දිගටම ඔහොම ගියොත්, බේත් ගන්න ඕන වෙන එකක් නැහැ![]()
kelinma pettiyatada??
දිගටම ඔහොම ගියොත්, බේත් ගන්න ඕන වෙන එකක් නැහැ![]()
මගේ දැන් අඩුයිනේ.
ඔය ගැන තිබුන ආටිකල් එකක් දැක්කා.
පරම්පරාගත කොලෙස්ටරෝල්, අධිරුධිර පීඩන ලෙඩ බහුතරයක හේතුව ජාන නෙමෙයි පවුලේ අය ගෙනියන සිරිත් විරිත්.
පරපුරෙන් පරපුරට අරගෙන යන කෑම රෙසපිය, ව්‍යායාම හැසිරීම්.
අනේ මන්දා බං අපේ තාත්තලා තරුණ කාලෙට එනකම්ම කාලා තියෙන්නේ තමන්ගේ කුඹුරු වලම හාල්. වස විස නැති තමන්ගේ පවුලේම අය වගාකරපු කොටුවල එළවලු, කුරක්කන් පිට්ටු කුරක්කන් තලප වගේ ඒවා. ගෙදර හිඳින පොල් තෙල් තමයි පාවිච්චි කරලා තියෙන්නේ . ඒත් අපේ තාත්තලා තරුණ කාලෙමයි සීයා මැරිලා තියෙන්නේ Heart attack එකකින්. ඊටපස්සේ බාප්පලා දෙන්නෙක් මැරුණා අවුරුදු හතලිස් ගණන් වලින් ඒත් Heart attack අපේ තාත්තටත් අවුරුදු තිස් ගණන් ඉදන්ම cholesterol. මටත් ඉතිං ඒක එහෙමම තියෙනවා.අපේ තාත්තා ඉපදිලා තියෙන්නේ 1942 ඉතිං හිතපංකෝ ඒ කාලේ එහෙම වැරදි ආහාර රටා කියලා දේවල් කඩ කෑම මොනවත් නෑනේ. අනිත් එක ඉස්කෝලෙට කිලෝමීටර් තුනක්ද හතරක්ද කොහෙද පයින් යනවලු ඉස්කෝලේ ඉවර වෙලා ඇවිල්ලා ළිදෙන් වතුර ඇදලා එළවලු කොටුවලට දාන්න ඕනලු පාත්ති උදළුගාන්න ඕනලු. එහෙම බැලුවම ව්‍යායාම නොලැබුණා කියන්නත් බෑනේ.