අද කාන්තාවකට තනිවම නිවෙසක ඉන්න බැහැ-රාජකී
අද කාන්තාවකට තනිවම නිවෙසක ඉන්න බැහැ-රාජකීය පණ්ඩිත මාතලේ ධම්මකුසල හිමි
අතන මිනී මරණව, මෙතන මිනී මරණව. අතන හොරකම් කරනවා. මෙතන හොරකම් කරනවා. අතන නිදන් හාරනවා. මෙතන නිදන් හාරනවා. කාන්තාවකට අද තනියම නිවසක ඉන්න බෑ. අද රට අරාජික වෙලා.
ඒත් මට්ටක්කුලිය ප්‍රදේශයේ ජීවත් වන අපි අපේ ප්‍රදේශවල ආරක්ෂාව බලාගත යුතුයි. වෙසක් එකට සරසනවා පොසොන් එකට සරසනව. අවුරුදුවලට උත්සව පවත්වනව. අපේ ප්‍රදේශයේ තරුණයන් දැන් දන්නව හොඳ නරක මොකක්ද කියලා. ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ නියෝජ්‍ය මහා ලේඛකාධිකාරි, ශ්‍රී වික්‍රමාරාම විහාරාධිපති, රාජකීය පණ්ඩිත මාතලේ ධම්මකුසල හිමිපාණන් වහන්සේ එසේ අවධාරණය කළේ පොසොන් පෝදා (4) මට්ටක්කුලිය ප්‍රදේශයේ පැවැති බත් දන්සැලක ආරම්භක අවස්ථාවේ පැවැති අනුශාසනාවකදීය. උන් වහන්සේ වැඩිදුරටත් අනුශාසනා කරමින් මේ ප්‍රදේශයේ ත්‍රිරෝද රථ සංගමය ඉදිරිපත් වෙලා සිංහල, දෙමළ මුස්ලිම් සියලු දෙනාගේම සහයෝගයෙන් ප්‍රදේශයේ දුගී දුප්පත් ජනයාට ආහාර වලින් සංග්‍රහ කිරීම බොහෝම පිං වැඩෙන වටිනා පිංකමක්. අන් අයට ආහාර වේලක් දෙනව කියන්නේ ප්‍රදේශයට විශාල ආදර්ශයක්. ආගම් කියන ඒව අපට තියෙන්නෙ අපේ යහපත වෙනුවෙන්. යහපත් පුරවැසියන් වෙන්නෙ අපේ ක්‍රියාවෙන්. ඒක මේ පොසොන් දින ඔබ සැම කරන මේ ක්‍රියාවෙන් ප්‍රදර්ශනය වෙනව.
පසුගිය දිනක පුවත්පතකට රටේ ප්‍රබලයෙක් ප්‍රකාශ කරලා තිබුණ කන්න බොන්න නැති කෙනෙක් මට පෙන්වන්න කියලා. බොහෝම කණගාටුයි අපේ රටේ බලධාරීන් මෙවැනි ප්‍රකාශ කිරීම ගැන. ගෙවල්වලට ගිහින් බලන්න කන්න බොන්නෙ කොහොමද කියල. මේ ඇත්තන්ගෙ ඇස් ඇරෙන්නෙ කවදාද ?
ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාව ඇතුළුව ඉන්දික, විරාර් ප්‍රනාන්දු, රික්ෂාත්, සර්වානා, කිංස්ලි, සදීන්, බංදු, රමේෂ්, සින්නා, රාජා, මෛත්‍රීපාල, සම්පත්, දමිල, රුක්මල්, ජයසිරි ඇතුළු බස් රථ රියදුරන්ගේ සහ සහයකවරු මේ පුණ්‍ය කටයුත්ත සඳහා දායක වී සිටියහ.
-ලක්බිම-