අද උදේ පාන්දර ඇහැරුනේ දුරකථන ඇමතුමකින්

Fox Mulder89

Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    අද උදේ පාන්දර ඇහැරුනේ දුරකථන ඇමතුමකින්

    අද උදේ පාන්දර ඇහැරුනේ දුරකථන ඇමතුමකින්. මගෙ හමුදා සගයෙක් 1996 මුලතිව් දැවැන්ත කොටි ප්‍රහාරයට සම්බන්ද අතුරු කතාවක් පිලිබඳව පොතක් ලියනව. ඊට අදාල අතුරු තොරතුරක් දැනගන්නයි ඔහු කතාකලේ. මම ඒ ප්‍රහාරයට මුහුන දුන්නෙ නෑ. අපි එතකොට කොඩිකාමම් හරියෙ වගෙයි මට මතක.

    කොහොම වුනත් ඒ දැවැන්ත ප්‍රහාරය මගේ මතකයන් ඔස්සේ දිවයද්දී හමුදා ජීවිතයේදී මට මුන ගැසුනු එක් වීර චරිතයක් මගෙ මතකයට ආවා. එවැනි අය පිලිබඳව අඩුවෙන් කතා බහ වෙන්නෙ. ඒවගෙ චරිත හැකි පමනින් මුහුණු පොත හරහාවත් හඳුන්වාදෙන්න මම කල්පනා කලා.

    ඔය පහල ඡායාරූපෙ මගේ වම් අත පැත්තෙ වාඩිවෙලා ඉන්නෙ ලුතිනන් කර්නල් දේවප්‍රිය සoගක්කාර. මේ ඡායාරූපය ගත්තෙ 1989 ගෝමරන්කඩවලදි. එතකොට අපි 4 වන බලඇණිය ශ්‍රීoලකා පාබළ හමුදාවෙ 'D' කණ්ඩායම තමයි ඒ පැත්තෙ මායිම් ගම්මාන ආරක්ශා කලේ.

    මේ සoගක්කාර මට හමුදාවෙ මුනගැහුනු පුදුමම චරිතයක්. අපි දෙන්නම ශ්‍රීලoකා සoඥා බළකායෙ ඉඳල ස්වේච්ඡාවෙන් ඒකක මාරුවීම් ඉල්ලගෙන තමයි පාබළ හමුදාවට ආවෙ. මට යුද හමුදාවෙ මුණගැහුන අවoකම මිනිස්සු කිහිපදෙනාගෙනුත් මුදුනින්ම ඉන්න චරිතයක්. ඔහුගෙ චරිත ස්වභාවය අතිශයින්ම විරලයි.

    නිර්භීතකම අතින් අසම සමයි. හේතුව ඔහුට ජීවිතයෙ ඇලීගෙන අයිතිකරගන්න අවශ්‍යදේවල් හුඟක් තිබුනෙ නැති නිසා. ඔහු කවදාවත් වස්තුව, මුදල් එකතුකලෙත් නෑ. හේතුව ඔහුට ඒ පැත්තෙ ලොකු අවශ්‍යතා තිබුනෙත් නැති නිසා වෙන්න ඇති. ඔහු රත්නපුර කරවිට පැත්තෙ පෑබොටුව වලව්වෙ ඉපදිල තිබුනෙ. ඔහුගෙ මාම තමයි කාලයක් කලවාන ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට ඇවිත් සබරගමුව මහ ඇමති වුන අබේරත්න පිලපිටිය මහතා.

    සoගක්කාර තමන්ගෙ වැටුප ගෙදර ගෙනිච්චෙ නෑ. රාජකාරි අවශ්‍යතාවයන්ට පවා අතින් ඇදල දෙනව. කොට කලිසමක් ගහගෙන දාඩිය පෙරාගෙන සාමාන්‍ය සෙබළු එක්ක හරි හරියට තල්කොට කරගහගෙන බoකර් හදනවා. තමන්ගෙ අණදීම යටතෙ ඉන්න මිනිස්සුන්ට පැවරෙන රාජකාරිය මොකක් වුනත් සoගක්කාර එතන ඉදිරියෙන්ම ඉඳගෙන ආදර්ශයෙන් නායකත්වය දුන්නා.

    ඊට පස්සෙ ඔහු යනව 10 වන බළඇණිය ශ්‍රී ලoකා පාබළ හමුදාවෙ කණ්ඩායම් අණදෙන්නෙක් වෙලා. එතකොට ඒ බළඇණිය තිබුනෙ පලාලි ආරක්ශිත කලාපයේ බටහිර කෙලවරේ මාදගල් පෙරමුණේ. ඉතාමත්ම තර්ජිත කළාපයක්. හැමදාම වගේ ප්‍රහාර එල්ලවන නිසා ඔහු නොනිදාම තමන්ගෙ හඨ පිරිස් එක්ක රෑ එලිවෙනකම්ම හිටිය.

    මට ඔහු අවසන් වරට මුන ගැහුනෙ 1996 මැයි මාසෙදි විතර. මම එතකොට 4 ශ්‍රීලoකා පාබළ හමුදාවෙ අණදෙන නිලධාරි. යාපනය කොටුවෙ, කළපුවට මුහුණදාල හිටියෙ රිවිරැස 2 මෙහෙයුම ආරම්භ කරන තෙක්. සoගක්කාර ඒවෙනකොට හිටියෙ කොමාන්ඩෝ බළසේනාවෙ බ්‍රිගේඩ් මේජර් හැටියට. ඔහු ඒ වගෙ ජොබ් වලට කැමති නෑ. ඔහුට උවමනා සටන් පෙරමුණේ ඉන්න. ඔහු ඇවිත් මට කිව්වෙ " සර් මාව ආපහු ගන්න ..... මට ටොයිලට් හදවන ඒව සුපවයිස් කරල ඇතිවෙලා ......" කියල. මට තනතුර වැඩක් නෑ...... ආපහු සර්ල ගාවට එන්න ඕන .... කිව්ව.

    ඊට ටික දවසකට පස්සෙ 1996 ජූලි 18 - 26 අතර මුලතිව් දැවැන්ත කොටි ප්‍රහාරය ඇරඹෙනව. ඉතින් මුලතිව් කඳවුර බේරගන්න යුද හමුදාව 'ත්‍රිවිධ පහර' කියල ක්‍රියාන්විතයක් දියත් කරනව. ඒකට කොමාන්ඩෝ බලසේනාව බස්සනව. එතෙන්දි සoගක්කාර මරණීය තුවාල ලබල ලේගැලීමෙන් මියයනවා.

    ඔහුගෙ මිනිය ආපහු ගෙනෙන්න චොපර් එකට පටවල චොපර් එක්ක උස්සද්දි මිනිය මුහුදට වැටෙනව. තුවාල වෙලා චොපර් එකේ හිටපු සෙබලෙක් මුහුදට පනිනව "සර්ගෙ මිනිය දාල යන්න බෑ ....." කියල. චොපර් එක ආයෙත් පහත් කරල ලොකු පරිශ්‍රමයක් දරල තමයි මිනිය ආපහු පටවගෙන තියෙන්නෙ. ඔහුට ඔහු සමග හිටපු සගයින් කොයිතරම් ලෙoගතුද කියන එක තේරුම්ගන්න මේ සිදුවීමම ඇති.

    photo.php
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,010
    2
    54,769
    113
    ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් නේ ඉතින්, සංගක්කාර ලොකුද /s
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,830
    3,856
    113
    USA
    ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් නේ
    Oka maha deyakda ban... Padiyatane veda karala thiyenne....
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    Oka maha deyakda ban... Padiyatane veda karala thiyenne....

    උබට පුලුවන්ද පඩියට උනත් ඔයවගේ රස්සාවක් කරන්න? ඔය මිනිස්සු මරණ සහතිකේ අතේ තියාගෙන යුධ පෙරමුණට යන්නේ.දිනේ විතරයි දාගන්න තියෙන්නේ..

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113

    උබට පුලුවන්ද පඩියට උනත් ඔයවගේ රස්සාවක් කරන්න? ඔය මිනිස්සු මරණ සහතිකේ අතේ තියාගෙන යුධ පෙරමුණට යන්නේ.දිනේ විතරයි දාගන්න තියෙන්නේ..

    Mamath eka dannava macho... Uba hithana vidihatamai matath hithenne.. Hema dema Amathaka vela yana kalayak me... Therum ganin..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අද හිටියා නම් යුධ අපරාදකාරයෙක් හෑටියට හන්වඩු ගෑහිලා
     
    wimalasooriya

    Junior member
  • Jul 28, 2009
    92
    2
    8
    අද උදේ පාන්දර ඇහැරුනේ දුරකථන ඇමතුමකින්. මගෙ හමුදා සගයෙක් 1996 මුලතිව් දැවැන්ත කොටි ප්‍රහාරයට සම්බන්ද අතුරු කතාවක් පිලිබඳව පොතක් ලියනව. ඊට අදාල අතුරු තොරතුරක් දැනගන්නයි ඔහු කතාකලේ. මම ඒ ප්‍රහාරයට මුහුන දුන්නෙ නෑ. අපි එතකොට කොඩිකාමම් හරියෙ වගෙයි මට මතක.

    කොහොම වුනත් ඒ දැවැන්ත ප්‍රහාරය මගේ මතකයන් ඔස්සේ දිවයද්දී හමුදා ජීවිතයේදී මට මුන ගැසුනු එක් වීර චරිතයක් මගෙ මතකයට ආවා. එවැනි අය පිලිබඳව අඩුවෙන් කතා බහ වෙන්නෙ. ඒවගෙ චරිත හැකි පමනින් මුහුණු පොත හරහාවත් හඳුන්වාදෙන්න මම කල්පනා කලා.

    ඔය පහල ඡායාරූපෙ මගේ වම් අත පැත්තෙ වාඩිවෙලා ඉන්නෙ ලුතිනන් කර්නල් දේවප්‍රිය සoගක්කාර. මේ ඡායාරූපය ගත්තෙ 1989 ගෝමරන්කඩවලදි. එතකොට අපි 4 වන බලඇණිය ශ්‍රීoලකා පාබළ හමුදාවෙ 'D' කණ්ඩායම තමයි ඒ පැත්තෙ මායිම් ගම්මාන ආරක්ශා කලේ.

    මේ සoගක්කාර මට හමුදාවෙ මුනගැහුනු පුදුමම චරිතයක්. අපි දෙන්නම ශ්‍රීලoකා සoඥා බළකායෙ ඉඳල ස්වේච්ඡාවෙන් ඒකක මාරුවීම් ඉල්ලගෙන තමයි පාබළ හමුදාවට ආවෙ. මට යුද හමුදාවෙ මුණගැහුන අවoකම මිනිස්සු කිහිපදෙනාගෙනුත් මුදුනින්ම ඉන්න චරිතයක්. ඔහුගෙ චරිත ස්වභාවය අතිශයින්ම විරලයි.

    නිර්භීතකම අතින් අසම සමයි. හේතුව ඔහුට ජීවිතයෙ ඇලීගෙන අයිතිකරගන්න අවශ්‍යදේවල් හුඟක් තිබුනෙ නැති නිසා. ඔහු කවදාවත් වස්තුව, මුදල් එකතුකලෙත් නෑ. හේතුව ඔහුට ඒ පැත්තෙ ලොකු අවශ්‍යතා තිබුනෙත් නැති නිසා වෙන්න ඇති. ඔහු රත්නපුර කරවිට පැත්තෙ පෑබොටුව වලව්වෙ ඉපදිල තිබුනෙ. ඔහුගෙ මාම තමයි කාලයක් කලවාන ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට ඇවිත් සබරගමුව මහ ඇමති වුන අබේරත්න පිලපිටිය මහතා.

    සoගක්කාර තමන්ගෙ වැටුප ගෙදර ගෙනිච්චෙ නෑ. රාජකාරි අවශ්‍යතාවයන්ට පවා අතින් ඇදල දෙනව. කොට කලිසමක් ගහගෙන දාඩිය පෙරාගෙන සාමාන්‍ය සෙබළු එක්ක හරි හරියට තල්කොට කරගහගෙන බoකර් හදනවා. තමන්ගෙ අණදීම යටතෙ ඉන්න මිනිස්සුන්ට පැවරෙන රාජකාරිය මොකක් වුනත් සoගක්කාර එතන ඉදිරියෙන්ම ඉඳගෙන ආදර්ශයෙන් නායකත්වය දුන්නා.

    ඊට පස්සෙ ඔහු යනව 10 වන බළඇණිය ශ්‍රී ලoකා පාබළ හමුදාවෙ කණ්ඩායම් අණදෙන්නෙක් වෙලා. එතකොට ඒ බළඇණිය තිබුනෙ පලාලි ආරක්ශිත කලාපයේ බටහිර කෙලවරේ මාදගල් පෙරමුණේ. ඉතාමත්ම තර්ජිත කළාපයක්. හැමදාම වගේ ප්‍රහාර එල්ලවන නිසා ඔහු නොනිදාම තමන්ගෙ හඨ පිරිස් එක්ක රෑ එලිවෙනකම්ම හිටිය.

    මට ඔහු අවසන් වරට මුන ගැහුනෙ 1996 මැයි මාසෙදි විතර. මම එතකොට 4 ශ්‍රීලoකා පාබළ හමුදාවෙ අණදෙන නිලධාරි. යාපනය කොටුවෙ, කළපුවට මුහුණදාල හිටියෙ රිවිරැස 2 මෙහෙයුම ආරම්භ කරන තෙක්. සoගක්කාර ඒවෙනකොට හිටියෙ කොමාන්ඩෝ බළසේනාවෙ බ්‍රිගේඩ් මේජර් හැටියට. ඔහු ඒ වගෙ ජොබ් වලට කැමති නෑ. ඔහුට උවමනා සටන් පෙරමුණේ ඉන්න. ඔහු ඇවිත් මට කිව්වෙ " සර් මාව ආපහු ගන්න ..... මට ටොයිලට් හදවන ඒව සුපවයිස් කරල ඇතිවෙලා ......" කියල. මට තනතුර වැඩක් නෑ...... ආපහු සර්ල ගාවට එන්න ඕන .... කිව්ව.

    ඊට ටික දවසකට පස්සෙ 1996 ජූලි 18 - 26 අතර මුලතිව් දැවැන්ත කොටි ප්‍රහාරය ඇරඹෙනව. ඉතින් මුලතිව් කඳවුර බේරගන්න යුද හමුදාව 'ත්‍රිවිධ පහර' කියල ක්‍රියාන්විතයක් දියත් කරනව. ඒකට කොමාන්ඩෝ බලසේනාව බස්සනව. එතෙන්දි සoගක්කාර මරණීය තුවාල ලබල ලේගැලීමෙන් මියයනවා.

    ඔහුගෙ මිනිය ආපහු ගෙනෙන්න චොපර් එකට පටවල චොපර් එක්ක උස්සද්දි මිනිය මුහුදට වැටෙනව. තුවාල වෙලා චොපර් එකේ හිටපු සෙබලෙක් මුහුදට පනිනව "සර්ගෙ මිනිය දාල යන්න බෑ ....." කියල. චොපර් එක ආයෙත් පහත් කරල ලොකු පරිශ්‍රමයක් දරල තමයි මිනිය ආපහු පටවගෙන තියෙන්නෙ. ඔහුට ඔහු සමග හිටපු සගයින් කොයිතරම් ලෙoගතුද කියන එක තේරුම්ගන්න මේ සිදුවීමම ඇති.

    photo.php
    Machan meka gatthe kohenda?
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් නේ ඉතින්, සංගක්කාර ලොකුද /s

    Oka maha deyakda ban... Padiyatane veda karala thiyenne....

    උබට පුලුවන්ද පඩියට උනත් ඔයවගේ රස්සාවක් කරන්න? ඔය මිනිස්සු මරණ සහතිකේ අතේ තියාගෙන යුධ පෙරමුණට යන්නේ.දිනේ විතරයි දාගන්න තියෙන්නේ..

    ඌ ඒ කියලා තියෙන්නේ අපේ උන් කියන සමහර අසිකිත්ත කතා ගැන බං..;)

    මටනම් තාම මළ පනින්නේ කරපු හොරකම් සහ දේෂපාලන කුප්ප වැඩ වලටත් වැඩිය යුද්දේ කාලේ කිරිඇල්ලලාගේ, කරු ජයසූරියලගේ, රනිල්ලගේ කටින් කිය උන සමහර කාලකන්නි කතා වලට..:oo:
    ඒවා පෙනි පෙනිම උන් හරි කියන මතේම ඉන්න කොට්ටාසෙකුත් ඉන්න එක ගැනයි දුක.. :sorry:
    රනිල්ගේ සාම ගිවිසුම් නිසාම කොල්ලෝ කී දෙනෙක් අසරණ උනාද කොටි ඉස්සරහා..:growl:

    එහෙන් අර මිලේනියම් සිටි පාවා දීම..:dull:

    තමන්ගේ ඉහළ නිලධාරියාගේ කැපවීම, මහන්සිය ගැන දන්න උන්ට නිලධාරියා මැරුණට පස්සේ මිනිය උනත් වටිනවා තමන්ගේ පනටත් වැඩිය.. ඒත් අපේ දේෂපාලකයෝ පණපිටින් ඉන්න නිලධාරීන්ගේ මරණ සහතිකේ කෙලින්ම කොටින්ගේ අතටම දුන්නා..:sorry:

    මහින්ද ගැන කියලා රෙප් කපන උන්ට කියන්න තියෙන්නේ මේ කියලා තියෙන්නේ මහින්දගේ මගුළක් ගැන නෙමෙයි.. හමුදාවේ කොල්ලෝ කාපු කට්ට ගැනයි, ඒ අයව පහළට දාලා කතා කරපු දේසපාලු !@#$% ගැනයි විතරයි කියලා..:)