් වීම යමකු මිය යෑමට වඩා දරුණු ලෙස සමීපතමයින් කම්පනයන්ට පත්කරන සිදුවීමක් බව දන්නේ අතුරුදහන් වූ පුද්ගලයාගේ පවුලේ සමීපතමයින් පමණි.
ලෝකයේ රටවල් අතරින් පුද්ගල අතුරුදන්වීම සම්බන්ධව අප දෙවැනි වනුයේ ඉරාකයට පමණි. වර්ග කිලෝමීටර් හැටපන්දහස් හයසිය දහයක් වූ අපේ රටේ මේ කුඩා භූමි ප්‍රමාණය තුළ ලෝකයේ දෙවැනි තැන ලබන්නට වාර්තාගත අතුරුදන්වීම් සිදුවූවා යැයි ඇතැමකු විශ්වාස නොකරනු ඇත. නමුත් සත්‍යය එයයි. ඉරාකය හැරුණු කොට අතුරුදන් වූ පුතුන් වෙනුවෙන් නොනිමෙන ගින්දරක් හද තුළ දරාගෙන සිටින වැඩිම මවුපියන් ප්‍රමාණයක් සිටින රට ශ්‍රී ලංකාවයි. අතුරුදන්වූවන්ට වඩා වැඩි ගණනක් පුතුන්, ස්වාමිපුරුෂයන්, පියවරුන් මිය ගිය මවුපියන්, බිරින්දෑවරු, දූ දරුවන් අසරණව අප රටේ සිටිනවා නොවේදැයි ඇතැමෙකු ප්‍රශ්න කරන්නටද පුළුවන. ඇත්ත වශයෙන්ම අතුරුදන්වූවන්ට සාපේක්ෂව මිය ගිය සංඛ්‍යාව ඉතා ඉහළ අගයක් ගනී. නමුත් ඔවුන්ගේ පවුලේ සියලු දෙනා තම සමීපතමයාගේ මිය යෑම සැක හැර දැනගෙන සිටිති. එසේ මිය ගිය සමීපතමයන් වෙනුවෙන් චාරිත්‍රානුකූලව ඉටු කළ යුතු ආගමික කටයුතු ඉටුකර ඇත. තමන් විශ්වාස කරන ආගම දහම අනුව සියලු සත්ත්වයන්ගේ අනිත්‍ය බව පසක් කරගන්නට ඔවුනට හැකියාව ඇත.
නමුත් අතුරුදන් වූ පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයින් තම සමීපතමයා මිය ගියා යැයි විශ්වාස කරන්නේ කෙසේද? ඒ හැමටම ඉතිරිව ඇති නොවිසඳුණු ගැටලුව උපදින්නේ එතැනිනි. තම සමීපතමයාට සිදුවූයේ කුමක්දැයි දැන ගැනීමට අතුරුදන් වූ පවුල්වල සාමාජිකයන් කොතරම් වෙහෙසක් ගන්නට ඇත්ද? එය ඔවුන් ජීවතුන් අතර සිටිනා තුරු අත් නොහරින ක්‍රියාවකි.
අතුරුදන් කාර්යාලයට විරුද්ධවීම අතුරුදන් කිරීමට අනුබලදීමකි
මෙතෙක් බලයට පත්වූ සෑම රජයකින්ම අතුරුදන් වූවන්ගේ මවුපියන්, දූදරුවන්, බිරින්දෑවරුන් සමීපතමයන්ට සිදුවූයේ කුමක්දැයි සොයා බලන ලෙස කොතෙකුත් ඉල්ලීම් කළහ. කොළඹ නගරය ඇතුළු දිවයිනේ සෑම නගරයකම ඒ සම්බන්ධව පියවරක් ගන්නා ලෙස ඉල්ලා, උද්ඝෝෂණ, සත්යග්රහ, පාගමන් පැවැත්වූහ. නමුත් අප රටේ බොහෝ පාලකයින් ඉදිරියේ මේවා බීරි අලින්ට වීනා ගායනා කරනවාට වඩා වෙනසක් නොවීය.
1971 වර්ෂයේ තරුණ කැරැල්ලේ පටන් මේ දක්වා අතුරු දහන් වූ පුද්ගලයන් සංඛ්‍යාව කොතෙක් දැයි කිසිවකු ගණනය කර ඇත් ද යන්න සැක සහිතය. ඒ සම්බන්ධ ක්‍රියාත්මක වන ආයතනයක් ස්ථාපිත කරන්නට බලධාරීන් ක්‍රියා නොකිරීම නිසා සංඛ්‍යාලේඛන හා තොරතුරු නිවැරදිව ලබා ගැනීම දුෂ්කර වී ඇත. අප රටේ ඕනෑම අයෙකුට තමන් කැමති ප්‍රදේශයක තමන් කැමති අය සමඟින් ජීවත්වන්නට අයිතියක් ඇතත් අතුරුදන් වූ පුද්ලයන්ට ඒ අයිතිය අහිමි වී තිබේ.
උතුරු නැඟෙනහිර යුද්ධය පැවැති කාලය තුළ රණවිරුවන් විශාල සංඛ්‍යාවක් අතුරුදන් වී සිටිති. ඔවුන්ට සිදුවූයේ කුමක්දැයි සොයාබලන්නට යුද්ධය අවසන් වී වසර 07ක් ගතවූවද කිසිවකු මැදිහත්වී නැත. අතුරුදන් වූ රණවිරුවන් වෙනුවෙන් ලැබිය යුතු වැටුප් දීමනා ආදිය ලබාදුන් විට පවුල්වල සාමාජිකයන්ට හිත හදාගත හැකි යැයි පාලකයන් සිතනවා වන්නට පුළුවන.
අතුරුදන් වූ තම ආදරණීය පුතුන් වෙනුවෙන් පිං පෙත් අනුමෝදන් කරන්නට දනක් දෙන්නට හිත හදාගන්නට බැරිවූ අම්මාවරු අප රටේ අපමණ සිටිති.
තම සෙනෙහෙබර ස්වාමිපුරුෂයාගෙන් ලැබුණු ආදරණීය දරුවන් පෝෂණය කරන්නට, ඔවුන්ට රැකවරණය දෙන්නට කැපවී කඳුළු සඟවා හිතේ ගින්දර අවුළුවාගෙන වෙරදරන බිරින්දෑවරුන්ගේ සිත කියවීමට හැකිනම් ඔවුන්ගේ සැබෑ තතු ලෝකයට හෙළිවනු ඇත.
අතුරුදන් වූ රණවිරුවන් සොයා ඇතැම් මවුපියන්, බිරියන් යුද්ධය පැවැති සමයේ එල්. ටී. ටී. ඊ. පාලන ප්‍රදේශවලට පවා ගියේ තම ජීවිතය සතයකට මායිම් නොකරමිනි.
අතුරුදන් වූ දරුවන්ගේ මවු පියන්ගේ කඳුළු පෙරදැරි කරගෙන අතීතයේ කොළඹ සිට කතරගමට එදා සිටි පාලකයින්ට දෙස් දෙවොල් තබමින් වස් කවි කියමින් පාද යාත්‍රා ගිය නායකයන් එදා කීවේ මින් මතු මෙවන් දේ මෙරට සිදුවීමට ඉඩ නොතබන බවයි. එදා දකුණේ මවුවරුන්ගේ නෙතඟට නැඟි කඳුළු නැවත රටේ කිසිඳු මවකගේ, බිරිඳකගේ නෙතඟට නො එන්නට කටයුතු කරන බවය. එදා පාද යුත්රාව මෙහෙය වූ නායකයා පසු කලෙක රටේ නායකයා බවට පත් වූ නමුත්, එම පාලන කාලය තුළ අතුරුදන්වූවන් ගැන තොරතුරු සොයා බලනවා තියා නැවත පුද්ගලයන් අතරුදන්වීම වළක්වාගන්නට හෝ ඔහු අපොහොසත් වූ බව රටම දන්නා කරුණකි.
අතුරුදන් රණවිරුවන් ගැන සෙවීමට කළ ඉල්ලීම මහින්ද රාජපක්ෂ ප්‍රතික්ෂේප කළේය
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අතුරුදන්වූවන් ගැන තොරතුරු සොයා බලන්නට සැබෑ උවමනාවක් නොතිබූ බව සනාථකරන්නට ඕනෑ තරම් සාධක තිබේ. කොටි සංවිධානය අතහැර කරුණා අම්මාන් රජයට එක්වූ පසු අතුරුදන් වූ රණවිරුවන්ගේ මවුපියන් මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් තම ආදරණීය පුතුන්ට සිදුවූයේ කුමක්ද යන්න කරුණා අම්මාන්ගෙන් උදව් ඇතිව සොයාබලන ලෙස ඉල්ලීමක් කළහ.
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා ඒ ගැන කරුණා අම්මාන්ගෙන් හෝ පිල්ලෙයාන්ගෙන් වචනයක් හෝ විමසූ බව දැනගන්නට නැත. අද ඒකාබද්ධ විපක්ෂයේ සිට කෑගසන කිසිදු දේශප්‍රේමියකු එදා ඒ ගැන වචනයක් හෝ කතා කළේ නැත.
අනුරපුර රණවිරු ස්මාරකය තැනීමට එකල ගෝඨා ඉඩ දුන්නේ නැත
පැවැති සෑම ආණ්ඩුවකින්ම කබලෙන් ලිපට වැටුණු අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයන්ට අවශ්‍ය වී ඇත්තේ එකම එක දෙයකි. ඒ තම ඥාතීන්ට සත්‍ය වශයෙන්ම සිදුවූයේ කුමක්ද යන්න දැනගැනීමය. මෙවන් පරිසරයක් පැවැති අප රටේ අතුරුදන්වූවන් ගැන තොරතුරු සොයන්නට කාර්යාලයක් ආරම්භ කිරීමට සූදානමක් පවතී.
මේ නිසා අතුරුදන්වූවන්ගේ ඥාතීන්ට නව බලාපොරොත්තුවක් ඇතිවී ඇත්තේ මේ තුළින් තම අතුරුදන්වූ ඥාතියා ගැන සත්‍ය තොරතුරක් දැනගැනීමට හැකියාවක් ලැබෙනු ඇත යන්නය. අප රටේ 1971 සිට 2016 දක්වා සිදුවූ පුද්ගල අතුරුදන්වීම් පිළිබඳ සොයා බැලීම මෙම කාර්යාලයට පැවැරෙන සුවිශේෂී කාර්යය භාරයක් වනු ඇත. එමෙන්ම නැවත අප රටේ අතුරුදන්වීම් සිදුවීම වැළැක්වීම සඳහා පියවර ගැනීමත් මේ කාර්ය භාරය අතර ප්‍රධාන වේ. දකුණේ පැවැති තරුණ නැගිටීම හේතුවෙන් අතුරුදන් වූ තරුණ දූ පුතුන් ගැන සේම, විසිහය වසරක යුද්ධය නිසා අතුරුදන්වූ රණවිරුවන් හා සිවිල් පුරවැසියන්, මාධ්‍යවේදීන්, දේශපාලන ක්‍රියාකාරින් හා සුදු වෑන් මඟින් පැහැරගත් පුද්ගලයන් ආදී සියලු දෙනා වෙනුවෙන් තොරතුරු සොයාබැලීමේ සාධනීය පියවරක් ලෙස මෙම අතරුදන් වූවන් ගැන තොරතුරු සොයා බලන කාර්යාලය හැඳින්වූවාට වරදක් නැත.
යුද්ධය නිසා අතුරුදන් වූ රණවිරුවන් වෙනුවෙන් මුල් කාලයේ සහතිකයක් නිකුත් කළේ වසර 07කට පසුවය. පසු කාලීනව අතුරුදන් වී වසරක් ගිය පසු සහතිකය නිකුත් කළ අතර එය මරණ සහතිකයක් වුවත් එහි මරණයට හේතුව ලෙස එහි සඳහන් වූයේ ත්රස්ත්රවාදීන් විසින් පැහැරගෙන ගොස් අතුරුදහන් වී ඇත. යන්නය. නමුත් අතුරුදන්වූ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයනට කියාගන්නට අවශ්‍ය වූයේ තම ඥාතියා මිය ගියේ නැත. තවම හරියටම තත්ත්වය කුමක්දැයි දන්නේ නැත යන්නය.
අතුරුදන්වූවන් වෙනුවෙන් මරණ සහතිකය වෙනුවට ‘නැති සහතිකය’ (cetificete of Absence) නිකුත් කරන්නට රජය සූදානම් වීම ඉතා වැදගත් වන්නේ එහෙයිනි. දීර්ඝ කාලයක් පුද්ගලයන් නොපැමිණි විට පවුලේ සාමාජිකයන් මුහුණදෙන නෛතික ප්‍රශ්න විසඳාගැනීමේ අවශ්‍යතාවයක් සෑම පවුලකටම තිබුණි. එදා රණවිරුවන්ට කඩිනමින් මරණ සහතිකයක් නිකුත් කළේ ද එකී නෛතික ප්‍රශ්න විසඳාගැනීමටය. නෛතික ප්‍රශ්න විසඳාගැනීමට උරුමය ලබාගැනීමට සහතිකයක අවශ්‍යතාවය තිබුණා වුවද අතුරුදන් වූ පුද්ගලයා මිය ගිය බව පිළිගන්න සහතිකයක් ලබාගැනීමට ඥාතීන් කිසිවිටක කැමැති වූයේ නැත.
රණවිරුවන් වෙනුවෙන් රාජකාරිමය වශයෙන් ලැබිය යුතු වරප්‍රසාද ඉහළින්ම ලැබුණත්, සිවිල් සමාජයේ අතුරුදන්වූ පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන් ගැටලු රාශියකට මුහුණ දුන්හ. බොහෝවිට මේ සෑම පවුල් ඒකකයකම අතුරුදහන් වී සිටියේ පවුලේ ජීවන බර කරට ගෙන කටයුතු කළ පුද්ගලයාය. එවිට ඔහු වෙනුවෙන් හිමිකම් කිසිවක් ලබාගැනීමට නීත්‍යානුකූලව බලය පැවරුණු ලියවිල්ලක් ලෙස මෙම නව ‘නැති සහතිකය’ (cetificete of Absence) ඔවුනට වැදගත් වේ. මෙය මරණ සහතිකයක් නොවේ. අතුරුදන් වූ පුද්ගලයා වෙනුවෙන් ඔහු විසින් ගත යුතු තීරණ ඔහුගේ කාලාත්‍රයාට හෝ පවුලේ සාමාජිකයන්ට ගැනීමට මේ තුළින් බලය හිමිවෙයි.
පිහිටුවීමට යෝජිත අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයට රටේ නීතිය අභිභවා යන බලයක් ලැබෙන බවට ඇතැම් අය චෝදනා කරති. මේ චෝදනා සියල්ල කිසිදු පැකිලීමකින් තොරව බැහැර කළ හැකිය. මෙවන් කාර්යාලයක් ප්‍රමාදවී හෝ ආරම්භ කිරීම ගැන සතුටු විය යුතුයි.
අතුරුදන්වූවන් වෙනුවෙන් පිහිටුවීමට යෝජිත කාර්යාලයට විරුද්ධ වීම යනු අනාගතයේත් පුද්ගලයන් අතුරුදහන් කරවීමට අනුබලය දීමකි.
ඇතැමුන් පවසන්නේ මෙය ජාත්‍යන්තර වශයෙන් අපට බලෙන් ඇටවූ දෙයක් බවයි. අද විවිධ පර්ශවයන් මේ ගැන විවිධ චෝදනා ඉදිරිපත් කෙරුවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා L. L. R. C. කොමිසම හරහා බෑන්කී මූන් සමඟ මේ ගැන එකඟතාවයකට පැමිණ තිබුණි. වර්තමාන රජය ඒ පියවර තවත් ඉදිරියට ගෙන අතුරුදන්වූවන් සම්බන්ධව මෙම කාර්යාලය ස්ථාපිත කරන්නට ඉදිරි පියවර තබා ඇත. නමුත් මේ කාරණා සියල්ලම පැත්තකට ගෙන හෘද සාක්ෂියට එකඟව කල්පනා කොට බැලුවහොත් මේ අතුරුදන් වී සිටින්නේ බෑන්කී මූන්ගේ පුතා නොවන වග මේ රටේ කවුරුත් පිළිගත යුතුය. උතුරේ වුවත් දකුණේ වුවත් අප රටේ තරුණයන් ගැන සොයා බලනවාට සැබෑ දේශප්‍රේමියෙකුට විරුද්ධ විය හැකිද?
රණවිරුවන් දංගෙඩියට යවන බවට ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමි
නැවත වතාවක් මෙවැනි අතුරුදන්වීම් සිදුවුවහොත් ඉන් පාඩුවන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට හෝ බෑන්කී මූන්ට නොවේ. එබැවින් මේ ගැන කටයුතු කිරීමට ජාත්‍යන්තරයට වඩා වුවමනාවක් අපේ රටේ පුරවැසියන්ට තිබිය යුතුය. සැබෑ දේශප්‍රේමය එයයි.
අතුරුදහන්වූවන්ගේ කාර්යාලය පිහිටුවීම තුළ අප රටේ රණවිරුවන් දංගෙඩියට යනවා, ජාත්‍යන්තර අධිකරණයට යනවා යන මතය අතුරුදන් වූ රණවිරුවෙකුගේ මවක් ලෙස මම එකහෙළා ප්‍රතික්ෂේප කරමි. මේවා කිසිම පදනමක් නැති හිස් සටන් පාඨයි. අද සමාජය රණවිරුවා කියන වචනය පවා අවභාවිත කොට ඇත. රණවිරුවා කියන්නේ යුද්ධයට සම්බන්ධව ජීවිත පරිත්‍යාගයෙන් ක්‍රියා කළ අයයි. යුද බිම පැත්ත පළාතේ නොගිය තාත්තා ජනාධිපති වීම නිසා හමුදා නිලධාරීන් වූ අය රණවිරුවන් කියන උත්තම මිනිසුන් ගණයට අයත් වන්නේ නැත.
ශ්‍රී ලංකාවේ හමුදාව යනු ආඩම්බර විය හැකි විනය ගරුක පිරිසකි. යුද්ධයට මැදිවූ සිවිල් ජනතාවට ඔවුන් තමන්ගේ බත් පත පවා පරිත්‍යාග කළහ. සාමාන්‍යයෙන් යුද්ධ බිමක මෙවැනි සිදුවීම් විරලය. කිසිවිටකත් මේ රටේ මිනිසුන් අතුරුදහන් කිරීමට රණවිරුවන්ට වුවමනාවක් තිබුණු බව විශ්වාස කළ නොහැකිය. විනයානුකූලව කටයුතු කළ කිසිදු රණවිරුවෙක් අතුරුදහන් වූවන්ගේ කාර්යාලය ස්ථාපිත කිරීම පිළිබඳ බිය විය යුතු නැත.
අතුරුදන්වූ රණවිරුවන් වෙනුවෙන් ස්මාරකයක් අනුරාධපුරයේ ඉදිකරන්නට අපි එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කළෙමු. ඔහු එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ සාම විහාරයේ විහාරාධිපති හාමුදුරුවෝ ඉඩම් කොටසක් දීමට පවා කැමැත්ත පළ කර තිබියදීය. එදා අතුරුදහන් වූ රණවිරුවන් වෙනුවෙන් ඔහු කටයුතු කළේ ඒ ආකාරයටය. අප සංගමය අද බලාපොරොත්තු වන්නේ මේ අතුරුදන් වූවන්ගේ කාර්යාලය හරහා මේ රටේ අතුරුදන්වූවන් වෙනුවෙන් ස්මාරකයක් නිර්මාණය කරන්නටය. රණවිරුවා කියනවාට වඩා ඔවුන් හැඳින්වීමට සුදුසුම වචනය ලෙස අප විශ්වාස කරන්න උදාරතම පරිත්‍යාගය කළ පුද්ගලයින් යන්නය.
මේ උදාරතම පරිත්‍යාගය කළ අතුරුදහන් වූ රණවිරුවන් වගේම අනෙක් සියලු අතුරුදහන් වූ දූ පුතුන් ගැන සොයා බැලීමේ අරමුණින් පිහිටුවන මේ නව කාර්යාලය ගැන මවන බිල්ලන්ට අප තවත් ඉඩ දිය යුතු නැත. මෙම නව කාර්යාලය පිහිටුවන්නේ අතුරුදහන්වූවන් ගැන සොයා බලා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට පිහිටවෙන හා ඔවුන්ට සාධාරණය ඉටුකරන කියන චේතනාවෙන්නම් එයට කිසිවෙකුට විරුද්ධවීමට හේතුවක් නැත. එම කොමිසමේ නිලධාරීන් කඳවුරු පරීක්ෂා කළ වුව ද බන්ධනාගාර පරීක්ෂා කළ වුව ද සිරකොට ඇත්තේ වැරදි කරුවන්නම් ඔවුන් නිදහස් කිරීමේ බලය ඇත්තේ අධිකරණයටය. නමුත් රටක ප්රජාතන්ත්රවාද ආරක්ෂා වන ලෙස කෙනෙකු අත්අඩංගුවට ගැනීමට ඇති හැකියාව කෙනෙකු පැහැරගැනීම හෝ අතුරුදහන් කරවීම කිසිවිටකත් සමාන කළ නොහැක.
- http://www.dinamina.lk/?q=2016/08/12/20821

Last edited: