කුරිරු මිනීමැරුම්
ඒ 1974 ජනවාරි 15 වන දිනයි මෙම දිනය කැන්සාස් (Kansas) විචිටා (Wichita) හි ඔටේරෝ පවුලේ වැඩිමහල් දරුවා වන චාලි ඔටෙරෝ - Charlie Otero ගේ දිවියේ අවාසනාවන්තම දිනය විය. එවකට ඔහු පාසලේ 10 වන වසරේ ශිෂයකි. එදින ඔහු නිවසට පැමිණෙන විට දකක ගත හැකිවුයේ තම වයස වසර අවුරුදු 11 ක් වූ නැගණිය ජොසෆින් ඔටෙරෝ Josephine Otero, වයස වසර අවුරුදු 9 ක් වූ සොහොයුරා ජෝශප් ඔටෙරෝ- Joseph Otero Jr: සහ පිලිවෙලින් වයස අවුරුදු 33හා 38 ක් වන මව ජුලී ඔටෙරෝ - Julie Otero හා පියා ජෝශප් ඔටෙරෝ - Joseph Otero ඉතා කුරුරු අන්දමින් ඝාතනය කර ඇති අයුරුය.
1ඕටෙරෝ පවුල
නැවතත්, 1974 අප්‍රියෙල් 4 වන දින කැන්සාස් හි විචිටා හි කැත්‍රින් බ්‍රයිට් - Kathryn Bright ප.ව. 2 ට පමණ සිය නිවසට තම 19 හැවරිදි සහෝදරයා වන කෙවින් සමග පැමිණියේ සාදයකින් අනතුරුවය. ඔව්න් නිවසට පැමිණීමෙන් පසු නිවසේ කාමරයක් තුලින් අමුත්තෙකු තුවක්කුවක් අමෝරාගෙන මතුවුයේ තමා පොලිසියට අවශ්‍ය කර ඇති අපරාධ කරුවෙකු බවත් නිව් යෝක් බලා පැනයන බව පවසමිනි. මෙම පුද්ගලයා පැවසු පරිදි ඔහුට අවශ්‍ය කර තිබුයේ මෝටර් රථයක් ආහාර සහ මුදල් පමණි. ඉන්පසු ඔවුන් දෙදෙනාව බලෙන් මෙන් කාමරයක දමා කෙවින් හට අනකලේ තම සොහොයුරියගේ අත් පා බැද දමන ලෙසයි. පසුව ඔහු කෙවින්ව අනෙක් කාමරයට ගෙනගොස් අත් පා බැද දැමීමට උත්සාහ කරන ලදී. නමුත් ශක්තිමත් තරුණයෙකු වූ කෙවින් උත්සාහ කරුයේ අපරාධ කරු සතු ගිනි අවිය උදුරා ගැනීමටයි. මින් උරණ වූ අපරාධ කරු කෙවින්ගේ හිසට දෙවරක් වෙඩි තබා ඇත. ඉන්පසු කතරින් වෙත ගිය ඔහු ඇයට වද දී උදරයට පිහියෙන් ඇන ඝාතනය කරන ලදී. මෙම සිදුවීමේදී වයස අවුරුදු 21 ක් වූ කැතරින් බ්‍රයිට් මිය ගිය අතර දරුණු තුවාල ලබාසිටි කෙවින් හට අසීරුවෙන් දිවි ගලවා ගැනීමට හැකිවිය.
2කැත්‍රින් බ්‍රයිට්
මනොව්‍යාදී ඝාතකයා
වසර තුනක නිහැඩියාවකින් පසු නැවතත් මෙම ඝාතකයා ක්‍රියාකාරී වීමට පටන් ගනුයේ 1977 වසර තුලදීය ඒ රහස් පරීක්ෂකයෙකු ලෙස පෙනී සිටිමින් 24 හැවිරිදි ෂර්ලි වියාන් - Shirley Vian ගේ නිවස තුලට ඇතුළු වී දරුවන් නිවසේ සිටියදීම ගෙල සිරකර ඇයව මරා දැමීමෙනි. මෙහිදී ඔහු ඇයගේ ළමුන් තිදෙනා බිය ගන්වා කාමරයක සිර කොට ඇති අතර. මෙය ස්ත්‍රී දූෂණයක් නොවන බව විශ්වාස කිරීමට ෂර්ලි වියාන් පොළබවා ඇත්තේ ඇයට වතුර වීදුරුවක් ලබා දී ඇය සමඟ සිගරට්ටුවක්ද පානය කිරීමෙනි. ඇයව ඝාතනය කොට තිබුනේ තදින් ගැට ගසා, පසුව ලනුවක ආදාරයෙන් ගෙල සිර කිරීමෙනි . එනම් 1977 මාර්තු 17 වන දින ෂර්ලි වියාන් මෙම නම නොදත් ඝාතකයාගේ තෙවන ව්‍යාපෘතියේ ගොදුර බවට පත් විය. මෙම පරීක්ෂණ වලදී ඇයගේ ඇදුම මත ඔහුගේ ශුක්‍ර තරල තිබී සොයාගෙන ඇත.
1977 දෙසැම්බරය මෙම ඝාතකයා ඊලග ඉලක්කය සපුරාගත් මාසය විය. දෙසැම්බර් 8 වන දින 25 හැවිරිදි නැන්සි ෆොක්ස් - Nancy Fox ඔහු විසින් ගොදුරු කර ගත්තේ ඇගේ නිවසට සම්බන්ධ වූ දුකථන මාර්ගය කපා දමා පිටුපස දොරින් නිවසට ඇතුළු වීමෙනි. ස්වර්ණාභරණ සාප්පුවක සේවයකළ තනියම විසු තරුණියක වූ නැන්සි ෆොක්ස් ඔහුට පහසු ගොදුරක් විය. මෙහිදී ඔහු භාවිතා කල උපාය නම් තුවක්කුව පෙන්වා ඇයව බිය ගන්වා තමාට ලිංගික ප්‍රශ්නයක් ඇති බවත්, එයින් මිදීමට නම් ඇයව බැඳ දමා දූෂණය කළ යුතු බවත් ඇයට පැවසීමය. ඇයගේ මෘත ශරීරය හමුවන විට එය නිදන කාමරයේ ගැට ගසා තිබු අතර ගෙල සිර කිරීමෙන් මරණය සිදුකර තිබිණි. පෙර සිද්දියේ මෙන්ම මෙහිදීද ඇය අසල තිබූ රාත්‍රී ගවුමේ ශුක්‍ර තරල හමුවී තිබිණ.ඉන් වසර ගණනාවකට පසු සිදුවූ හෙළිදරවු වීම් අතර තුරදී මෙම ගෙල සිර කිරීම අතරතුර තමා කවුද යන වගත් තමා කලින් කර තුබූ අපරාධ පිලිබදවත් ඔහු නැන්සිට පවසා තිබිණ.
මෙහි ලා සැලකිය යුතු තවත් කරුණක් වනුයේ මෙම සිද්ධි සියල්ටම වග කිවයුතුවුයේ එකම පුද්ගලයෙකු බව ඒවන විටත් පොලිසිය හෝ කිසිදු පුද්ගලයෙකු නොදැන සිටීමයි.
BTK ප්‍රසිද්දිය උදෙසා නම් තැබීම
1978 වර්ෂයේ මුල්භාගයේ විචිටා හි කේක් - KAKE නම් රූපවාහිනී නාලිකාවට පැමිණි නිර්නාමික ලිපියක සදහන් වනුයේ ඔටෙරෝස්, කැත්‍රින් බ්‍රයිට්, ෂර්ලි වියාන් සහ නැන්සි ෆොක්ස්ගේ යන ඝාතන වල වගකීම බාර ගනිමින් ඒවා සිදුකල ආකාරය පිළිබද විස්තර කරමින් පුද්ගලයකු එවූ ලිපියකි. මෙම ලිපියේදී ඔහු තමාව ප්‍රසිද්ධ කරන ලෙස ඉල්ලා තිබු අතර වැදගත්ම කරුණ වුයේ ඔහු විසින්ම තමාට තැබිය හැකිවූ නම් යෝජනා කර තිබීමයි. අවසානයේ තිබු නම් අතරින් ඔහු සදහා වෙන් වුයේ BTK යන නාමයයි. මෙම BTK යන නාමය පැමිණියේ ඝාතන රටාව තුලිනි. BTK වනාහි Bind, Torture, Kill යන්නට ඔහු යොදාගෙන තිබු කෙටි යෙදුම විය. මෙම ලිපි පිළිබද සලකා බැලූ මාධ්‍ය ආයතනය හා පොලිසිය අවසානයේ මහජන ආරක්ෂාව උදෙසා මෙම දාම ඝාතකයා පිළිබද තොරතුරැ ජනතාව වෙත මුදාහරින ලදී.
ඉන්පසු පිලිවෙලින් 1985 වසරේදී 53 හැවිරිදි මැරීන් හෙජ් - Marine Hedge සහ 1986 වසරේදී 28 හැවිරිදි විකී වග්ර්ල්- Vicki Wegerle මොහුගේ ගොදුරු බවට පත්විය. 1991 වසරේ පෙබරවාරි මස පළමු දින මොහුගේ අවසාන ගොදුර වූ 62 හැවිරිදි ඩොරල් ඩේවිස් - Dolores E. Davis ගේ මෘත ශරීරය හමු හමුවුනි.
නැවතත් කරලියට
මෙවන් තත්වයක් යටතේ 2004 වසර වන විටත් BTK Killer සිද්ධීන් සලකනු ලැබුයේ cold case නැතහොත් නොවිසදුන අපරාධ ලෙසටය.
මෙම සිද්ධිය නැවත පන ලබන්නේ 2004 මාර්තු මාසයේදී, විචිටා ඊගල් නම් පුවත් පත වෙත යමෙකු බිල් තෝමස් කිල්මන් [Bill Thomas Killman ( B -T- K ) ] යන ආපසු ලිපිනය භාවිතා කරමින් එවූ ලිපියක් සමගය. එහි සදහන්ව තිබු පරිදි එය එවූ අය 1986 සැප්තැම්බර් 16 වන දින විකී වෙගර්ල් ඝාතනය කළ බවය, වඩාත් වැදගත්ම කරුණ වුයේ අපරාධ ස්ථානයේ ඡායාරූප සහ එම අවස්ථාවේ සොරකම් කරන ලද ඇගේ රියදුරු බලපත්‍රයේ ඡායා පිටපතක් මේ සමග අමුණා තිබීමය. මෙම ලියමන ලැබෙන විටද වෙගර්ල් ඝාතනය කරන ලද්දේ BTK විසින් බව නිශ්චිතවම තහවුරු කරගෙන නොතිබිණි. පසුව වෙගර්ල් ඝාතන සිධ්දියේදී ලබා ගත DNA සාම්පල කලින් සිද්ධි හා සසදන ලදී.
මෙම BTK ඝාතකයා අල්ලා ගැනීම උදෙසා ලබාගත්තා වූ 1,300 කට අධික DNA සාම්ම්පල තොගයක් පසු කලෙක උසාවි නියෝගයක් මගින් විනාශ කරන ලදී.
නැවතත් 2004 මැයි මාසයේදී විචිටා හි කේක් (KAKE) නම් රූපවාහිනී නාලිකාවට "BTK Story" "බීටීකේ කතන්දරය" නමින් නිර්නාමික ලිපියක් ලැබුණි මෙහි අන්තර්ගතය වුයේ ව්‍යාජ හැඳුනුම්පතක් සහ වචන ප්‍රහේලිකාවකි. නැවතත් 2004 ජුනි 9 වන දින, විචිටාකැන්සාස් හි නගර කෙලවරේ මාර්ග නැවතුමක් අසල ඇසුරුම් කරන ලද පැකේජයක් සොයා ගන්නා ලදී. මෙහි විශේෂත්වය වුයේ එහි ඔටෙරෝ ඝාතන සිද්ධිය පිළිබද ඉතා භයානක අමානුෂීය විස්තරයක් සහිත ලිපියක් සහ විශේෂ සටහනකි. සටහනක වුයේ සහ "The Sexual Thrill Is My Bill." එහි ආසන්නතම සිංහල තේරුම “ලිංගික වින්දනය මාගේ අයකිරීමයි ” .
තවද මෙහි අපරාධ ලේඛකයෙකු වන ඩේවිඩ් ලෝර් (David Lohr) විසින් 1999 දී ලියන ලද කතාවක් අනුකරණය කරමින්, බීටීකේ කතාන්දරය "The BTK Story" නමින් නම් වූ ඔහු විසින්ම නිර්මාණය කරන පොතක් සඳහා ලද පරිච්ඡේද ලැයිස්තුවක් ද අමුණා ඇත.
නැවතත් ජුලි මාසයේදී, කැන්සාස්හි ආර්ගෝනියාවේදී 19 හැවිරිදි ජේක් ඇලන්ගේ (Jake Allen) මරණයට ඔහු වගකිව යුතු බවට වූ ප්‍රකාශය ඇතුළුව තවත් විකාර රුපී තොරතුරු අඩංගු පාර්සලයක් ඩවුන්ටවුන් මහජන පුස්තකාලය අසල දමාගොස් තිබිණි . මෙම ප්‍රකාශය අසත්‍යයක් වූ අතර මරණය සියදිවි නසා ගැනීමක් ලෙස තීන්දු විය.
මෙම තත්වය වඩාත් බරපතල අතට හැරෙමින් තිබෙන බවත් මෙම ඝාතකයා නැවතත් ක්‍රියාත්මක වීමේ ප්‍රවනතාවය ඉතමත් ඉහලබවත් නැවතත් මේ පිලිබධ පරීකශ්න ඇරබි පොලිසියට තේරුම් ගියේය. එකල මෙම පරීක්ෂණය මෙහෙයවන ලද්දේ ඉතාමත් දක්ෂ පරීක්ෂකයෙකු වූ ලුතිනන් කෙන් ලෑන්ඩ්වෙහර්ය (Lt. Ken Landwehr).
නැවතත් 2004 ඔක්තෝම්බර් මාසයේදී පොලිසිය වෙත මෙම ඝාතකයා ගෙන් ලියමනක් ලැබිණ එහි වුයේ . භිෂණය හුවාදක්වන ළමා වහලුන්ගේ පින්තුර සමුහයකි , මෙහි වූ තවත් ඉතා විශේෂ දෙයක් වුයේ ලුතිනන් කෙන් ලෑන්ඩ්වෙහර්ගේ ජීවිතයට තර්ජනයක් වන කවියක් සහ ඝාතකයාගේ ජීවිතය පිළිබධ බොහෝ විස්තර සහිත ව්‍යාජ ස්වයං චරිතාපදානයකි . පසු කලෙකදී මෙම තොරතුරු පොලිසිය විසින් මහජනයාට නිකුත් කරන ලදී.
2004 දෙසැම්බරයේ විචිටා පොලිසියට මෙම ඝතකයගෙන් තවත් පාර්සලයක් විචිටා හි මර්ඩොක් උද්‍යානයේ තිබී හමුවිය. එහි වුයේ නැන්සි ෆොක්ස්ගේ රියදුරු බලපත්‍රය සහ පාද බැඳ තිබූ බෝනික්කෙකුය. බෝනික්කාගේ හිසට ඉහළින් ප්ලාස්ටික් බෑගයක් ද බැඳ තිබිණි. නැවතත් 2005 වසරේ පෙබරවාරි මාසයේදී තවත් තවත් පාර්සලයක් KAKE රුපවාහිනී මද්‍යස්ථානය වෙත ලැබුන අතර එහි වූ බෝනික්කගේද දෙඅත් හා පාද බැඳ දමා තිබුණි. එය මෙම ඝාතකයාගේ පළමු ගොදුරැ කිහිපයෙන් එකක් වූ 11 හැවිරිදි ජොසෆින් ඔටෙරෝගේ ඝාතනය සංකේතවත් කෙරුණි.
මෙතුවක් කල් නිතිය සමග සෙල්ලම් කරමින් සිටි මෙම දක්ෂ ඝාතකයා හට වැරදීමට පටන් ගන්නේ ඉන්පසුවයි. පොලිසියට ලැබීමට සලස්වන ලද ලිපිවලින් ඔහු අසා තිබුනේ ඔහු පොලිසියට ප්ලෝෆි තැටියක් - (Floppy disk) ලැබීමට සැලැස්වුවහොත් එය එවුයේ කවුරුන්ද යන්න වග පොලිසියට හැකිවේද යන්නය. ඉතා ඉක්මනින් විචිටා ඊගල් හි පළ කරන ලද පුවත්පත් දැන්වීමකින් පොලිසිය ඔහුගේ ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ තැටිය භාවිතා කිරීම ඔහුට ඉතා ආරක්‍ෂිත ක්‍රමයක් ලෙසටය. ඉන්පසු 2005 පෙබරවාරි 16 වන ඔහු දම් පාට මෙමොරෙක්ස් වර්ගයේ ප්ලෝෆි තැටියක් විචිටා හි ෆොක්ස් ටීවී -Fox TV අනුබද්ධ කේ.එස්ඒඑස්-ටීවී KSAS-TV වෙත යවන ලදි. එහි දාම ඝාතකයෙකු පිළිබධ ලිපියක්. විශාල පදක්කමක් සහිත රන් පැහැති මාලයක් සහ දාම ඝාතකයෙකු පිළිබද ලියවූ "Rules of Prey" නමැති පොතේ කවරයේ ඡායා ඇතුළත් කර තිබුණි.
පොලිසිය විසින් ඔව්නට හමුවූ ප්ලෝෆි තැටිය විමර්ශය කිරීමට පටන් ගැනින. එවකට තිබු තාක්ෂනය ඔස්සේ මෙම තැටියේ තිබී මකනලද වර්ඩ් ෆයිල් ගොනුවක දත්ත ඔවුනට හමුවිය. එහි වූ දත්තවල "Christ Lutheran Church" "ක්‍රිස්ට් ලූතරන් පල්ලිය" යනුවෙන් සටහන් වී තිබුණ අතර තවද එම ගොනුව අවසන් වරට වෙනස් කර තිබුනේ "ඩෙනිස් රේඩර්" "Dennis Rader" නැමැත්තෙකි. වැඩි දුර කරන ලද සොයාගැනීම් වලින් තහවුරු වුයේ "ඩෙනිස් රේඩර්" ක්‍රිස්ට් ලූතරන් පල්ලි සභාවේ සබාපති බවය. ඉන්පසු පරීක්ෂකයින් විසින් ඩෙනිස් රේඩර් පිටුපස හබායාමට පටන් ගැනුනි.
ඩෙනිස් රේඩර් - "Dennis Rader"