අද්භූත පිරමිඩයක්

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    අද්භූත පිරමිඩයක්

    ඇස්ටරොයිඩයක් මත අද්භූත පිරමිඩයක්



    ඇස්ටරොය්ඩයක් මත පිරමිඩයක් ලෙස සැලකෙන අද්භූත වස්තුවක් නිරීක්ෂණය කිරීමට ඉන්දියාවේ ඉස්රෝ පර්යේෂණාගාරයේ විද්‍යාඥයින් පිරිසක් සමත්ව ඇතැයි වාර්තා වේ.ජුනි 29දා මෙය සොයාගනු ලැබූ අතර 1999 RQ36 නම් ඇස්ටරොයිඩයේ මතු පිට මෙය නිරීක්ෂණය කර තිබේ.මෙය දැක්වෙන විනාඩියක් සහ තත්පර 34 වීඩියෝවක් යූටියුබ් හි පළ කර ඇත.

    ඇස්ටරොයිඩය අභ්‍යවකාශයේ ගමන් කරන සාමාන්‍ය පාෂාණ කාබැල්ලක් ලෙස පෙනුනද එය ප‍්‍රවේශමෙන් නිරීක්ෂණය කරන විට මෙම පිරමිඩය හඳුනාගත් බව විද්‍යාඥයින් පවසා තිබේ.හඳුනා නොගත් ආකාශ වස්තු නිරීක්ෂකයන් පවසන්නේ පිරමිඩය සමග තවත් සෘජුකෝණාස‍්‍රාකාර ඉදිකිරීම් 2ක්ද දැකිය හැකි බවයි.

    මෙය පිටසක්වළ ජීවීන් විසින් ඇස්ටරොයිඩය පසුකරමින් යන ග‍්‍රහලෝකවල ජීවය පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා ඉදිකරන ලද්දක් විය හැකි බවද ඔවුන්ගේ අදහසයි.මේ වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය අසලට පිටසක්වළ යානයක් පැමිණෙන වීඩියෝවක්ද යූ ටියුබ්හි පළ කරන ලද නමුත් එය ව්‍යාජයක් බව විචාරකයින්ගේ අදහස විය.

    අපේ‍්‍රල් 2 සහ 3 දිනවලදී අගහරු මත ගවේෂණය කරමින් සිටින මාර්ස් කියුරියෝසිටි රෝවරයේ කැමරාවලට ආලෝක ධාරාවන් හසුවී ඇති අතර විද්‍යාඥයින් පවසන්නේ මෙය කොස්මික් කිරණ හේතුවෙන් හෝ සූර්යාලෝකය අගහරු පාෂාණ මත පරාවර්තනය වීමෙන් හෝ සිදුවිය හැකි බවයි.

    නමුත් මෙය අගහරු ජීවීන් පිළිබඳ සාක්ෂියක් විය හැකි යයිද මත පළවී තිබේ.




     

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    අපේ මහා රජතුමා වගේ එකෙක් පිටසක්වල ජීවීන්ගේ ඉඩම් ඔක්කොම හෝටල් හදන්න අරගෙනලු......උන්ට ඉන්න තැන් නැතිව මේ දවස් වල ඇස්ටෝරෝඑඩ් වල ඉන්න තැන් අටවගන්නවලු බන්
    :P:P:P:P:P:P:P:P:P:P