අද දවස

I am sorry

Banned
Jan 18, 2010
196
7
0
2010/01/26 දිවයින කතුවැකිය

අද දවස

ත්‍රස්‌තවාදය මුලිනුපුටා දැමීමෙන් පසුව පැවැත්වෙන ප්‍රථම ජාතික මැතිවරණය අදට යෙදී තිබේ. ඇත්තෙන්ම මෙය මැතිවරණයක්‌ නොව ජනාධිපතිවරණයකි. ජනාධිපතිවරණ, නිලවරණ සහ මැතිවරණ හැඳින්වීමට Election යනුවෙන් පොදු වචනයක්‌ ඉංග්රිසියෙන් ඇතත් වඩාත් විවිධාංගිකරණය වූ භාෂාවක්‌ වන සිංහලයට එවැනි පොදු වදනක්‌ නැති. එය අඩුපාඩුවක්‌ නොව සිංහලයෙහි ඇති පුළුල්භාවය විදහා දක්‌වන්නකි. භාෂාව ගැන වෙන දවසක කතා කරමු. අද අපේ මාතෘකාව ජනාධිපතිවරණය ය.

අප දන්නා එකම දවස අද දවස ය. ඊයේ දවස ගෙවී ගිය අතර නොදන්නා හෙට දවස එළැඹෙන තෙක්‌ අපි අද දවස තුළ ජීවත් වෙමු. හෙට දවසේ යහ සාධනය පිණිස අද දවස තුළ අප කරන කියන දේ වැදගත් ය. ශ්‍රී ලංකාවේ හය වැනි ජනාධිපතිවරණය අද පැවැත්වේ. ඡේ. ආර්. ජයවර්ධන විසින් හඳුන්වා දෙන ලද මැතිවරණ ක්‍රමය තුළ ආර්. ප්‍රේමදාස මහතා බඳු අකාලයේ මියගිය කෙනකු හැර අන් හැම දෙනාම වාර දෙකක්‌ සම්පූර්ණ කළහ. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ අද මුහුණ දෙන්නේ එකී දෙවන වාරයට ය. මෙපමණ අවධානයට ලක්‌ වූ ජනාධිපතිවරණයක්‌ හෝ අන් කිසිදු මැතිවරණයක්‌ ලංකා ඉතිහාසයේ තිබී නැත. මේ ජනාධිපතිවරණය සඳහා දේශපාලනඥයන්ද ජනමාධ්‍ය ද මහජනයාද උනන්දු වූයේ ලෝකයේ පැවැත්වෙන අවසාන මැතිවරණය මෙය විය හැකි බව සලකා ය. ප්‍රචණ්‌ඩ ක්‍රියා බහුල නොවුවද පූර්ව මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය මඩ කුණු සහ අපවාදවලින් ගහන විය. ඇතැම් වගකිවයුතු අපේක්‍ෂකයකු කතා කළ ආකාරය ඉතා පහත් විය. මනුෂ්‍යයා සිය මානසිකත්වය තුළ රෙජිමේන්තුගත විය යුතු නැත. හේ නිදහසේ සිතන, අපහාසයට කන්දී තර්කානුකූලව එයට පිළිතුරු සපයන කෙනකු විය යුතුය. අනාගත නායකත්වය යනු රටේ හා ජාතියේ අනාගතය තීරණය කරන මහඟු සාධකයකි. කිසිම අපේක්‍ෂකයකුට පරමාදර්ශී විය නොහැක. එහෙත් අවම වශයෙන් ඔවුනට ආදර්ශවත් විය හැකිය.

ත්‍රස්‌තවාදය මුලිනුපුටා දැමීමෙන් පසු රාජ්‍ය බලය උදෙසා පැවැත්වෙන පළමු වන තරගය මෙය බව අපි මෙහි මුලදීම සඳහන් කළෙමු. ත්‍රස්‌තවාදය උපුටා දැමුවාට බෙදුම්වාදය උපුටා දැමීමට හැකිවී ද යන කාරණය ගැන මෙහිදී සලකා බැලිය යුතුව තිබේ. ත්‍රස්‌තවාදය නැතත් බෙදුම්වාදය දුර්වලව හා සන්සුන්ව, එහෙත් හැකි ඕනෑම විටෙක නැගී සිටීමට සූදානමින් සැඟව පවතී. අවශ්‍ය වන්නේ සුළු අත දීමක්‌ පමණි. උතුරු නැගෙනහිර එක්‌ කිරීම, දෙමළ ත්‍රස්‌තවාදීන් සිහි කිරීම සඳහා විනාඩි පහක්‌ නිශ්ශබ්දව සිටීම වැනි ඕනෑම කාරණයක්‌ මෙවැනි අත දීමක්‌ වන්නේය. මේ රටේ මීළඟ නායකයා දෙමළ ජනයාගේ ප්‍රශ්නයට විසඳුමක්‌ සෙවිය යුතුමය. ජනාධිපති රාජපක්‍ෂ මේ රට ද සියලු ජාතීන්ද ත්‍රස්‌තවාදයෙන් නිදහස්‌ කර දුන්නේය. දැන් ඉතිරිව ඇත්තේ දේශපාලන විසඳුම පමණි. සංවර්ධනය ගැන අමුතුවෙන් කතා කළ යුතු නැත්තේ යුද්ධය කිරීමත් රටේ සංවර්ධනයත් එකිනෙකට සමගාමීව ක්‍රියාත්මක වූ බැවිනි. ඉදිරියෙහි ඇති එකම තර්ජනය බෙදුම්වාදය යළි හට ගැනීමට ඇති ඉඩකඩ බව අවධාරණය කරමු. කිසිවෙක්‌ උතුරු නැගෙනහිර එක්‌ කිරීම, උතුරට හෝ නැගෙනහිරට ස්‌වයංපාලන බලතල පමණ ඉක්‌මවා ලබා දීම, එල්. ටී. ටී. ඊ. ය යළි පණගැන්වීමට උදව් කිරීම වැනි ඊළාම්වාදී ක්‍රියාපිළිවෙත් අනුගමනය කරන්නට සූදානම් වන්නේ ද, ඔහු වහා පිටුදැකිය යුතුය. බෙදුම්වාදයටත් ත්‍රස්‌තවාදයටත් ඒකාධිපතිත්වයටත් එරෙහිව ජනාධිපතිවරුන් කිහිප දෙනකුම සමග මේ පුවත්පත ගැටුණේය. ඉදිරියටත් එසේමය. ප්‍රජාතන්ත්‍රවාදය දිනේවා!
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    http://www.elakiri.com/forum/showthread.php?t=410893

    :yes::yes: දැන් ඇසෙන්නේ කස කාරයාගේ හඩ ය. ඊලගට එන්නේ පෙරහැර ය. :yes::yes:




    රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස හා පක්ෂ කාර්යාලය සෝදිසි කරන්නට වරෙන්තුවක් ඉල්ලා අධිකරණයට ගිය පොලීසියට හිස් අතින් ආපසු එන්නට සිදුවිය. එහෙත් උත්සහය උන් අත්හරී ද යන්න තවම ප්‍රශ්නයකි. ප්‍රධාන පෙලේ නායකයින් සිරකරන්නට සැළසුමක මේ සළකුණු විය හැකි ය.


    ඊයේ කරු ජයසූරිය මහතාගේ බිරිදගේ නිවසක් ද එසේ සෝදිසියට ලක්විය.


    ප්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍ය වේදියා ආ ගිය අතක් නැත. ඔහු රජය අපහසු තාවයට පත් කරන්නට වුවමනාවෙන් හැංගී ඇතැයි කියන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය ය. ආණ්ඩුව තමන් විසින්ම අපහසුතාවයට පත් කරගනිමින් ඉන්නා පරිසරයක ඒ සදහා තව කෙනෙකු ඉදිරිපත් විය යුත්තේ මන්දැයි මට නම් නොතේරේ.


    ජේෂ්ඨ පොලීස් අධිකාරී නිමල් ලෙව්කේ මහතාගේ මාරුවීම අවලංගු කිරීමට මැතිවරණ කොමසාරිස්ට සිදුවිය.


    බොරු ප්‍රචාර නැවැත්වීම සදහා පුවත් පත් සාකච්ඡා පැවැත්වීම සදහා විපක්ෂය කළ ඉල්ලීම සළකා බලා ඊට අවසර දීමට මැතිවරණ කොමසාරිස්ට සිදුවිය.


    මැතිවරණයට පෙර දිනය වන අදත් රාජ්‍ය‍ මාධ්‍ය මැතිවරණ නීති අමු අමුවේ උල්ලංඝනය කරමින් පසු වෙයි. ඒ රාජ්‍ය මාධ්‍ය හීලෑ කිරීමට බැරිතැන පත් කළ බලධාරියා ද මැතිවරණ කොමසාරිස්වරයා විසින් නැවත කැදවා ගත් පසුබිමක ය. මේවා සිදුවන්නේ මල්වතු අස්ගිරි දෙපාර්ශවයේම මහා නායක හිමිවරු රාජ්‍ය මාධ්‍ය ක්‍රියාකාරිත්වය හෙළා දැක ප්‍රකාශ නිකුත් කළ පසුබිමක ය.


    රජයේ නිලධාරීන් හිරිකිතයක් නැතිවම තමන්‍ යටතේ වැඩ කරන අයට බලපෑම් කරමින් සිටියි හමුදා නිලධාරීන් හමුදා ඇදුමෙන්ම දේශපාලනය කරමින් සිටී.


    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අයිති ශ්‍රි ලංකා භික්ෂු සංග‍මයේ හිටපු ප්‍රධාන ලේකම් ආයුධ සගවා ගෙන සිටියේ යැයි කියම්න් අත්අඩංගුවට ගන්නා නමුත් එ හිමියන් සරත් ෆොන්සේකාට සහයෝගය දෙනවා යැයි කියනවා මිසක ශ්‍රීලනිප භික්ෂු සංගමයේ හිටපු ලේකම් බව ද කියන්නට අමතක වෙයි මේ දඹර අමිල හිමියන් අත්අඩංගුවට ගෙන නිදහස් කිරීමෙන් අනතුරුව ය මල්වතු නායක හිමියන්ට බෙන්ස් රථයක් පිරිනමන්නට ගොස් කරගන්නට බැරිව පැමිණිමෙන් අනතුරුව ය


    වංචාව හා දූෂණය සිදු කළ අය දැන් ඒවායින් රැකීම සදහා ද ඒවා ඉදිරියටත් කිරීම සදහා ද අවශ්‍ය අවසන් සටනට සූදානම් වෙමින් තිබේ.


    ප්‍රජාතන්ත්‍රවාදය හොදට ම අසාධ්‍ය වෙලා ය. හෙට ශල්‍ය කර්මය වැරදුනොත් මිහිදන් කරනු ඇරෙන්නට වෙන කළ හැකි දෙයක් නැත.


    එක්කෝ ඔබ ප්‍රජාතන්ත්‍රවාදයට ඔක්සිජන් දෙනු ඇත. නැත්නම් එය වළදැමීම සදහා අවසන් ඇණයත් ගැසීමට දායක වනු ඇත


    විශ්වාසනීය වෙනසක් කළේ නැත්නම් ඔබට හිමිවන්නට නියමිත අසුභ අනාගතයකි.




    මේ අප ලියන අවසන් බ්ලොග් සටහන් කීපය විය හැකි ය. දිගින් දිගට ලිවීම තේරුමක් නැති නිසා පමණක් නොවේ. වෙනසක් වූයේ නැත්නම් නොලිව්වාට ඔබට තේරුම් යන්නට ඕනෑ තරම් සාක්කි ඇස් පනා පිට ලැබෙනු ඇති බැවිනි. වෙනසක් සිදුවන්නේ නම් අප අනිද්දාත් ඔබ හමුවන්නෙමු. අලුතින් බලයට පත්වෙන්නන් වැරදි පාරේ ගියොත් උන්ට අනතුරු අගවන්නට අප සිටිය යුතු බැවිනි.


    Source :- http://beyondframe.wordpress.com/2010/01/25/10jan252/
     

    KeBa

    Well-known member
  • Mar 8, 2008
    3,313
    73
    48
    1234
    ත්‍රස්‌තවාදය මුලිනුපුටා දැමීමෙන් පසුව පැවැත්වෙන ප්‍රථම ජාතික මැතිවරණය අදට යෙදී තිබේ. ඇත්තෙන්ම මෙය මැතිවරණයක්‌ නොව ජනාධිපතිවරණයකි. ජනාධිපතිවරණ, නිලවරණ සහ මැතිවරණ හැඳින්වීමට Election යනුවෙන් පොදු වචනයක්‌ ඉංග්රිසියෙන් ඇතත් වඩාත්

    ???
     

    issi

    Member
    May 4, 2006
    4,155
    31
    0
    Battaramulla
    ජෙනරල් සරත් ෆොන්සේකාට ජයවේවා...!!
    විශ්වාසනීය වෙනසක්...