අදුර මම සදවතිය නුබ බව
එක් අදුරු දිනයක
මුළු ලොවම නිදියන මොහොතක
දෙනෙත් යොමුකර අහසට
සදවතිය හිනැහුනා මා සමගින
ආලෝක වර්ෂ ගනනක්
ඈත අහසේ ඉදගෙන
නුබ දුරයි කුමරිය
කෙසේ ලංවෙමිද නුඹ හට
පොලෝතලයේ සිටගෙන
කියා ගත නොහැකිව
තනිකමින් වේලෙමින්
සුසුමකින් දැවටෙමින්
තැබුවා පියවරක් නුබ දෙසට
නුබ වලාකුළක් ගෙන
රහසේම සැගවගිය
මොහොතකින් අවදිවිය
පුදුමයක්ම නොව සබද
නැවතුනේ මහා පොලෝතලයේමය
කදුලක් නැගුන නෙතගින
අමතක වුවා මා හට
කෙසේ ලංවෙමි නුබට
අදුර මම සදවතිය නුබ බව
මුළු ලොවම නිදියන මොහොතක
දෙනෙත් යොමුකර අහසට
සදවතිය හිනැහුනා මා සමගින
ආලෝක වර්ෂ ගනනක්
ඈත අහසේ ඉදගෙන
නුබ දුරයි කුමරිය
කෙසේ ලංවෙමිද නුඹ හට
පොලෝතලයේ සිටගෙන
කියා ගත නොහැකිව
තනිකමින් වේලෙමින්
සුසුමකින් දැවටෙමින්
තැබුවා පියවරක් නුබ දෙසට
නුබ වලාකුළක් ගෙන
රහසේම සැගවගිය
මොහොතකින් අවදිවිය
පුදුමයක්ම නොව සබද
නැවතුනේ මහා පොලෝතලයේමය
කදුලක් නැගුන නෙතගින
අමතක වුවා මා හට
කෙසේ ලංවෙමි නුබට
අදුර මම සදවතිය නුබ බව
- අදුරු වෘකයා -

