කැම්පස් වධකයා

rckdck

Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    මේක බ්ලොග් එකකින් උපුටා ගත්තෙ.


    තිත්තවැල්ගොල්ලේ වධකයා

    මම ලඟදි දවසක පොඩි වැඩ වගේකට මිහින්තලේ ගියාම දවල්ට කන්ඩ වෙලාව එළඹුනා. මගේ මිතුරෙක් මාව එක්ක ගියා හරි අපූරු තැනකට. (ඒ තැන ගැන මම ලඟකදී බ්ලොග් අඩවියකත් කියවලා තිබුණු බව මතක නමුත් ඒ කොයි බ්ලොග් එකේද කියලා හොයා ගන්ඩ බැරි උනා). එතැන තමයි ඔරිජිනල් නෙලුම් කොළේ කියන කෑම කඩේ. රඹෑව ටවුන් එක ළඟ තියෙන්නේ. ඉතාම සුන්දර අත්දැකීමක් එහෙම ව්‍යවසායකයෙක් දකින්ඩ ලැබීම. ඊට අමතරව තව වැදගත් දෙයක් උනේ ඒ කෑම කඩේ තිබුණු දැන්වීමක්.

    හරියටම වචන මතක නැති උනත් එයින් කියැවුනේ මෙහෙම අදහසක්. "වැරදි කල අයෙකුට සමාව දිය හැක්කේ ශක්තිමත් පුද්ගලයෙකුට පමණි". මම කල්පනා කළා ඒක ඇත්තද කියල. වෙන කෙනෙක් ගැන හිතනවට වඩා තමන් උපමා කරලා යමක් හිතන්ඩ කියලනේ බුදු හාමුදුරුවොත් කියල තියෙන්නේ...ඉතිං මම මං ගැනම කල්පනා කරලා බැලුවා. මට වැරද්දක් ඒත් මගේ හිතේ පැහැවන තරහක් තියන කෙනෙක් කවුද



    ඔන්න එතකොට මතක් උනා කලාබර ගැන.කැමතිද ඒ කතාව කියවන්ඩ.


    අපේ රටේ තියන 'විද්‍යාත්මක' තීරණ ගැනීමේදක්ෂතාව හිංදා මාව රුහුණු විශ්වවිද්‍යාලයේකෘෂිකර්ම පීඨයට තේරිච්ච කතාව මම මීටඉස්සරත් කියල තියනවනේ. ඒ ගැන ආයෙත්බලාගන්ඩ ඕන නං මෙන්න ඒ ලිපියට සබැඳිය.රුහුණ කියන්නේ ඒ කාලේ ජෙප්පන්ගේතිඹිරිගෙය කියලයි අපි අහලා තිබ්බේ. ජෙප්පෝඅලුත් එකෙකුට 'කොක්ක' ගහන්නේ රැග් එකහරහාලු. ඉතිං මේ 'ප්‍රත්‍යක්ෂ' ඇසුරෙන් ගොඩනගපු අපේ බලාපොරොත්තුව උනේ රුහුණේ දීජෙප්පෝ අපිට අම්බානකට රැග් කරනු ඇති බව.ඔය කාලෙදි පේරාදෙණියේ ඉංජිනියරින් කරපුවරප්‍රකාෂ් මරා දැමෙනවා. ඒත් රැග් වෙමින්සිටියදී. ඉතින් පේරාදෙණිය වගේ තැනකත්මැරෙන ලෙවල් එකට රැග් එක සිද්ධ වෙනවා නංරුහුණේදී අපිට අබ සරණයි කියලා සූදානංසරීරෙන් තමයි කොල්ලා මාපලානට ගියේ.
    පළවෙනි දවස හරි ෂෝක්. කිසි රැගක් නෑ. අපිටහොස්ටල් හම්බ වෙලා නොතිබ්බ හිංදා අපිහිටියේ පිට බෝඩින් වල.
    "සහෝදරයා සහෝදරිය උඹලා වගේ අලුතෙන්මේ විශ්ව විද්‍යාලයට පය තබන නවකයන්ටනේවාසික පහසුකම් ලබා දෙන්න මේපාලනාධිකාරිය අසමත් වෙලාතියනවා. අපි ඒගැන සටන් කරනවා. ඒත් ඒ සටන දිනන්ඩ තවකල් යයි. ඒ වෙනකොට සමහර විට උඹලාදෙවෙනි අවුරුද්දට ඇවිල්ලා තියෙයි. එතකල්උඹලාව බෝඩින් වල තියන්ඩ අපිට බෑ. අපේකාමර වලට උඹලා වරෙල්ලා. අපි තියනහැටියකට බෙදාගෙන ජීවත් වෙමු. එහෙම එකටඉන්න කොටයි අපි එකිනෙකා හොඳට අඳුනාගන්ඩ පුළුවන් වෙන්නේ" එහෙම කිව්වේ ජිල්බා.ශිෂ්‍ය සංගමේ සභාපති අයියා!!
    වරේවා!...වරේවා!!! කවුද ඩෝ කිව්වේ ශිෂ්‍යසංගමේ ඉන්නේ ජෙප්පෝ කියලා. මේ ඉන්නේඑල චරිත නේ...බොක්ක උනත් ෂෙයා කරන්ඩකැමති අයියලානේ මේ... අපි හිතුව විදිහකොච්චර වැරදිද? අපිට හිතුනේ එහෙමයි. ඉතිංපහුවදාම අපි ඔක්කොම කැම්පස් එක ඇතුලේතිබ්බ හොස්ටල් වලට ආවා.
    එදා දවල් කන වෙලාවේදී රැග් එක පටං ගත්තා.හරියට ගුහාව ඇතුලට හා පැටියා එනකල්බලාගෙන හිටපු නරි රංචුවක් වගේ ඊයේ හිටපුඅයියලා අක්කලා අපිව වට කර ගත්තා.
    පර බල්ලෝ දණ ගාගෙන පලයවූකැන්ටිමට...එහම අණ නිකුත් වෙනකොට අපිහිටියේ බොරළු පාරක
    අනේ අයියේ....
    අයියේ..කවුද හු*** අයියා?. ජේෂ්ට උත්තමයාකියාපිය! අපිට වඩා අවුරුද්දක් වැඩිමල් එකෙක්බෙරිහන් දුන්නා. ඔන්න එතන ඉඳන් අපේජ්‍යෙෂ්ඨ උත්තමයෝ උත්තමාවියෝ අපිවකරන්ඩ පටන් ගත්තා.
    දවල් කෑම පාර්සල් මේස දෙකක් උඩ එලපුකඩදාසි කොළ දෙක තුනක් උඩට එක ගොඩකටහලන්ඩ නියම උනා. ඊට පස්සේ ඒ ඔක්කොමඑකට අනන්ඩ. ඊට පස්සේ එක එක බත් ඇටේගණනේ අරගෙන කන්ඩ. ඉස්කෝලෙදි එකටකාලා හුරුව තිබ්බ මට නං එක ගොඩකටගහලා අනපු බත් කන එකේ එච්චර අජූවක්දැනුනේ නෑ. හැබැයි එක බත් ඇටයක් කාලා තවඑකසිය පනහක් විතර පෝලිමේ ගිහිං බත් ඇටේගානේ අරං කන කල් බඩ ගින්නේ ඉඳීම නං මටඅමාරු උනා. හැබැයි සමහර සහෝදරියෝවිතරක් නෙවෙයි සහෝදරයන්ටත් එකගොඩකට දාලා අනපු කෑම කන එක හරිම අමාරුකාරණයක් උනා. සමහරු වමනේ දැම්මා.එතකොට අමු තිත්ත කුණු හරුප වැලක් අහගන්ඩ පුළුවන්. එදා දවල් වරුවටම බත් ඇටදහය දොළහකට වඩා කන්ඩ හම්බ උනේ නෑ. අපිඔක්කොම එක බත් පාර්සලයක් කන්ඩ ඇති.අනිත් සිය ගානම කුණු කූඩෙට!!
    නවක හඳුනා ගැනීම ආරම්භ උනේ එහෙමයි!
    එදා රෑ ජ්‍යෙෂ්ඨ උත්තමයන්ගේ හොස්ටල්එකකට ගාල් කරපු කොල්ලෝ ටික ඔක්කොමනිගන්ඨ ආගමට හරවන්ඩ ඒ උත්තමයෝකාරුණික උනා. එහෙමනේ සමානාත්මතාවපුරුදු පුහුණු කරවන්ඩ ඕන! ගල් බැමි උඩ දණගසා සිටීම්, එහෙම දණ සිටිමින් උඩ පැනීම්(එතකොට දණිස් තුවාල වෙනවනේ කියල කවුදඅහපු එකා....යකෝ එහෙම නැත්තං කොහොමදදන්නේ හැම එකාගෙම දුවන්නේ රතු පාට ලේ දකියලා?....දණිස් පලා ගලකින්...... බලන් රුහිරූඑක රතු පාටින් ගලා හැලෙන අයුරූ.....),හොස්ටල් එකේ කොමන් රූම් එක ස්විමිං පූල්එකක් කියලා හිතාගෙන නිර්වස්තරෙන් බඩගෑම්, හිටපු ගමන් එකෙක් දෙන්නෙක් මිදුලේවැලි උඩ විශේෂ පිහිනුම් සැසි සඳහා සහභාගීකිරීම් වැනි එකී නොකී මෙකී දහසක් අලුත්සෙල්ලං අපි ඉගෙන ගත්තේඅර ජ්‍යෙෂ්ඨ උත්තමයන්ට පිහිට වෙන්ඩ. අපිඑහෙම සෙල්ලං කරන කොට ඒ උත්තමයෝ අමුතිත්ත කුණුහරුප කියමින් අපිව උද්‍යෝගිමත්කළා. හරියට ඔලිම්පික් බලන ග්‍රීක දෙවිවරුවගේ ඒ උත්තමයන්ගේ මුහුණු වල සතුට දොරේගියා. අපෙන් දෝරේ ගියේ කඳුළු සමග ලේ.
    අපි එදා නින්දට වැටෙන කොට රෑ දොළහත් පහුවෙලා. එදා රෑටත් කෑම බත් කටකට දෙකකටවැඩි නෑ. බඩගින්නත්, ශාරීරික හා මානසිකතුවාල හිංදා දැනුණු වේදනාවත් අපිව වේදනාවටපත් කළා. ජීවිතේම වේදනා විඳගෙන ඉගෙනගෙන කැම්පස් එකකට ආවේ මේකටද?
    සීතල වතුර පාරකින් අපිව ඇහැරුනේ පහුවදාඋදේ පාන්දර හතරට විතර.
    @##$$%^^&&&&***(****()**)(&*^(^%^%&^$&$*(^(^(^(^(^^(^(.....!!!
    ඒ වචන මම සිංහල බසින් ලියන්නේ නැත්තේකිසිම මනුස්සයෙකුට ඒ වගේ දේවල් අහන්ඩවත්දකින්ඩවත් නොලැබිය යුතු හිංදා. සරලවගත්තොත් ඒ අපි ඇඳගෙන හිටපු සරං ජටාවක්විදිහට ඔලුවේ බැඳගෙන හොස්ටල් එකඉස්සරහා පිට්ටනියේ පෝලිං ගැහෙන්ඩ අණක්.උත්තම අණ දෙන නිලධාරියා අඩි පහ මාරකටටිකක් වැඩියෙන් උස, උසට හරියන මහතක්තිබුණු සුදු පාට ජෙනරාල් කළාබර ගෙන්. (ඒකාලේ මම එතුමාගේ කාඩ් එක දැනගෙනහිටියේ නෑ. ඒක දැනගත්තේ රැග් එක ඉවරඋනාට පස්සේ). අපි කිලෝ මීටර් දෙක තුනක් මේපාන්දර දුවවන එක තමයි එතුමාගේවිනෝදාංශය. ඊට පස්සේ උදෑසන සරඹ කරවීම්.ඊට පස්සේ දෙතුන් දෙනෙක්ගේ වැලමිටි, දණිස්ආදියෙහි ලේ ගලන බව සහතිකව දැන ගැනීමපිණිස තුවාල සිදු කිරීම්. ඊට පස්සේ අපිට පැයකාලක් විතර හම්බ වෙනවා උදේ ඉංග්‍රීසිකඩිනම් පාඨමාලාවට සහභාගී වීමට යන්ඩවෙලාවක්.
    කැන්ටිමෙන් උදේ කනකොට කලාබර තුමාදෙතුන් දෙනෙක් ගේ පිඟන් වලට වතුර දාන්නේහොදි මදි හින්ද වෙන්ඩ ඕන. ඊට පස්සේෆැකල්ටියේ කොමන් රූම් එකේ තියන යකඩ පුටුඅස්සෙන් රිංගලා බඩ ගාමින් තමයි අපි ඉංග්‍රීසික්ලාස් යන්ඩ ඕන. ඉතින් එතකොට ෂර්ට් එකෙයිකලිසමෙයි පොලිෂ් ගෑවිලා දුඹුරු රතු පාටක්ගන්නවා. එක අතකින් ඒක හොඳයි. නැත්තංඅපේ කමිස කලිසං වල තියන ලේ පැල්ලම්දැක්කොත් අපිට ඉංග්‍රීසි උගන්නන උත්තමයෝබයවෙලා පාලනාධිකාරියට රපොර්තු කරන්ඩපුළුවන් නේ. අනේ ඉතිං මොකටද කාටවත්කරදර කරන්නේ!!!!
    දවස දෙක තුන ගෙවිලා ගියා. එක්කෙනා දෙන්නාතුන්දෙනා ඉස්පිරිතාල වල පිහිට හෙව්වා. මේවෙනකොට අපේ නිළ වධකයා කළාබර බව අපිටතේරිලා තිබුනා. මේ අස්සේ අපිට යන්තමින් වත්බුරුලක් දුන්නු, අපේ දුක සැප හොයලා බලපුඅයත් නොහිටියා නෙවෙයි. පොරමඩුල්ලසෙන්ට්‍රල් එකෙන් ආපු කණ්ඩියා එහෙමකෙනෙක්. දැන් ඔහු කැළෑ කන්තෝරුවේ නිළයක්දරනවා. තව හිටියා මැඩෝනා කියල අක්කාකෙනෙක්. අර මම මුලින් කියපු ශිෂ්‍ය සංගම්සභාපති ජිල්බා පස්සේ කාලෙකදී මේ අක්කවකසාද බැන්දා කියලා දන්නවා මිසක් වැඩිවිස්තරයක් දන්නේ නෑ. අර අපායේ උනත් මිනිස්දෙවිවරු හිටපු බව කියන්නයි මම එහෙමසඳහන් කලේ. තව කට්ටියක් හිටියා රැග් එකටවිරුද්ධ. හැබැයි ඒ අය අපිට විශේෂ උපකාරයක්කලෙත් නෑ. හැම දේම නොපෙනුනා, නෑසුනාවගේ හිටියා.
    ඒ කොහොම උනත් දින සති ගණන් වලටපෙරලේද්දී කළාබර ගේ ලේ සහ කඳුළු පිපාසෙතව වැඩි උනා. ඔහුගේ සහයට බාවා වගේචරිතත් එක්කහු උනා. දිව්‍ය ලෝකේ එක්තරාදෙවි වරු කොටසක් ඉන්නවලු අබ්භාහාරකදෙවිවරු කියලා. ඔවුන් සන්තෝෂය මත යැපෙනඅය. වෙනත් ආහාර ගන්නේ නෑ. ඒකෙප්‍රතිවිරුද්ධ පැත්ත තමයි කළාබර. ඔහුට සතුටගෙනාවේ අනෙක් අයගේ දුක් වේදනා. ටිකදවසකින් මගේ කකුලේ උලුක් වීමක් වෙච්ච හිංදාමේ වධ වලින් ටිකක් බේරෙන්ඩ මට පුළුවන්උනා. ඉස්පිරිතාලෙන් දීපු බේත් මම පාවිච්චිකලේ නැත්තේ උලුක්කුවේ වේදනාව නැතිඋනොත් කලාබරගේ ගොදුරු බවට පත් වෙන්ඩවෙන හිංදා.
    සති තුනකට පස්සේ අපේ රැග් සීසන් එක ඉවරඋනා. ඊට පස්සේ ඇඟේ පතේ තුවාල හොඳඋනාම මම ගෙදර ආවා. ඒත් තුවාල කැලලිපේන්ඩ තිබ්බ හිංදා අම්මා දැන ගත්තා මම විඳපුවද ගැන. දවසක් අම්මලාගේ ස්ටාෆ් එකේ සර්කෙනෙක් අපේ ගෙදර ආවා. ඔහු ඉංග්‍රීසිගුරුවරයෙක්. අම්මා ඇඬු කඳුලින් මගේ විස්තරකියනකොට එයා මෙන්න මෙහෙම කිව්වා.
    මාත් දන්නා කෙනෙක් ඉන්නවා මාපලානේ. මගේහිතේ දැන් දෙවෙනි නැත්තං තුන්වෙනි අවුරුද්දේවිතර ඇති.
    ඒ කවුද සර්...මම ඇහුවා.
    නම නං XXXX ගම තිත්තවැල්ගොල්ල. දඹුල්ලපැත්තේ.
    අපි ඉතින් තාම නං දන්නේ නෑ. කාඩ් එක තමයිටිකක් වත් දන්නේ....
    මිනිහට තිබ්බේ හරි අමුතු කාඩ් එකක්...ඉන්ඩබලන්ඩ මතක් කරන්ඩ....මගේ හිතේ කළාබර!
    න්.....නෑ!
    ඇයි ඔයා එයාව දන්නවද? මගේ නම කියන්ඩඑයා මාව හොඳට අඳුනනවා.
    ඒ තමයි අපේ ප්‍රධාන වධකයා!!!
    මම කළාබර ගේ වැඩ ගැන දාහෙන් එකක්කිව්වා. ඔක්කොම කියලා අහගෙන ඉන්න අයබය කරන්නේ මොකටද? මම කතාව කියනකොට සර් අඬන්ඩ පටන් ගත්තා.
    ඔය ඇත්තද?
    මම මොකටද බොරු කියන්නේ?
    මම මේ කියන්ඩ යන කතාව අහගන්ඩ.එයා ශිෂ්‍යත්වේ පාස් වෙලා නුවර කිංස්වුඩ් එකටආවා. කන්ඩ බොන්ඩ වත් තිබ්බේ නෑ. හරිඅමාරුවෙන් ජීවත් උනේ. මායි අයියයි මෙයාවිඳින දුක දැකලා අපේ ගෙදර එක්කගෙන ආවා.ඒ ලෙවල් කරන කල් අපේ අම්මයි තාත්තයිතමයි මෙයාට කන්ඩ අඳින්ඩ දුන්නේ. අපි උදවුකලේ අසත්පුරුෂ බල්ලෙකුට කියලා අපේඅම්මලාට කිව්වොත් ඒ අයගේ පපුව පැලෙයි!
    මොනවා ඔය ඇත්තද?
    සහතික ඇත්ත....හම්බ වෙච්ච දවසක අහලාබලන්ඩ මගේ නම කියලා.
    ඊට පස්සේ සතියේ මම කළාබර ගෙන ඇහුවාඅහවලා අඳුනනවාද කියලා. ඌ ටිකක්අමාරුවෙන් මතක් කරලා පිලි ගත්තා ඌටසැලකුවේ අර මම කියපු සර්ගේ දෙමව්පියෝතමයි කියලා.
    මම හිතා ගෙන හිටියට රැග් කරන්නේ ජෙප්පෝකියලා කළාබර ජෙප්පෙක් නෙවෙයි. අඩු ගානේඌ එළිපිට ඒ බව පිළිගත්තේ නෑ. හැබැයි ඌතමන්ට වඩා දුබලය්න්ව පෙළීමෙන් සතුටටපත්වෙච්ච මානසික රෝගියෙක්. මගේ හිතේතමන් ජීවිතේ පුරා මූණ දීපු දුප්පත්කමේ ශාපයේඇරියස් එක තමන්ගේම පංතියේ එවුන්ගෙන්පහ කරපු බය ගුල්ලෙක්. අර සත් ගුණවත්පවුලකට මූව මුණ නොගැසුනා නං මේ වධකයාලෝකෙට ඉතුරු වෙන්නේ නෑ. මගේ බැච් එකේඅයට ඌ හම්බ වෙන්ඩ කලින් කනත්තකවලකට ඔහුව හම්බ වෙන්න තිබ්බා එහෙමඋනානං. අපේ පවට එහෙම උනේ නෑ.
    කාලෙකට පස්සේ මට ආපහු කළාබරව හම්බඋනා. එතකොට ඔහු කෘෂිකර්මදෙපාර්තමේතුවේ අම්පාරේ සේවය කරමින්හිටියේ.
    ආතිත්තවැල්ගොල්ලේ ජ්‍යෙෂ්ඨ තුමා...කොහොමද?
    ඔ...ඔබතුමාට මගේ ගමේ නමත් මතකද?
    (අපොයි ඔව්. මගේ දනිස්සේ තුවාල කැලලිමැකෙන්නේ නෑ නොව......) මම එහෙම කිව්වේනෑ හිතුවා විතරයි. මොකටද කාටවත්රිදවන්නේ?
    මට මතක් වෙනවා ප්‍රත්‍ය ශතකයේ පස්වෙනි ශ්ලෝකය.
    උත්කෘෂ්ට මධ්‍යමනිකෘෂ්ට ජනෙෂු මිත්‍රං
    යද්වත් ශිලාෂු සිකතාෂු ජලෙෂු රෙඛා
    වෛරං ක්‍රමාදධම මධ්‍යම සජ්ජනෙෂු
    යද්වත් ශිලාෂු සිකතාෂු ජලෙෂු රේඛා
    උත්තම මධ්‍යම අධම යන මොවුන් කෙරෙහිකළාවූ උපකාරය ගලෙහි, බිමෙහි, දියෙහි ඇඳිරේඛාවක් මෙන් වන්නේය. විපර්යාස වශයෙන්අධම, මධ්‍යම උත්තමයන් කෙරෙහි කළාවූ ද්‍රෝහී කමුත් ගලෙහි, බිමෙහි, දියෙහි ඇඳිරේඛාවක් මෙන් වන්නේය.
    ඉතින් මේ කතාව මතක් උනේ ඔරිජිනල් නෙලුම්කොළේ කඩේදී කිව්වනේ. ඇත්තටම මට ශක්තියතිබ්බේ නෑ කළාබරට සමාව දෙන්ඩ. හැබැයි අරකඩේදී දැක්ක දැන්වීමත් එක්ක මට ඕන උනාශක්තිවන්තයෙක් වෙන්න. ඒක හිංදා අන්තිමපාරට කතාව මතක් කරලා ලියන්ඩ ඕන උනා.දැන් මම ශක්තිමත්
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඌ ජෙප්පෙක් නෙමෙයි කියල තියෙන්නෙ බං
    ඌ ජෙප්පෙක් කියල පිලිඅරගෙන නෑ කියල තියෙන්නෙ බන්. ඌ ජෙප්පෙක් වෙන්න ගොඩක් දුරට ඉඩ තියනවා. ඔය රැග් කල්චර් එකට කොහොමත් ජෙප්පො තමා වගකියන්න ඕනෙ
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    රැග් කරන ගෑනු ඔක්කොටම අන්තයි. උන් දරුණුම මානසික ලෙඩ්ඩු. තමන්ට වඩා යටින් ඉන්න කෙල්ලෙකුගේ උඩින් තමන්ගේ ලොකුකම පිටකරල අරිනවා. ඒ වගේම මානසිකත්වයක් ඔය රැග් කරන සමහර පිස්සොන්ටත් තියෙනවා. එකක් අවංකව කියන්න ඕන. දුර පළාත් වලින් කොළඹට ආපු වැඩි හරියක් දස කැරියෝ.
    අපේ ජෙප්පෝ ටිකට ගහල එලවල දාල තිබ්බේ. උන් එන එන සැරේට ගැහුවා. ඒක හින්ද රැග් තිබ්බෙ නැහැ. ඒ තිබ්බෙ නැතත් හොස්ටල් වල ගෑනු රැග් කරලා තිබුණා.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    කොහොමටත් 95%ක්ම රැග් කරන උන් අයිති වෙන්නෙ මේ කැටගරි එකට..

    1) ඉතා ඈත ගම්වලින් ආපු
    2) ඉතා දුප්පත්
    3) ඉතා අහිංසක දෙවම්පියන්ගෙ
    4) අධික හීනමානයෙන් පෙලෙන

    අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි... මට රැග් කරන්න ආව එක ජේෂ්ඨ පකෙක් ගිය පලවෙනි දවසෙම.. ඌ කියපු කතාවට මට මල පැනලා නැගිටලා දෙන්න ගියේ... මම හිටගත්තාම ඌ මං දිහා ඔලුව උඩට හරවලා බලන්න ඕන (මං 6 2' උස..) .. මස් කළඳක් නැති කෙට්ටු සොන්නයෙක්.. අපේ ඉස්කෝලෙ තව එකෙක් හිටිය මං ගාවම ඌ මාව අල්ලගත්ත අඩෝ ගහන්න එපා කියල... පස්සෙ ඌ මගෙ ඉස්කෝලෙ අහල සේප් වෙලා ගියා..

    සොෂල් එකෙන් පස්සෙ ඒ සින්න මාත් එක්ක ෆිට් උනා... ඌ මට කීව “අඩෝ මම හිතුවෙ උඹ එදා මට නෙලුවම තමා කියල“

    මං කැම්පස් නෙමෙයි .. ඒ සමාන ආයතනයක ඉගනගත්තෙ. එහෙමයි කියල රැග් එකෙන් අඩුවක් තිබ්බෙ නෑ. හැබැයි මම ගිය ඉස්කෝලෙ තිබ්බ ටවුමෙම, හොඳට දන්න කියන ටවුමෙම තමා අදාල ආයතනෙ තිබ්බෙ. රැගින් කරපු හැම එකාම අර උඩ කැටගරි එකේ උන්. ඒ හින්ද බයක් තිබ්බෙ නෑ.. මට අත තිබ්බ නං ලෙක්චර්ස් ඉවරවෙලා එළියට එන වෙලාවක නිල් වෙන්න පෝරියල් එක දීමේ හැකියාව තිබ්බ.. ටවුමෙ යාලුවොයි, ඉස්කෝලෙ පොඩි උනුයි ඉන්න හින්ද... අපේ ඩිපාට්මන්ට් එකේ සීනියර් උන් රැග් කරන්න ආවෙ නෑ.. උන් හෙන හොඳයි. අනිත් ඩිපාර්ට්මන්ට් වල උන් තමා ආවෙ.. සෝෂල් ඉවරවෙලා මාසෙකින් දෙකකින් අපි ඩිපාට්මන්ට් දෙකක් එකතුවෙලා සින්නන්ට දුන්නා හොදි නැතිව (අපේ ඩිපාට්මන්ට් එකේ සින්නොත් අපිත් එක්ක එකතුවෙලා උන්ගෙ බැජ් එකේ උන්ට ගැහුව) . ශිෂ්‍ය සංගමේ සභාපති කණුවක් අස්සෙ හැංගිල හිටියෙ අන්තිමට...උට ගහල තිබ්බ ප්ලාස්ටික පුටුවක් කැඩෙනකල්...

    අපි ශිෂ්‍ය සංගමේ ඔතෝරිටි එක ටේක් ඕවර් කරා. ඊළඟ බැජ් එක ආපුවාම උන්ට චාටර් රැග් දෙන්න ඉඩදුන්නෙම නෑ. උන් හිනස්සලා , සබකෝලෙට හැදිච්චි උන් සෝෂලයිස් කරල ගත්ත. සිංදු කියල, රඟපාල.. ඔය වගේ හැමෝටම සතුටු වෙන්න පුලුවන් දේවල්. බත් ඇටේ ඇටේ කන්න දෙන, එකට අනල සේරම කන්න දෙන චාටර් රැග් සේරම නැති කලා. දණගෑමවල් , බඩගෑමවල් නැතිකලා. අදටත් ජුන්නො අපිව කොහෙන් දැක්කත් මාර ආදරෙං කතාකරන්නෙ...
     

    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    රැග් කරන ගෑනු ඔක්කොටම අන්තයි. උන් දරුණුම මානසික ලෙඩ්ඩු. තමන්ට වඩා යටින් ඉන්න කෙල්ලෙකුගේ උඩින් තමන්ගේ ලොකුකම පිටකරල අරිනවා. ඒ වගේම මානසිකත්වයක් ඔය රැග් කරන සමහර පිස්සොන්ටත් තියෙනවා. එකක් අවංකව කියන්න ඕන. දුර පළාත් වලින් කොළඹට ආපු වැඩි හරියක් දස කැරියෝ.
    අපේ ජෙප්පෝ ටිකට ගහල එලවල දාල තිබ්බේ. උන් එන එන සැරේට ගැහුවා. ඒක හින්ද රැග් තිබ්බෙ නැහැ. ඒ තිබ්බෙ නැතත් හොස්ටල් වල ගෑනු රැග් කරලා තිබුණා.
    ගෑනු ළමයින්ට රැග් දෙන්නෙ නෑනෙ බං හොස්ටල් වල🙄
    කොහෙද කැම්පස් එක
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මම මොරටුවේ. රෑග් තිබුනේ නෑ. ඊට කලින් පේරා ගියා ෆිසිකල්. රෑග් කරන්න ඈවිත් වලියක් දාගෙන අත ඈරලා ආවා. රෑග් කරන එවුන් අහු වුනොත් කන පලනවා එදා වගේමයි අදත්.
     

    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    මම මොරටුවේ. රෑග් තිබුනේ නෑ. ඊට කලින් පේරා ගියා ෆිසිකල්. රෑග් කරන්න ඈවිත් වලියක් දාගෙන අත ඈරලා ආවා. රෑග් කරන එවුන් අහු වුනොත් කන පලනවා එදා වගේමයි අදත්.
    උබ නම් කැම්පස් පැත්ත පලාතක නොගිය ගොඩයෙක් කියල දන්නවා.
    පේරා ෆිසිකල් ගිහින් මොරටුව එන්නෙ කොහොමද කියපන් 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    උබ නම් කැම්පස් පැත්ත පලාතක නොගිය ගොඩයෙක් කියල දන්නවා.
    පේරා ෆිසිකල් ගිහින් මොරටුව එන්නෙ කොහොමද කියපන් 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
    දන්න දෙයක් කතා කරපන් බන්. පලවෙනි පාර කරලා ලකුණු මදි වෙලා ෆිසිකල් සෙලෙක්ට් වුනා. දෙවෙනි පාර තමා මෝරා ගියේ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    දන්න දෙයක් කතා කරපන් බන්. පලවෙනි පාර කරලා ලකුණු මදි වෙලා ෆිසිකල් සෙලෙක්ට් වුනා. දෙවෙනි පාර තමා මෝරා ගියේ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    නොදන්න කෙබර දන්නවා වගේ දෙසන්න ගියාම ඔහොම තමයි.🤣🤣🤣🤣
    පලවෙනි පාර පේරා රෙජිස්ටර් වෙල මොරා ආවෙ කොහොමද ඕයි දෙවනි පාර?🤣🤣🤣🤣🤣🤣

    ආ එහෙනම් කියපන් බලන්න උබගෙ ෆැකල්ටි එකයි සිලෙක්ට් උනු ඩිපාට්මන්ට් එකයි ? ෆස්ට් ඉයර් එකේ ෆස්ට් සෙම් එකේ සබ්ජෙක්ට්ස් ටිකයි.

    නිකං පීච්චං වෙන්න එපා බං බොරුවට රගන්ක ඇවිල්ල 🤣
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    උබ නම් කැම්පස් පැත්ත පලාතක නොගිය ගොඩයෙක් කියල දන්නවා.
    පේරා ෆිසිකල් ගිහින් මොරටුව එන්නෙ කොහොමද කියපන් 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
    Issara mehema puluwan man hitanne, passe eka tahanam kara. Eka tenaka register wunot aye AL karata wedak ne
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    නොදන්න කෙබර දන්නවා වගේ දෙසන්න ගියාම ඔහොම තමයි.🤣🤣🤣🤣
    පලවෙනි පාර පේරා රෙජිස්ටර් වෙල මොරා ආවෙ කොහොමද ඕයි දෙවනි පාර?🤣🤣🤣🤣🤣🤣

    ආ එහෙනම් කියපන් බලන්න උබගෙ ෆැකල්ටි එකයි සිලෙක්ට් උනු ඩිපාට්මන්ට් එකයි ? ෆස්ට් ඉයර් එකේ ෆස්ට් සෙම් එකේ සබ්ජෙක්ට්ස් ටිකයි.

    නිකං පීච්චං වෙන්න එපා බං බොරුවට රගන්ක ඇවිල්ල 🤣
    අනේ ඩෝ. මම මෝරා ගියේ . හොදම department එකේ ඉගෙන ගත්තේ electronic and telecommunications.. යනකොට department head හිටියේ දිලීකා මෑඩම්, ඊලගට අමිත් සර්..දෑන් කොහොමද දන්නේ නෑ. ඒ කාලේ රෙජිස්ට්‍රේෂන් එක අයින් කර ගන්න පුලුවන්. ලෝකේ හෑමදේම දන්නවා කියලා දෑනන් ඉන්න මී හරකෙක් උඹ.
     

    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    දන්න දෙයක් කතා කරපන් බන්. පලවෙනි පාර කරලා ලකුණු මදි වෙලා ෆිසිකල් සෙලෙක්ට් වුනා. දෙවෙනි පාර තමා මෝරා ගියේ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    මොන අවුරුද්දේ ද?
    ලකුණු කීයද?
    මාර කැම්පස් යෑමක් නෙ ඕයි අදමයි ඔහොම එකක් ඇහුවෙ🙄
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    නොදන්න කෙබර දන්නවා වගේ දෙසන්න ගියාම ඔහොම තමයි.🤣🤣🤣🤣
    පලවෙනි පාර පේරා රෙජිස්ටර් වෙල මොරා ආවෙ කොහොමද ඕයි දෙවනි පාර?🤣🤣🤣🤣🤣🤣

    ආ එහෙනම් කියපන් බලන්න උබගෙ ෆැකල්ටි එකයි සිලෙක්ට් උනු ඩිපාට්මන්ට් එකයි ? ෆස්ට් ඉයර් එකේ ෆස්ට් සෙම් එකේ සබ්ජෙක්ට්ස් ටිකයි.

    නිකං පීච්චං වෙන්න එපා බං බොරුවට රගන්ක ඇවිල්ල 🤣
    ඇයි යකෝ බෝට්ටුවෙන් එන උන් ඉන්නේ.. ඇයි යකෝ බෝට්ටුවෙන් එන උන් ඉන්නේ.. ශිෂ්‍යභාවය අතඇරියා කියලා දෙවැනි පාර ලකුණු වලින් කැම්පස් එන එක නවත්තන්න පුලුවන්ද? මුලික අයිතිවාසිකම් නඩුවකින් හෙන වන්දියකුත් ගන්න පුලුවන්, දන්න ලබ්බක් කියපන්.