අදාළ නැතිනම් බැංකු නිවාඩු දුන්නේ ‘මොළේ මැලේරියාව’ හැදිලා ද..😂😂😂

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,507
    15,476
    113
    Gampaha
    දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට බැංකු අදාළ නැතිනම් බැංකුවලට නිවාඩු ලබා දුන්නේ අදාළ බලධාරීන්ට “මොළේ මැලේරියාව” වැළඳී ඇති නිසාදැයි උත්තර ලංකා සභාගයේ සභාපති, ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී, විමල් වීරවංශ මහතා ප්‍රශ්න කර සිටීයි.
    කෙසේ වෙතත් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී EPF සහ ETF අරමුදල් ද ස්වෛරී බැඳුම්කරවල ආයෝජනය කළ පිරිස් ද බැංකු අදාළ කර ගතහොත් ඒවා ද බරපතළ බලපෑමකට ලක් වීම නිසැක ලෙසම සිදු වන බව ද ඒ මහතා පෙන්වා දෙයි.

    කුරුවිට සමුපකාර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති “රනිල් උත්තරය ද? ප්‍රශ්නය ද?” යන තේමාව යටතේ පැවති සම්මන්ත්‍රණයක් අමතමින් උත්තර ලංකා සභාගයේ සභාපතිවරයා මෙසේ සඳහන් කර සිටියේය.

    මෙම සම්මන්ත්‍රණය අමතා උත්තර ලංකා සභාගයේ ජාතික සංවිධායක, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර, ජාතික විධායක කමිටු සාමාජිකයෝ වන ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ, ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ යන මහත්වරු ද අදහස් දැක්වූහ.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද කීය.

    “ගරා වැටෙන පරණ වලව්ව”

    “අපි අද අපේ ඉතිහාසයේ බරපතළම අභියෝගාත්මක කාල වකවානුවකට එළඹ තිබෙනවා. ඒ වගේම ලෝකය දැවැන්ත පරිමාණ පරිවර්තනයකට පිඹුරුපත් සකසන කාලවකවානුවක් තමයි එළඹ ඇත්තේ. මේ කාලවකවානුවේ ශ්‍රී ලංකාව තුළත් ලෝක පරිමාණවත් සිදු වෙමින් පවතින දෙය නිවැරැදිව තේරුම් ගතහොත් පමණයි, අපට මේ වැටී ඇති වලෙන් ගොඩඒමට හැකි වන්නේ. අද වන විට ඇමරිකා එක්සත් ජනපදය අවුරුදු සිය ගණනක් තිස්සේ පවත්වාගෙන ආ බලය බිඳ වැටෙමින් තිබෙනවා. ඊයේ පෙරේදා, එක්සත් ජනපදය බංකොලොත් වීමේ ඉම දක්වා ගියා. අද වන විට ඇමරිකා එක්සත් ජනපදය කියන්නේ, ඩොලර් ට්‍රිලියන ගණනාවක ණය තොගයක් තිබෙන රටක්. ඒ නිසා නිර්මාණය වෙමින් ඇත්තේ ඇමරිකාව ප්‍රමුඛ බල කේන්ද්‍රයක් පවතින ලෝකයක් වෙනුවට බහු බල කේන්ද්‍ර සහිත ලෝකයක්. ඒ නිසා තමයි ප්‍රංශ ජනාධිපතිවරයාටත් හිතෙන්නේ BRICS හවුලත් සමග හිටගන්න. යුරෝපා නායකයන්ට එහෙම හිතෙන්නේ එයාලාටත් දැන් පේනවා, ඇමරිකා එක්සත් ජනපදය කියන පරණ වලව්ව ගරා වැටෙමින් ඇති බව.

    ‘සියල්ල පිටරටින්…’

    අපේ රට 1977ට පෙර ඉතාමත් හොඳ නිෂ්පාදන සංස්කෘතියක් ගොඩනැඟී තිබූ රටක්. එදා අපි අපට අවශ්‍ය යූරියා පොහොර ටිකත් රට තුළම නිපදවා ගත්තා. නමුත් 1977දී ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ගෙන ආ විවෘත ආර්ථික මොඩලයත් සමඟ දේශීය නිෂ්පාදනය බිඳවැටී සියල්ල පිටරටින් ගෙන එන තත්ත්වයක් නිර්මාණය වූවා. ඉන් පසුව රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස ගෙන ආ ‘රිගේනින් ශ්‍රී ලංකා’ වැඩපිළිවෙළත් ක්‍රියාත්මක වූවානම් මේ රටේ කෘෂිකාර්මික නිෂ්පාදන පදනමත් බිඳවැටී අපට ආහාර සුරක්ෂිතතාවත් අහිමි වෙනවා. 1977 සිට ආ ‘ණයට කාලා සැපට ඉඳීමේ ගමන’ විසින් තමයි අද මේ රට මෙවැනි ඛේදනීය ඉරණමකට ඇද දැමුවේ.

    රාජ්‍යයේ භූමිකාව සීමාසහිත කිරීම

    මේ තීරණාත්මක වෙලාව තමයි මේ රටට වැරදි අඩුපාඩු හදාගෙන නැඟිටින්න පුළුවන් වෙලාව. සමාජය තුළ, දේශපාලනතන්ත්‍රය තුළ, ආර්ථික මොඩලය තුළ තිබෙන වැරැද්ද නිවැරදි කරන්න මේ තීරණාත්මක වෙලාව යොදාගන්න පුළුවන්. ලෝකයේ බොහෝ රටවල් මෙවැනි තීරණාත්මක මොහොතවලදී වැරදි හදාගෙන, ශක්තිමත්ව නැඟී සිටියා. ඉන්දියාව අද ලෝකයේ පස්වැනි ආර්ථික බලවතා බවට පත්වී ඇත්තේ, එරට තුළ 90 දශකයේ ඇති වූ ආර්ථික අර්බුදයට සාර්ථකව මුහුණ දුන් නිසයි. සමාජයේ තිබෙන වැරදි පරිභෝජන රටාව නිවැරැදි කරන්න, යළි දේශීය නිෂ්පාදන සංස්කෘතිය බලගන්වන්න ලැබුණු මේ වෙලාවේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේ කිසිවක් කරන්නේ නැහැ. නමුත් ඔහු එංගලන්තයට ගිහිල්ලා කියනවා, ‘මම නව ලිබරල්වාදී ප්‍රතිසංස්කරණ සියල්ල කරනවා’ කියා. නව ලිබරල්වාදී ප්‍රතිසංස්කරණ සියල්ල සිදු කළාම රාජ්‍යයේ භූමිකාව සීමාසහිත වී එය ‘පහසුකම් සපයන්නකු’ බවට පත්වෙනවා. ආර්ථික මර්මස්ථාන ඇතුළු සියල්ල දේශීය හා විදේශීය පෞද්ගලික අංශය අතට යනවා. මෙහෙම වුණාම ආණ්ඩු පෙරළිවලින් කරන්න පුළුවන් ‘කෙංගෙඩියක් ‘නැති වෙනවා. ආර්ථික මර්මස්ථාන, බලශක්ති, ආහාර නිෂ්පාදනය පෞද්ගලික අංශය සතු වුණාම ප්‍රතිපත්ති සම්පාදනය ද ඔවුන් සතු වෙනවා. දැන් රනිල් වික්‍රමසිංහ කියන්නේ, ‘මට කලින් බලයට ආපු අවස්ථාවල කරන්න බැරි වුණු සියල්ල මේ මොහොතේ කරනවා’ කියලයි.

    ‘පොහොට්ටුවේ ඉරණම’

    සියල්ල පෞද්ගලික අංශයට යනවා කියන්නේ නිෂ්පාදනය බිඳවට්ටන මොඩලයක් නිර්මාණය කිරීමයි. දැන් අපේ රටට අවශ්‍ය නිෂ්පාදනය බිඳවට්ටන මොඩලයක් වෙනුවට නිෂ්පාදනය බලගන්වන මොඩලයක්; කර්මාන්තශාලා වහන මොඩලයක් වෙනුවට නව කර්මාන්තශාලා අරඹන මොඩලයක්; අපනයන ආදායම් අඩු කරන මොඩලයක් වෙනුවට අපනයන ආදායම වැඩි කරන මොඩලයක්. රනිල් වික්‍රමසිංහට අද මේ රටේ පවතින කිසිම ගැටලුවකට විසඳුම් තිබෙනවා ද? රනිල් වික්‍රමසිංහ ජනාධිපති පුටුවට ගෙනාපු ‘පොහොට්ටුකරුවන්’ කියන්නේ, ‘රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අපිට එළියට බහින්න ඉඩ හදලා දුන්නා’ කියලයි. නමුත් මේ පවතින මොඩලය කරේ තියාගෙන ගියාම මේ ‘පොහොට්ටුකරුවන්ට’ අන්තිමේදී වෙන්නේ ‘එළිබහින්නයි’.

    දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේ අවසාන ප්‍රතිඵලය

    දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව සෙනසුරාදා සහ ඉරිදා පාර්ලිමේන්තුවේ විවාද කිරීමට නියමිතයි. ඉතිහාසයේ පළමු වතාවට සෙනසුරාදා හා ඉරිදා පාර්ලිමේන්තුව වැඩ. එහෙම සෙනසුරාදා, ඉරිදා යොදා ගත්තාම බැංකුවක මුදල් තැන්පත් කළ අයෙකුට, ස්වෛරී බැඳුම්කර සඳහා මුදල් යෙදවූ අයෙකුට ‘මේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් අපට විශාල අසාධාරණයක් වෙනවා’ කියලා උසාවි යෑමේ ඉඩකඩ අහිමි වෙනවා. රනිල් වික්‍රමසිංහට හොඳට පුළුවන් අන්න ඒ වගේ ‘වෙට්ට පිත්තල වැඩ’. කලින් මේ ආණ්ඩුව කිව්වා, ‘අපි දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ නැහැ’ කියලා. නමුත් මූල්‍ය අරමුදල කිව්වා, ‘නුඹලා දේශීය ණය ප්‍රතිව්‍යුහගත කළ යුතුයි’ කියා. ඒ අනුව ආණ්ඩුව සූදානම් වෙනවා දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට. සෙනසුරාදා තමයි අපට මේ අය කරන දේ හරියටම කියන්න පුළුවන් වෙන්නේ. දැන් මහ බැංකු අධිපති නම් කියනවා, ‘දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් බැංකු ටික අයින් කරලා තියෙන්නේ’ කියා. බැංකු ටික අයින් කරලා නම් බැංකුවලට නිවාඩු දුන්නේ ඇයි? කෙසේනමුත් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් ඊපීඑෆ් සහ ඊටීඑෆ් අරමුදල් දරුණු බලපෑමකට ලක් වෙනවා. ස්වෛරී බැඳුම්කරවල ආයෝජනය කළ අයටත් දරුණු බලපෑමකට ලක් වීමට සිදු වෙනවා. බැංකු අදාළ කරගත්තොත් ඒවා ද දරුණු බලපෑමකට ලක් වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන්නේ අර්බුදය සුව වෙන බෙහෙත් නොවෙයි. ඔවුන් දෙන බෙහෙත්වලින් අර්බුදය තුළ ජනතාව ලෙල්ලටම සිර කරනවා.

    ජනපති රනිල් එංගලන්තයේදී අලිරාජා හමුවෙලා

    ජනතාව අර්බුදය තුළ ලෙල්ලටම සිර කළාම සාමාන්‍ය තත්ත්වයකදී ආණ්ඩුවකින් කරවා ගත නොහැකි දේ වුවත් ජනතා විරෝධයකින් තොරව සිදු කරවා ගැනීමට IMF හාම්පුතාලාට හැකි වෙනවා. දැන් බලන්න ටෙලිකොම් සමාගම හොඳට ලාභ ලබන රාජ්‍ය සමාගමක්. ඒක දෙන්න හදනවා සුබාස්කරන් අලිරාජාට. රටේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයා පසුගිය දිනවල එංගලන්තයට ගිහින් අලිරාජාව මුණගැසී තිබෙනවා. මේක මොනතරම් සදාචාර විරෝධී ද? මේ ඩීල් එක සිදු වෙන්නේ විවෘතව හැමෝටම මිලදී ගැනීමේ අවස්ථාවක් පවා ලබා නොදෙමිනුයි. මේ කරන්නේ රටට සිදුව ඇති අහේනිය පාවිච්චි කරලා, අපේ මනසේ සිදුව ඇති විෂමභාවය පාවිච්චි කරලා රට ලෙල්ලටම වැටෙන මාවතේ රැගෙන යන්නයි; එහෙම කරලා අවසානයේ රනිල් වික්‍රමසිංහ මහත්තයා අතේ තිබෙන ‘රිගේනින් ශ්‍රී ලංකා’ වැඩසටහන ක්‍රියාත්මක කරන මාවතේ රට ඇදගෙන යන්නයි.

    රනිල්ගේ ගමනට කුඩය අල්ලන රාජපක්ෂලා

    පළමුව මේ තත්ත්වයට එරෙහිව 69 ලක්ෂයේ ජනවරමට උරුමකම් කියන ජනතාව එකා වගේ එකට එකතු වෙන්න ඕනේ. අද රනිල් වික්‍රමසිංහ මහත්තයා ඒ ජනවරමට සම්පූර්ණයෙන්ම පටහැනි ගමනක් තමයි යමින් ඉන්නේ. ඒ ප්‍රතිවිරුද්ධ ගමනටයි රාජපක්ෂලා අද කුඩය අල්ලන්නේ. ඒ නිසා ඒ පාවාදීමට එරෙහිව අපි නැඟීසිටිය යුතුයි. මූල්‍ය අරමුදලේ පිහිට පැතීම, ණය ගැනීම හා රාජ්‍ය ආයතන විකුණන් කෑම හැර වෙනත් කිසිදු සැලැස්මක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සතුව නැහැ.

    ශවේන්ද්‍රට විමල්ගෙන් අභියෝගයක්!

    ‘අරගලය’ සහ ඇමරිකාව අතර තිබුණු සබඳතාව පිළිබඳව මම ලියපු පොතේ අන්තර්ගත කරුණුවලින් තමන්ට අගතියක් වුණා කියලා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවෙන්ද්‍ර සිල්වා මට එන්තරවාසියක් එවලා. ඒ ‘ගහපු ගේම’ ගැන, අපි පොතේ ලියා නැති ඒවාත් උසාවියේ දී සාක්ෂි සහිතව ඔප්පු කර පෙන්වීමට සූදානම්. මම ඔහුට අභියෝග කරනවා, ‘හැකිනම් නඩු පවරන්න’ කියා.

    ‘රටත් රාජ්‍යයත් යන දෙකම…’

    දැන් ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිනිය ජුලී වන් නිශ්ශබ්දයි. ඒ රනිල් වික්‍රමසිංහ යන්නේ ඇමෙරිකාවට වුවමනා ගමන නිසයි. දැන් ජවිපෙත් නිශ්ශබ්දයි. නායකයන් වැඩියෙන් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ; උද්ඝෝෂණයක් කළොත් අනුරාධපුරය පැත්තේ. ඒ දවස්වල නම් අමුඩෙ ගහගෙන උද්ඝෝෂණයට එන්නෙත් අගනුවරටයි. පෙරටුගාමීන් සහ අන්තරයත් වෙනදා තරම් කලබලයක් නැතිවයි ඉන්නේ. මේ විදිහට ගිහින් රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණය දිනලා ආපසු ආවොත් අපට ‘රටත් රාජ්‍යයත් යන දෙකම’ අහිමි වෙනවා.

    ‘අත්හළ නොහැකි වගකීම’

    මේ මොහොතේ අපට අත්හළ නොහැකි වගකීමක් තියෙනවා. ඒ තමයි අපට රටත් රාජ්‍යයත් යන දෙකම අහිමි කරවන රනිල් වික්‍රමසිංහ යන මේ ගමන නතර කිරීම. ඒ වගේම ලෝකය තුළ බහු කේන්ද්‍ර බලයක් නිර්මාණය කළ හැකි BRICS හවුල සමඟ කෙළින් සිට ගත හැකි, දේශීය නිෂ්පාදනය බලගන්වන, පැපුවා නිව් ගිනියාවෙහි තිබෙන ‘වගකීමෙන් බැඳී සිටීමේ පනත’ වැනි නීති ගෙනැවිත් මේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කළ හැකි නායකත්වයක් වෙත රට බාර කිරීම. ඒ වෙනුවෙන් කැප වීමට සියලු දෙනාට ඇරයුම් කරනවා.”

    (අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
    මාධ්‍ය ලේකම්,
    ජාතික නිදහස් පෙරමුණ
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    මේ මනුස්සයාට ගණන් බැහැයි කියලා 2/2=0 කියාපු දවසේ ඔප්පු උනානේ.

    අද කතාවෙන් ඉලක්කම් බැහැයි කියන එකත් ඔප්පු වෙනවා. Corruption Perceptions Index එකේ 101 ස්ථානයේ ඉන්න අපිට, 130 ස්ථානයේ ඉන්න PNG රටෙන් දූෂණ මර්ධන උපදෙස් ගන්න කියන්නේ ඒකයි.
     
    • Like
    Reactions: Asmodeus

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,373
    1
    4,075
    113
    do not waste time on Plug Remover who campaigned for Mahathir LeeKW hybrid as president and criticized Rating Agencies for every down grade since 2019 till we got bankrupt and approved all idiotic decisions of GR Cabinet