අදට සපිරෙන ස්වෛරී බැඳුම්කරය පියවීමට මහ බැංකුව සූදානම්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    අද (18) දිනයට කල් පිරෙන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරය සඳහා ඩොලර් මිලියන 500ක මුදලක් ගෙවීමට මහ බැංකුව පියවර ගෙන තිබේ.

    මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසුවේ, ඊට අදාළ සියලු ලිපි ලේඛන සකස් කර ඇති බවය.

    අද දිනයේ අදාළ ගෙවීම සිදුකරන බව අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කළේය.

    "අපි මහ බැංකුව විදියට හෙට දිනයේ අමෙරිකානු ඩොලර් මිලියන 500ක මුදලක් ස්වෛරී බැඳුම්කර සඳහා ගෙවීම කරනවා. ඒ නිසා ඒ ගැන කිසිම කෙනෙක් කලබල වෙන්න අව‍ශ්‍යතාවයක් නෑ. ඒ සඳහා සම්පූර්ණ ලියකියවිලි සියලුම දේවල් අපේ මහ බැංකුවේ ණය දෙපාර්තමේන්තුව විසින් ඒවා සකස් කරලා තියෙනවා. ඒ නිසා ඒ ගෙවීම ඒ ආකාරයටම සිදුවෙයි. යම් අභියෝගයන්ට අපි මුහුණ දී තිබෙනවා. ඒ සෑම අභියෝගයක්ම අපි ජයගෙනත් තියෙනවා. මේ අවස්ථාවේ දී යම් අවස්ථාවක බැංකුවල තිබෙන ඩොලර් ප්‍රමාණය අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක් නම්, ඒ හිඩස පිරවීම ට මහ බැංකුව බැදිලා ඉන්නවා. මම මේ පිළිබඳව ජනාධිපතිතුමා සමගත් අගමැතිතුමා සමගත් මුදල් අමාත්‍යතුමා සමගත් සාකච්ඡා කළා. එවැනි අවස්ථාවල දී අපි ඒ මුදල් ලබාදීමට කටයුතු කරනවා. ඒ නිසා කිසිම හිඟයක් මුදල් නැති නිසා ඇති කර ගැනීමට අපි බලාපොරොත්තු වෙන්නේ නෑ."
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,625
    25,983
    113
    මිලියන 500ක් ගෙනාවා එහෙනම්.....හොරකම් කළත් ඒවා ලංකාවේ USD තිබ්බා නම් අපේ එක GDP සෑහෙන්න වැඩියි.