ඊයේ ශ්රීලංකා පාබළ හමුදා රෙජිමේන්තු මූලස්ථානයට ගිය සංචාරයේදී එම රෙජිමේන්තුවට අයත්ව සේවය කර 'ජීව දානය' ලබාදුන් සියළුම සාමාජිකයින් අනුස්මරනය කිරීම සඳහා ඉදිකර තිබෙන ස්මාරකය වෙත ගියෙමි. මෙය විවෘත්ත කරන දිනයේදීද එහි ගියත් අධික මහජන තදබදය නිසා එය නැරැඹීමට අවස්ථාවක් ලැබුනේ නෑ. මියගිය සාමාජිකයින්ගේ නාම ලේඛනයෙහි සඳහන් එක් නමක් ගැන සටහනක් නොතැබුවා නම් එය ගුණමකු කමකැයි සිතුනා.
සැරයන් එච්.එම් චන්ද්රසිරි
මේ ඡායාරූප වල සිටින සෙ/301110 සැරයන් චන්ද්රසිරි එච්.එම්. දීර්ඝ කාලයක් මා සමග පුද්ගලික ආරක්ශකයා (බඩියා) ලෙස සිටි අයෙක්. ඔහු නාරම්මල රම්මුතුගල ප්රදේශයේ අයෙක්. චන්ද්රසිරි මට මුලින්ම මුන ගැහුනේ මා 6 ශ්රී.ල.පා.හ A කණ්ඩායමේ නිලධාරි අණදෙන වශයෙන් සේවය කරමින් සිටියදී. ඔහු එවකට සාමාන්ය සෙබලෙක්. දවසක් ඒ කණ්ඩායමේ සැරයන් මේජර් වරයා චන්ද්රසිරි මා ලඟට එක්ක ආව. "සර් මූ හෙන වැඩ්ඩෙක්" කියාගෙන. මම ඇහුව ඇයි ඒ කියල. බලාගෙන යද්දි චන්ද්රසිරි එවකට තරුනයින් අතර ඉතා ජනප්රියව තිබූ 'බ්රේක් ඩාන්ස්' කිසියම් ප්රමාණයකට හැදෑරූ අයෙක්. ඔහු එදා අප ඉදිරියේ මයිකල් ජැක්සන් ගේ Moon Walk නර්ථනයෙන් කොටසක් නටා පෙන්නුවා.
ඔහු මළල ක්රීඩා, වොලිබෝල්, සැහැල්ලු පන්දු ක්රිකට් ආදී ක්රීඩා ගනනාවකට තම පාසැල නියෝජනය කරමින් පළාත් මට්ටම දක්වා ගිය අයෙක්. ඉතාමත්ම නිහඬ චරිතයක් වන ඔහු ඉඳහිට කතා කරද්දී මට සිහිපත් වූයේ නම් බද්දේගම චිත්රපටයෙහි 'සිලිඳු' යි. අප එවකට සිටියේ මඩකලපුවේ කිරාන් ප්රදේශයේයි. ඒ විනයාගමූර්ති මුරලිදරන්ගේ නායකත්වය යටතේ දිනපතා මාර්ග සෝදිසි මෙහෙයුම් වෙත දැවැන්ත ප්රහාර එල්ල කරන කාලයයි. සෙබලුන්ගේ ජීවිත වලට තිබුනේ ඉතා දැඩි අවිනිශ්චිත භාවයක්.
ක්ශේත්ර ගනනාවක ඉතා දක්ශ සහ විනීත සෙබලකු වූ චන්ද්රසිරි තවත් කාලයක් ජීවත් වීමට සුදුසු අයෙකු වූ බැවින් කණ්ඩායම් සැරයන් මේජර් විසින් ඔහු මගේ පුද්ගලික ආරක්ශක / ඇබිත්ත රාජකාරින් සඳහා යෙදවූවා. එතැන් සිට වසර කිහිපයක්ම ඔහු මා සමග සේවයේ යෙදී සිටි අතර 1996 පෙබරවාරියේදී මා 4 වන බළඇණිය ශ්රීලංකා පාබළ හමුදාවේ අණදෙන නිලධාරි ලෙස පත්ව ඒමේදී ඔහු මා සමග සේවයෙන් මිදී ගියා. මට අවශ්ය නම් අලුත් තනතුරට යද්දී චන්ද්රසිරි කැටිව යාමට අවස්ථාව තිබුනද මා යන්නේ සෙබලුන් දහසක් පමන සිටින බළඇණියකට බැවින් වෙනත් බළඇණියකින් පුද්ගලික ආරක්ශකයකු රැගෙන යාම නව බළඇණියට කරන අගෞරවයක් යයි මට සිතුනා.
ඉන්පසු 4 වන බළඇණිය ශ්රීලංකා පාබළ හමුදාව වවුනියාවේ සිට කිලිනොච්චිය දක්වා A - 9 මාර්ගය අල්ලාගෙන ගමනාගමනය සඳහා විවෘත්ත කිරීම පිනිස දියත්වූ 'ජයසිකුරු' ක්රියාන්විතය සඳහා සහබාගි වීමට වවුනියාවට පැමිනියා. 1997 මැයි මස 13 දින ආරම්භවූ එම ක්රියාන්විතයේ ඉදිරි ප්රහාරක බළඇණියක් ලෙස අප A - 9 මාර්ගය දිගේ ඉදිරියට ඇදෙමින් සිටියා. විටින් විට ප්රහාරක බළඇණි සහ බළසේනා මාරුකරමින් A-9 මාර්ගය දෙපසින් මෙහෙයුම ඉදිරියට ඇදෙමින් තිබුනා. අප බළඇණියේ මෙවලම් / උපකරණ ආදිය ගබඩා කර තිබුනේ තාඬිකුලමේ පැරනි චෙක් පොයින්ට් එකෙහි ගබඩාවල.
1997 ජූනි මස 10 දින අළුයම 2.15 ට පමණ කොටින් ජයසිකුරු ක්රියාන්විතය විසින් එතෙක් මුදාගෙන තිබූ ප්රදේශයේ බටහිර වලල්ලට දැවැන්ත ප්රහාරයක් එල්ල කලා. ඔවුන්ගේ එක් ප්රධානම ඉලක්කයක් වී තිබුනේ තාඬිකුලමේ පැරනි චෙක් පොයින්ට් එකයි. මේ වනවිට අප සිටියේ එම ප්රදේශයට කිලෝමීටර් 4 ක් පමන උතුරෙන් පිහිටි පෙරියමඩු ප්රදේශයේයි. ප්රහාරක පාබළ සෙනාoක ඉදිරියට ඇදෙද්දී පසුපස කළාපයේ අත්පත් කරගත් භූමිවල ආරක්ශාව සඳහා භඨපිරිස් හිඟකම නිසා, පොලිසිය සහ විවිධ සහායක ආධාරක ඒකක භඨ පිරිස් යොදවන්න සිදුවුනා.
මේ ප්රහාරය එල්ල වනවිට හතරවන බළඇණියේ බඩු බාහිරාදිය තැන්පත්කර තිබුනේ තාඬිකුලම් ප්රදේශයේ පැරණි මුරපොලේ. මගේ පුද්ගලික බඩු බාහිරාදිය විශාල ප්රමාණයක් එතන නැතිවුනා. ඒ අතර ඒ කාලෙ රුපියල් 25,000 ක් පමන වටින කැසට් ප්ලේයර් එකක්, පිටරට පුහුණුවීම් වලට ගිහින් ආපු උන් ගෙනත්දීපු හොඳම වර්ගවල විස්කි බෝතල් 10ක් පමන, මා ඉතා ආදරයෙන් රැස්කල කැසට් පට. (ඒ අතර ඉන්දියාවෙන් මිලදී ගත් මොහොමඩ් රාෆි, මහෙන්ද්ර කපූර්, ලතා මගෙශ්කාර් ආදීන්ගේ කැසට් පට 50 ක් පමන ), වටිනාම ඇඳුම් කොටි අරන් ගිහින් තිබුනා. මගෙ මුලු ලොස්ට් එක ඒකාලෙ හැටියට රුපියල් ලක්ශයක් විතර. මෙහි එක් ඡායාරූපයක එම විනාශය දැක්වෙනවා.
මේ සිදුවීම එවකට යුදහමුදා පාලන HF - ගුවන් විදුලි ජාලා ඔස්සේ යාපනයට වාර්ථාවී තිබුනේ 4 වන බළඇණි මූලස්ථානය කොටින් විසින් අල්ලාගෙන ඇති අතර මා ප්රහාරයේදී ඉතා දරුණු ලෙස තුවාල ලබා ගුවනින් කොළඹට ගෙනගොස් ඇති ලෙසත්ය. ජoගම දුරකථන වැනි සන්නිවේදන මාධ්ය කිසිවක් නොතිබූ ඒකාලයේදී කටකතා පැතිරෙන්නේ එලෙසය. මේ සිදුවීමේ කථානායක සැරයන් චන්ද්රසිරි එවකට සේවයේ යෙදෙමින් සිටියේ 8 ශ්‍රී.ල.පා.හ ඒකයට අනුයුක්තව අලිමංකඩ ප්රදේශයේය. පැතිර ගොස් තිබූ කටකතා වලින් මහත් කම්පනයට පත් චන්ද්රසිරි මගේ සැබෑ තත්වය දැන ගැනීමට කල සියලු උත්සාහයන් අසාර්ථක වීමෙන් පසු එවකට ඔහුගේ නිලධාරි අණදෙන ලෙස කටයුතු කරමින් සිටි මේජ්ර දර්ශන හෙට්ටිආරච්චි හමුවී නිවාඩුවක් ලබාගෙන තිබුනා. ඒ මා බැලීමට යුද හමුදා රෝහල හෝ වෙනත් ස්ථානයකට යාමටයි.
එසේ 1997.06.13 වනදින නිවාඩු ලබා වරුවක්ම අලිමංකඩ හෙලිකොප්ටර් පැමිනෙන ස්ථානයේ රැඳී සිටියත් පැමිනි සීමිත හෙලිකොප්ටර වල ඔහුට ස්ථානයක් ලබාගන්න නොහැකිවී තිබුනා. ඉන්පසු ඔහු කර තිබුනේ පලාලි වෙත ධාවනය වෙමින් තිබූ හමුදා ලොරියක එල්ලී පලාලි ගුවන් පථය දක්වා ගමන් ඇරඹීමයි මේ ලොරි රථය චාවකච්චේරිය අසලදී කොටි ක්ලේමෝර් ප්රහාරයකට ගොදුරුවී තිබුනු අතර චන්ද්රසිරි එම ස්ථානයේදීම මියගොස් තිබුනා. සත්ය වශයෙන්ම ඔහු එදා දිවිදී තිබුනේ මා දැක ගැනීමට කොළඹට පැමිනීමට දැරූ උත්සාහයේ ප්රතිපලයක් ලෙසයි. එහෙත් මට කිසිදු තුවාලයක් සිදුව තිබුනේ නෑ.
මේ සිදුවීම මට විටින් විටින් සිහියට නැගෙන අනුවේදනීය සිදුවීමක්. මොහු දීර්ඝ කාලයක් සටන් පෙරමුණෙහි නිදිවර්ජිත රාත්රීන්හි මට කෝපි සාදා දෙමින්, මදුරු කොයිල් පත්තු කරමින් නිදිවැරුවා. මම කුඩා ලන්තෑරුමක එලියෙන් විවිධ දේ කියවනවා. ඒ අතර ඔහු යමකට පිටදී අවිය තුරුල් කරගෙන නිදි කිරනවා. මා පසුගිය සතියේ නාරම්මල පසුකර ගමනක් යමින් සිටියදී ඔහු වෙනුවෙන් ඉදිකර තිබූ බස් නැවතුම් පලක ඡායාරූපයක්ද ගත්තා. එහි ඔහුගේ මුහුන සම්පූර්ණයෙන්ම විනාශවී තිබුනා. කාලය විසින් තවත් ටික කලක් තුල මේ සියල්ල හිස් අවකාශයට එකතු කරනු ඇති.
චන්ද්රසිරි, ඔබවැනි යහපත් මිනිසෙකුට නැවාත කිසිකලෙක අකල් මරනයක් අත් නොවේවා.
පාබළ හමුදා රෙජිමේන්තුවේ 'ජීව දානය' ලබාදුන් සියළුම
සාමාජිකයින් අනුස්මරනය කිරීම සඳහා ඉදිකර ඇති ස්මාරකය