අතේ වියදමින් හරි තේ බොමු

24 lanka news

Member
Aug 6, 2014
163
5
0
අතේ වියදමින් හරි තේ බොමු

බ්‍රිතාන්‍යය ජාතික පර්යේෂකයින් පිරිසක් සිදුකර ඇති මෙම පර්යේෂණයෙන් අනාවරණයව ඇති පරිදි තේ පානය කරන්නවුන්ට තේ පානය නොකරන්නවුන්ට වඩා වැඩි කාලයක් ජීවත් වීමට සියයට 25 ක පමණ අවස්ථාවක් ඇත.

පර්යේෂණය සදහා වයස අවුරුදු 18 ත් 95 ත් අතර පුද්ගලයින් 131401 ක් යොදාගෙන ඇති ඔවුන් එම පුද්ගලයින්ට ලබාදුන් ප්‍රශ්නාවලියක් ආධාරයෙන් මෙම තොරතුරු සොයාගෙන තිබේ.

එම ප්‍රශ්නාවලියෙන් තේ හා කෝපි පානය කරන්නන්ද වෙන් වෙන් වශයෙන් සළකා බලා තිබෙන අතර එහිදී හෙළිව ඇත්තේ කෝපි වැඩි වශයෙන් පානය කරන්නන්ට හෘද රෝග වැළදීමේ අවදානමක් තිබෙන බවයි.

වැඩිපුර තේ පානය කරන්නුයේ කාන්තාවන් බවත් පිරිමින් ප්‍රියකරන්නේ කෝපි පානය කරන්නට බවත් මෙම පර්යේෂණය ආධාරයෙන් සොයාගැනීමට පර්යේෂක පිරිසට හැකිව ඇත.


තේ වල අන්තර්ගත ස්වභාවික රසකාරක හා ඔක්සිහාරක සංයෝගයන් සිරුරට යහපත් වන හෙයින් මෙසේ සිදුවන බව පර්යේෂක පිරිසගේ අදහසයි.තේ පානය හදවතටද සුවදායක වන බවත්, රුධිර පීඩනය අඩු කිරීමට හේතු වන බවත් මීට පෙර සොයාගෙන තිබුණි.


http://tinyurl.com/lndytlu
 

DIGPRIYANKARA

Well-known member
  • Jul 20, 2011
    3,763
    866
    113
    ස්වර්ණවිමානේ
    CEYLON tea in dubai
    9bh7ChgSi.jpg
     
    Last edited: