කතාව හරි..
ගීතයෙහි තිබිය යුතු ව්‍යංගාර්ථ දැන් නැත....
මේ ඒදා ගීයක් (මම කැමති)
කඩමණ්ඩියේ දොළ අයිනේ නුඹව පෙනී....
නැවතී බලනවා මොහොතක් කොහොම හරී...
කතා නැතුව හිටියත් ගොළුවෙලා අපී...
දාහක් තිබේ කීමට බැරුව වැසී...
"බොල් වී අහුරු
වෙල් හුළගේ ගිය සේම
දිගෙක ගිහින්
නුඹ මටවත් නොකියාම
නෑ තුන් හිතකවත් අමනාපයක් නගේ
මේ අපි පෙර ජාතියේ පැතු ලෙසයි නගේ
පිටගං ගොහින් මා අමතක උනත් නගේ
අතමිට සරුව නුඹ යහතින් ඉඳින් නගේ"
ඔන්න ඔහොමයි ඉස්සර විරහව කිවේ. ඒකට අද..
මං මැරෙනවා සුදු අම්මී.. ඉහි ඉහි..
"මිය යන්න සුදානම් පැරදුම අරන්
සමරන්න එනවාද සුදු මල් අරන්
විඳගන්න බෑ හිතට මෙ දුක තවත්
මං ඇත යන්නම් ඔබෙන් සමු අරන්..."