අද තෙල් නැතුව කාපු කට්ට.

kprem

Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    Pake ratak meika. Minissu hemadaama ekama un tika parliament ekata Yawa yawa innawa.
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,306
    5,405
    113
    Panadura
    මීට වසර හතලිහකටත් ඉහතදී සිරිමාවෝ බණ්ඩාරණායක රජය ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පිහිට වූයේ, ‍රටක බලශක්තිය බෙදා හැරීම පෞද්ගලික ක්ශේස්ත්‍රයක තිබුනොත් ඇතිවන මූලිකම අවධානම සලකා බලමින් කිවහොත් එය මුසාවක් නොවේ. එදා සිට 2003 වන තෙක් අඛණ්ඩව කිසිදු ගැටළුවකින් තොරව ඛණිජ තෙල් සංස්ථාව රටේ පැවති තෙල් අවශ්‍යතාවයට මනා විසඳුම් දෙමින් පවත්ගෙන ගියෝය. ත්‍රස්තවාදී බෝම්භ වලට තෙල් ටැංකි ගොදුරු වෙද්දී පවා, රටේ දරුණු යුද්ධයක් ඇති කාලයකදී පවා අසාර්ථක නොවුනු රාජ්‍ය ආයතන අතලොස්සෙන් එකක් ලෙස ඛණිජ තෙල් නීතිගත සංස්ථාව හැදින්වුවහොත් එය නිවැරදියි.
    2003 දී, රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ, “යළි පුබුදමු ශ්‍රී ලංකා” එහෙමත් නැත්නම් “Regaining Sri Lanka” යටතේ ඛණිජ තෙල් ඒකාධිකාරයෙන් කොටසක් ඉන්දියානු තෙල් සංස්ථාවට ලබාදෙන්නට කටයුතු කලේ, දිවයිනේ ප්‍රදේශවල තිබූ හොඳම මට්ටමේ ඉන්ධන පිරවුම්හල් 36ක් ද ඔවුන්ට පවරා දීමෙන්.
    කෙසේ වුවත් කිසි දවසක IOC සමාගම භූමිතෙල් ව්‍යාපාරය කරලා නෑ.. පෙට්‍රල් වර්ග තුනක් ඔවුන් හඳුන්වලා දීලා තියෙනවා.
    සාමාන්‍ය පැට්‍රල්
    Euro Standerd 3
    Extra Premium

    මෙහි EuroStanderd 3 කියන මාදිලිය IOC සමාගම විකුණන්නෙ ලීටරයක් රුපියල් හතරක් වැඩියෙන්.. නමුත් එම බවුසර් පටවන්නෙත් කොලොන්නාව නිමාවෙන්.. එහි තිබෙන්නෙ සාමාන්‍ය පෙට්‍රල්. කිසිදු වෙනසක් නැති පෙට්‍රල් අළුත් නමක් යොදා රුපියල් හතරක් වැඩිපුර මිල කර පාරිභෝගිකයාට විකුණනවා.
    අනෙක් කාරණාව Extra Premium.. මෙයත් එසේමයි.. මෙම තෙල් වර්ගයත් ඔවුන් භාරගන්නෙ සංස්ථාව සතු කොලොන්නාව නිමාවෙන්.. සිපෙට්කෝ පිරවුම් හල් වලින් නිකුත් කරන 95 Octain මයි මෙම බවුසර වලට පුරවන්නෙ.. එම පුරවන තැන ඉන්න භාහිර කම්කරුවෙක්, කිසිවෙකු නොදන්න අනාරක්ෂිත රසායනිකයක් එම පෙට්‍රල් බවුසරයට මුසු කරනවා.. එහි තත්ත්වය ලෝකේ කිසිදු ආයතනයකින් මේ වන තෙක් පරීක්ෂා කරලා නැහැ.. පාරිභෝගිකයින් වැඩි මිලක් දීලා තමන්ගේ වාහනයට සපයා ගන්නෙ සිපෙට්කෝ පිරවුම් හල්වල තිබෙන 95 Octain වලටත් වඩා අඩු ප්‍රමිතියකින් තිබෙන පෙට්‍රල් බවට කිසිදු සැකයක් තතු දන්න අයට නැහැ.
    ඒ වගේම මේ රටේ පාරිභෝගිකයාට ප්‍රමිතියෙන් උසස් ඉන්ධන සැපයීමට වගකීමක් IOC සමාගමට නෑ. ඔවුන්ට තිබෙන්නේ ලාභ ලැබිය යුතු ව්‍යාපාරයක්.. එනිසා ලාභයයි ඔවුන්ගේ ප්‍රධාන අරමුණ. එහි ප්‍රථිපලයක් විදිහට තමයි අද වන විට බාල තත්ත්වයේ තෙල් නැවක්ම අපේ රටට අරන් එන්නේ.
    එනිසා, ඔබ අමාරුවෙන් ගත් ඔබේ වාහනය ප්‍රවේශම් කර ගන්න. IOC ඉන්ධන පිරවුම් හල් වෙනුවට CEYPETCO ඉන්ධන පිරවුම්හල් භාවිතා කරන්න.
    2017. 11. 06 දින නෙත් FM අනන්තය වැඩ සටහනේදී, ඛණිජ තෙල් කටයුතු පිළිබඳ ආචාර්‍ය සිරිල් සුද්වැල්ල සහ ඛණිජ තෙල් නිදහස් සේවක සංගමයේ සභාපති බන්දුල සමන් කුමාර යන මහත්වරුන් පළකල අදහස් ඇසුරිනි.
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    සිරාවටම කාපු කට්ට නිසා මේකට වගකිවයුතු පොන්සිරාට හෙනම ගහන්න ඕනේ...
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    උදෙන්ම වැඩට යන්න ගත්තා බයික්කේ. තෙල් අන්තිමටම බැහැලා තිබ්බේ. ඒත් වැඩට යන පාරේ බස් නැති නිසා බයික්කෙම ගත්තා යන අතරේ 8ට තෙල් සෙඩ් එකේ පෝලිම තිබුනා මාත් දැම්මා පෝලිමට පැයක් විතර බලන් හිටියා අව්වේ සිරිසේනගේ සහ මේකට වගකිවයුතු එවුන්ගේ අම්මලට බැන බැන. ඒත් පෝලිම අඩු වෙන්නෙම නෑ. ඉස්සරහට ගිහින් බැලුවම තෙල් බව්සරේ එන්නේ 10 ට එතකන් පෝලිම ගහන් ඉන්නේ කට්ටිය :dull: ටික ටික ඉස්සරහට යන්නේ බලන් ඉන්න බැරි වුන් ගියාම :lol:

    වැඩට යන්න ලේට් නිසා ඕන් 9 ට ගියා. දැන් හවස වැඩ ඇරිලා එන ගමන් රත් වෙවී ආවේ කෙල්ලත් එක්ක කොයිවෙලේ නතර වෙයිද බලාගෙන. වැඩ කරන තැන කොල්ලෙක් සෙඩ් එකේ සිකුරුට්ටෙක්ට කියලා තෙල් ගැලුමක් ගහගනින් වැඩියෙන් දෙන්නම් කියලා. ඒකෙන් ටිකක් මම් පැය බාගයක් විතර කට්ට කාලා ඉල්ලගෙන දාගෙන තෙමීගෙන ආවා. :(

    සිරාවටම කාපු කට්ට නිසා මේකට වගකිවයුතු එවුන්ට හෙනම ගහන්න ඕනේ. තෙල් නැව මගදි ම‍ංකොල්ල කෑවනම් සතියක්ම ලංකාව වේලි වේලි තියෙයි. වෙන රටක වුනානම් තෙල් ඇමතියා මාරු වෙලා. මුං ලැජ්ජා නැතුව පුටු රත් කරනවා. යකෝ අපේ රට කොච්චර දුප්පත්ද කියනවානම් එක තෙල් නැවක් Delay වුනොත් බඩුම තමයි.

    තෙල් නැව එන්නේ අද රෑ 12.30 ට , තෙල් ගබඩා ටැංකි හිස් වුනාම ඒවෑ ඇතුලේ කුණු බහිනවලු ඒවා අදින්න දවසක් යනවලු. තෙල් ටික පොම්ප කරන්න පැය 24ක් යනවලු. හෙටත් තෙල් බලාපොරොත්තු වෙන්න එපා. වැඩට යන වුන්ට සුපිරි කට්ටක් කන්න වෙන්නේ. :(

    Vedak nehe. Thel amathita ova therenne nae. Ooo Cricket Board ekatai lankave cricket valatai baena baena innava! Vena deyak thaerenna molay nae :lol::lol::lol::lol:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    තෙල් වලට ඉන්නේ IOC එකයි Ceypetco එකයි විතරයි. තව තෙල් සමාගම් 2 ක් වත් ගෙන්නුවනම් ඕකුන්ට ස්ට්‍රයික් කරන්න වෙන්නෙත් නෑ. ඕකුන්ගේ ලොකු සීන් බලන්න වෙන්නෙත් නෑ. අපේ ගොබ්බ ජනතාව පාර්ලිමේන්තුවට යවන්නේ ගොන් හරක් නිසා ඕකුන්ට ඕවා ගානක් නෑ. මොකද ඕකුන්ගේකාර් වලට පෙට්‍රල් ඕනේ තරම් තියෙයි. තුක් විතරක් මෙහෙම රටක් සිරාවටම මේ වගේ කුණු රටක මොකට ඉපදුනාද මන්දා. !!

    :sorry:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මීට වසර හතලිහකටත් ඉහතදී සිරිමාවෝ බණ්ඩාරණායක රජය ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පිහිට වූයේ, ‍රටක බලශක්තිය බෙදා හැරීම පෞද්ගලික ක්ශේස්ත්‍රයක තිබුනොත් ඇතිවන මූලිකම අවධානම සලකා බලමින් කිවහොත් එය මුසාවක් නොවේ. එදා සිට 2003 වන තෙක් අඛණ්ඩව කිසිදු ගැටළුවකින් තොරව ඛණිජ තෙල් සංස්ථාව රටේ පැවති තෙල් අවශ්‍යතාවයට මනා විසඳුම් දෙමින් පවත්ගෙන ගියෝය. ත්‍රස්තවාදී බෝම්භ වලට තෙල් ටැංකි ගොදුරු වෙද්දී පවා, රටේ දරුණු යුද්ධයක් ඇති කාලයකදී පවා අසාර්ථක නොවුනු රාජ්‍ය ආයතන අතලොස්සෙන් එකක් ලෙස ඛණිජ තෙල් නීතිගත සංස්ථාව හැදින්වුවහොත් එය නිවැරදියි.
    2003 දී, රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ, “යළි පුබුදමු ශ්‍රී ලංකා” එහෙමත් නැත්නම් “Regaining Sri Lanka” යටතේ ඛණිජ තෙල් ඒකාධිකාරයෙන් කොටසක් ඉන්දියානු තෙල් සංස්ථාවට ලබාදෙන්නට කටයුතු කලේ, දිවයිනේ ප්‍රදේශවල තිබූ හොඳම මට්ටමේ ඉන්ධන පිරවුම්හල් 36ක් ද ඔවුන්ට පවරා දීමෙන්.
    කෙසේ වුවත් කිසි දවසක IOC සමාගම භූමිතෙල් ව්‍යාපාරය කරලා නෑ.. පෙට්‍රල් වර්ග තුනක් ඔවුන් හඳුන්වලා දීලා තියෙනවා.
    සාමාන්‍ය පැට්‍රල්
    Euro Standerd 3
    Extra Premium

    මෙහි EuroStanderd 3 කියන මාදිලිය IOC සමාගම විකුණන්නෙ ලීටරයක් රුපියල් හතරක් වැඩියෙන්.. නමුත් එම බවුසර් පටවන්නෙත් කොලොන්නාව නිමාවෙන්.. එහි තිබෙන්නෙ සාමාන්‍ය පෙට්‍රල්. කිසිදු වෙනසක් නැති පෙට්‍රල් අළුත් නමක් යොදා රුපියල් හතරක් වැඩිපුර මිල කර පාරිභෝගිකයාට විකුණනවා.
    අනෙක් කාරණාව Extra Premium.. මෙයත් එසේමයි.. මෙම තෙල් වර්ගයත් ඔවුන් භාරගන්නෙ සංස්ථාව සතු කොලොන්නාව නිමාවෙන්.. සිපෙට්කෝ පිරවුම් හල් වලින් නිකුත් කරන 95 Octain මයි මෙම බවුසර වලට පුරවන්නෙ.. එම පුරවන තැන ඉන්න භාහිර කම්කරුවෙක්, කිසිවෙකු නොදන්න අනාරක්ෂිත රසායනිකයක් එම පෙට්‍රල් බවුසරයට මුසු කරනවා.. එහි තත්ත්වය ලෝකේ කිසිදු ආයතනයකින් මේ වන තෙක් පරීක්ෂා කරලා නැහැ.. පාරිභෝගිකයින් වැඩි මිලක් දීලා තමන්ගේ වාහනයට සපයා ගන්නෙ සිපෙට්කෝ පිරවුම් හල්වල තිබෙන 95 Octain වලටත් වඩා අඩු ප්‍රමිතියකින් තිබෙන පෙට්‍රල් බවට කිසිදු සැකයක් තතු දන්න අයට නැහැ.
    ඒ වගේම මේ රටේ පාරිභෝගිකයාට ප්‍රමිතියෙන් උසස් ඉන්ධන සැපයීමට වගකීමක් IOC සමාගමට නෑ. ඔවුන්ට තිබෙන්නේ ලාභ ලැබිය යුතු ව්‍යාපාරයක්.. එනිසා ලාභයයි ඔවුන්ගේ ප්‍රධාන අරමුණ. එහි ප්‍රථිපලයක් විදිහට තමයි අද වන විට බාල තත්ත්වයේ තෙල් නැවක්ම අපේ රටට අරන් එන්නේ.
    එනිසා, ඔබ අමාරුවෙන් ගත් ඔබේ වාහනය ප්‍රවේශම් කර ගන්න. IOC ඉන්ධන පිරවුම් හල් වෙනුවට CEYPETCO ඉන්ධන පිරවුම්හල් භාවිතා කරන්න.
    2017. 11. 06 දින නෙත් FM අනන්තය වැඩ සටහනේදී, ඛණිජ තෙල් කටයුතු පිළිබඳ ආචාර්‍ය සිරිල් සුද්වැල්ල සහ ඛණිජ තෙල් නිදහස් සේවක සංගමයේ සභාපති බන්දුල සමන් කුමාර යන මහත්වරුන් පළකල අදහස් ඇසුරිනි.

    :sorry:
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    ඉතින් මේකේ හෙන ඉල්ලලා කොමෙන්ට් කරන උබලමනේ මාරුවෙන් මාරුවට එක එක දේශපාලකයොන්ට චන්දේ දීලා රට මේ තත්වෙට ගෙනාවේ..මට දැන් වයස තිහයි..තාම චන්දේ දාලා නැ කාටවත්.චන්ද පොලකට ගිහිල්ලවත් නැ ..ඒ මම ඔය දේශපාලකයො කාටවත් රැවටුනේ නැති හින්දා..උබලා මොකටද රැවටුනේ..ලන්කාවේ කාටවත් මේක දියුණු කරන්න ඕනි කමක් නැ ..ඔක්කොටම ඕනි තමන්ට කරගන්න..අන්තිමට රටට කෙලවලා උන් වෙන රටවල පුරවැසිභාවය ගන්නවා...ඕකයි වෙන්නේ..උබල ඕක තේරුම් ගත්තේ නැ ..හරිනම් උබල හෙන ඉල්ලන්ඩ ඕනි උබලටමයි ..
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    ඉතින් මේකේ හෙන ඉල්ලලා කොමෙන්ට් කරන උබලමනේ මාරුවෙන් මාරුවට එක එක දේශපාලකයොන්ට චන්දේ දීලා රට මේ තත්වෙට ගෙනාවේ..මට දැන් වයස තිහයි..තාම චන්දේ දාලා නැ කාටවත්.චන්ද පොලකට ගිහිල්ලවත් නැ ..ඒ මම ඔය දේශපාලකයො කාටවත් රැවටුනේ නැති හින්දා..උබලා මොකටද රැවටුනේ..ලන්කාවේ කාටවත් මේක දියුණු කරන්න ඕනි කමක් නැ ..ඔක්කොටම ඕනි තමන්ට කරගන්න..අන්තිමට රටට කෙලවලා උන් වෙන රටවල පුරවැසිභාවය ගන්නවා...ඕකයි වෙන්නේ..උබල ඕක තේරුම් ගත්තේ නැ ..හරිනම් උබල හෙන ඉල්ලන්ඩ ඕනි උබලටමයි ..
    වැඩේ තියෙන්නේ බන් අපි චන්දෙ දුන් නැති උනාට ඕන තරම් හරක් ඉන්නවා දේශපාලන පක්ෂ බෙදාගෙන මරා ගන්න.ඒ හින්ද චන්දෙ දුන්නේ නැති උනාට කොහොමත් පව ගෙවන්ඩ වෙනවා

    මේක ගොඩ යන රටක් නෙවෙයි පුළුවන් තරම් ඉක්මනට වෙන රටකට යන්ඩ ඕන
    ඉස්සරහට තවත් අමාරු වෙනවා