අතුරුදන් පවුල්වල සනාථන යුද්ධය

monson

Well-known member
  • May 7, 2007
    25,628
    28,614
    113
    අතුරුදන් පවුල්වල සනාථන යුද්ධය

    pg06_1.jpg


    3e4923ce91aec3e4d142275732c48830-200x292.jpg


    “අතුරුදන් වූ පුද්ලයන්” යනු ශ්‍රී ලාංකිකයන්ට ඉතා හුරු පුරුදු වචනයකි. නමුත් කෙනෙකු අතුරුදන් වූ බව අසන්න ලැබීම සාමාන්‍ය ජනතාවට තවත් එක ප්‍රවෘත්තියක් පමණි. සමාජයේ වඩාත් ශෝචනීය වූත් ඛේදජනක වූත් සිදුවීම් අතර අතුරුදන් වීම ප්‍රධාන තැනක් ගන්නා බව බොහෝ දෙනෙකුට වැටහෙන්නේ නැත. එහි බරපතළකම වැටහීමට කෙනෙකුට තම පවු‍ලේ අයකු අතුරුදන් විය යුතුය. අප සමාජයේ බොහෝ දෙනෙක් සිතන්නේ සමීපතමයෙකු මිය යෑම තරම් ශෝචනීය දෙයක් ජීවිත කාලය තුළ අත්විඳින්නට නොලැබෙන බවය. පවුලේ අයකු අතුරුදන් වීම යමකු මිය යෑමට වඩා දරුණු ලෙස සමීපතමයින් කම්පනයන්ට පත්කරන සිදුවීමක් බව දන්නේ අතුරුදහන් වූ පුද්ගලයාගේ පවුලේ සමීපතමයින් පමණි‍.

    ලෝකයේ රටවල් අතරින් පුද්ගල අතුරුදන්වීම සම්බන්ධව අප දෙවැනි වනුයේ ඉරාකයට පමණි. වර්ග කිලෝමීටර් හැටපන්දහස් හයසිය දහයක් වූ අපේ රටේ මේ කුඩා භූමි ප්‍රමාණය තුළ ලෝකයේ දෙවැනි තැන ලබන්නට වාර්තාගත අතුරුදන්වීම් සිදුවූවා යැයි ඇතැමකු විශ්වාස නොකරනු ඇත. නමුත් සත්‍යය එයයි. ඉරාකය හැරුණු කොට අතුරුදන් වූ පුතුන් වෙනුවෙන් නොනිමෙන ගින්දරක් හද තුළ දරාගෙන සිටින වැඩිම මවුපියන් ප්‍රමාණයක් සිටින රට ශ්‍රී ලංකාවයි. අතුරුදන්වූවන්ට වඩා වැඩි ගණනක් පුතුන්, ස්වාමිපුරුෂයන්, පියවරුන් මිය ගිය මවුපියන්, බිරින්දෑවරු, දූ දරුවන් අසරණව අප රටේ සිටිනවා නොවේදැයි ඇතැමෙකු ප්‍රශ්න කරන්නටද පුළුවන. ඇත්ත වශයෙන්ම අතුරුදන්වූවන්ට සාපේක්ෂව මිය ගිය සංඛ්‍යාව ඉතා ඉහළ අගයක් ගනී. නමුත් ඔවුන්ගේ පවුලේ සියලු දෙනා තම සමීපතමයාගේ මිය යෑම සැක හැර දැනගෙන සිටිති. එසේ මිය ගිය සමීපතමයන් වෙනුවෙන් චාරිත්‍රානුකූලව ඉටු කළ යුතු ආගමික කටයුතු ඉටුකර ඇත. තමන් විශ්වාස කරන ආගම දහම අනුව සියලු සත්ත්වයන්ගේ අනිත්‍ය බව පසක් කරගන්නට ඔවුනට හැකියාව ඇත.

    නමුත් අතුරුදන් වූ පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයින් තම සමීපතමයා මිය ගියා යැයි විශ්වාස කරන්නේ කෙසේද? ඒ හැමටම ඉතිරිව ඇති නොවිසඳුණු ගැටලුව උපදින්නේ එතැනිනි. තම සමීපතමයාට සිදුවූයේ කුමක්දැයි දැන ගැනීමට අතුරුදන් වූ පවුල්වල සාමාජිකයන් කොතරම් වෙහෙසක් ගන්නට ඇත්ද? එය ඔවුන් ජීවතුන් අතර සිටිනා තුරු අත් නොහරින ක්‍රියාවකි.

    අතුරුදන් කාර්යාලයට විරුද්ධවීම අතුරුදන් කිරීමට අනුබලදීමකි

    මෙතෙක් බලයට පත්වූ සෑම රජයකින්ම අතුරුදන් වූවන්ගේ මවුපියන්, දූදරුවන්, බිරින්දෑවරුන් සමීපතමයන්ට සිදුවූයේ කුමක්දැයි සොයා බලන ලෙස කොතෙකුත් ඉල්ලීම් කළහ. කොළඹ නගරය ඇතුළු දිවයිනේ සෑම නගරයකම ඒ සම්බන්ධව පියවරක් ගන්නා ලෙස ඉල්ලා, උද්ඝෝෂණ, සත්‍යග්‍රහ, පාගමන් පැවැත්වූහ. නමුත් අප රටේ බොහෝ පාලකයින් ඉදිරියේ මේවා බීරි අලින්ට වීනා ගායනා කරනවාට වඩා වෙනසක් නොවීය.

    1971 වර්ෂයේ තරුණ කැරැල්ලේ පටන් මේ දක්වා අතුරු දහන් වූ පුද්ගලයන් සංඛ්‍යාව කොතෙක් දැයි කිසිවකු ගණනය කර ඇත් ද යන්න සැක සහිතය. ඒ සම්බන්ධ ක්‍රියාත්මක වන ආයතනයක් ස්ථාපිත කරන්නට බලධාරීන් ක්‍රියා නොකිරීම නිසා සංඛ්‍යාලේඛන හා තොරතුරු නිවැරදිව ලබා ගැනීම දුෂ්කර වී ඇත. අප රටේ ඕනෑම අයෙකුට තමන් කැමති ප්‍රදේශයක තමන් කැමති අය සමඟින් ජීවත්වන්නට අයිතියක් ඇතත් අතුරුදන් වූ පුද්ලයන්ට ඒ අයිතිය අහිමි වී තිබේ.

    උතුරු නැ‍ඟෙනහිර යුද්ධය පැවැති කාලය තුළ රණවිරුවන් විශාල සංඛ්‍යාවක් අතුරුදන් වී සිටිති. ඔවුන්ට සිදුවූයේ කුමක්දැයි සොයාබලන්නට යුද්ධය අවසන් වී වසර 07ක් ගතවූවද කිසිවකු මැදිහත්වී නැත.‍ අතුරුදන් වූ රණවිරුවන් වෙනුවෙන් ලැබිය යුතු වැටුප් දීමනා ආදිය ලබාදුන් විට පවුල්වල සාමාජිකයන්ට හිත හදාගත හැකි යැයි පාලකයන් සිතනවා වන්නට පුළුවන.

    අතුරුදන් වූ තම ආදරණීය පුතුන් වෙනුවෙන් පිං පෙත් අනුමෝදන් කරන්නට දනක් දෙන්නට හිත හදාගන්නට බැරිවූ අම්මාවරු අප ර‍ටේ අපමණ සිටිති.

    තම සෙනෙහෙබර ස්වාමිපුරුෂයාගෙන් ලැබුණු ආදරණීය දරුවන් පෝෂණය කරන්නට, ඔවුන්ට රැකවරණය දෙන්නට කැපවී කඳුළු සඟවා හිතේ ගින්දර අවුළුවාගෙන වෙරදරන බිරින්දෑවරුන්ගේ සිත කියවීමට හැකිනම් ඔවුන්ගේ සැබෑ තතු ලෝකයට හෙළිවනු ඇත.

    අතුරුදන් වූ රණවිරුවන් සොයා ඇතැම් මවුපියන්, බිරියන් යුද්ධය පැවැති සමයේ එල්. ටී. ටී. ඊ. පාලන ප්‍රදේශවලට පවා ගියේ තම ජීවිතය සතයකට මායිම් නොකරමිනි.

    අතුරුදන් වූ දරුවන්ගේ මවු පියන්ගේ කඳුළු පෙරදැරි කරගෙන අතීතයේ කොළඹ සිට කතරගමට එදා සිටි පාලකයින්ට දෙස් දෙවොල් තබමින් වස් කවි කියමින් පාද යාත්‍රා ගිය නායකයන් එදා කීවේ මින් මතු මෙවන් දේ මෙරට සිදුවීමට ඉඩ නොතබන බවයි. එදා දකුණේ මවුවරුන්ගේ නෙතඟට නැඟි කඳුළු නැවත රටේ කිසිඳු මවක‍ගේ, බිරිඳකගේ නෙතඟට නො එන්නට කටයුතු කරන බවය. එදා පාද යුත්‍රාව මෙහෙය වූ නායකයා පසු කලෙක රටේ නායකයා බවට පත් වූ නමුත්, එම පාලන කාලය තුළ අතුරුදන්වූවන් ගැන තොරතුරු සොයා බලනවා තියා නැවත පුද්ගලයන් අතරුදන්වීම වළක්වාගන්නට හෝ ඔහු අපොහොසත් වූ බව රටම දන්නා කරුණකි.

    අතුරුදන් රණවිරුවන් ගැන සෙවීමට කළ ඉල්ලීම මහින්ද රාජපක්ෂ ප්‍රතික්ෂේප කළේය

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අතුරුදන්වූවන් ගැන තොරතුරු සොයා බලන්නට සැබෑ උවමනාවක් නොතිබූ බව සනාථකරන්නට ඕනෑ තරම් සාධක තිබේ. කොටි සංවිධානය අතහැර කරුණා අම්මාන් රජයට එක්වූ පසු අතුරුදන් වූ රණවිරුවන්ගේ මවුපියන් මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් තම ආදරණීය පුතුන්ට සිදුවූයේ කුමක්ද යන්න කරුණා අම්මාන්ගෙන් උදව් ‍ඇතිව සොයාබලන ලෙස ඉල්ලීමක් කළහ.

    මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා ඒ ගැන කරුණා අම්මාන්ගෙන් හෝ පිල්ලෙයාන්ගෙන් වචනයක් හෝ විමසූ බව දැනගන්නට නැත. අද ඒකාබද්ධ විපක්ෂයේ සිට කෑගසන කිසිදු දේශප්‍රේමියකු එදා ඒ ගැන වචනයක් හෝ කතා කළේ නැත.

    අනුරපුර රණවිරු ස්මාරකය තැනීමට එකල ගෝඨා ඉඩ දුන්නේ නැත

    පැවැති සෑම ආණ්ඩුවකින්ම කබලෙන් ලිපට වැටුණු අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයන්ට අවශ්‍ය වී ඇත්තේ එකම එක දෙයකි. ඒ තම ඥාතීන්ට සත්‍ය වශයෙන්ම සිදුවූයේ කුමක්ද යන්න දැනගැනීමය. මෙවන් පරිසරයක් පැවැති අප රටේ අතුරුදන්වූවන් ගැන තොරතුරු සොයන්නට කාර්යාලයක් ආරම්භ කිරීමට සූදානමක් පවතී.

    මේ නිසා අතුරුදන්වූවන්ගේ ඥාතීන්ට නව බලාපොරොත්තුවක් ඇතිවී ඇත්තේ මේ තුළින් තම අතුරුදන්වූ ඥාතියා ගැන සත්‍ය තොරතුරක් දැනගැනීමට හැකියාවක් ලැබෙනු ඇත යන්නය. අප රටේ 1971 සිට 2016 දක්වා සිදුවූ පුද්ගල අතුරුදන්වීම් පිළිබඳ සොයා බැලීම මෙම කාර්යාලයට පැවැරෙන සුවිශේෂී කාර්යය භාරයක් වනු ඇත. එමෙන්ම නැවත අප රටේ අතුරුදන්වීම් සිදුවීම වැළැක්වීම සඳහා පියවර ගැනීමත් මේ කාර්ය භාරය අතර ප්‍රධාන වේ. දකුණේ පැවැති තරුණ නැගිටීම හේතුවෙන් අතුරුදන් වූ තරුණ දූ පුතුන් ගැන සේම, විසිහය වසරක යුද්ධය නිසා අතුරුදන්වූ රණවිරුවන් හා සිවිල් පුරවැසියන්, මාධ්‍යවේදීන්, දේශපාලන ක්‍රියාකාරින් හා සුදු වෑන් මඟින් පැහැරගත් පුද්ගලයන් ආදී සියලු දෙනා වෙනුවෙන් තොරතුරු සොයාබැලීමේ සාධනීය පියවරක් ලෙස මෙම අතරුදන් වූවන් ගැන තොරතුරු සොයා බලන කාර්යාලය හැඳින්වූවාට වරදක් නැත.

    යුද්ධය නිසා අතුරුදන් වූ රණවිරුවන් වෙනුවෙන් මුල් කාලයේ සහතිකයක් නිකුත් කළේ වසර 07කට පසුවය. පසු කාලීනව අතුරුදන් වී වසරක් ගිය පසු සහතිකය නිකුත් කළ අතර එය මරණ සහතිකයක් වුවත් එහි මරණයට හේතුව ලෙස එහි සඳහන් වූයේ ත්‍රස්ත්‍රවාදීන් විසින් පැහැරගෙන ගොස් අතුරුදහන් වී ඇත. යන්නය. නමුත් අතුරුදන්වූ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයනට කියාගන්නට අවශ්‍ය වූයේ තම ඥාතියා මිය ගියේ නැත. තවම හරියටම තත්ත්වය කුමක්දැයි දන්නේ නැත යන්නය.

    අතුරුදන්වූවන් වෙනුවෙන් මරණ සහතිකය වෙනුවට ‘නැති සහතිකය’ (cetificete of Absence) නිකුත් කරන්නට රජය සූදානම් වීම ඉතා වැදගත් වන්නේ එහෙයිනි‍. දීර්ඝ කාලයක් පුද්ගලයන් නොපැමිණි විට පවුලේ සාමාජිකයන් මුහුණදෙන නෛතික ප්‍රශ්න විසඳාගැනීමේ අවශ්‍යතාවයක් සෑම පවුලකටම තිබුණි. එදා රණවිරුවන්ට කඩිනමින් මරණ සහතිකයක් නිකුත් කළේ ද එකී නෛතික ප්‍රශ්න විසඳාගැනීමටය. නෛතික ප්‍රශ්න විසඳාගැනීමට උරුමය ලබාගැනීමට සහතිකයක අවශ්‍යතාවය තිබුණා වුවද අතුරුදන් වූ පුද්ගලයා මිය ගිය බව පිළිගන්න සහතිකයක් ලබාගැනීමට ඥාතීන් කිසිවිටක කැමැති වූයේ නැත.

    රණවිරුවන් වෙනුවෙන් රාජකාරිමය වශයෙන් ලැබිය යුතු වරප්‍රසාද ඉහළින්ම ලැබුණත්, සිවිල් සමාජයේ අතුරුදන්වූ පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන් ගැටලු රාශියකට මුහුණ දුන්හ. බොහෝවිට මේ සෑම පවුල් ඒකකයකම අතුරුදහන් වී සිටියේ පවුලේ ජීවන බර කරට ගෙන කටයුතු කළ පුද්ගලයාය. එවිට ඔහු වෙනුවෙන් හිමිකම් කිසිවක් ලබාගැනීමට නීත්‍යානුකූලව බලය පැවරුණු ලියවිල්ලක් ලෙස මෙම නව ‘නැති සහතිකය’ (cetificete of Absence) ඔවුනට වැදගත් වේ.‍ මෙය මරණ සහතිකයක් නොවේ. අතුරුදන් වූ පුද්ගලයා වෙනුවෙන් ඔහු විසින් ගත යුතු තීරණ ඔහුගේ කාලාත්‍රයාට හෝ පවුලේ සාමාජිකයන්ට ගැනීමට මේ තුළින් බලය හිමිවෙයි.

    පිහිටුවීමට යෝජිත අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයට රටේ නීතිය අභිභවා යන බලයක් ලැබෙන බවට ඇතැම් අය චෝදනා කරති. මේ චෝදනා සියල්ල කිසිදු පැකිලීමකින් ‍තොරව බැහැර කළ හැකිය. මෙවන් කාර්යාලයක් ප්‍රමාදවී හෝ ආරම්භ කිරීම ගැන සතුටු විය යුතුයි.

    අතුරුදන්වූවන් වෙනුවෙන් පිහිටුවීමට යෝජිත කාර්යාලයට විරුද්ධ වීම යනු අනාගතයේත් පුද්ගලයන් අතුරුදහන් කරවීමට අනුබලය දීමකි.

    ඇතැමුන් පවසන්නේ මෙය ජාත්‍යන්තර වශයෙන් අපට බලෙන් ඇටවූ දෙයක් බවයි. අද විවිධ පර්ශවයන් මේ ගැන විවිධ චෝදනා ඉදිරිපත් කෙරුවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා L. L. R. C. කොමිසම හරහා බෑන්කී මූන් සමඟ මේ ගැන එකඟතාවයකට පැමිණ තිබුණි. වර්තමාන රජය ඒ පියවර තවත් ඉදිරියට ගෙන අතුරුදන්වූවන් සම්බන්ධව මෙම කාර්යාලය ස්ථාපිත කරන්නට ඉදිරි පියවර තබා ඇත. නමුත් මේ කාරණා සියල්ලම පැත්තකට ගෙන හෘද සාක්ෂියට එකඟව කල්පනා කොට බැලුවහොත් මේ අතුරුදන් වී සිටින්නේ බෑන්කී මූන්ගේ පුතා නොවන වග මේ රටේ කවුරුත් පිළිගත යුතුය. උතුරේ වුවත් දකුණේ වුවත් අප ර‍ටේ තරුණයන් ගැන සොයා බලනවාට සැබෑ දේශප්‍රේමියෙකුට විරුද්ධ විය හැකිද?

    රණවිරුවන් දංගෙඩියට යවන බවට ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමි

    නැවත වතාවක් මෙවැනි අතුරුදන්වීම් සිදුවුවහොත් ඉන් පාඩුවන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට හෝ බෑන්කී මූන්ට නොවේ. එබැවින් මේ ගැන කටයුතු කිරීමට ජාත්‍යන්තරයට වඩා වුවමනාවක් අපේ ර‍ටේ පුරවැසියන්ට තිබිය යුතුය. සැබෑ දේශප්‍රේමය එයයි.

    අතුරුදහන්වූවන්ගේ කාර්යාලය පිහිටුවීම තුළ අප ර‍ටේ රණවිරුවන් දංගෙඩියට යනවා, ජාත්‍යන්තර අධිකරණයට යනවා යන මතය අතුරුදන් වූ රණවිරුවෙකුගේ මවක් ලෙස මම එකහෙළා ප්‍රතික්ෂේප කරමි. මේවා කිසිම පදනමක් නැති හිස් සටන් පාඨයි. අද සමාජය රණවිරුවා කියන වචනය පවා අවභාවිත කොට ඇත. රණවිරුවා කියන්නේ යුද්ධයට සම්බන්ධව ජීවිත පරිත්‍යාගයෙන් ක්‍රියා කළ අයයි. යුද බිම පැත්ත පළාතේ නොගිය තාත්තා ජනාධිපති වීම නිසා හමුදා නිලධාරීන් වූ අය රණවිරුවන් කියන උත්තම මිනිසුන් ගණයට අයත් වන්නේ නැත.

    ශ්‍රී ලංකාවේ හමුදාව යනු ආඩම්බර විය හැකි විනය ගරුක පිරිසකි. යුද්ධයට මැදිවූ සිවිල් ජනතාවට ඔවුන් තමන්ගේ බත් පත පවා පරිත්‍යාග කළහ. සාමාන්‍යයෙන් යුද්ධ බිමක මෙවැනි සිදුවීම් විරලය. කිසිවිටකත් මේ රටේ මිනිසුන් අතුරුදහන් කිරීමට රණවිරුවන්ට වුවමනාවක් තිබුණු බව විශ්වාස කළ නොහැකිය. විනයානුකූලව කටයුතු කළ කිසිදු රණවිරුවෙක් අතුරුදහන් වූවන්ගේ කාර්යාලය ස්ථාපිත කිරීම පිළිබඳ බිය විය යුතු නැත.

    අතුරුදන්වූ රණවිරුවන් වෙනුවෙන් ස්මාරකයක් අනුරාධපුරයේ ඉදිකරන්නට අපි එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කළෙමු. ඔහු එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ සාම විහාරයේ විහාරාධිපති හාමුදුරුවෝ ඉඩම් කොටසක් දීමට පවා කැමැත්ත පළ කර තිබියදීය. එදා අතුරුදහන් වූ රණවිරුවන් වෙනුවෙන් ඔහු කටයුතු කළේ ඒ ආකාරයටය. අප සංගමය අද බලාපොරොත්තු වන්නේ මේ අතුරුදන් වූවන්ගේ කාර්යාලය හරහා මේ රටේ අතුරුදන්වූවන් වෙනුවෙන් ස්මාරකයක් නිර්මාණය කරන්නටය. රණවිරුවා කියනවාට වඩා ඔවුන් හැඳින්වීමට සුදුසුම වචනය ලෙස අප විශ්වාස කරන්න උදාරතම පරිත්‍යාගය කළ පුද්ගලයින් යන්නය.

    මේ උදාරතම පරිත්‍යාගය කළ අතුරුදහන් වූ රණවිරුවන් වගේම අනෙක් සියලු අතුරුදහන් වූ දූ පුතුන් ගැන සොයා බැලීමේ අරමුණින් පිහිටුවන මේ නව කාර්යාලය ගැන මවන බිල්ලන්ට අප තවත් ඉඩ දිය යුතු නැත. මෙම නව කාර්යාලය පිහිටුවන්නේ අතුරුදහන්වූවන් ගැන සොයා බලා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට පිහිටවෙන හා ඔවුන්ට සාධාරණය ඉටුකරන කියන චේතනාවෙන්නම් එයට කිසිවෙකුට විරුද්ධවීමට හේතුවක් නැත. එම කොමිසමේ නිලධාරීන් කඳවුරු පරීක්ෂා කළ වුව ද බන්ධනාගාර පරීක්ෂා කළ වුව ද සිරකොට ඇත්තේ වැරදි කරුවන්නම් ඔවුන් නිදහස් කිරීමේ බලය ඇත්තේ අධිකරණයටය. නමුත් රටක ප්‍රජාතන්ත්‍රවාද ආරක්ෂා වන ලෙස කෙනෙකු අත්අඩංගුවට ගැනීමට ඇති හැකියාව කෙනෙකු පැහැරගැනීම හෝ අතුරුදහන් කරවීම කිසිවිටකත් සමාන කළ නොහැක.


    - http://www.dinamina.lk/?q=2016/08/12/20821
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,628
    28,614
    113
    අතුරුදන් කරවීමට බලාපොරොත්තුවක් ඇති අයට පනතට විරුද්ධ විය හැකියි

    ජාති, ආගම්, පක්ෂ භේදයකින් තොරව රටේ සියලු පුරවැසියන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම සඳහා අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාල පනත මඟින් හොඳ සහතිකයක් ලබාදී තිබෙන බව අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

    අනාගතයේ අතුරුදන් කරවීමේ බලාපොරොත්තුවක් ඇති පුද්ගලයෙකුට පමණක් මේ පනතට විරුද්ධ වියහැකි බව පෙන්වාදෙන ඒ මහතා මේ සම්බනධයෙන් ඒකාබද්ධ විපක්ෂය විවිධ චෝදනා ඉදිරිපත් කරන බවද අපේ රණවිරුවන්ට මෙයින් කිසිදු හානියක් නොමැති බවද සඳහන් කරයි.

    ඇමැතිවරයා මේ බව සදහන් කළේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ඊයේ (11) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

    එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේ පසුගිය රජය විසින් 2009 වසරේ දී යුද්ධය ජයග්‍රහණය කළ ද ජාත්‍යන්තරය ඉදිරියේ කොන් වී සිටි බවත් යුද්ධය ඉවර වී පැය 48ක් ගත වීමටත් පෙර ශ්‍රී ලංකාවට පැමිණි ජගත් මහ ලේකම්වරයා විසින් බලහත්කාරයෙන් ගිවිසුමකට අත්සන් තැබූ බවත්ය. මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා ලෙස ජගත් මහ ලේකම්වරයා උපදෙස් දී තිබෙන බවද එහි එකඟතාවයේ ප්‍රතිඵලයක් වශයෙන් උගත් පාඩම් හා ප්‍රතිසංධානය පිළිබඳ ජනාධිපති කොමිසම පත්කළ බවඳ සඳහන් කළේය.

    කෙසේ වුවද එම තත්ත්වයන් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ජගත් මහලේකම්වරයා විසින් දරුස්මාන් කමිටුව පත්කළ බව සිහිපත් කළ ඇමැතිවරයා අද වනවිට ජාත්‍යන්තරයෙන් කිසිඳු චෝදනාවක් ශ්‍රී ලංකාවට නොමැති බවද මේ නව පනත ගෙනඒමට ජාත්‍යන්තරය විසින් ප්‍රකාශ කළ යුතු නැතැයි ද පෙන්වා දුන්නේය.

    විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා මහතා මෙහිදී පෙන්වා දුන්නේ අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාල පනත රහසිගත ලේඛනයක් නොවන බවත් පනතක් සම්මත කිරීම සඳහා අනුගමනය කළයුතු ක්‍රමවේදය නිසි පරිදි අනුගමනය කර තිබෙන බවත්ය. පක්ෂ කිහිපයක් විසින් සංශෝධන ඉදිරිපත් කර තිබෙන බව කී ඒ මහතා ඒ සියල්ල රජය විසින් පිළිගෙන තිබෙන බවද කිසිඳු කරුණක් නොමැතිව ඒකාබද්ධ විපක්ෂය විසින් බොරු තර්කයක් ඉදිරිපත් කළ බවද පෙන්වා දුන්නේය.

    පනතක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යාහැකි බව සඳහන් කළ නියෝජ්‍ය ඇමැතිවරයා මේ පනත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට නොගිය බවද මෙය ජනතා අයිතියට පටහැනි නොවන බවද පැවසීය. සත්‍යය සෙවීම අවශ්‍යවන අතර මේ සඳහා කිසිඳු අධිකරණ බලයක් නොමැති බවද යුද්ධය සඳහා නායකත්වය ලබාදුන් සැමගේ ආරක්ෂාව මේ හරහා සහතික කර තිබෙන බවද කීවේය.


    - http://www.dinamina.lk/?q=2016/08/12/20835
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,628
    28,614
    113
    මහින්ද රාජපක්ෂ මහතා විසින් පත් කරන ලද උගත් පාඩම් පිළිබඳ කොමිසම හා පරණගම කොමිසම වෙත උතුරේ හා දකුණේ ගැටුම් නිසා අතුරුදන්වූ දස දහස් ගණනක් පවුල් පැමිණිළි ඉදිරිපත් කරන ලදී. යුද්ධය හමාරව පවතින අද දවසේ වුවද තම දූ පුතුන් අහිමි වූ මව්වරුන් සියලූ දුක් කන්දරාවන් දරා ගනිමින් ආණ්ඩුවේ කන්තෝරුවෙන් කන්තෝරුවට පොලීසිවලට හා හමුදා කඳවුරුවලට විස්තර සොයමින් ගමන් කරති.

    මෙම මව්වරුන්ගේ පවුල් පසුබිම් සුවිශාල ලෙස වෙනස් විය හැක. සමහරුන්ගේ දුවා දරුවෝ එල්.ටී.ටී.ඊ ය විසින් බලහත්කාරයෙන් යුද්ධයට බඳවා ගත්තෝය. තවත් සමහරුන් 1988 - 89 භීෂණ කාලයේදී අතුරුදන් වූහ. තවත් සමහරු යුධ සමයේදී හමුදාවට බැඳී අතුරුදන් වූහ. තවමත් තමන්ගේ දරුවන් අතුරුදන්වූ මව්වරුන් මාතර මාගේ කාර්යාලයට දුක් ගැනවිලි කියමින් පැමිණෙති. එම බොහෝ මව්වරුන් අදටත් විශ්වාස කරන්නේ තමන්ගේ දූ පුතුන් ජීවතුන් අතර සිටින බවයි. එසේ නැතහොත් සිය කටුක අතීතය අමතක කර දැමීමට ප්‍රථමයෙන් සත්‍ය වශයෙන්ම තම දරුවන් කොහේදී කුමන ආකාරයෙන් මරණය අත්වූවා දැයි දැන ගැනීමට කැමැත්තෙන් පසුවෙති. රට පුරා අතුරුදන්වූවන් පිළිබඳව අප විසින් කතා බස් කළ සෑම විටම එම පවුල්වල අය ඉල්ලා සිටියේ අඩු තරමේ තම අහිමි වූ පුතුන්ගේ ඇටකටු හෝ සොයා දෙන ලෙසත් ඉන් පසුව තමන්ට මරණය සිදුවූ බව භාරගත හැකි බවත්ය.

    සත්‍ය කොමිසමට අනුව ඔවුන්ගේ මේ මානසික පීඩනය රජය විසින් පළමුවෙන්ම සැළකිල්ලට ගත යුතු කරුණකි. අපට අතුරුදන්වූවන්ගේ පවුල් වෙත සත්‍ය සොයා දීමෙන් ඔවුන්ගේ සිත්වලට සහනයක් ලබා දීමට හැකිය. මහින්ද රාජපක‍්ෂ රජය කාලයේ මේ සියලු ප්‍රශ්න සම්බන්ධයෙන් සිදු කළේ ජාත්‍යන්තර ප්‍රජාව නොමග යැවීමට මාන බලමින් කරන විජ්ජාවකි. දැන් පරාජයට පත්වී බලය රහිතව සිටින මහින්ද රාජපක්ෂ තම සුපුරුදු අවස්ථාවාදී හැසිරීම මනාව පෙන්නුම් කරමින් දුක් විඳින මව්වරුන්ගේ කර මත නැග දේශපාලන වාසි තකා අනාගත පරපුර තවත් වරක් රැවටීමට සැරසේ.

    ඔහු විසින් අතුරුදන්වූවන්ගේ කාර්යාලය පිළිබඳ සිදු කරන ප්‍රකාශයේ අසත්‍ය තොරතුරු එළිදරව් කිරීමට ප්‍රථම මෙම ප්‍රශ්නයේ ඉතිහාසය සොයා ගත යුතුය.

    මහින්ද රාජපක්ෂ වෙත මා විසින් මෑත කාලීනව යැවූ විවෘත ලිපියෙන් හෙළිදරව් කළ පරිදි ඔහු කලක් පාර්ලිමේන්තුවේදී උසාවිවල හා ජිනීවාවලදී අතුරුදන් වූවන්ගේ පවුල්වල දුක් ගැනවිලි වෙනුවෙන් කිඹුල් කදුළු හෙලමින් හඩා වැළපුනේය.

    ඇත්ත වශයෙන්ම, 1990 ඔක්තේම්බර් 25 වන දින ජිනීවා සංචාරයෙන් පසුව ඔහු පාර්ලිමේන්තුවේදී අභීතව කතා කරමින් පැවසූයේ “මේ ආණ්ඩුව මානව අයිතිවාසිකම් ප්‍රතික්ෂේප කරන්න හදනවා නම් අපි ජිනීවාවලට නොවෙයි, අවශ්‍ය නම් ලෝකයේ ඕනෑම තැනකට, නැත්නම් අපායට වුනත් ගිහින් ආණ්ඩුවට එරෙහිව ක්‍රියා කරනවා. මේ රටේ අහිංසකයන්ගේ දුක් ගැනවිලි ලෝකයේ කොහේ හිටියත් කියන්න ඕන.“ යනුවෙනි. එදිනම ඔහු තවදුරටත් පැවසූවේ “මම මේ රටේ මව්වරුන්ගේ දුක් අඳෝනා රැගෙන ගියා. ඔවුන් ගැන කතා කිරීමට මට නිදහසක් නෑද්ද?“ යනුවෙනි.

    තවත් අවස්ථාවකදී අතුරුදන් වූවන් දහස් සංඛ්‍යාවක් පිළිබඳ තොරතුරු අඩංගු ලිය කියවිලි 533 ක් ජිනීවාවලට ගෙන යාම සම්බන්ධයෙන් ඔහු ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගත් අතර ඒ පිළිබඳව ඔහු ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුවද ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාග කරන ලදී.

    මහින්ද ඔවුන්ගේ දුක් ගැනවිලි ගැන හඬ නැගුවා පමණක් නොව, ඔහු ඒ සම්බන්ධයෙන් මුළු ලොවම ක්‍රියාකාරී කරවීමෙහිලා සාර්ථක ප්‍රතිඵලද ලබා ගත්තේය. ඔහුගේ සංචාරය නිමවීමත් සමගම ජාත්‍යන්තර ප්‍රජාව විසින් ලංකාවට ලැබිය යුතු ආධාර සම්බන්ධයෙන් කොන්දේසි පවා පනවන ලදී. ඒ පාර්ලිමේන්තු විවාදයේදීම කතා කළ ඔහු තවදුරටත් මෙලෙස පුරසාරම් දෙඩීය. “අපිට ආධාර දෙන රටවලින් ඇහුවා ඇයි ආධාර දෙනකොට කොන්දේසී පනවන්න බැරි ඇයි කියලා. එසේ කරන ලෙස අපි ඉල්ලීමක් කරා. එය තමයි අද ඉටුවී ඇත්තේ.“ මෙම වචනවලින්ම ඔහුගේ ස්වරූපය පිළිබිඹුවන අතර ජනාධිපතිධුරයට පත්වීමෙන් පසු ඔහු දැක්වූ අදහස් හා ඔහුගේ ක්‍රියා කලාපය තුළින්ම ඔහු කොපමණ කුහකයෙකු බවට පත්වී ඇති දැයි පෙන්නුම් කෙරෙන හෙයින් මා විසින් එය පුන පුනා අවධාරණය කිරීම අවශ්‍ය නොවේ.


    මේ අතීතය දෙස බලන විට ඔහුගේ මානව අයිතිවාසිකම් පිළිබඳව සියලූ කෙරුවාවල් තමන්ගේ දේශපාලන වාසි සඳහා මහජනතාවගේ දුක් ගැනවිලි යොදා ගන්නා ලද කූට උපක්‍රමයක් ලෙස පෙනී යයි.
    2009 යුද්ධය හමාර වීමෙන් පසුව එක්සත් ජාතීන්ගේ මහලේකම් බන්කී මූන් මහතා සමග නිකුත් කරන ලද වගවීම පිළිබඳ ඒකාබද්ධ ප්‍රකාශය මෙයට හොඳම උදාහරණයකි. ජිනීවාහි හිටපු තානාපති දයාන් ජයතිලක විසින් මුළු මහත් ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේම 2009 දී ලබා දුන් පොරොන්දු එම වසරේ ජිනීවා යෝජනාවන්හි දැකගත හැකිය.

    මෙයාකාරයෙන් කිහිප වතාවක් ප්‍රසිද්ධියේ ජාත්‍යන්තරයට ලබා දුන් පොරොන්දු කඩ කරමින් ලංකාවට විරුද්ධව ඇති චෝදනා හුදු ප්‍රබන්ධයක් ලෙස ඉවත දමමින් සිදු කළ හැසිරීම රට විශාල ආගාධයකට ඇද දැමීමට පාර කැපුවේය. යුද්ධයේදී අපරාධවලට සම්බන්ධ වූ කිහිප දෙනෙකු ඇත්නම් ඒවා සත්‍යද යන්න සොයා බලා ඔවුන් සිදු කළ වෘත්තීය නොවන ක්‍රියාවන්වලට දඬුවම් දී මුළු මහත් හමුදාවේ කීර්තිය රැක ගැනීමට පුළුවන්කම තිබුණි. එසේ නොකොට මුළු මහත් හමුදාවම පාවා දීමට ඔහු කටයුතු කළේය.

    අතුරුදන්වූවන්ගේ කාර්යාලය පිළිබඳව මහින්ද රාජපක්ෂ මහතාගේ අවස්ථාවාදී ප්‍රකාශයෙන් යම් අයෙකු නොමග ගොස් ඇත්නම් ඔවුනට එක් එක් කරුණ සම්බන්ධයෙන් වෙන වෙනම පිළිතුරු ලබා දෙමින් එහි ඇති ව්‍යාජ බව හෙළිදරව් කිරීමට කැමැත්තෙමි.

    මහින්දගේ අවස්ථාවාදී ප්‍රකාශ අංක 01. මෙකී අතුරුහන්වූවන්ගේ කාර්යාලය ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කිරීමේ හෝ යුක්තිය පසිඳලීමේ ආයතන පද්ධතියේ කොටසක් වන්නේ නැත. මෙය පාර්ලිමේන්තුව විසින් සංස්ථාපිත ස්වාධීන ආයතනයක් වන අතර එයට රජයේ ආයතනවලට බලපාන සාමාන්‍ය නීතී රීතිවලට පිටින් කටයුතු කිරීමට හැකියාව ලැබේ.

    යෝජනා කොට ඇති පාර්ලිමේන්තු පනත් කෙටුම්පතේ අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයට ප්‍රධාන කාර්යන් 04 ක් පවරා තිබේ.

    ‍• අතුරුදන් වූවන් පිළිබඳ සොයා බැලීම හා ඔවුන් පිළිබඳව ලේඛණ ගත කිරීම.
    ‍• පුද්ගලයින් අතුරුදන්වීම පිළිබඳ පසුබිම සොයා බැලීම හා ඔවුනට සිදුවූ දේ පිළිබඳ වාර්තා කිරීම.
    ‍• අතුරුදන්වීම් හා අතුරුදන් කිරීම් අවම කර ගැනීම සඳහා බලධාරීන් වෙත යෝජනා ලබා දීම.
    ‍• අතුරුදන්වීම්වලට ලක්වී ඇති අයගේ පවුල්වලට සහන ලබාදීමේ ක්‍රමවේදයක් හඳුනා ගැනීම.

    ඉහත වගකීම් අනුව පෙනී යන්නේ අදාළ අයතනය නීතීමය හෝ අධිකරණමය වගකීම් සහිත ආයතනයක් නොව, සත්‍ය සොයා බැලීමේ පරීක්ෂණ ආයතනයක් බවයි. පාර්ලිමේන්තුව විසින් හඳුන්වා දෙනු ලබන අතුරුදන්වීම් පිළිබඳ කාර්යාලය අල්ලස් හා දූෂණ කොමිසම, මානව හිමිකම් කොමිසම වැනි සමාජයේ හඳුනාගත් ප්‍රශ්න පිළිබඳ ප්‍රතිචාර දක්වන තවත් එක් ආයතනයක් බවට පත්වේ. අදාළ පනත් කෙටුම්පතේ පහත මූලයන් අඩංගු වේ.

    ‍• අතුරුදන්වූවන්ගේ පිළිබඳ කාර්යාලයෙන් හෙළිදරව් කරනු ලබන විස්තර අපරාධ හෝ සිවිල් නීතී ක්‍රියාදාමයන් සඳහා අදාළ කර නොගැනීම.
    ‍• අනිකුත් ස්වාධීන කොමිෂන් මෙන්ම අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා කවුන්සිලය මගින් පත් කෙරෙන සාමාජිකයින් 07 න් යුක්තය.
    ‍• අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයේ සාමාජිකයින්, නිලධාරීන් හා කාර්ය මණ්ඩලය රජයේ සේවකයන් ලෙස සළකනු ලැබේ.
    ‍• අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයේ සාමාජිකයින්ගේ වැටුප් පිළිබඳ තීරණය කරනු ලබන්නේ පාර්ලිමේන්තුව විසින් වන අතර ඔවුනට ඒකාබද්ධ අරමුදලෙන් ප්‍රතිපාදන ලබා දෙනු ලැබේ.
    ‍• ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 154 වගන්තිය යටතේ පැවරෙන බලතල අනුව විගණකාධිපති විසින් අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයේ විගණන කටයුතු සිදු කරනු ලැබේ.
    ‍• යෝජිත කාර්යාලය විසින් පාර්ලිමේන්තුවට වාර්ෂිකව වාර්තා සැපයිය යුතු අතර එම වාර්තා මහජනතාවගේ දැන ගැනීම සඳහා එළි දැක්විය යුතුය.

    මහින්දගේ අවස්ථාවාදී ප්‍රකාශ අංක 2. මෙය ‘කාර්යාලයක්‘ ලෙසට හැඳින්වුවද එය සැබවින්ම විමර්ශන සභාවකි. මෙම අතුරුදන්වූන්ගේ කාර්යාලයට සාක්ෂිකරුවන් ගෙන්වා පරීක්ෂා කිරීමටත්, කැඳවුම් නියෝග නිකුත් කිරීමටත්, විභාග පැවැත්වීමටත් බලය ඇත. මෙම ආයතනයේ නිලධාරීන්ට වරෙන්තුවක් නොමැතිව වුවද, රෑ දවල් ඕනෑම වෙලාවක පූර්ව දැනුම්දීමකින් තොරව, “ඕනෑම පොලිස් ස්ථානයකට, බන්ධනාගාරයකට හෝ ත්‍රිවිධ හමුදා කඳවුරකට ඇතුළු වීමටත් විමර්ශනය කිරීම සඳහා ඕනෑම ලියවිල්ලක් හෝ භාණ්ඩයක් තම සන්තකයට ගැනීමටත් බලය ඇත. මෙකී කාර්යාලයට සහයෝගය නොදක්වන ඕනෑම අයෙකුට උසාවියට අපහාස කිරීමේ චෝදනාව යටතේ දඬුවම් කළ හැක.


    අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය සත්‍ය සොයා බැලෙන විමර්ශන ආයතනයකි. මතභේදයන් පිළිබඳ විනිශ්චයන් ලබා දීම එයට සිදු කළ නොහැකිය. යෝජිත පනත් කෙටුම්පතේ දැක්වෙන පරිදි “අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය විසින් හෙළිදරව් කරන කරුණු, අපරාධ හෝ සිවිල් නඩු ගොනු කිරීමට හේතු සාධක නොවේ. ආයතනයේ මූලික කටයුත්ත වන්නේ යම් අතුරුදන්වූ පුද්ගලයෙකු මිය ගොස් ඇත්ද? නැතිනම් ජීවතුන් අතර ඇත්ද? යන්න සොයා බලා මිය ගොස් ඇතිනම් එය කවදා කුමන ස්ථානයකදී කෙසේ සිදුවී ඇත්දැයි සොයා බැලීමයි.“

    මානව හිමිකම් කොමිසම, පාර්ලිමේන්තුවේ පෙත්සම් කාරක සභාව වැනි ආයතනයන්ට ඇති බලතල හා නීතිමය වරප්‍රසාදයන් මෙම අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය වෙත ලබා දෙනු ඇත. එසේම සහයෝගය ලබා නොදීම හා නිග්‍රහශීලි ලෙස ක්‍රියා කිරීම වෙනුවෙන් මෙවැනි පොදු ලක්ෂණ අනික් ආයතනවලද තිබේ. උදාහරණයක් ලෙස පාර්ලිමේන්තු පෙත්සම් පිළිබඳ කාරක සභාවේ බලතල අනුව “ ඕනෑම පුද්ගලයෙකු එය ඉදිරියට ගෙන ඒමට, ඕනෑම පුවත්පතක්, පොතක් හෝ වාර්තාවක් හෝ වෙනත් ලියවිල්ලක් පරීක්ෂා කිරීමට ඉල්ලා සිටීමට හා දේපලවලට ඇතුළු වීමට අවසර තිබේ.“ මෙම බලතලවලට අතිරේකව, අපගේ දැනට පිහිටුවා තිබෙන මානව හිමිකම් කොමිෂන් සභාවට, “ඕනෑම අවස්ථාවකදී, ඕනෑම රැඳවුම් ස්ථානයකට, පොලිස් ස්ථානයකට, බන්ධනාගාරයකට හෝ අධිකරණ නියෝගයක් මත හෝ වෙනත් ආකාරයකින් යම් පුද්ගලයෙකු රඳවා ගෙන ඇති වෙනත් ඕනෑම ස්ථානයකට ඇතුළු වීමටද, අවශ්‍ය වෙතොත් එහි රඳවා ගෙන ඇති පුද්ගලයන්ගේ රඳවාගැනීමේ තත්වයන් පිළිබඳව නිශ්චිත වශයෙන් දැන ගැනීමටද එහි පරීක්ෂණ කටයුතු සිදු කිරීමට හෝ එහිදී හමුවන ඕනෑම පුද්ගලයෙකුගෙන් ප්‍රශ්න කිරීමට ද ව්‍යවස්ථාව මඟින් බලය ලබා දී තිබේ.“

    ඉහත ආකාරයට සමානව අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයට රඳවා ගැනීමේ ස්ථාන වෙත ඇතුළුවීමට අවසර තිබේ. එයට මහේස්ත්‍රාත් උසාවියකින් ලත් අවසර මත පොලිසීයට හෝ අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයට අදාළ පරීක්ෂණ සඳහා සම්බන්ධ යැයි සැක කෙරෙන පරිශ්‍රයක් වෙත ඇතුළුවීමට අවසර තිබේ.

    මහින්දගේ අවස්ථාවාදී ප්‍රකාශ අංක 3. පාර්ලිමේන්තුව ඉදිරියේ ඇති පනත් කෙටුම්පතට අනුව අතුරුදන්වූවන්ගේ කාර්යාලයේ සාමාජිකයින් හත්දෙනාට විමර්ශන පැවැත්වීම පිළිබඳ අත්දැකීම් මෙන්ම මානව අයිතීන් නීතිය හා ජාත්‍යන්තර මානුෂීය නීතිය පිළිබඳව දැනුමක්ද තිබිය යුතු බව කියවේ. මේ අනුව එහි සාමාජිකයින් වීමට සුදුසුකම් ලබන්නේ බටහිර මුදල්වලින් නඩත්තු වන රාජ්‍ය නොවන සංවිධානවල සාමාජිකයින් සහ බටහිර අනුග්‍රහය යටතේ පවත්වා ගෙන යන ජාත්‍යන්තර යුධ අපරාධ අධිකරණවල සේවය කළ අය පමණි.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කවුන්සිලය මගින් පත් කරනු ලබන අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයේ සාමාජිකයින් මානව හිමිකම් පිළිබඳ පළපුරුඳූ අත්දැකීම් සහිත අය වනු ඇත. යෝජිත කෙටුම්පත පැහැදිලිව අනවශ්‍ය පුද්ගලයින් ඇතුළත් නොවන පරිදි සකසා ඇත. පනත් කෙටුම්පතට අනුව අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයේ සාමාජිකයෙකු පත් කරන්නේ කතානායකවරයාගේ කැමැත්ත අනුව අගමැති විසින් කරන නිර්දේශයක් මත ජනාධිපතිවරයාගේ අනුමැතිය යටතේය. එහිදී පුද්ගලික න්‍යාය පත්‍රයක් සහිත මධ්‍යස්ථ නොවන පුද්ගලයින් පත්වීම වැළකෙනු ඇත. එවැනි අයෙකු ඉවත් කිරීමට ජනාධිපතිවරයාට බලය තිබේ. රාජපක්ෂ ආණ්ඩු කාලය මෙන්ම සිරිසේන වික්‍රමසිංහ පාලනය තුළදී තේ වෙළෙන්ඳන් තානාපතිවරුන් ලෙස හෝ නක්ෂත්‍රකරුවන් රාජ්‍ය බැංකුවල අධ්‍යක්ෂකවරුන් ලෙස හෝ වරාය ලිපිකරුවන් නොනිල විදේශ අමාත්‍ය කටයුතු සඳහා පත් නොකෙරේ. සුදුසුකම්ලත් ගැළපෙන පුද්ගලයින් ඒ සඳහා පත් කෙරේ.

    මහින්දගේ අවස්ථාවාදී ප්‍රකාශ අංක 4. පනත් කෙටුම්පතේ 21 වන වගන්තියට අනුව ඕනෑම විදේශීය පුද්ගලයෙකුගෙන් හෝ ආයතනයකින් සෘජුවම අරමුදල් ලබා ගැනීමට අතුරුදන්වූවන්ගේ කාර්යාලයට බලය පැවරේ.

    යෝජිත පනතට අනුව “රජය විසින් අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය වෙත තම කටයුතු පනතට අනුව ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය කරන ප්‍රමාණවත් අරමුදල් රජය විසින් ලබා දිය යුතු වේ. එම අරමුදල් රජයේ ඒකාබද්ධ අරමුදලින් ලබා දිය යුතුය.“

    ඉතා අපරීක‍්ෂාකාරී ලෙස සිදු කළ ආර්ථික කළමනාකරණය හා ණය කන්දරාව රජය වෙත ඉතිරි කරමින් රාජපක්ෂ පාලනය ඉවත්ව යෑමෙන් පසු දැනට රජයට දස දහස් ගණනක් වූ අතුරුදන්වූවන් පිළිබඳ සොයා බැලීමට අවශ්‍ය තරම් මූල්‍ය පහසුකම් නොතිබෙනු ඇත. එබැවින් අනෙක් රාජ්‍ය ආයතන සිදු කරන පරිදි අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයට ද විදේශීය තාක්ෂණය හා අරමුදල් ලබා ගැනීමට සිදුවනවා ඇත. ලැබෙන සියලූ අරමුදල් විනිවිදභාවයකින් යුතුව පරිහරණය කරනු ලබන අතර විගණකාධිපතිවරයා විසින් විගණනයට ලක් කරනු ඇත. විදේශ ආධාර ලබා ගැනීමට හා විදේශ විනිසුරුවරුන් වූ භගවතී වැනි අයට ලංකාවට ඒමට ආරාධනා කළ මහින්ද රාජපක්ෂ මහතා හා ඔහුගේ සගයා විමල් වීරවංශ විදේශ රටවලින් මුදල් ලබා ගැනීම පිළිබඳ පැමිණිලි කිරීම අදහාගත නොහැකි විකාරයකි.

    මහින්දගේ අවස්ථාවාදී ප්‍රකාශ අංක 5. ආයතනයේ රාජකාරි කටයුතු සම්බන්ධයෙන් අතුරුදන්වූවන්ගේ කාර්යාලයට ඕනෑම විදේශීය පුද්ගලයෙකු හෝ සංවිධානයක් සමග ගිවිසුම්වලට එළඹීමට හැක.

    විදේශීය පාර්ශව සමග ගිවිසුම් වලට එළැඹීමට සංස්ථාපිත ආයතන බලගන්වනු ලැබේ. මෙම සියලුම ගිවිසුම් ශ්‍රී ලාංකික නීතියට සහ ආණ්ඩුුක්‍රම ව්‍යවස්ථාවට යටත් වනු ඇත.

    මහින්දගේ අවස්ථාවාදී ප්‍රකාශ අංක 6. අතුරුදන්වූවන්ගේ කාර්යාලයේ සාමාජිකයින්ට එම ආයතනය තුළ විවිධ අංශ හා ඒකක පිහිටුවා තමාගේ බලතල එම ඒකකවලට පැවරිය හැක. කාර්යාලයේ සේවකයන් පත්කරන්නේත්, ඔවුන් සේවයෙන් පහ කරන්නේත් එම ආයතනය විසින්ම පමණි. මේ කාර්යාලයේ සේවකයන් ශ්‍රී ලාංකික පුරවැසියන් විය යුතු බවට කිසිදු වගන්තියක් පනත් කෙටුම්පතේ නැත.

    අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයට ශ්‍රී ලංකාවෙන් ලබා ගත නොහැකි විශේෂඥභාවයක් විදේශ රටවලින් ලබා ගැනීමට අවශ්‍ය වනු ඇත. මහින්දගේ ආණ්ඩුව ඇතුළු කලින් පැවති ආණ්ඩු විදේශීය විමර්ශකයන් හා ස්කොට්ලන්ත අධිකරණ විශේඥෂයින් ද ඩෙස්මන්ඩ් ද සිල්වා, රොෆ්රේ හයිස් හා එඩ්වඩ් ක්රේන් වැනි නීතී විශාරදයින් මෙරටට ගෙන්වන ලද්දේ එහෙයිනි. ලොව පුරා විසිරී ඇති වෙනත් එවැනි ආයතන බොහෝමයක් විදේශීය විශේෂඥභාවය ප්‍රයෝජනයට ගන්නා අතර එය ඔවුන්ගේ විශේෂඥභාවයෙන් ප්‍රයෝජන ගැනීමට නොව, ස්වයං ආරක්ෂාවන් සඳහා ප්‍රමාණවත් වනු ඇත. ඇත්ත වශයෙන්ම, එක්සත් රාජධානිය කැළඹිලි ස්වාභාවයෙන් යුක්ත මෙම අවස්ථාවේදී අවශ්‍යතාවයක්ව පැවති ස්ථායීභාවය හා විශ්වාසය ගොඩනඟමින් සිටින්නේ කැනේඩියානු ජාතික එහි මහබැංකු අධිපතියා විසිනි.

    විදේශීය තාක්ෂණික සහය ලබා ගැනීම දීර්ඝ කාලීන වශයෙන් විශේෂයෙන් අධිකරණ වැනි ක්ෂේත්‍ර හා සම්බන්ධ පුහුණුවීම්වලින් ඵල ප්‍රයෝජන ලබා ගනු ලබන දේශීය පුද්ගලයන්ගේ හැකියාවන් සංවර්ධනය සඳහා උපකාරී වනු ඇත. අනාගතයේදී මෙම ක්ෂේත්‍ර හා සම්බන්ධ ශ්‍රී ලාංකික විශේෂඥයින් එවැනි විශේෂඥභාවය අවශ්‍යවන වෙනත් රටවලට ඒ පිළිබඳ දැනුම ලබා දීමට හා එම රටවල් සමග එම දැනුම බෙදා හදා ගැනීමට හැකි තත්වයකට පත්වෙනු ඇත.

    කෙසේ වුවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව, අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයේ සංයුතිය මගින් ශ්‍රී ලාංකික සමාජයේ බහුවිධ ස්වාභාවය නියෝජනයවන බව තහවුරු කිරීමට පනත මගින් බැඳී සිටියි. එසේ හෙයින් අවශ්‍ය පරිදි හා අවශ්‍ය අවස්ථාවලදී විදේශීය විශේෂඥයින්ගේ සේවය ලබා ගැනීමේ හැකියාව සහිත ශ්‍රී ලාංකික ක්‍රමවේදයක් හඳුන්වා දීම පනත් කෙටුම්පතෙහි අරමුණ වන බව පැහැදිලිය.

    මහින්දගේ අවස්ථාවාදී ප්‍රකාශ අංක 7. මෙම කාර්යාලයට, අතුරුදන්වූවන්ගේ ඥාතීන්ගෙන් හා මිතුරන්ගෙන් මෙන්ම වෙනත් ඕනෑම දේශීය හෝ විදේශීය පුද්ගලයෙකුගෙන් හෝ සංවිධානයකින් වුවද පැමිණිලි භාරගත හැක.

    ඕනෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකු අතුරුදන්වීම ශෝචනීය සිදුවීමකි. එවැනි අතුරුදන්වූ පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශනය කර ඔවුන්ට අත්වූ ඉරණම පිළිබඳ සොයා බැලීම රජයේ වගකීමයි. අපගේ ජනතාවගේ ආරක්ෂාව හා සුභ සිද්ධිය සඳහා අප සියල්ලන් වෙත වගකීමක් පැවරී තිබේ. රජයේ මූලික වගකීම වන්නේ එයයි. රටේ පුරවැසියන් අතුරුදන් වන්නේ නම් අප විසින් ඔවුන් සොයා ගත යුතු අතර එසේ සොයා ගත නොහැකි නම් ඔවුන්ට සිදුවූයේ කුමක්දැයි යන්න සොයා බැලිය යුතුය. එහෙයින් ශ්‍රී ලාංකික පුරවැසියෙකුගේ අතුරුදන්වීමකට අදාළ ඕනෑම කරුණක් හෝ ඔවුන්ට සිදු වූයේ කුමක්ද යන්න සොයා බැලීමට උපකාරී විය හැකි ඕනෑම තොරතුරක් රජය වෙත ලබා දෙන්නේ නම් ඒවා අපි පිළිගැනීමට සැදී පැහැදී සිටින්නෙමු.

    මහින්දගේ අවස්ථාවාදී ප්‍රකාශ අංක 8. ත්‍රිවිධ හමුදා හා බුද්ධි අංශ ඇතුළු සියලූම ආණ්ඩුවේ ආයතන මෙකී අතුරුදන්වූවන්ගේ කාර්යාලයට සම්පූර්ණ සහයෝගය ලබා දීමට බැඳී සිටින අතර රාජ්‍ය රහස් පනතේ විධි විධානද එහිදී බල රහිතවේ.

    අල්ලස් කොමිෂම, මානව හිමිකම් කොමිෂන් සභාව, ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව, පාර්ලිමේන්තු කමිටු හා වෙනත් බොහෝ ආයතනවලට අදාළවද මෙයාකාරයෙන් විධි විධාන හා බලතල පවති. එය අලුත් හෝ අසාමාන්‍ය දෙයක් නොවේ. අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය වෙත පවරා ඇත්තේ සිය වගකීම ඉටු කිරීම සඳහා ඊට අවශ්‍යවන බලතල පමණකි.

    මහින්දගේ අවස්ථාවාදී ප්‍රකාශ අංක 9. අතුරුදන්වූවන්ගේ කාර්යාලය පිළිබඳව පනත් කෙටුම්පතේ 12 (ඇ) (3) වගන්තියට අනුව සාක්ෂි ආඥා පනතේ නියමයන් නොසළකා හරිමින් වුවද ඕනෑම ප්‍රකාශයක් හෝ භාණ්ඩයක් ‘සාක්ෂි‘ ලෙසට පිළිගැනීමට මෙම කාර්යාලයට බලය පැවරේ.

    අධිකරණ කටයුතුවලදී සාක‍්ෂි සම්බන්ධ නීතී හැසිරවීම සාක‍්ෂි ආඥා පනතේ අරමුණ වේ. අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය අධිකරණ ව්‍යුහයක් නොවන අතර එමගින් සිවිල් හෝ සාපරාධී ක්‍රියා සම්බන්ධයෙන් මත ප්‍රකාශ කිරීමක් අපේක්ෂා නොකරයි. ඉහත සඳහන් කරන ලද අයුරින් එමගින් අපේක්ෂා කරන කාර්ය නම් අතුරුදන්වූ පුද්ගලයින් හඳුනාගැනීම එසේත් නැතහොත් ඔවුන් මිය ගොස් ඇත්නම් ඒ පිළිබඳ කරුණු අනාවරණය කර ගැනීමත්ය. එනම් අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයේ කාර්යභාරය සත්‍ය සෙවීම වන බැවින් හැකි තරම් සපයා ගත හැකි තොරතුරු එය සතු විය යුතුවන නමුත් විනිශ්චය කිරීම හා දඬුවම් නියම කිරීම ආදී කටයුතු සිදු කරන උසාවිවල ක්‍රියා පටිපාටිය මෙන් එහි වැඩපිළිවෙල භාරදූර නොවිය යුතුය. සාක‍්ෂි ආඥා පනතට පටහැනි නොවන ප්‍රකාශයන් සළකා බැලීම සඳහා මානව හිමිකම් කොමිෂම සහ විමර්ශන කොමිෂම මගින් එම ව්‍යූහයන් බල ගන්වනු ඇත.

    මහින්දගේ අවස්ථාවාදී ප්‍රකාශ අංක 10. මෙම කාර්යාලයේ වැඩ කටයුතු සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ පනත බල රහිත වේ. මෙකී කාර්යාලයේ නිලධාරියෙකුට ලැබුණු රහස් තොරතුරු ගැන කරුණු විමසීමට ශ්‍රේෂ්ඨාධිකරණයද ඇතුළුව මොනම උසාවියකටවත් බලයක් නැත.

    තොරතුරු දැන ගැනීමේ පනතට ව්‍යතිරේකයක් තිබීමේ අරමුණ වන්නේ අතුරුදන්වූ පුද්ගලයාට සිදුවූ දේ පිළිබඳව දන්නා කෙනෙකුට ඒ පිළිබඳ තොරතුරු කිසිදු බියකින් තොරව ප්‍රකාශ කිරීමේ හැකියාව පැවතීමයි. අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය, අතුරුදහන්වූ පුද්ගලයින්ගේ දෛවය පිළිබඳ සත්‍ය තොරතුරු අනාවරණය කරගැනීමේ ව්‍යුූහයක් මිස නඩු පැවරීමේ හෝ අධිකරණමය ව්‍යූහයක් නොවන බැවින් එය අත්‍යාවශ්‍ය කාරණයකි.

    කෙසේ වෙතත්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 A වගන්තියට අනුව තොරතුරු දැනගැනීමේ පනතේ විධි විධානවලින් ව්‍යතිරේක වන්නේ විශ්වාසනීයභාවයෙන් යුතුව සන්නිවේදනය කරන තොරතුරු පමණක්වන අතර අනෙක් සෑම තොරතුරක්ම ඊට යටත්වේ.

    මංගල සමරවීර
    විදේශ අමාත්‍ය
     
    Last edited:
    • Like
    Reactions: DjAtrocity

    monson

    Well-known member
  • May 7, 2007
    25,628
    28,614
    113
    Office of Missing Persons is necessary: JVP

    A fully local permanent office was needed to provide redress to the relatives of missing persons, the Janatha Vimukthi Peramuna (JVP) said yesterday.

    JVP MP Bimal Ratnayake, speaking during the debate on the Office of Missing Persons Act, in Parliament, said such an office was needed to mete out justice to the relatives of those who had gone missing during the past few decades.

    “There was unrest in the country in 1971, 1983, 1987-89 and 2009 to 2015, when a large number of politicians, artistes, journalists and civilians were killed or went missing, and no proper investigations were made regarding them. The commission appointed to look into the incidents of 1987 to 1989 had received information of 33,000 who had been killed and disappeared. A similar situation had taken place in the North. Therefore justice has to be done by the people in the North and the South,” he said, emphasising that a permanent office of missing persons was necessary to mete out justice to everyone.

    He said even the family members of JVP founder Rohana Wijeweera had not seen his dead body. He said the only known fact about Wijeweera was that he had made a public speech after his arrest.
    However, Mr. Ratnayake suggested some amendments to the legislation -- such as that the power which the missing person’s office had to sign MoUs with local and foreign bodies should be taken away.

    He also suggested that the power which the office enjoyed to generate funds should be amended.
    These two changes, he said, would make the office truly local. (Yohan Perera and Kelum Bandara)

    - http://www.dailymirror.lk/114030/Office-of-Missing-Persons-is-necessary-JVP

    OMP findings held no criminal liability: DM

    Deputy Minister Ajith P. Perera said today no criminal liability would arise from the findings of the Office of Missing Persons to be set up under the legislation passed today..

    He said it was only aimed at establishing the truth. Therefore, he said there was no reason for anyone to panic.

    The deputy minister said the findings could not be used for prosecution outside the country.

    - http://www.dailymirror.lk/113997/OMP-findings-held-no-criminal-liability-DM
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ

    අනේ පලයන් පොන්න හුකන්නෝ යන්න. උබලා වගේ හුජ්ජ කොල්ලෝ දන්න සුදු වැන් . මුලින් දාපන් ප්‍රේමදාස ගේ සුදු වැන් ගැන. ප්‍රේමදාසගේ නෝනා වොලී බෝල් ගහනවා ෆොටෝ එකක් ගහලා පත්තරේ දැම්මා කියලා උස්සපු මාද්‍යවෙදියත් උඩු වැන් එකක ගිහින් තමා අතුරුදන් උනේ...
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    අනේ පලයන් පොන්න හුකන්නෝ යන්න. උබලා වගේ හුජ්ජ කොල්ලෝ දන්න සුදු වැන් . මුලින් දාපන් ප්‍රේමදාස ගේ සුදු වැන් ගැන. ප්‍රේමදාසගේ නෝනා වොලී බෝල් ගහනවා ෆොටෝ එකක් ගහලා පත්තරේ දැම්මා කියලා උස්සපු මාද්‍යවෙදියත් උඩු වැන් එකක ගිහින් තමා අතුරුදන් උනේ...

    :shocked:
     

    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    monson යනු ජාතියේ අවාසනාවට පහල වූ අවජාතකයෙකි. 1815 රට විදේශිකයන්ට පාවාදීමට පුරෝගාමී වූයේ මොහුගේ මුතුන් මිත්තන්ය. එවන් නපුංසක අවජාතකයන්ට අප මෛත්‍රි කල යුතුය. ශේෂ්ඨ සිංහලයෙක් වන්නේ එවිට පමණි.
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    71 nda patan ganne? 2016 nda patan ganne?

    podak balahan, suddage kaaletama extend kara ganna puluwan da kiyala.
    sudda kale athurudahan wechcha sinhalayo ganath balanna.

    ehema kaloth nan okata salli hambena ekak na neda macho.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,628
    28,614
    113
    podak balahan, suddage kaaletama extend kara ganna puluwan da kiyala.
    sudda kale athurudahan wechcha sinhalayo ganath balanna.

    ehema kaloth nan okata salli hambena ekak na neda macho.

    Goo Wimal style comments noda uda article eka kiyawala balanna oka mokatada genawe kiyala. :P
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    Goo Wimal style comments noda uda article eka kiyawala balanna oka mokatada genawe kiyala. :P

    :lol::lol: goo wimal , goo ranil mata wadak na machan.
    mama ahapu deta umbata puluwan nan uttarayak deepan.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,628
    28,614
    113
    :lol::lol: goo wimal , goo ranil mata wadak na machan.
    mama ahapu deta umbata puluwan nan uttarayak deepan.

    The Office of Missing Persons is one of the four transitional justice mechanisms scheduled to be established as promised by the government at the September 2015 session of the UN Human Rights Council.

    - http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=146341

    In 2015, the United Nations Human Rights Council adopted the consensus Resolution tilted ‘Promoting Reconciliation, A ccountability and
    Human Rights in Sri Lanka’ which provided a framework for transitional justice in Sri Lanka, including the establishment of four specific mechanisms. The Office on Missing Persons (OMP) is to be the first.


    - http://www.cpalanka.org/wp-content/...to-Establish-an-Office-on-Missing-Persons.pdf

    Onna okane oka genna hethuwa. nathuwa 1800 gananwala katha suddo salli deida wikara okata adala nahane.
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    The Office of Missing Persons is one of the four transitional justice mechanisms scheduled to be established as promised by the government at the September 2015 session of the UN Human Rights Council.

    - http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=146341

    In 2015, the United Nations Human Rights Council adopted the consensus Resolution tilted ‘Promoting Reconciliation, A ccountability and
    Human Rights in Sri Lanka’ which provided a framework for transitional justice in Sri Lanka, including the establishment of four specific mechanisms. The Office on Missing Persons (OMP) is to be the first.


    - http://www.cpalanka.org/wp-content/...to-Establish-an-Office-on-Missing-Persons.pdf

    Onna okane oka genna hethuwa. nathuwa 1800 gananwala katha suddo salli deida wikara okata adala nahane.

    me anduwa monawa natath geneva yojana kriyathmaka karana eka akurata karanawa.
    eka pudumayak na.

    umbala ge rate itihasaya 71n nawatinawada?
     

    Similar threads