අදටත් රාවනා ගුහාවෙ වැඩ ඉන්නෙ කවුද ?
බොහෝ දෙනා රාවනා ගුහාව දන්නේ රාවනා රජු සීතාව සගව තැබු ස්තානය කියලයි.නමුත් ඇත්තටම සීතාව සගවා තබා තිබු මාලිගාවට පිවිසෙන ප්රදාන දොරටුව තිබෙන්නෙ මෙම ගුහාවෙ කියලයි කියන්නෙ.කලු ගල් කැබලි විශේශ බදාමයක් එක්ක කරපු ගොඩනැගිලි වල ගරා වැටුනු නටබුන් අදටත් ගුහව තුල දකින්න තියෙනවා.
https://www.sindulanthaya.com/
ඒ වගේම මාලිගාවට පිවිසෙන දොරටුව රාවනා රජුගෙ සහෝදරයකු වන විබීශන විසින් වසා ඇති බවයි කියවෙන්නෙ.රාවනා රජුගේ දඩුමොනරෙ අකෘතියකුත් මෙ ගුහාවෙ තිබිල නිදන් හොරු හොරකම් කරල කියලයි කියන්නෙ.අදටත් මේ ගුහාවෙ මහාකාල ඉශිවරයා වැඩ ඉන්නවා කියලත් කියනවා.
රාවනා ගුහාව බලන්න ඔයාලටත් යන්න පුලුවන්.ඇල්ල වැල්ලවාය 16 කනුවෙන් හැරිලා යන්න ඕනි.ඒ වගේම යනවා නම් ඒ පරිසරයට හා නටබුන් වලටත් හානියක් නොකර එන්න කාරුනික වෙන්න කියලා මතක් කරනවා.
https://www.sindulanthaya.com/