අදුර මම සදවතිය නුබ බව

Dark Wolf

Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    අදුර මම සදවතිය නුබ බව

    එක් අදුරු දිනයක
    මුළු ලොවම නිදියන මොහොතක
    දෙනෙත් යොමුකර අහසට
    සදවතිය හිනැහුනා මා සමගින
    ආලෝක වර්ෂ ගනනක්
    ඈත අහසේ ඉදගෙන
    නුබ දුරයි කුමරිය
    කෙසේ ලංවෙමිද නුඹ හට
    පොලෝතලයේ සිටගෙන
    කියා ගත නොහැකිව
    තනිකමින් වේලෙමින්
    සුසුමකින් දැවටෙමින්
    තැබුවා පියවරක් නුබ දෙසට
    නුබ වලාකුළක් ගෙන
    රහසේම සැගවගිය
    මොහොතකින් අවදිවිය
    පුදුමයක්ම නොව සබද
    නැවතුනේ මහා පොලෝතලයේමය
    කදුලක් නැගුන නෙතගින
    අමතක වුවා මා හ‍ට
    කෙසේ ලංවෙමි නුබට
    අදුර මම සදවතිය නුබ බව

    - අදුරු වෘකයා -​
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    පුර සදට මම ආදරේ බව,
    දැනුනේ මට මොහොතකට පෙර,
    ඔබ ගිය පසු මගේ අහසින්,
    තිබුනු ඒ ගන අදුර,
    මකාලන්නට නොහැකි වී,
    ඉන්න විට අසරනව,
    මකාලන්නට ඒ අදුර,
    අවැසි බව ඔබම,
    වැටහුනේ මොහොතකට,
    අව සදක් ගෙන
    මගේ අහසින් තිබු පසුවය....

    උබේ එකට මේක ගැලපෙන් නැතුව ඇති,,,
    ඒත් ඕක කියෙවහම මෙහෙම හිතුනා......
     
    Last edited:

    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    මේ මොකද කොල්ලෝ ,,,:eek::eek:
    ඔයාට අව්ලක් නැහැනේ ...
    ටික දවසක් මේ පැත්තේ ආවෙත් නැහැ නේද ......:confused::confused:

    ස්තුති දාපු මැසේජ් එකට

    RePost බුවා;14016113 said:
    පුර සදට මම ආදරේ බව,
    දැනුනේ මට මොහොතකට පෙර,
    ඔබ ගිය පසු මගේ අහසින්,
    තිබුනු ඒ ගන අදුර,
    මකාලන්නට නොහැකි වී,
    ඉන්න විට අසරනව,
    මකාලන්නට ඒ අදුර,
    අවැසි බව ඔබම,
    වැටහුනේ මොහොතකට,
    අව සදක් ගෙන
    මගේ අහසින් තිබු පසුවය....

    උබේ එකට මේක ගැලපෙන් නැතුව ඇති,,,
    ඒත් ඕක කියෙවහම මෙහෙම හිතුනා......

    ලස්සනයි අදහස..

    අව සදක් ගෙන තැබුවද අහසින
    අදුර දුරුවම්ද සබද කෙලෙසින..
     
    • Like
    Reactions: RePost බුවා