අද ජාත්‍යන්තර බියර් දිනය

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    අද ජාත්‍යන්තර බියර් දිනය

    බොන සෙට් එකට බියර් කියන්නේ එදිනෙදා සෙට් වීම් වලට නැතුව ම බැරි බීමක්. ඒ බව අපි හැමෝම දන්නවා නේ. ඉතින් දෙමාපියන්, ආදරේ, ආගම වගේ හැම දේකට ම දින වෙන්කරගෙන ඉන්න මේ ලෝකෙ, දැන් බියර් පානය සඳහාත් දිනයක් වෙන් කරගෙන? කවදද දන්නවද? අද තමයි ඒ දිනේ!

    බියර් පානය සඳහා වෙනම ම දිනයක් වෙන් කර ගන්න එක පිටුපස තියෙන්නේ වෙනම ම කතන්දරයක්. අපි මිත්‍රත්වය පවත්වා ගෙන යාම වෙනුවෙන් කවදාවත් යාලුවෙක්ට තෑග්ගක් දීලා තියෙනවාද? නැහැ නේද? එහෙනම් ඒ සඳහා දිනයක් තමා බියර් දිනය. මිත්‍රත්වය කියන එක බියර් වලින් මනින්න පුළුවන් කමක් නැති වුනත්, එහෙං මෙහෙං පොඩ්ඩක් විතර බොන තමන්ගේ මිතුරාගේ මිත්‍රත්වය වෙනුවෙන් ඔහුට හෝ ඇයට බියර් එකක් ඔෆර් කරන එකෙන් තමයි බියර් දිනය සමරන්නේ. තෑගී නොදීපුව එතනින්ම අමතකයි!


    2. අන්තර්ජාතික බියර් දිනය
    ඉතින් මේ උඩ කියපු ඒ මිත්‍රත්වය සමරන්න වසර 2007 සිට ඇමෙරිකාවේ සෑම වසරකම අගෝස්තු 5 වෙනිදා අන්තර්ජාතික බියර් දිනය සමරන්න අපේ යාළුවො පුරුදු වුනා. පස්සේ හැමදෙනාටම පහසුවක් වෙන විදිහට සෑම වසරකම අගෝස්තු මාසයේ පළමුවෙනි සතියේ සිකුරාදා අන්තර්ජාතික බියර් දිනය සමරන්න ලොවපුරා උදවිය එක්කාසු වෙන්න පටන් ගත්ත. එහෙම එම වෙනස්කමේ ආරම්භය වන්නේ වසර 2012 සිටයි.

    3. බොන්න හදාගත්ත තවත් දවසක් විතරද?
    නෑ. යාලුවන් එක්ක බියර් රස බලන ගමන් ලෝ පුරා බියර් නිෂ්පාදනය කරන සහ සංග්‍රහ කරන අයව සැමරීමකුත් මෙතන වෙනවා. මේ දවසෙදි තමන් හැමදාම රස බලන බියර් එක නැතිව වෙනත් රටක වෙනස් සංස්කෘතියකට අයිති බියර් එකක් රස විඳින්න කියල තමයි තියෙන්නෙ.

    ඉතින් වෙහෙසකර සතියක් අවසානෙ උදාවෙන සිකුරාදා හැන්දෑවෙ ඔබට මෙතෙක් ට්‍රයි කරන්න බැරි උන බියර් එකක් රස බලන ගමන් මේ දිනය සමරන්නත්, විඩාව දියකරල හරින්න හැකියාවත් ඔබට තියනවා.


    4. ලංකාවේ මේ දිනය සමරන තැන්

    ඉන්ඩිපෙන්ඩන්ට් ආර්කේඩ් හි Asylum අවන්හලේ මේ සඳහා විශේෂ ඉවෙන්ට් එකක් සංවිධානය කරල තියනවා. 5 වැනි සිකුරාදා සවස 6 සිට එහිදී කූල් බියර් එකක් බොන ගමන් රසවත් පීසා එකකුත් රසවිඳින්න ඔබට අවස්ථාව තියනවා. “Beer me Bartender!” කියල කෑගහල කිවුවොත් ඔබට නොමිලේම ඇතුලු වෙන්න පුලුවන්.

    Berlin Sky Lounge කියන්නෙත් මේ වගේම බියර් දිනය සමරන්න ලක ලැහැස්ති වෙලා ඉන්න තැනක්. ඒ පැත්තෙත් ගියොත් රසවත් ජර්මානු බියර් වලින් සෑදූ කොක්ටේල් රස බලන ගමන් ඔබට ඔබේ සන්ධ්‍යාව සුන්දරව ගතකරන්න හැකිවේවි.

    මේ තැන් වලට නොගියත් ඔබේ සිතගත් වෙන ඕනැම තැනක ඉඳන් හරි කූල් බියර් එකක් රස විඳින්න ඔබට පුලුවන්. බොන්නෙ නැති අයට නිකන් ඉන්නත් කාගෙන්වත් තහනමක් නෑ. 😛


    5. ගෙදර කුස්සියෙ බියර් දිනේ?

    ඉතින් මේ නිසා අගෝස්තු 5 ඔබේ හොඳම මිතුරාට බියර් එකක් ඔෆර් කරලා විතරක් නවතින්නේ නැතුව බියර් පාවිච්චි කරලා හදල තියෙන කෑම ටිකකුත් බියර් දාලම හදලා දුන්නා නම් නියමයි. මේවා හදන්න බියර් බොන්නම ඕනෙ නෑ.

    එහෙනම් බොන අයටත් නොබොන අයටත් හැමෝටම චියර්ස්!


    හැබැයි එකක්…

    එහෙම දිනයක් තියෙනවා කියලා බියර් කේස් 50-60 යාලුවෝ එක්ක සෙට් වෙලා බොන්න එපා, මොකද ඕනෙම දෙයක් හොඳ වගේ ම නරකත් තියෙනවා. ඉතින් අපි ගන්න ඕනේ මොකද්ද, කොච්චරද කියලා දැනගෙන ඔබ ගැනද අන් අය ගැනද සැලකිලිමත්ව කටයුතු කරන්න.

    from
    http://www.aniwa.lk/2016/08/05/international-beer-day-in-sri-lanka/
     

    sudeshp4

    Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    හැම දේටම දිනයක් වෙන් වෙච්චි එකේ මේකට විතරක් නැති වුනොත් අඩුවක් වෙයි......දැන් ඒකත් හරි