අද කාලයේ ඇමති 'අපතයෝ'

sahani_000

Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    අද කාලයේ ඇමති 'අපතයෝ'

    මෙම ලිපියෙන් කියැවෙන්නේ සිතා ගැනීමටවත් නොහැකි දූෂණ ක්‍රියාවල යෙදෙමින් රට කබාසිනියා කරනා අද කාලයේ අමන අපත දේශපාලුවන් ගැන නොවේ.

    මේ ලිපියෙන් කියැවෙන්නේ අතීතයේ සිටි ශ්‍රේෂ්ඨ දේශපාලනඥයෙකු හා අධ්‍යාපන ඇමති ධුරය දැරූ විද්වතෙකු පිළිබඳවය.
    අද හැකියාවක් ඇති සාමාන්‍ය පවුලක දරුවෙකුට යම්තාක් දුරට හෝ අධ්‍යාපනය ලබා තැනකට පැමිණිය හැක්කේ මෙවැනි බුද්ධිමතුන් එදා දේශපාලන තලයේ සිටි නිසාය.
    රටට වගතුවක් වීමට නම් ඉදිරියේදී මෙවැනි පුද්ගලයන් බිහි විය යුතුය.
    _______________________________________________________________________________________

    1977 ට පෙර ඕනෑම තරාතිරමක රජයේ සේවකයෙක් දුෂ්කර පළාතකට ස්ථාන මාරුවී යනවිට සිය පවුල සමඟ ගොස් තම දරුවන් ළඟම පාසලට ඇතුළු කළේය. එකල පාසල කුමක් වුවත් උත්සාහවන්ත දරුවනට ඉදිරියට යාහැකියැයි විශ්වාසයක් පැවතිණි.

    දුප්පත්කම නිසා සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර සිසුවාටත් ඉගෙනීමට සිදුවූයේ නොමිලේ ඉගැන් වූ අම්බලන්ගොඩ වෙස්ලියන් මෙතෝදිස්ත මිශ්‍ර පාඨශාලාවේය. 1937 පාසල් වාරාවසාන ත්‍යාග ප්‍රදාන උත්සවයේදී දොළොස් හැවිරිදි කන්නන්ගර සිසුවා තෑගි පිට තෑගි දිනා ගත්තේය. එම උළෙලේ ආරාධිත අමුත්තා ලෙස සහභාගිවූයේ රිච්මන්ඞ් විද්‍යාලයේ විදුහල්පතිව සිටි ජේම්ස් හෝර්න් ඩැරල්ඞ් දේවගැතිතුමාය. එතුමාගේ ඉල්ලීම පරිදි කන්නන්ගර සිසුවා රිච්මන්ඞ් විද්‍යාලයේ ශිෂ්‍යත්ව විභාගයට පෙනීසිට එයින් සමත් විය. එතැන් සිට ඔහුට රිච්මන්ඞ් විදුහලේ නේවාසිකාගාරයේ නවාතැන් ගෙන නොමිලේ ඉගෙනීමට හැකි විය. ඔහුගේ මාපියනට සිදුවූයේ ඇඳුම් පැළඳුම් සහ පොතපත පමණක් අපහසුවෙන් සපයා දීමටය.

    කන්නන්ගර, කේම්බි්‍රජ් සීනියර් විභාගයේදී අංකගණිතය විෂය සමත් වූයේ සමස්ත බි්‍රතාන්‍ය යටත් විජිත රටවල ලැයිස්තුවේ ප්‍රථමයා හැටියටය. ආගම විෂය සඳහාද, වාක්‍ය රචනය සඳහාද, යහපත් හැසිරීම වෙනුවෙන්ද ශිෂ්‍යත්ව සහ ත්‍යාග දිනා ගත්තේය. ඔහු ක්‍රිකට් කණ්ඩායමේ කපිතාන් විය. පාපන්දු ක්‍රීඩාවේ වර්ණලාභියෙක් විය. ඔහු දක්ෂ විවාදකයකු පමණක් නොව දක්ෂ නළුවෙක්ද විය. විදුහල්පති ඩැරල්ඞ් දේවගැති පියතුමා සමඟ උරෙන්උර ගැටී වැනීසියේ වෙළෙන්දා නාට්‍යයේ රඟපෑවේය.
    සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමා ප්‍රථම අධ්‍යාපන ඇමති ධුරයට පත් වූ පසු දුප්පත්කම මට වඩා හොඳින් තවත් කෙනකු දන්නේ කොහොමද? සම්බෝලයි බතුයි කාලා පැදුරක් එලාගෙන නිදාගන්නා ගමේ ළමයිනට මට තිබුණාට වඩා සමාජ අවස්ථා ලබාදීම ගැන මා බලන්න ඕනෑයි කීවේය.


    ශිෂ්‍යත්ව විභාගයත්, මධ්‍ය විද්‍යාලත් ඇති කර ඔහු කී දේ කළේය. එමනිසා ඕනෑ ම දුප්පත් දරුවකුට උත්සාහවන්ත නම්; ශිෂ්‍යත්ව විභාගය සමත්වී කෑමබීම, නවාතැන් ඇතුළු සියලු පහසුකම් සහිත මධ්‍ය විද්‍යාලයකට ඇතුළු වී හොඳම අධ්‍යාපනයක් ලබාගත හැකි විය. රාජකීය විදුහල අබිබවා මධ්‍ය විද්‍යාල ඉදිරියට ආවේය.
    සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන් ගර මැතිතුමාගේ කාලය තුළ මධ්‍ය විද්‍යාල 54ක් ඇතිකළ අතර ඒවා දිවයින පුරා විසිරී පැතිරී යන ආකාරයට ස්ථාපිත කළේය. ඔහුගෙන් පසු මධ්‍ය විද්‍යාල වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයෑම නතර කැරිණි.


    1977න් පසු ජනප්‍රිය පාසල් කියා දෙයක් ඇති කළ අතර ඒවාට ඇතුළත් කිරීම සඳහා තරගයක් ඇති කැරිණි. උත්සාහවන්ත දුප්පත් දරුවනට ඉහළම අධ්‍යාපනයක් ලබාදීම සඳහා පැවති ශිෂ්‍යත්ව විභාගය, ජනප්‍රිය පාසල්වලට ළමයින් තේරීමේ තරගයක් බවට හැරවිණි.

    එමගින් ශිෂ්‍යත්ව විභාගය ඇති කිරීමේ අරුත කෙතරම් විකෘති වූයේද යත් මෙකල උත්සාහවන්ත දුප්පත් දරුවකුට ශිෂ්‍යත්ව විභාගයෙන් කිසිදු ප්‍රයෝජනයක් නැත. දැන් ශිෂ්‍යත්ව සමත් දුප්පත් දරුවකුට ශිෂ්‍යාධාර වශයෙන් ලබා දෙන්නේ දිනකට රුපියල් 20ක් පමණි. ඈත පිටිසර ගමක දුප්පත් දරුවකු ශිෂ්‍යත්ව විභාගයේ දී ලංකාවෙන් පළමුවැනියා වුවත් මෙවැනි සොච්චං මුදලකින් ඔහුට හෝ ඇයටරාජකීය විදුහලට හෝ විශාකා විදුහලට ඇතුළුවී ඉගෙනගත හැකිද? කන්නන්ගර මැතිතුමාට වාගේ අංග සම්පූර්ණ අධ්‍යාපනයක් ලැබීමට අවස්ථාව ලැබේයැයි සිහිනෙන්වත් සිතිය හැකිද?

    එහෙත් 1977ට පෙර ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවන් මධ්‍ය විද්‍යාලවලට හෝ ඒ හා සමාන විදුහල්වලට ඇතුළුවී ඉගෙනගත් අතර සමහර ළමයින් ශිෂ්‍යාධාර ඉතිරිකර තම නිවසටත් යැවූ අවස්ථා ඇත. ඔවුහුද කන්නන්ගර මැතිතුමා සේ ම අංග සම්පූර්ණ අධ්‍යාපනයක් ලැබුවෝය.

    මධ්‍ය විද්‍යාල වැඩපිළිවෙළ නතර නොකළා නම් සහ ජනප්‍රිය පාසල්වලට ළමයින් අතුළත් කිරීමේ තරගය ඇති නොකළා නම්; වෛද්‍යවරුන්ට මෙසේ සිය වෘත්තීය ගරුත්වයත්, ආත්ම ගරුත්වයත් පිරිහෙළා ගන්නට අවැසි තත්ත්වයක් උදා නොවනු ඇත.

    එපමණක් නොව විදුහල්පතිවරුනට පගාව ගැනීමට හෝ පගාව දීමට හේතුවක් ඇති නොවනු ඇත. ආදිශිෂ්‍යයනට හෝ මාපියනට තම දරුවන් උපදින්නටත් පෙර සිට බොරු කරන්නට සිදු නොවනු ඇත. ළමයින් ලවා බොරු කීමට සිදු නොවනු ඇත. ටියුෂන් පන්ති සහ ගෙදර වැඩ මෙතරම් වැඩි නොවනු ඇත. අධ්‍යාපනය නිසා සිදු වන යහපතට වඩා අයහපත මෙතරම් වැඩි නොවනු ඇත.

    වඩාත් ම වැදගත් දේ දරුවන්ගේ ජීවිතයයි. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව දැනටමත් පාසල් ළමයින්ගෙන් 10%-15% අතර පිරිසකට දියවැඩියාව වැළඳී ඇත. ගෝලීය පාසල් ශිෂ්‍ය සෞඛ්‍ය සමීක්ෂණ වාර්තාවට අනුව අවුරුදු 13-15 අතර ළමයින්ගෙන් 10%ක් පමණ වසරක් ඇතුළත වරක් හෝ කීපවරක් සිය දිවි නසා ගැනීමට දැඩි සේ සිතති. මෙම වයස් කාණ්ඩයේ දරුපැටවුන් කී දෙනකු දැනටමත් රට ම හඬවා තිබේද?

    බොහෝ දෙනකු තවමත් නොදකින භයානකම කාරණය නම්; මෙම අධ්‍යාපන තරගය නිසා ළමයින් ආත්මාර්ථකාමී තත්ත්වයට පත්වීමයි. මා දන්නා තැපැල් ස්ථානාධිපතිනියකට 2වන ශේණියේ ඉගෙනුම ලබන දියණියක් සිටී. වෛරස් උණ වැළඳීම නිසා ඇයට දින 3ක් පාසල් යෑමට නොහැකි විය. උණ තිබියදීත් පාසල් යෑමට අවශ්‍යයි කියා ඇය අඬන්නට පටන්ගෙන ඇත. ඊට හේතුවී ඇත්තේ සුවය ලබා පාසල් ගිය පසු කිසිදු ළමයකු ඔවුන් උගත් දෑ ඇයට නොපෙන්වන නිසාය.
    පසුගිය අගෝස්තු පාසල් නිවාඩුවට පෙර එක්තරා ජනප්‍රිය පාසලක උසස්පෙළ ගුරුවරියක පාඩම අවසානයේ දී ප්‍රශ්න තිබේදැයි ළමයින්ගෙන් විමසා ඇත. ඒ අවස්ථාවේ කිසිදු ළමයකු ප්‍රශ්න අසා නැත. එහෙත් එදින රාත්‍රියේ එම පන්තියේ ළමයින් පස්දෙනකු දුරකථනයෙන් ගුරුවරිය අමතා එකම ප්‍රශ්නය විමසා ඇත. දැන් ළමයින් මෙසේ කරන්නේ පිළිතුර අනෙක් ළමයින් දැනගැනීම වැළැක්වීමටයි කියා ගුරුවරිය කීවාය. පාසලේ ජනප්‍රියත්වය වැඩි වන තරමට ළමයින්ගේ ආත්මාර්ථකාමීත්වය වැඩි වන බව මෙම ලියුම්කරු නිරීක්ෂණය කර ඇත.


    ජීන්-ජාක් රූසෝ නම් දාර්ශනිකයාට අනුව මිනිස් පැටියා අනෙක් සතුනට වඩා බුද්ධියෙන් ඉහළය. එහෙත් අවුරුදු කීපයක් යනතුරු කිසිවක් තනිවම කර ගත නොහැකි නිසා අනෙක් සතුනට වඩා දුර්වලය. මෙම දුර්වලතාව නිසා අනුන් වහල් කර ගැනීමට පෙළඹෙන මිනිස් පැටියා, ආත්මාර්ථකාමී සත්වයකු බවට පත් වේ. මෙම තත්ත්වය වෙනස් කර යහපත් පුරවැසියකු බවට පත්වීමට පෙළඹවීම අධ්‍යාපනයේ පුමුඛ කාර්යය වන්නේය. මිනිසාගේ චරිත සංවර්ධනයට ප්‍රමුඛස්ථානය දී බුද්ධිය සංවර්ධනය කිරීම අධ්‍යාපනයේ පරමාර්ථය වන්නේ ඒ නිසාය.

    එමනිසා ජනප්‍රිය පාසල්වලට ළමයින් ඇතුළු කිරීමේ තරගය තුළ මංමුළා වී එකිනෙකාට චෝදනා කර ගැනීම නවතා, මේ මහා ව්‍යසනයෙන් දරුවන් බේරාගන්නේ කෙසේදැයි සිතා බැලිය යුතු නොවේද? එසේ නොකළ හොත් කිසිවකුට ජීවත්විය හැකි ශිෂ්ටසම්පන්න සමාජයක් ඉතිරි වනු ඇතැයි සිතිය නොහැකිය.



     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    ඔය 77 දි ජේ ආර්ගෙ ආන්ඩුව, රනිල් අධ්‍යාපන ඇමති. දෙන්නාම රොයල්. ඉතිං රොයල් එක ගුරු කොට එක උඩින්ම තියාගන්න ඔනෙ නිසා තමා ඔය ජනප්‍රිය පාසල් ආතල් එක ගෙනල්ලා අනෙක් එව්වා වලපල්ලට යැව්වෙ. මට තෙරෙනවා ඇයි මිනිස්සු 77 ආණ්ඩුවට මෙච්චර බනින්නෙ ඇයි කියලා. අපිටත් මට්තකයි අපිත් එක්ක එකටම බත්පත කාපු උන් රිසාල්ට්ස් වල වෙනස් කම් කිය කිය කැපිලි දාපු හැටි. නිදහස් අධ්‍යාපනෙ නමට විතරයි බන් දැන් තියෙන්නෙ. එකෙ ඇති නිදහසක් නැහැ .