තාත්තෙක් පුතා එක්ක කෝල් එකක් මට එහාපැත්තෙ සීට් එකේ. තැනින් තැන මටත් ඇහුන.
"පුතා කාලද? කන්න සල්ලි තියනවද? සල්ලි නැත්තං කියන්න හොදේ තාත්ත ඉන්නවනෙ."
"පුතා ගෙදර එන්න පුතේ ඔය පඩිය ඕනෙ නෑ. පුතා දුක් වෙන්න එපා."
"මන් අද දවස ඇතුලත කොහොමහරි හොයල දෙන්නන්. පුතා බය වෙන්න එපා තාත්ත ඉන්නවනෙ පුතාට."
පස්සෙ ටිකක් මන් එක්ක කතා කරා. තාත්ත මේසන් වැඩ ලු කරන්නෙ. පුතාට රෑ 12 ඉදන් වැඩ කරන්න තියනවලු අමාරුයිලු. ඒ නිසා තාත්ත බත්තරමුල්ලට යනව පුතාට වෙන රස්සාවක් හොයන්න මන් හිතන්නෙ.
----------------------------------------------------------------------------------------------------------------------------------------
ලංකාවෙ මිනිස්සුන්ගෙන් බාගෙකටත් වඩා ඔය වගේ පට්ට struggle එකක නේද ඉන්නෙ. සමහරු ඉපදිලා මැරෙනකල්ම කරල තියෙන්නෙ මැරිල මැරිල සල්ලි හම්බ කරන එක. ඒත් ඒවගෙන් විදපු දේකුත් නෑ එදා වේල ශේප් කරන් ඉන්නව. කවද හරියට සතුටින් ඉන්න පුලුවන් වෙයිද මේ මිනිස්සුන්ට