අදාළ නෑනේ

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,064
    5,824
    113
    canada
    කලවාන - උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)
    තම බිරියට දරුවකු ලැබීමට ඇති බව නැන්දම්මා පැවසූ විට “අදාළ නෑනේ” යැයි පවසා බිරිය ගෙන්නා නැන්දම්මාගෙන් බැනුම් අසා සමාව ගත් සැමියකු පිළිබඳව අගනුවරින් වාර්තා විය.


    සිද්ධිය මෙසේය, ඔවුන් අලුත විවාහ වූ තරුණ යුවළකි. තරුණයාගේ වයස අවුරුදු විසිපහකි. තරුණියගේ වයස අවුරුදු විසි දෙකකි. තරුණයා කාර්යාලයක සේවය කළ අතර ඔහු තදින්ම මුහුණු පොතට ඇලිගැලී සිටින අයෙකි. කාර්යාලයේත්, නිවසේදීත් ඔහු බොහෝ වේලා ගත කරන්නේ මුහුණුපොතත් සමගය.
    ඔහුගේ බිරිය සාමාන්‍යයෙන් ලැජ්ජා සහගත තැනැත්තියක් වූ අතර ඇය මුහුණු පොතට වැඩි කැමැත්තක් දැක්වූයේ නැත. මේ අතර පළමු දරුවා පිළිසිඳ ගෙන ඇති බව දැනගත් ඇය එය සැමියාට කීමට අදිමදි කළාය. ඇය මේ පිළිබඳව ඇයගේ මව දැනුම්වත් කර සැමියා වැඩ ඇරී නිවෙසට පැමිණි විට ඔහුට එය කියන ලෙස මවට කීවාය.


    ඔහු වැඩ ඇරී නිවෙසට පැමිණ ඇඳුම් මාරුකර මුහුණුපොතේ සිටිනා අතර ඔහුගේ නැන්දම්මා පැමිණ “පුතේ ඔන්න දුවට දරුවෙක් හම්බ වෙන්න ඉන්නවා” යැයි පැවසීය. එවිට ඔහු මුහුණුපොතේ සිහියෙන්ම “ඉතින් මට අදාළ නෑනේ” යැයි පවසා ඇත. එවිට උරණ වූ නැන්දම්මා සහා බිරිය “තමුන්ට අදාළ නැත්නම් එහා ගෙදර මිනිහට ද අදාළ. මං කිව්වා මේ කසාදේ කර ගන්න කොට” යැයි දෝස් මුර තබද්දී වහා පියවි සිහිය ලැබූ ඔහු කාරණය නැවත අසා බිරියගෙන් සහ නැන්දම්මාගෙන් සමාව ගත්තාලු.



    copyright :Lankadeepa newspaper
     

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    Podi Silva - පොඩි සිල්වා;20278289 said:
    ඉතින් හුට්ටෝ අදාල නෑ නේ

    Padan karapan gihin.. methan awa adala na gahanna - Piya