අදෘශ්‍යමාන නගරය

Dr.Rosheen

Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    අදෘශ්‍යමාන නගරය

    මොංගල් ආක්‍රමණ හමුවේ අදෘශ්‍යමාන වූ නගරය

    කිතෙශ් (kitezh/китеж) නැමැති මෙම අතුරුදහන් වූ නගරයේ කතාන්දරය අපට හමුවන්නේ රුසියානු ජනප්‍රවාද ආශ්‍රයෙනි. රුසියාවේ මුල්ම අවධිය දක්වා දිවෙන පැරැණි කිතෙශ් පුරාවෘත්තය පිලිබද පලමු ලිඛිත සාධක හමුවන්නේ 18 වැනි සියවසේ අගභාගයේ ලියැවුණු කිතෙශ් වංශය(Kitezh Chronicle) නම් කෘතියෙනි. ජනප්‍රවාදයක් වුවද සත්‍යයක් වුවද නගරය වටා බැදුණු කතාන්දරය පුදුම එලවන සුලුය.

    13 වැනි සියවසේ දෙවැනි යූරි කුමරු (දෙවැනි ජෝර්ජ්) විසින් වොල්ගා ගංගාවේ අතුගංගාවක් ආශ්‍රිතව මනරම් භූමියකකිතෙශ් නගරය (කුඩා කිතෙශ්) ගොඩනගනවා. පසුව ඔහු විසින් ස්වෙත්ලොයාර් විල් තාවුල්ලේ දැකුම්කලු භුමීයක තවත් නගරයක් (මහා කිතෙශ්) පිහිටුවනවා.

    කුමරා විසින් නගරය ශ්වේත පාශාණයෙන් තැනු දේවාස්ථාන ඇතුලු නගරාංග වලින් සමන්විත මනරම් නගරයක් බවට පත්කල අතර බැතිමතුන්ගේ වන්දනීය ස්ථානයක්ද බවටද පත්විය.

    විරාජමානව වැජඹුණු මහා කිතෙශ් නගරය වලට කණකොකා හඩන්නේ මොංගල් අධිරාජ්‍යයේ සෙවනැලි වැටිමත් සමගයි. 1237 නොවැම්බරයේ මොංගෝලියානු නායක බටු කාන් විසින් තමාට පක්ෂපාතිව රාජ්‍යපාලනය ගෙනයන ලෙසදන්වමින් දෙවැනි යූරි කුමරු වෙත දූතයන් පිටත්කරනවා. නමුදු යූරි කුමරු එම යෝජනාව ප්‍රතික්ශේෂ කිරිමත් සමග 1238 දී බටුකාන් ගේ හමුදා දෙවැනි යූරි කුමරුට අයිති භූමිය ආක්‍රමණය කරනවා.

    යූරි කුමරුන්ගේ භූමිය අත්පත් කරගමින් ඉදිරියට ආක්‍රමණික මොංගල් හමුදා හමුවේ පසුබසින යූරි කුමරුන් ඇතුලු හමුදාව කිතෙශ් වෙත පසුබසිනවා. කුඩා කිතෙශ් සටනින් පහසු ජයක් ලබා බටුකාන් ජයලබනවා.

    මහා කිතෙශ් ද අත්පත්කරගැනිමේ බටුකාන් ගේ ගමනට එක් බාධයකයක් විය. එනම් ඝන කැලැවකින් වැසි තිබූ මහා තිතෙශය පිහිටි ස්ථානය කිසිවෙකු නොපැවසීමයි. සෙබළුන් විටෙක කෘර හිංසා කරමින්ද විටෙක අල්ලස් දෙමින්ද රුසියානු සිරකරුවන්ගෙන් මහා කිතෙශ් වලට මග විමසූවද කිසිවෙකු පිලිතුරු දීම මගහැරියේය. නමුදු අවසානයේ එක් රුසියානුවෙක් මහා කිතෙශ් වෙත මොංගල් හමුදා ගෙනයෑමට ඉදිරිපත් විය.

    මොංගල් හමුදා මහා කිතෙශ් කරා ලගා වන විට ඔවුන්ට කිසිදු ප්‍රතිරෝධයක් නැගුනේ නැත. තම ආක්‍රමණය හමුවේ කිසිදු රැකවරණයක් හෝ යුධ සංවිධානයකින් තොරවීම පිලිබදව මොංගල් හමුදා පුදුම වූ බව පැවසේ.සටන් කිරිමට කඩු පසෙක දැමූ නගර වැසියෝ නගරය මැදට රැස්ව දෑත් ඔසවමින් තම ශුද්ධවූ භූමිය රැකදෙන මෙන් දෙවියන් යදින අයුරු මොංගල් හමුදාවේ නෙත ගැටිනි.

    විශ්මයකි!

    භුමියෙන් මතුවු සියගනනක් වූ උල්පත් වලින් ජලය පිටතට ගලන්නට විය. නගර වැසියන් දෙවියන් යදිමින් සිටියදි කෙමෙන් කෙමෙන් යටවෙන්නට විය. මේ අරුමය හමුවේ ත්‍රාසයට හා භිතියට පත් මොංගල් හමුදා ආරක්ශිත ස්ථානය කරා දිවයන්නට විය. මොංගල් හමුදාවේ දෑස මානයේදි මහා කිතෙශ් නගරය ජලයෙන් යටව අතුරුදහන් විය. කිතෙශ් ජනප්‍රවාදයක් බවට පත්විය.

    නගරය අැතැයි සැලකෙන ස්ථානයේ අද වන විට ස්වෙත්ලොයාර් විල පවති. ඇතැමෙක් කිතෙශ් යනු රුසියාවේ ඇත්ලාන්ටිස් නගරය ලෙස හදුන්වන අතර පිරිසිදු සිත් ඇත්තෙක්ට අදද එය දැකිය හැකි බව විශ්වාසයයි. නිශ්ශබ්ද දිනවල විල ආශ්‍රිතව ගිලිගිය නගරයේ ඝන්ඨා නාදය ඇසෙන බව පැවසේ. බැතිමතුන් විලේ ජලය ශුද්ධවූ ජලය සලකන අතර දෙවැනි ලෝක යුද්ධ සමයේදි සටන් පෙරමුණේ සටන් වදින තම පුතුන් වෙනුයෙන් යාඥා කිරිම සදහා මව්පියන් විල අසලට පැමිණ ඇත.

    පුරාවිද්‍යාඥයින් විල ආශ්‍රිතව සිදුකරනු ලැබු ගවේෂණ වලින් මෙහි මිනිස් වාසස්ථානයක් තිබු බවට සාක්ෂි සාධක හමුවී ඇත. එමෙන්ම මේ ප්‍රදේශයේ නායයෑමක ලක්ෂණද දැකියහැකි අතර මෙහි වූ වාසස්ථාන නායයැමක් නිසා විනාශ වූවාදැයි සැකයක්ද පවති. එමෙන්ම කිතෙශ් නගරය ගිලිගියේ නගරවැසියන් විසින් විලේ සිට නගරයට ජලය ගෙනයන උමං බිදදැමිමෙන් බවද මතයක් පවති. සිදුකෙරෙන පුරාවිද්‍යා ගවේෂණ අනුව කිතෙශ් නගරය පැවතියාද හා විනාශවූයේ කෙසේද යැයි දිනෙක නිෂ්චිතව හෙලිවනු ඇත.

    - Roshin Fernando

    පූර්ණ බ්ලොග් ලිපිය -
     

    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    මොංගල් ආක්‍රමණ :eek:

    මොංගල් හා මූගල් යන අධිරාජ්‍ය ගොඩක් අය පටලවාගන්නවා.

    මොංගල් අධිරාජ්‍ය ලෙස හැදින්වෙන්නේ මොංගොලියාව කෙන්ද්‍රකරගත් ලොව බලසම්පන්න අධිරාජ්‍යයක්.
    මූගල්/මෝගල් යනු ඉන්දියාවේ තිබ්බ අධිරාජ්‍යයක්. අක්බාර් සාජහාන් අයිති මේකට