මචං මුලින්ම කියන්න ඔනේ පට්ටම ත්රෙඩ් එකක් මේක ඒ වගේම මගේ මතකය මීට අවුරැදු 28 විතර පස්සට ගියා. කැන්ඩෝස් චොකලට් එක, දිවයින පත්තරේ , ටොපි වගේම නයිට් & ගේල් සබන් වගේ ඒවා මට මතක් වෙනවා හෝමාගම තියන උපාලි කම්හලේ තමයි ඉස්සර ඔය හැම දේම නිශ්පාදනය වුනේ. අපේ ගෙවල් තියෙන්නෙත් උපාලි එක ලගමයි. ඉස්සර උපාලි විජේවර්ධන ඔය කම්හලට එන්නේ චොපර් එකෙන් චොපර් එකේ සද්දේ ඇහුන ගමන් අපි දුවනවා උපාලි එක ලගට ඒක ලෑන්ඩ් කරනවා බලන්න. ඇත්තටම මේ වගේ මනුස්සයෙක් හිටියානම් ලංකාව අද කොතනද කියලා හිතා ගන්න බෑ. මොකද ඉස්සර අපේ අම්මලා කියනවා මට ඇහිලා තියෙනවා උපාලි මහත්තයට ලංකාවට මාසයක් කන්න දෙන්න සල්ලි තියනවා කියලා. ඒ තරම් පොරට සල්ලි තිබිලා තියනවා

