අද මට හිත ටිකක් රිදුනා මචන්ලා

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අද මට හිත ටිකක් රිදුනා මචන්ලා

    අද පුදුම වැඩක් උනා මචන්, මම විතරයි දවල් ගෙදර හිටියෙ, එක පාරටම කවුරුහරි කතා කරනවා අහුනා ගේ ඉස්සරහයින් මමත් ක්ශනිකව බැලුවා, අදහා ගන්න බැරුව ගියා ස්වාමින්වහන්සෙ නමක් දොර ඉස්සරහා.. උන්නාන්සෙ අල්ලපු ගමේ පන්සලේ වැඩ ඉන්නවා මම දැකලා තියනවා, ඒත් කවදාවත් කතා කරලා තිබුනෙ නැ, අපේ පන්සලට මොකක් හරි වැඩකට වැඩම කරන ගමන් වැස්සට ගොඩ වැදුනා වගේ දෙයක් තමා මට තෙරුනේ.. උන්නාන්සෙ මොකක් හරි කිව්වත් එක්ක ඒත් ඒකවත් මට් හරියට ඇහුනේ නැ පුදුම වෙච්ච පාර.. ගේ හරියෙ සුදු පිරුවටයක්වත් තිබුන් නැ බන් හදිස්සියට, මම සට ගාල ගැනිගෙ අල්මාරියෙන් සුදු බෙඩ් ශීට් එකක් ගෙනත් පුටුවට දාලා වැන්දා, උන්නන්සෙ ගොඩක් මහන්සි පාටෙන් උන්නෙ, මගෙ හිත හෙනම අප්සෙට් උනා ඒකෙන්.. මෙච්චර අල්ලපු ගමේ වාහන තියන උන් ඉන්නවා, පන්සලෙත් වාහනයක් තියනවා, ඒත් ඇයි මේ වැස්සෙ මේ උන්නාන්සෙ පයින් වැඩියෙ කියලා.. වැඩි විස්තරයක් උන්නන්සෙ කිව්වෙත් නැති නිසා නායක හමුදුරුවො හම්බු වෙන්න යනවා කිව්ව නිසත් මම වාහනේ ගිහින් ඇරලුවා, ඒ වෙලාවෙ ඉදන් මට හෙනම අප්සෙට් මචන්, තෙරෙන්නෙ නැ මොකක්ද කියලා, දවල් ගිලන්පස පූජ කරන වෙලාවටමයි උන්නාන්සෙත් ආවෙ, මට දෙන්න දෙයක් තිබුනෙත් නැ, ඒකත් හිතට වැදුනා.. ඔක හිත හිතම ඉදලා හවස ගැනිත් එක්කම අපි පන්සලටත් ගිහින් අල්ලපු ගමේ පන්සලටත් ගිහින් අර උන්නාන්සෙ එක්ක කතා කරලා දහවල් දානෙ බාරගෙන ආවා බන් ලබන සතියෙට, දැනුයි ආවෙ, හිතට සහනයක් දැනුනු ගමන්මයි මේක එලකිරියෙ දාන්න හිතුනෙ.. මෙහෙම දෙයක් ම මීට කලින් කරලත් නැ වෙලත් නැ බන්.. මිනිහෙකුට වෙනස් වෙන්න එක තත්පරයක් ඇති කියන එක අද මට ඇස් පනා පිටිම පෙනුනා..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    images
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    සාමාන්‍යෙන් වාහන පිරිවරාගනෙ ඉන්න ස්වාමින් වහනෙසේ කෙනෙක් කියන කෙනෙක්ව දකිනවට වැඩිය අවන්කව මහන්සියෙන් ශාසනේ වෙනුවෙන් දැක්කම පුදුම දුක සතුට මිශ්‍ර හැඟීමක් එන්නෙ, ඉස්සර බුදුහාමුදුරුවන් ගෙ කාලෙදී හාමුදුරුවරු කිලෝමීටර් සියගනන් වැඩපු කාලෙ හුඟක් අය බුද්ධාගමට එකතුවුනේ මේ හාමුදුරුවරු දැකීම නිසා ඇතිවන පැහැදීමෙන්.දැන්වත් පිඬු සිඟා වැඩීම ආරම්භකලොත් බුද්ධාගමෙන් මිනිස්සු ඈත් වෙන එක අඩු වේවි,
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    බුදුසරණයි! මචන් පහුගියදේවල් ගැන හිතල ලතවෙන්නෙ නැතිව ඉස්සරහට කරන්න තියෙන දේ කරපන්
     

    niko111

    Member
    Feb 12, 2010
    6,544
    1,053
    0
    Behind U
    සාමාන්‍යෙන් වාහන පිරිවරාගනෙ ඉන්න ස්වාමින් වහනෙසේ කෙනෙක් කියන කෙනෙක්ව දකිනවට වැඩිය අවන්කව මහන්සියෙන් ශාසනේ වෙනුවෙන් දැක්කම පුදුම දුක සතුට මිශ්‍ර හැඟීමක් එන්නෙ, ඉස්සර බුදුහාමුදුරුවන් ගෙ කාලෙදී හාමුදුරුවරු කිලෝමීටර් සියගනන් වැඩපු කාලෙ හුඟක් අය බුද්ධාගමට එකතුවුනේ මේ හාමුදුරුවරු දැකීම නිසා ඇතිවන පැහැදීමෙන්.දැන්වත් පිඬු සිඟා වැඩීම ආරම්භකලොත් බුද්ධාගමෙන් මිනිස්සු ඈත් වෙන එක අඩු වේවි,

    oya adahas kale mokakda manda. hebeyi hamuduru gollange waradakata buddagamen eth wenawa kiyana eka man pili ganne ne machan. budda darmaya gena podi hari denimak thiyena kenek oyawage wedak karanne ne. mokada budda darmayata anuwa maarga palayak laba ganna me loke katawath atha denna be thamange ussahayen laba ganna ona deyak. mekai para, mekeyi yanna ona kiyala budun deshana karala thiyenawa. e nisa hari de oluwen thiranaya karala weda karanna eka misak buddagama atha arinawa kiyala oya kiyana eka jork ekak