අද තෙල් නැතුව කාපු කට්ට.
උදෙන්ම වැඩට යන්න ගත්තා බයික්කේ. තෙල් අන්තිමටම බැහැලා තිබ්බේ. ඒත් වැඩට යන පාරේ බස් නැති නිසා බයික්කෙම ගත්තා යන අතරේ 8ට තෙල් සෙඩ් එකේ පෝලිම තිබුනා මාත් දැම්මා පෝලිමට පැයක් විතර බලන් හිටියා අව්වේ සිරිසේනගේ සහ මේකට වගකිවයුතු එවුන්ගේ අම්මලට බැන බැන. ඒත් පෝලිම අඩු වෙන්නෙම නෑ. ඉස්සරහට ගිහින් බැලුවම තෙල් බව්සරේ එන්නේ 10 ට එතකන් පෝලිම ගහන් ඉන්නේ කට්ටිය
ටික ටික ඉස්සරහට යන්නේ බලන් ඉන්න බැරි වුන් ගියාම 
වැඩට යන්න ලේට් නිසා ඕන් 9 ට ගියා. දැන් හවස වැඩ ඇරිලා එන ගමන් රත් වෙවී ආවේ කෙල්ලත් එක්ක කොයිවෙලේ නතර වෙයිද බලාගෙන. වැඩ කරන තැන කොල්ලෙක් සෙඩ් එකේ සිකුරුට්ටෙක්ට කියලා තෙල් ගැලුමක් ගහගනින් වැඩියෙන් දෙන්නම් කියලා. ඒකෙන් ටිකක් මම් පැය බාගයක් විතර කට්ට කාලා ඉල්ලගෙන දාගෙන තෙමීගෙන ආවා.
සිරාවටම කාපු කට්ට නිසා මේකට වගකිවයුතු එවුන්ට හෙනම ගහන්න ඕනේ. තෙල් නැව මගදි මංකොල්ල කෑවනම් සතියක්ම ලංකාව වේලි වේලි තියෙයි. වෙන රටක වුනානම් තෙල් ඇමතියා මාරු වෙලා. මුං ලැජ්ජා නැතුව පුටු රත් කරනවා. යකෝ අපේ රට කොච්චර දුප්පත්ද කියනවානම් එක තෙල් නැවක් Delay වුනොත් බඩුම තමයි.
තෙල් නැව එන්නේ අද රෑ 12.30 ට , තෙල් ගබඩා ටැංකි හිස් වුනාම ඒවෑ ඇතුලේ කුණු බහිනවලු ඒවා අදින්න දවසක් යනවලු. තෙල් ටික පොම්ප කරන්න පැය 24ක් යනවලු. හෙටත් තෙල් බලාපොරොත්තු වෙන්න එපා. වැඩට යන වුන්ට සුපිරි කට්ටක් කන්න වෙන්නේ.